සිසුවියන් හතර දෙනකු නිවසට ඇවිත් සිසුවකුට

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සිසුවියන් හතර දෙනකු නිවසට ඇවිත් සිසුවකුට

    පෙම් පලහිලව්වකට සිසුවියන් හතර දෙනකු නිවසට ඇවිත් සිසුවකුට මරණ තර්ජන කරලා


    පෙම් පලහිලව්වකට
    සිසුවියන් හතර දෙනකු නිවසට ඇවිත්
    සිසුවකුට මරණ තර්ජන කරලා

    සබරගමුවේ ප්‍රකට බාලිකාවක ශිෂ්‍යාවන් හතර දෙනකු තම නිවෙසට පැමිණ තමාට පහරදී ඝාතනය කරන බවට තර්ජනය කළා යැයි ශිෂ්‍යයෙක් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මෙලෙස පැමිණිල්ලක් කර
    ඇත්තේ ප්‍රදේශයේ පිරිමි විදුහලක

    11 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි ශිෂ්‍යයෙකි.

    ඔහු මාස කිහිපයක සිට බාලිකා විද්‍යාලයක 11 ශේ‍ර්ණියේ සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන ඇත. එහෙත් මොහු මීට දින කිහිපයකට පෙර එම පාසල් ශිෂ්‍යාව සමඟ අමනාප වී ප්‍රේම සම්බන්ධතාවය අතහැර දමා තිබේ. සිත් වේදනාව නිසා එම ශිෂ්‍යාව දින කීපයක් පාසල් පැමිණ නැත. පසුව තම පන්තියේ හොඳම මිතුරියන් හතර දෙනාට මේ බව දන්වා ඇත. ඇගේ මිතුරියන් හතර දෙනා පසුගිය දිනක සිසුවාගේ නිවෙස සොයා ගෙන ගොස් තම යෙහෙළිය කනස්සල්ලෙන් සිටින බවත් නැවත ප්‍රේම සම්බන්ධතාව ගොඩනඟා ගන්නා ලෙසත් දන්වා තිබේ. නැවත ඇය සමඟ යහළු නොවුණොත් තරුණයන් පිරිසක් යොදවා පහර දී ඝාතනය කරන බවත් එම සිසුවියන් හතරදෙනා ඔහුට තර්ජනය කර ඇත.

    සිසුවා කළ පැමිණිල්ලෙන් පසු පෙරේදා (31දා) එම සිසුවාත් තර්ජනය කළ සිසුවියනුත් පොලිසියට ගෙන්වා සිද්ධිය සමථයකට පත් කර ඇත.

    දමුණුපොළ - චමින්ද ජයලත්
     
    • Like
    Reactions: lpwicrama

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    avatar246704_4.gif
    avatar246704_4.gif
    avatar246704_4.gif
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    :lol::lol::lol::lol:මේකට හිනාවෙනවද අඩනවද කියල හිතාගන්න බෑ.....

    අඩන්න වෙන්නේ. පොන්සි කොල්ලොනේ දෑන් ඉන්නේ. කෙල්ලො ගෙදරට ඈවිත් ගහල යනකම් ඉදල පොලොසි යන්නේ. අල්ලල මිරිකන්න එපෑ අහුවෙන අහුවෙන තෑන
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ මුන් කොල්ලොද.. කෙල්ලෝ ටිකට පෝලිමක් දාන්න තිබ්බ අල්ලලා :growl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,210
    113
    කෝ අපේ මේ කොටයියා (නිහාල්) ? මේ මේ කොල්ලා උඹ නම් උඹ මොකක්ද ගන්න තීරණය
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොලිසී යන් නැතුව මොලේ කල්පනා කරලා ගේම ගැහුවා නම් ෆෝ සම් එකක් කරගන්න තිබ්බා ගානට.
    මොනා උනත් මැක්සා කෙල්ලෝ සෙට් එක.
    ඔන්න ඔහොම තමා කෙල්ලෝ ඉන්න ඕන කොල්ලන්ට චැලේන්ජ් එකක් වෙන විදියට.
    එතකොට තමා හැමදේම ආතල් එකේ කරන්න පුලුවන්.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මූ ගුටිකාල නැතිව ඇති බං. කේස් එක දරුණුවට යන හින්ද ගැලවීමට කරපු වැඩක් වෙන්න ඇති. හැබැයි අන්තිමට නෝන්ඩි වෙන්නෙ කොල්ලම තමයි. ආයෙ ඉස්කෝලෙ යන්නෙ කොහොමද ඕයි.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මූ ගුටිකාල නැතිව ඇති බං. කේස් එක දරුණුවට යන හින්ද ගැලවීමට කරපු වැඩක් වෙන්න ඇති. හැබැයි අන්තිමට නෝන්ඩි වෙන්නෙ කොල්ලම තමයි. ආයෙ ඉස්කෝලෙ යන්නෙ කොහොමද ඕයි.

    :lol::lol::lol::lol: