නැන්දා - මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැ&#35

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නැන්දා - මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැ&#35

    මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා කිව්වා බස් හෝල්ට් එකේ කවුද වයසක කෙනෙක් ඉන්නවා කියලා. මම වාහනයෙන් බැහැලා ගිහින් බැලුවා. බලනකොට ගොඩාක් වයෝවෘද්ධ කෙනෙක්. මම ඇහුවා ඇයි තාත්තෙ පාරෙ කියලා. ඔහු කිව්වා දරුවො මාව ගෙනැල්ලා පාරට දැම්මා කියලා. මහත්තයා කුමාර තිරිමාදුර නේද ? මේ වයෝවෘද්ධ පුද්ගලයා මාව හඳුනත්තා.
    පස්සෙ මම අපේ දුවව ගෙදරින් දාලා බොරැල්ල ලංකාරාමෙ අපෙ පොඩි හාමුදුරුවන්ට කතා කළා. එහෙ මහළු මඩමක් තිබුණා. මම පොඩි හාමුදුරුවන්ට කිව්වා අනේ පොඩි හාමුදුරුවනේ පාරෙ වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. ළමයි එයාව දාලා ගිහිල්ලා කියනවා. ඒ වයසක කෙනාව එක්ක එන්නද ? කියලා මම ඇහුවා. හා හා මහත්තයා එක්කගෙන එන්න කියලා පොඩි හාමුදුරුවො කිව්වා. ඊට පස්සෙ මම වයෝවෘද්ධ පුද්ගලයාවත් වාහනේ දාගෙන බිරි`දත් එක්ක බොරැල්ලෙ පංසලට ගියා. එතනට ගියාම ලොකු හාමුදුරුවො කිව්වා අපිට බාර ගන්න බැහැ කියලා. ඊට පස්සෙ පොඩි හාමුදුරුවොත් ගොඩක් අසරණ වුණා.
    ඊට පස්සෙ මම කිව්වා ලොකු හාමුදුරුවනේ බුදු හාමුදුරුවො සුනීත සෝපාකලා ව සොහොනෙ ඉඳලා අරගෙන ඇවිත් පිහිට වුණා. ඇයි ඔබ වහන්සේලාට මෙහෙම කෙනෙක් කරදරයක වැටුණාම උදවු කරන්න බැරි කියලා. නෑ නෑ මෙහෙ තියා ගන්න බැහැ කියලා හාමුදුරුවො කිව්වා. මම කිව්වා අනේ හාමුදුරුවනේ හෙට උදේ වෙනකල් වත් තියා ගන්න බැරිද කියලා. ඒත් බෑ කියලා කිව්වා. මම ලොකු හාමුදුරුවන්ට බුදුසරණයි කියලා තුන්සැරයක් වැඳලා පංසලෙන් පිටත් වුණා.
    මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණද, එහෙම නැත්නම් ගේට්ටු දාලා තිබුනද ? කියලා. එහෙම ගේට්ටු දාලා තාප්ප ගහලා තිබුණා නම් පටාචාරාට කිසා ගෝතමීට එන්න හම්බ වෙන්නෙ නැහැ.
    ඉතින් මේ වයෝවෘද්ධ පියාවත් අරගෙන මම තව තැන් කිහිපයකට ගියා. ඒත් මේ තාත්තාව බාර ගන්න කව්රුත් කැමති වුණේ නැහැ. අන්තිමට මම අපේ ගෙදරට එක්ක ගෙන ආවා. ඊට පස්සෙ පහුවදා නැවතත් උත්සාහ කළේ තව මහළු මඩම් කිහිපයකට එයාව යොමු කරන්න. ඒත් බැරි වුණා. මහළු මඩම් වල ඉඩ නැහැලූ. අන්තිමටම මම මේ තාත්තව පොලිසියට එක්කගෙන ගියා. එතනදි තමයි රටක නීතිය ක‍්‍රියාත්මක වෙන විදිය මොන තරම් නම් නරකද කියලා දැනෙන්න ගත්තෙ. අපි අන්ත අසරණ වුණා.
    මේ පුද්ගලයාව හෙට දිනයේදී උසාවියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට මටත් විත්ති කූඩුවට නගින්න වෙනවා කියලා පොලිසිය කිව්වා. පාරෙ හිටපු අසරණ මනුෂ්‍යයෙක්ටයි මම උදවුවක් කරන්න ගියෙ. එවැනි උදව්වකදී නීතිය මට මේ තරම් කරදර කරනවාද කියන එක මට දැනෙන්න ගත්තා. මගේ බිරිඳට පොලිස් නිලධාරියෙක් ප‍්‍රකාශ කරලා තිබුණේ ඔයාගෙ නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැනලා යන්න. ඒගොල්ලන්ව උස්සගෙන ඇවිල්ලා නැති කරදර වල පැටලෙන්න එපා කියලා.
    අන්තිමට මම කිව්වා මම උසාවි ගාණෙ යන්න වරදක් කරලා නැහැ. මේ වයසක තාත්තා එහෙම වරදක් කරලත් නැහැ. ඊට පස්සෙ පොලිසියෙන් කිව්වා පාරෙ හිටපු මනුස්සයෙක් කියලා ඉස්පිරිතාලයකට බාර දෙන්න කියලා. ඊට පස්සෙ අපි ඒ තාත්තව හෝමාගම ඉස්පිරිතාලෙට බාර දුන්නා.
    ඉතින් මම අද දුක් වෙනවා මගේ රට ගැන. අනේ මේ රටේ තව කෙනෙකුට උදවුවක් කරන්න එපා කියලද කියන්නෙ. උදේ ඉඳන් බණ අහන රටක්නෙ මේක. බණ කියන හාමුදුරුවො දේශනා කරන්නෙ කාට හරි හැම වෙලාවෙම උදවුවක් කරන්න කියලා. ඒ වුණාට අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න මේ ලංකාව ඇතුළෙ නම් ආයෙ කිසිම කෙනෙකුට උදවු කරනවා තියා හිතන්නෙ වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක

    ~කුමාර තිරිමාදුර
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක:(
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    This is ignorance of law by law enforcing agencies.
    In Sri Lanka there is Elders Act and under that there is a special tribunal created by that Act for such person to seek maintenance from the children.
    Apart from that there is no need to get the complainant(both elder and the person who brought the person to police) to the accused box.
    This is not bad law, but bad enforcement of law by agencies.
    If this was taken to court there is no assurance that proper law will be applied! (I know of that a complainant was remanded by a High Court , since he did not attend to summons , as he was a person going around the country).
    Law and order is observed in breach in Sri Lanka. So there are only few who knows about it and they are victimized.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක ලියපු පුද්ගලයට කිසි අවබෝධයක් නැහැ. උදවු කලාට නඩු දාන්නේ නැහැ. උසාවියට ඉදිරිපත් කලාම මේ පුදගලයා විත්තිය වෙන්නේ නැහැ. සාක්ෂි කැඳවන්නේ මේ පුද්ගලයාගෙන්. මේක නිකන් අතිශෝක්තියෙන් ලියලා තියෙන්නේ. අනෙක එක පාරයි උසාවි කැඳවන්නේ. ඊට පස්සේ මේ වයසක කෙනාගේ විස්තර හොයලා බලල උසාවිය විසින් මහලු නිවාසයක් කරා යොමු කරවනවා.

    ලංකාවේ මිනිස්සු උසාවි කිවම හරිම බයක් තියෙන්නේ. නැත්නම් මහා කරදාරයක් විදිහට දකින්නේ. ඇත්තටම මේ වගේ දෙකදී එහෙම කරදරයක් නැහැ. බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එක දවසක් උසාවි ගියාට. එහෙනම් අපි ට්‍රැෆික් වයලේෂන්ස් වලදීත් උසාවි දන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔනාවට වඩා කරන්න යන්න හොද නැ මොකාටවත්. මේ කතාවේ මුල් හරියේ මිනිහා පන්සලට බැනපු එකත් වැරදි.. පන්සල් තිඋයෙන්නේ වයසට ගිය උන්ට ලගින්න නෙමෙයි. (හිත් රිදුනත් කොරන්න දෙයක් නැ කියන්න ඔනා ) මිනිහෙක් උනාම තමන්ගේ අන්තිම කාලේ, වයසක කාලේ ගැන හිතන්න ඔනා අවුරුදු 25-30දි, එහෙම නැතිව අනුන්ට කරලා හම්බ කරපු එක දරුවන්ට දුන්නොත් ඔක තමා වෙන්නේ. මේකෙන් ගන්න තියන පාඩම තිරිමාදුර අයියට, උබත් කීයක් හරි ඉතුරු කරපන් ෆ්‍රෙඩි සිල්වෙක් නොවී.. ඔය ක්ලාස් ගිය දුව ශුවර් කරගෙන නම් ඉන්න එපා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්
    .

    කියලා ......වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක

    ~කුමාර තිරිමාදුර

    thirimadura honda kenek.
    meka kyanna one.
    manussayakuta udaw karanna asa hitena eka hondai.

    habai kauru hari hitanawanam amaruma part eka asarana manussayawa colombo wala pansalakata deema ho anata madamakata baara deema kiyala, eka waradiyi.
    ochchara atha yanna deyak nea. oya pansala awatama athi onataram wayasaka minutes ssu asarana wela ehe mehe yana. pansalata balu kukko puso harata genath dapuwama kanna bonna denawa wage, kauruhari manussayek pansalata minissu genallath dammoth... :D
    loku hamuduruwonta ona taram athdakeem athi thirimadurage palaweni eka unata.
    loku hamuduruwo budu hamuduru wage neweine. adumagane sowan welawath neane.

    puluwannam thirimadurata kiyanna udaw karana eke pina labenne thamanta.
    hadawatha ekkama buddiya meheyawala udaw karanna kiyala.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Itin ai mu muge gedara aran giye natte kelinma? muge gedara aran yanna mali una reason eka hewwa nam anit un ba kiyana reason ekat muta labei. U gedara geniyanna kamati nathuwa anit unge age gahanna hadanawa.. LOL
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: කවුරුත් තමන්ගේ ගෙදර එක්ක ගිහින් තියාගන්න කැමති නෑ ඒත් අනික් මිනිස්සුන්ගේ තැන්වලින් බාරගත්තේ නෑ කියල බනිනවා :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උදේ ඉදන් හවස් වෙනකන් බණ ඇහුවට බණ පිලිපදින උන් නෑනෙ බන්
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔනාවට වඩා කරන්න යන්න හොද නැ මොකාටවත්. මේ කතාවේ මුල් හරියේ මිනිහා පන්සලට බැනපු එකත් වැරදි.. පන්සල් තිඋයෙන්නේ වයසට ගිය උන්ට ලගින්න නෙමෙයි. (හිත් රිදුනත් කොරන්න දෙයක් නැ කියන්න ඔනා ) මිනිහෙක් උනාම තමන්ගේ අන්තිම කාලේ, වයසක කාලේ ගැන හිතන්න ඔනා අවුරුදු 25-30දි, එහෙම නැතිව අනුන්ට කරලා හම්බ කරපු එක දරුවන්ට දුන්නොත් ඔක තමා වෙන්නේ. මේකෙන් ගන්න තියන පාඩම තිරිමාදුර අයියට, උබත් කීයක් හරි ඉතුරු කරපන් ෆ්‍රෙඩි සිල්වෙක් නොවී.. ඔය ක්ලාස් ගිය දුව ශුවර් කරගෙන නම් ඉන්න එපා.

    පන්සලේ මහලු මඩමක් තියෙනවලු. හරියට කියවපන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේක ලියපු පුද්ගලයට කිසි අවබෝධයක් නැහැ. උදවු කලාට නඩු දාන්නේ නැහැ. උසාවියට ඉදිරිපත් කලාම මේ පුදගලයා විත්තිය වෙන්නේ නැහැ. සාක්ෂි කැඳවන්නේ මේ පුද්ගලයාගෙන්. මේක නිකන් අතිශෝක්තියෙන් ලියලා තියෙන්නේ. අනෙක එක පාරයි උසාවි කැඳවන්නේ. ඊට පස්සේ මේ වයසක කෙනාගේ විස්තර හොයලා බලල උසාවිය විසින් මහලු නිවාසයක් කරා යොමු කරවනවා.

    ලංකාවේ මිනිස්සු උසාවි කිවම හරිම බයක් තියෙන්නේ. නැත්නම් මහා කරදාරයක් විදිහට දකින්නේ. ඇත්තටම මේ වගේ දෙකදී එහෙම කරදරයක් නැහැ. බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එක දවසක් උසාවි ගියාට. එහෙනම් අපි ට්‍රැෆික් වයලේෂන්ස් වලදීත් උසාවි දන්නේ.

    කරදරයක් නැත්තන් උබට ගෙනල්ලා දෙන්නද උඹ බාර අරගෙන පොඩ්ඩක් උසාවියට මුණ දෙනවද පලවෙනි දවසේ?
    මොනවා හරි උනොත් ආපහු ගිහින් බලන්න උසාවි.
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    වැරදි අවබෝදයක් දෙන්නේ.සාමාන්‍ය ක්‍රමය අනුව පොලිසියෙන් උසාවිය හරහා මහලු මඩමකට යොමු කරන්න හදල වගේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උසාවි යන එක තමයි කරදරේ. දවසම ඉවරයි.

    මේක ලියපු පුද්ගලයට කිසි අවබෝධයක් නැහැ. උදවු කලාට නඩු දාන්නේ නැහැ. උසාවියට ඉදිරිපත් කලාම මේ පුදගලයා විත්තිය වෙන්නේ නැහැ. සාක්ෂි කැඳවන්නේ මේ පුද්ගලයාගෙන්. මේක නිකන් අතිශෝක්තියෙන් ලියලා තියෙන්නේ. අනෙක එක පාරයි උසාවි කැඳවන්නේ. ඊට පස්සේ මේ වයසක කෙනාගේ විස්තර හොයලා බලල උසාවිය විසින් මහලු නිවාසයක් කරා යොමු කරවනවා.

    ලංකාවේ මිනිස්සු උසාවි කිවම හරිම බයක් තියෙන්නේ. නැත්නම් මහා කරදාරයක් විදිහට දකින්නේ. ඇත්තටම මේ වගේ දෙකදී එහෙම කරදරයක් නැහැ. බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එක දවසක් උසාවි ගියාට. එහෙනම් අපි ට්‍රැෆික් වයලේෂන්ස් වලදීත් උසාවි දන්නේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේක ටොපික් එකට අදාල නැති උනත් මට දෙයක් එකතු කරන්න ඕනේ, සමහර වයසක උදවිය ඉන්නවා කොච්චර සැලකුවත් පොඩි අතපසුවීමකින් ලොකු දෙයක් කියන, හොදම උදාහරණය යාලුවෙක්ගෙ ආච්චි කෙනෙක් ඉන්නවා තමන්ගේ දරුවෝ ලග ඉන්න ඒ ඉන්න හැමවෙලාවෙම ඉන්න ගෙදර මිනිස්සු නරකයි වැරදිමයි කියන්නේ, කන්න දෙන්නේ නැ කියනවා, නිදාගන්න දෙන්න නැ කියනවා. කතන්දර ගොඩයි, හැබැයි අනික් ළමයි හොදයි, ඔහොම ඉදල ඒ ළමයින්ගේ ගෙදර ගියාමත් එයාලව නරකයි, මුරන්ඩුයි සමහර වෙලාවට මන් ලොකු පුතාගේ ගෙදර යනවා කියල හොරෙන් පැනල යන්නත් හදනවා. මන් කල්පනා කරන්නේ ඔහොම පැනල යන කෙනෙක් අපේ එෆ් බි විරයෙක්ට අහු උනොත් මොකද වෙන්නේ ආච්චි උනත් වැරදීම කියාවි. කතාවේ දෙපැත්ත මිනිස්සු දකින්නෙත් නැ දැකගන්න ඕනෙත් නැ .

    ඇත්තම කියද්දී වයසට යද්දී මේ අයගේ මොලය ක්‍රියාකරන විදිය වෙනස් වෙනවා, සමහර අය හිතන්නේ කන්න බොන්න ඉන්න හිටින්න දුන්නම ඇති කියල. ඇත්තෙන්ම වැරදියි, ගොඩක් අය කරන්නේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැ. මේ වගේ අය තමන්ගේ ගෙදර ඉන්න අය දන්නවා මේ අයත් එක්ක ඉන්න තියෙන අමාරුව. නිකන් හිතන්න ගෙදර ඇවිත් ඉඩගත්තත් වරිදියි, ලයිට් එක දැම්මත් වැරදියි, කෑමට කොලොස්ටෝරෝල් සිනි පාලනය කරලා දුන්නත් වැරදියි. ජීවිතේට ඉස්පිරිතාලෙකට අරන් යන්න තියෙන අමාරුව දන්නේ සලකන මිනිස්සු තමයි. මේවා ගැන සමාජයේ කතා වෙනවා අඩුයි, මානසික උපදේශකවරු දැනුවත් කරන්නවත් උත්සහයක් නැ. මේ ගැන අවබෝදය ඇති වෙලා සමාජය මිට වඩා පුළුල් විදියට ප්‍රශ්නේ බැලුවනම් හොදයි කියල මන් හිතන්නේ. නැතුව වැඩිහිටි නිවාස වලටම පටවන්නේ නැතුව මේ වැඩිහිටි අයට මානසික සහනය ලබාදෙන වැඩ පිළිවෙලක් පටන් ගත්තොත් හරි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උසාවි යන එක තමයි කරදරේ. දවසම ඉවරයි.

    වැරදි නොකරපු මිනිස්සුත් බයයි උසාවි යන්න. ඇයි ඉතිං ලංකාවේ උසාවි කිසි පිලිවෙලක් නැහැ. මුළු දවසම බකං නිලා ඉඳලා නඩුව කල් දැම්මා කියලා අහගෙන ගෙදර එන්න වෙන්නේ ගොඩක් වෙලාවට.

    නඩුව අහන්නේ කොයි වෙලාවට ද කියලා වත් නැහැ. තෝල්කයාගේ කට පන නැහැ හීනි කෙඳිරිල්ලෙන් කියන එක ජනේලෙන් පුක දීගෙන අහන් ඉන්න ඕන උදේ ඉඳන් හවස් වෙනකන් තමන්ගේ එක දැන් කියයි දැන් කියයි කියල හිත හිත බලාගෙන.

    ඊටත් පස්සෙ ගෙදර යන්න වෙන්නේ බොරුවට නඩුව කල් ගියා කියල අහල.

    දවසම කාලාකණ්ණි

    අඩු ගානේ list එකක් හදල හරි එලියෙ දාලා තියෙන්න ඕන පේන්න. ආදී ගල් යුගයේ නඩු අහපු විදියට තමයි දැනුත් අහන්නේ. එහෙම හදන්නෙත් නැහැ එකෙකුට වත් ඕන කමකුත් නැහැ, කරන්න දෙන එකකුත් නැහැ ඇයි ඉතිං නඩු ලිස්ට් එක උසට ගන්න එකත් පාගා කාරයෙක් නෙහ්.

    මිනිස්සුන්ට වෙන කිසි වැඩක් නැහැ නඩු අහන තැන හිටං ඉන්නවා ඇරෙන්න. මෙලො රහක් නැති රටක් කියලා හිතෙන්නේ ඕවායේ රස්තියාදු වෙන්න ගියහම
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    මේක ලියපු පුද්ගලයට කිසි අවබෝධයක් නැහැ. උදවු කලාට නඩු දාන්නේ නැහැ. උසාවියට ඉදිරිපත් කලාම මේ පුදගලයා විත්තිය වෙන්නේ නැහැ. සාක්ෂි කැඳවන්නේ මේ පුද්ගලයාගෙන්. මේක නිකන් අතිශෝක්තියෙන් ලියලා තියෙන්නේ. අනෙක එක පාරයි උසාවි කැඳවන්නේ. ඊට පස්සේ මේ වයසක කෙනාගේ විස්තර හොයලා බලල උසාවිය විසින් මහලු නිවාසයක් කරා යොමු කරවනවා.

    ලංකාවේ මිනිස්සු උසාවි කිවම හරිම බයක් තියෙන්නේ. නැත්නම් මහා කරදාරයක් විදිහට දකින්නේ. ඇත්තටම මේ වගේ දෙකදී එහෙම කරදරයක් නැහැ. බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එක දවසක් උසාවි ගියාට. එහෙනම් අපි ට්‍රැෆික් වයලේෂන්ස් වලදීත් උසාවි දන්නේ.

    හරියටම හරි මෙතන ආකල්පමය වරදක් තියෙන්නේ
    උසාවි යන්න වැරදි කරලතියෙන්න ඕනේ නෑ
    නිවැරදි පුරවැසියෙකුගේ යුතුකමක් උසාවියේ පෙනී හිටින එක
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% correct.