නාන්නේ_පරිස්සමින්

thomian

Well-known member
  • May 20, 2011
    12,267
    17,178
    113
    නාන්නේ_පරිස්සමින්

    තත්පර ගානක් ඇතුලත සිද්ද වෙන දේ බලන්න :shocked::shocked::shocked::shocked::shocked:












    මෙන්න මේ වගේ එක පාරට වතුර වැඩි වෙන්නේ :growl::growl::growl:












    මේවා ගැන සැලකිලිමත් නොවී ගියොත් එන්න වෙන්නේ මේ වගේ තමයි
    :(:(:(




    අපි ඉන්න හරියට වැස්සේ නැතත් ගඟ ඉහලට වැහලා තියෙන්න පුළුවන්. ඒක නිසා ගඟ උඩහට පොඩි හරි වැහි කළුවරක් තිබ්බොත් නාන්න නොයා ඉන්න එක තමයි හොදම දේ :no::no::no:



    මම අත්දැකීමෙන් දැකල තියෙනව මෙහෙම උන වෙලාවල්. එක දවසක් ගමේ ගෙවල් ලග ගෑණු කෙනෙක් හොදට පායලා තිබුන වෙලාවක මෙහෙම වතුර පාරක් ඇවිත් ගහගෙන ගිහින් මැරුණා. ඒ මනුස්සය එදා ඉඳලා නාපු ගඟ. එත් හිතා ගන්න බැරි විදියට එක සැරේට වතුර වැඩි උනා.. එක නිසා හොදම වැඩේ දන්නා තැනක උනත් නොදන්නා තැනක උනත් හොදටම පරිස්සම් වෙන එක :angry:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,267
    17,178
    113
    A. සිරියා;22450758 said:
    palaweni eke un madde nawathune naththan berenna thibba
    eth e welawata owa hithenne na :(

    un hitanne na ban aniwa echara wathura wadi wey kiyala..e welawata :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්මෝ මේකනම් මාර වැදගත් ත්‍රෙඩ් එකක් මචන්..:yes:
    ඔය වගේම අත්දැකීමක් තියෙනවා සිරිපාදේ ගිහින් එද්දී නාන්න ගිය වෙලාවක..:no:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හම්මෝ මේකනම් මාර වැදගත් ත්‍රෙඩ් එකක් මචන්..:yes:
    ඔය වගේම අත්දැකීමක් තියෙනවා සිරිපාදේ ගිහින් එද්දී නාන්න ගිය වෙලාවක..:no:

    මොකද උනේ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොකද උනේ?

    AL. කරන කාලේ ඉස්කෝලෙ යාලුවෝ සෙට් එකක් එක්ක සිරිපාදේ ගිහින් එන ගමන් නාන්න සෙට් උනා මගින්.. වෙලාවට අපේ අම්මයි තාත්තයි සහ මගේ තව යාලුවෙකුගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයිත් අපි එක්ක ආවා.. නනා ඉන්න ගමන් වතුර පාර සැර වෙනවා වගේ දැනුණා.. :dull:

    වතුර වෙනස් උන ගමන් අපේ තාත්තයි අර යාලුවගේ තාත්තයි කොල්ලෝ සෙට් එකවම ගොඩට දැක්කුවා මඩේ ඉන්න මී හරක් රැලක් දක්කනවා වගේ.. දන්නවනේ ඉතින් කොල්ලෝ සෙට් එකක් එක්ක වතුරට බැස්සාම පැය ගාණකට ගොඩ එන්නේ නෑනේ..:rolleyes: ඒ වයසේදී ඉතින් දන්නවනේ කොල්ලන්ගේ කෙරුවාව..:P

    අන්තිම එකා ගොඩ එනකන් අපේ තාත්තයි අර යාලුවාගේ තාත්තයි ළමයි දැන් ඇති, ඔය පුතත් දැන් ගොඩට එන්න කිය කිය කොහොමහරි සෙට් එකම ගොඩට ගත්ත විනාඩි ගාණක් ඇතුළත..:love: ඇවිල්ලා තුවාය අඳිනට ටිකටත් අපි නාපු තැනමද කියලා හිතා ගන්න බැරි ගාණට වතුර පාර සැර උනා කියහංකෝ..:shocked:

    අන්තිමට විනාඩි ගාණක් ඇතුළත ඇඳුම් තියලා තිබුණ ගල් තලාව පවා යටකරගෙන වතුර පාර ගලාගෙන ගියා හෙනම සැරට.. අපි තනියම නාන්න ආවානම් එකෙක් දෙන්නෙක් අනිවා ගහගෙන යනවා..:baffled:

    අදටත් කොහේ හරි ට්‍රිප් එකක් ගිහින් නාන්න සෙට් වෙනකොටම අපේ තාත්තා ඕක මතක් කරනවා..:dull: ඒක මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ බං.. ඔය වගේ වීඩියෝ ෂෙයා වෙන එකම ලොකු දෙයක්..:yes:
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    වැහි කාලේ නම් කොහොමත් flash flood risk එක වැඩී. වතුර පාරේ ඉහලින් ගස්වල කොල එහෙම එක පාරම පා වෙවී එනව නම් එහෙම නැත්තම් වතුරේ රස්නේ එක පාරට වෙනස් උනොත් (තමුන්ට හෝ ලඟ ඉන්න එකාට රෙවිලා නැත්තම්) වහාම ගොඩට යන්න. :yes:
     

    watson101

    Member
    Jul 4, 2016
    58
    18
    0
    හම්මෝ මේකනම් මාර වැදගත් ත්‍රෙඩ් එකක් මචන්..:yes:
    ඔය වගේම අත්දැකීමක් තියෙනවා සිරිපාදේ ගිහින් එද්දී නාන්න ගිය වෙලාවක..:no:
    වතුර පාර වැඩි වෙන්න යන්නෙ තත්පර ගානයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    REP added
    ඔව් අපි අවුරුදු කීපයකට කලින් කළුතර පැත්තෙ දිය ඇල්ලක (මට නම මතක නෑ) කට්ටිය එක්ක නානකොට වහින්න ගත්ත, ඒ දවස් වල ටිකක් වැස්ස. අපි වැස්ස එච්චර ගනං ගත්තෙ නෑ, වැස්සෙම ආතල් එකේ නෑව. එක පාරටම ගමේ මිනිහෙක් ඇවිල්ල අපහ කෑ ගහල කිව්වා අන්න උඩහට වහිනව වතුර වැඩිවෙන්න පුලුවන් ඉක්මනට යන්න කියල. සමහර අපේ අය කැමති වුනේ නෑ ඒක් කොහොම හරි වතුරෙන් ගොඩට ආව. ඇවිල්ල යන්න ලෑස්ති වෙනකොට මට මතකයි දිය ඇල්ල එක්ක තිබිච්ච දොල පාරෙ වතුර ටිකක් වැඩි වුනා ( අවදානම් මට්ටමක නැති වුනත්). ඒ වෙලාව සුළු වතුර වැඩිවීමක් වුනත් යම් විනාශයක් කරන්න තිබුන මොකද සමහර විට කට්ටිය කොටු වෙන්නත් පුළුවන් ඒවගේම පැනික් වෙලත් කරදර සිද්ධ වෙන්න පුලුවන්. අද නිව්ස් වල දැක්ක දෙයින් පස්සෙ තමයි මට ඒ සිද්ධියේ බරපතල කම ගොඩක්ම තේරුනේ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    අන්තිම එකා ගොඩ එනකන් අපේ තාත්තයි අර යාලුවාගේ තාත්තයි ළමයි දැන් ඇති, ඔය පුතත් දැන් ගොඩට එන්න කිය කිය කොහොමහරි සෙට් එකම ගොඩට ගත්ත විනාඩි ගාණක් ඇතුළත..:love: ඇවිල්ලා තුවාය අඳිනට ටිකටත් අපි නාපු තැනමද කියලා හිතා ගන්න බැරි ගාණට වතුර පාර සැර උනා කියහංකෝ..:shocked:

    අන්තිමට විනාඩි ගාණක් ඇතුළත ඇඳුම් තියලා තිබුණ ගල් තලාව පවා යටකරගෙන වතුර පාර ගලාගෙන ගියා හෙනම සැරට.. අපි තනියම නාන්න ආවානම් එකෙක් දෙන්නෙක් අනිවා ගහගෙන යනවා..:baffled:

    :shocked::shocked::shocked:
    පීනන්ඩ පුළුවන් උනත් වැඩක් නෑනේ ඔය වෙලාවට.
    You must spread some Reputation around before giving it to richlife again.
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,267
    17,178
    113
    :shocked::shocked::shocked:
    පීනන්ඩ පුළුවන් උනත් වැඩක් නෑනේ ඔය වෙලාවට.
    You must spread some Reputation around before giving it to richlife again.

    කොච්චර පීනන්න දන්න කෙනෙක් ට උනත් මේ වගේ එකකින් බේරෙන්න අමාරුයි මචන්.:no::no: සැඩ පාරට ඔළුව ගලක වදින්න පුළුවන්.:growl: එහෙම නැත්නම් මේ වගේ ලොකු වතුර පාරවල් එක්ක කඩා වැටුන ලොකු ගස්වල අතු එහෙම එනවා. ඒ වගේ එකක පැටළුනොත් හැරෙන්නවත් ලැබෙන්නේ නැහැ. ගම් වල මිනිස්සු ගොඩක්ම වෙලාවට ගං වතුර වෙලාවට ගඟට බහින්න බය ඒ වගේ වතුර යටින් එන ඒවගේ පැටලෙන නිසා :angry: