කූලන්ට්/ඇන්ට්ෆ්‍රීස්
කූලන්ට්/ඇන්ට්ෆ්‍රීස් විවිධ වර්ණයන්ගෙන් යුක්ත ඇයි?
පසුගිය දිනවල බොහෝ දෙනෙක් අහලා තිබුණා කූලන්ට් එක එක පාටින් තියෙන්නේ ඇයි?ඒවා එකින් එකට මිශ්‍ර කලහාම ප්‍රශ්ණයක් නැද්ද?පරණ වාහනවලට කූලන්ට් දාන්න හොඳයිද කියලා.ඒ නිසා හිතුනා ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න.
යම් යම් රසායනික හේතූන් නිසා සහ කූලන්ට් නිෂ්පාදනයේ දී ඒ සඳහා භාවිතා කරලා තියෙන දේ අනුව කූලන්ට්/ඇන්ටිෆ්‍රීස් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වෙනවා.ඒවගේම විවිධ වෙළඳනාමයන්ගෙන් ඇති කූලන්ට් සඳහා විවිධ වර්ණයන් භාවිතා කරනවා.ඒ අනුව රෝස,තැඹිලි,නිල් සහ කොළ පැහැති වර්ණයෙන් යුත් කූලන්ට් එකිනෙකට වෙනස් වන්නේ කොහොමද?
මෝටර් රථයක නිවැරදි කූලන්ට් ද්‍රාවණයක් තිබීමට වගබලා ගැනීම වැදගත් වන නිසා විවිධ වර්ණයන්ගෙන් ඇති කූලන්ට් වල විවිධ වෙනස්කම් පිළිබඳව යම් අවබෝධයක් තිබීම වැදගත් වෙනවා.
විඛාදනය වැළැක්වීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය සහ වර්ණය අනුව භාවිතා කරන කූලන්ට් වර්ගය ගැන බොහෝ දේ පැවසිය හැකි නමුත් කූලන්ට් ප්‍රධාන වර්ග 3 කට බෙදා දක්වන්න පුලුවන්.
• අකාබනික අතිරේක තාක්ෂණය(Inorganic Additive Technology-IAT)
පැරණි මෝටර් රථ සඳහා භාවිතා කරන IAT කූලන්ට් සාමාන්‍යයෙන් ලා නිල් හෝ ලා කොළ පැහැති වර්ණයෙන් යුක්ත වන අතර රේඩියේටර් සහ එන්ජින් විඛාදනය වලකන සිලිකේට් සහ පොස්පේට් අඩංගු රසායනික සංයෝග භාවිතා කරලා නිපදවනවා.සාමාන්‍යයෙන් මේ වර්ගයේ කූලන්ට් සෑම වසර දෙකකට වරක් හෝ සෑම කි.මී 50,000 කටවරක් මාරැ කිරීමට නිර්දේශ කරන අතර 1990 මැද භාගයක කලින් භාවිතා වූණු පැරණි මෝටර් රථ සඳහා මේ වර්ගයේ කූලන්ට් භාවිතා භාවිතා කිරීම දකින්න පුලුවන්.උදාහරණ ලෙස 1920-1990 අතර කාලයේ GM,Ford,Chrysler වැනි පරණි මෝටර් රථ දක්වන්න පුලුවන්.
• කාබනික ඇසිඩ් තාක්ෂණය(Organic Acid Technology-OAT)
අද පවතින බොහෝ මෝටර් රථ සඳහා OAT කූලන්ට් භාවිතා කිරීම දකින් පුලුවන් අතර ඒ සඳහා සිලිකේට් හෝ පොස්පේට් අන්තර්ගත කරලා නැහැ.නමුත් විඛාදන වලකන ද්‍රව්‍ය සහ මලකඩ නොකන ද්‍රව්‍ය අඩංගු කර නිපදවන අතර ඒ මගින් සිසිලන පද්ධති සඳහා වඩා හොඳ ආරක්ෂාවක් සහ කූලන්ට් වල ආයු කාලය දීර්ඝ කිරීමේ හැකියාව ද තියෙනවා.මේ වර්ගයේ කූලන්ට් සෑම වසර 5 කට වරක හෝ කි.මී 150,000 කින් මාරැ කිරීමට නිර්දේශ කරන අතර සාමාන්‍යයෙන් තැඹිලි,තද කොළ හෝ රෝස පැහැති වර්ණයෙන් යුක්ත වන සාමාන්‍යයෙන් මේ වර්ගයේ කූලන්ට් GM,VW/AudI,Honda,Nissan සහ Toyota වැනි තවත් බොහෝ මෝටර් රථ සඳහා භාවිතා කරනවා.
• අනෙක් වර්ගය තමයි හයිබ්‍රිඩ් කාබනික ඇසිඩ් තාක්ෂණය(Hybrid Organic Acid Technology-HOAT)
HOAT කූලන්ට් අතිරේක දිගුකාලීන කූලන්ට්(Extended Life Coolants-ELC)වර්ගයක් වන අතර සාමාන්‍යයෙන් තද තැඹිලි හෝ කහ පැහැති වර්ණයෙන් යුක්ත වෙනවා.මේ වර්ගයේ කූලන්ට් වල ඇලුමිනියම් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සිලිකේට් ද,විඛාදනය සහ මලකඩ ඇතිවීම වලක්වන අතිරේක ද අන්තර්ගත කරලා තියෙන අතර නිර්දේශිත කූලන්ට් මාරැ කිරීම් කාලය වසර පහක් හෝ කි.මී 150,000 කි.මේ HOAT කූලන්ට් IAT සහ OAT කූලන්ට් රසායනික ද්‍රව්‍ය වල සංකලනයක් විය හැකි එබැවින් ඒවා හයිබ්‍රිඩ් කූලන්ට් යනුවෙන් ද හඳුන්වනවා.ඒ වගේම OAT රසායනික සංයුතිය මත පමණක් පදනම් වූ නවීන කූලන්ට් වසර 7-10 හෝ කි.මී 250,000 ක් දක්වා සුපිරි විඛාදන ආරක්ෂාවක් ලබාදීමේ හැකියාවකින් ද යුක්තයි.
මේ නිසා යම් කූලන්ට් නිෂ්පාදකයෙකු කූලන්ට් සඳහා යම් වර්ණයක් භාවිතා කිරීමට සැබෑ හේතුවක් නැති අතර එය නිල්,කොළ,කහ,තැඹිලි හෝ රෝස යන වර්ණයන් අනුව එහි අඩංගු රසායනික ද්‍රව්‍ය දැන ගැනීම පහසු නැති නිසා එය ටිකක් අවුල් සහගත තත්වයක් වෙනවා.ඒ නිසා නව මෝටර් රථයක බොනට්ටුව විවෘත කර කූලන්ට් වර්ණය දෙස බලා ඒ ගැන අදහසක් ලබාගන්න බැහැ.ඒ හා සමානවම පාවිච්චි කරන ලද මෝටර් රථයක් මිලට ගන්න යනවා නම් එහි ඇති කූලන්ට් වල වර්ණය දෙස බලා එය මාරැ කිරීමට අවශ්‍ය වන්නේ මොන අවස්ථාවේද යන්න පිලබඳව ද ඔබට අදහසක් ලබා ගන්න බැහැ.
උදාරණයක් ලෙස ඔබ පාවිච්චි කරන ලද මෝටර් රථයක් මිල දී ගත්තේ නම් සහ එහි රෝස පැහැති වර්ණයෙන් යුතු කූලන්ට් දක්නට ලැබේ නම් සහ පසුගිය වසර දෙක ඇතුළත එය කූලන්ට් සේවාවක් ඇති බව සේවා වාර්තාවෙන් ඔබට දැක ගත හැකි නම් සහ එය ආෆ්ටර් මාර්කට් හෝ OEM විශේෂිතද කූලන්ට් වර්ගයක්ද?එය තවත් අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් පවතින්නේද?යන්න ගැටලු සහගත නම් සහ ඔබේ මෝටර් රථයේ ඇති කූලන්ට් පිලිබඳ අවබෝධයක් නොමැති නම් හොඳම දේ වෙන්නේ නැවත කූලන්ට් සර්විස්/ෆ්ලෂ් එකක් කර එ සඳහා නිර්දේශිත නිවැරදි කූලන්ට් වර්ගයක් භාවිතා කිරීමයි.
ඒ නිසා ඔබේ මෝටර් රථය සඳහා නිශ්චිත කූලන්ට් වර්ණයකින් යුක්ත නම්/නිර්දේශ කරලා තියෙනවා නම් එය වෙනස් නොකළ යුතුය.OAT කූලනට් ඒ සඳහා නිර්මාණය කර ඇති සිසිලන පද්ධතිවල එය විශිෂ්ඨ ලෙස ක්‍රියා කරන නමුත් OAT කූලන්ට් පැරණි ආකාරයේ ඊයම් පෑස්සුම් සහිත පැරණි රේඩියේටර් දුර්වල කරන අතර එය ක්‍රමක්‍රමයෙන් රේඩියේටරයේ අභ්‍යන්තරයේ සිට පිටතට ආක්‍රමණයකර විනාශ කරන දමයි.ඒ වගේම විඛාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා ඉතා සෙමින් ක්‍රියාකරයි.කෙසේ වෙතත් මෙය එක රැයකින් සිදු නොවන අතර ඒ සඳහා රේඩියේටරයට හානි වන තුරු යම් කාලයක් ගත විය හැකිය.
මතක තබා ගැනීමට වැදගත් වන්නේ සාම්ප්‍රදායික කූලන්ට් හා OAT කූලන්ට් වර්ගයන් එකින් එකට මිශ්‍ර නොකල යුතු බවයි.ඔබේ මෝටර් රථය අනෙකුත් වර්ගයේ කූලන්ට් සමඟ මිශ්‍ර වීමට විශේෂයෙන් නිර්මාණය කර නොමැති නම්,ඒවා එකින් එකට මිශ්‍ර නොකරන්න. එය දිගුකාලීනව ඔබේ සිසිලන පද්ධතිය විනාශ කිරීමට හැකි නිසා සහ සුලු වරදක් නිසා ඉතා මිල අධික අලුත්වැඩියාවක් විය හැකිය.
ඕනර්ස් මැනුඅල් හි සඳහන් කර ඇති පරිදි සිසිලන පද්ධතියේ ධාරිතාව කෙරෙහි අවධානය යොමු කරන්න.නිසි කූලන්ට් මට්ටමික් පවත්වාගෙන යාම වැදගත් වන නිසා සැලසුම් කර ඇති ධාරිතාවයට වඩා කූලන්ට් අඩු වීම සිසලන කාර්‍යයක්ෂමතාව අඩු වීමට හා එන්ජින් ඕවර්හීට් වීමට හේතු විය හැකිය.
එකිනෙකට වෙනස් කූලන්ට් මිශ්‍ර කිරීමෙන් ඒවායේ ප්‍රතිලාභ වැඩි දියුණු නොවන අතර උදාහරණයක් ලෙස OAT / HOAT කූලන්ට් IAT කූලන්ට් සඳහා එකතු කිරීම මගින් IAT කූලන්ට් වලට දිගු ආයු කාලයක් ලබා දෙන්නේ නැහැ.ඒ මගින් OAT / HOAT ඇති ප්‍රතිලාභ නැතිවී යන අතර මිශ්‍ර කළ මිශ්‍රණය සමහර අවස්ථාවල දී උපරිම වශයෙන් වසර 2 ක් හෝ ඊට අඩු කාලයක් දක්වා හොඳ විය හැකි අතර එකින් එකට වෙනස් කූලන්ට් මිශ්‍ර කිරීමෙන් රේඩියේටරය තුල කූලන්ට් ජෙලි බවට පත්වීම වැනි අවාසනාවන්ත තත්වන් ඇති විය හැකිය.
කූලන්ට් භාවිතා කිරීමට සූදානම් කරන්නේ කොහොමද?
කූලන්ට් සඳහා සාන්ද්‍රණ ගත සූත්‍රයක් ඇති අතර, එය නියමිත ලෙස ක්‍රියා කිරීම සඳහා 50:50 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකළ යුතුය.එසේ නැතහොත් කලින් මිශ්‍රකරන(Pre mixed)ලද කූලන්ට් වර්ගද මිළ දී ගැනීමට ඇති අතර ඒවා කෙලින්ම යෙදිය හැකිය.සමහර කූලන්ට් නළ ජලයේ ඇති ක්ලෝරයිඩ් හා ඝනත්වය සමඟ ක්‍රියා කිරීමට හැකි වුවද, දූෂිත ජල මට්ටම අඩු කිරීම සඳහා ආස්‍රෘත ජලය භාවිතා කිරීම සඳහා පරිශීලකයින්ට උපදෙස් දෙනු ලබන අතර නළ ජලයේ නිසා රේඩියේටර්යේ සිසිලන කාර්‍ය්‍යක්ෂමතාව අඩු කීරීමට සහ එහි පරිමාව අඩු කිරීමට හේතුවන තැන්පතු ඇති කරන මැග්නීසියම්,කැල්සියම් හා තද අයන් අඩංගු විය හැකිය.එසේම විඛාදනය විය හැකි ක්ලෝරයිඩ ද අඩංගු විය හැකිය.
කූලන්ට් සහ ආස්‍රෘත ජලය එකට මිශ්‍ර කරන විට විශේෂතා මත පදනම්ව කූලන්ට් බෝතලය/කෑන් මත සඳහන් කර ඇති ප්‍රතිශතය ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. (නිදසුනක් වශයෙන් ශීත ඍතුවල නියුතුවේ නම්, බොහෝ විට 40% ආස්‍රෘත ජලය සමග 60% කූලන්ට් නිර්දේශ මිශ්‍ර කිරීම නිර්දේශ කරයි)
කූලන්ට් ද්‍රාවණය නැවත පිරවීම් කිරීමට හෝ මාරැ කිරීමට තීරණය කරන විට එම වර්ණයම සහිත කූලන්ට් හෝ ඔබේ මෝටර් රථය වෙනත් වර්ණවල කූලන්ට් සමග අනුකූල වන බවට වග බලා ගන්න(ඕනර්ස් මැනුඅල් බලන්න).
කූලන්ට් මාරැ කරන විට සම්පූර්ණයෙන්ම කූලන්ට් සියල්ලම ඉවත් කර ජලය/ආස්‍රෘත ජලය හෝ කූලින් සිස්ම් ක්ලීනින්/ෆ්ලෂ් සමග නැවත පුරවා එන්ජිම ක්‍රියාත්මක කර එය සම්පුර්ණයෙන් සංසරණය වූ පසු නැවත ඉවත් කරන්න.හොඳම ප්‍රතිඵල සඳහා මෙය 2-3 වතාවක් කළ යුතුය.මේ මගින් සිසිලන පද්ධතියේ ගැඹුරුම කොටස්,අහුමුලු හා සිදුරැවල පවා ඇති ඇති පැරණි තැන්පතු ඉවත් කර ගැනීමට උපකාරී වේ.
ඉහතින් ඇති ඉඟි භාවිතා කරමින් නව කූලන්ට් එකතු කරන්න.ජලය/ආස්‍රෘත ජලය සහ කූලන්ට් මිශ්‍ර කිරීම සඳහා අවම වශයෙන් 50:50 අනුපාතයවත් අනුගමනය කරන්න.විශිෂ්ඨතම මිශ්‍රණය සකස් කිරීම සඳහා කූලන්ට් පිළිබඳ උපදෙස් අනුගමනය කිරීම වඩා හොඳ වන අතර ජලයට වඩා වැඩි පුර කූලන්ට් එකතු කිරීමට පවා පෙළඹිය හැකි අතර යථාර්ථයේ දී එය කූලන්ට් වල කාර්‍ය්‍යක්ෂමතාව අඩු කරයි.
නිතර භාවිතා නොකරන මෝටර් රථයක් නම් තැන්පතු අවදානම අඩු කිරීම හා ආරක්ෂණ මට්ටම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා සෑම දින 30 කට වරක් වත් කූලන්ට් හොඳින් රත්වී සංසරණය වීම සඳහා එන්ජිම ක්‍රියාත්මක කරවන්න.මෙය සියලුම කූලන්ට් වර්ග සඳහා අදාළ වේ.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
27/10/2017