Beginners guide to නලීන් ද සිල්වා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Beginners guide to නලීන් ද සිල්වා

නලීන්ද සිල්වා ලිපි ලියන එකත් නැවැත්තුව :( (http://www1.kalaya.org/2017/11/blog-post_9.html) ඒ වුනාට එතුමා ලියපු ලිපි ගොඩක් නොකියවපු අය තාම සෑහෙන පිරිසක් ඉන්නව :yes: නලීන් ද සිල්වාගෙ ලිපි කියවන්න බලාපොරොත්තු අය වෙනුවෙනුයි මේ ත්‍රෙඩ් එක :yes:

නලීන්ද සිල්වගෙ ලිපි කියවපු ගොඩක් අය කියන දෙයක් තමා එතුමගෙ ලිපි වල තියෙන දේවල් තේරෙන්නෑ කියන එක. ඒ අස්සෙ සමහර අය නං නලීන් ද සිල්ව ලියන ඒව නලීන් ද සිල්වාටවත් තේරෙන්නෑ වගේ ප්‍රකාශත් කරනව දැකල තියෙනව :baffled:

තව කට්ටියක් හිතං ඉන්නව නලීන් ද සිල්වගෙ මොලේ වයර් මාරු වෙලා කියල :sorry: ඔව් ඉතිං පුටුවක් උඩ ඉඳගෙන කෝ පුටුවක් නෑනෙ කියල කවුරු හරි කිව්වොත් ඕනෙ කෙනෙක් හිතන්නෙ මේ මනුස්සයට පිස්සු කියල තමා :sorry: ඒත් ඉතිං ඒ දර්ශනවාදයේ හැටි :sorry: ඒ අතින් ගත්තාම නලීන් ද සිල්වට විතරක් නෙමේ කාන්ට්ල, රසල්ල, ෆෙයරාබෙන්ඩ්ල හියුම්ල මේ ඔක්කොම එක්තරා විදිහක පිස්සො තමා :sorry:


•••
713.jpeg

•••

නලීන් ද සිල්වගෙ ලිපි නොතේරෙන්න මූලිකම හේතුව ලියන කරුනු වල තියෙන ගැඹුරු බවක් නෙමේ වචන වල තේරුම් නොදැනීම :sorry: සාමාන්‍යයෙන් ලේඛන කලාවෙදි වචන පාවිච්චි කරනවට වඩා වෙනස් විදිහකට දර්ශනවාදයේ ලිපි ලියද්දි වචන පාවිච්චි කරනව :yes: නිකං ලිපියක් ලියනව වගේ ලිපිය ලස්සන වෙන්න වචන පාවිච්චි කරන්න දර්ශනවාදයේ බෑ :no: විවේචනය කරන අය අන්තිම වචනෙ පවා සලකල විවේචනය කරන්නෙ. ඒ නිසා හැම වචනෙකටම නිශ්චිත අර්ථයක් තියෙනව. අලුත් වචනයක් පාවිච්චි කරනව නං ඒ වචනෙ හඳුන්වා දෙන තැනම ඒක ගැන හරිහමං විස්තරයක් කරන්න ඕනෙ. මේ ලිපියෙ තියෙන්නෙ නලීන් ද සිල්වගෙ ලිපි වල භාවිතා වෙන ඒ වගේ නිශ්චිත අර්ථෙකිං භාවිතා වෙන වචන සහ ඒවගෙන් නලීන් ද සිල්වා අදහස් කරන්නෙ මොනාද කියන දේ ගැන කෙටි විස්තරයක්.

•••

ඊනියා:
නලීන් ද සිල්වා වැඩියෙන් පාවිච්චි කරන වචනය මේකද කොහෙද :baffled: ඊනියා කියන්නෙ එසේ යැයි කියන නමුත් එසේ නොවන කියන අර්ථය.
උදා:- ඊනියා දේශප්‍රේමීන්=දේශප්‍රේමීන් කියල කියනව නමුත් ඇත්තටම උන් ගාව ඇති දේශප්‍රේමයක් නෑ.
උදා:- ඊනියා සත්‍යය=සත්‍යය යැයි කියනව නමුත් සත්‍යය නෙමේ කෙප්පයක්.


වියුක්ත, සංයුක්ත:
මේ දෙක එකිනෙකට සම්බන්ධ නිසා එකට ගත්ත. සාමාන්‍ය ව්‍යවහාරයේදී සංයුක්ත කිව්වාම එකතු වුනු බවක්, වියුක්ත කිව්වාම වෙන් වුන බවක් හැඟවෙනව ඒත් නලීන් ද සිල්වගෙ දාර්ශනික ලිපි වල ඒ වචන පාවිච්චි කරන්නෙ ඒ අර්ථයෙන් නෙමේ.
වියුක්ත කියන්නෙ ඉංග්‍රීසියෙන් abstract කියන වචනෙටත් සංයුක්ත concrete කියන වචනෙටත්.
නලීන් ද සිල්ව වියුක්ත සංයුක්ත පාවිච්චි කරන්නෙ සංකල්ප වලට අදාලව. ඒ නිසා සංකල්ප වලට අදාලව විස්තර කරනව.
සංයුක්ත සංකල්පයක් කියන්නෙ හිතෙන් රූපයක් මවාගෙන තේරුම් ගන්න පුලුවන් සංකල්පෙකට. ගහක්, මලක්, මිනී පෙට්ටියක් මේ සේරම හිතෙන් රූපයක් මවාගත්තෑකි. ඒ නිසා මේ සේරම සංයුක්ත සංකල්ප.
ඒත් 1,2,3 වගේ ඉලක්කම්, කාලය, ගුරුත්වාකර්ශණය වගේ දේවල් චිත්‍රයක් හිතේ මවාගෙන තේරුම් ගන්න බෑ. 1 2 වගේ කියද්දි හිතේ මවාගන්නව නං මවාගන්න වෙන්නෙ 1 කියන ඉලක්කම ලියන විදිහ මිසක් 1 කියන සංකල්පය නෙමේ. ගුරුත්වාකර්ශණය කියන්නෙ ඇපල් ගෙඩි බිමට වැටිමත් නෙමේ. හිතේ මවාගන්නෙ ඇපල් ගෙඩියක් බිමට වැටෙනව මිසක් ගුරුත්වාකර්ශණය නෙමේ. කාලය කියද්දි හිතේ මවාගන්නෙ ඔරලෝසුවක් මිසක් කාලය නෙමේ. හිතේ චිත්‍රයක් මවාගන්න බැරි නිසා මේව වියුක්ත සංකල්ප.


වාස්තවික, වාස්තවික යථාර්තය:
වාස්තවික කියන්නෙ වෙන්වූ වගේ අදහසක් කියන එක. වාස්තවික යථාර්තය කියන්නෙ වෙන් වූ යථාර්තයක් කියන එක. මෙතන යථාර්තය කියන්නෙ ලෝකයට. හැමෝම හිතං ඉන්න දෙයක් තමා අපි ලෝකය දකිනව කියන එක. පුටුවක් කියල දෙයක් අපෙන් තොරව පවතිනව කියල කියන්නෙ පුටුවට වාස්තවික පැවැත්මක් තියෙනව කියල කියන එක. පුටුව අපෙන් තොරව පවතින යථාර්තයක්. ඒත් නලීන් ද සිල්ව කියන්නෙ ඒක එහෙම නෙමේ අපෙන් තොරව පුටුවක් කියල දෙයක් නෑ පුටුවක් නිර්මාණය කරන්නෙ අපේ මනස කියල.

උද්ගමනය:
මේ කියන්නෙ ඉංග්‍රීසියෙන් induction කියන එක. උද්ගමනයෙදි කරන්නෙ පොඩි ප්‍රමාණයක් සලකා බලල ඒවට අදාල කරුණු සියල්ලටම අදාලයි කියල කියනව. කපුටො සීයක් දෙසීයක් දිහා බලල උන් සේරම කලු නිසා සියලුම කපුටන් කලුපාටයි කියල කිව්වොත් ඒ උද්ගමනයක්. වැවක වතුර අධ්‍යනය කරනවනං මුලු වැවේම වතුර ගන්නැතුව සාම්පල් කිහිපයක් අරං ඒව බලල ඒකෙ තියෙන රසායන ද්‍රව්‍ය බලල මුලු වැවේම වතුර වල අරව තියෙනව මේව තියෙනව කියන්නෙ ඒත් උද්ගමනයක්. ඇඟේ ලේ බලද්දි මුලු ඇඟේම ලේ ගන්නැතුව ලේ පොඩ්ඩක් අරං ඒක බලල මුලු ඇඟේම ලේ වල අරක අඩුයි මේක වැඩියි කියන්නෙ ඒත් උද්ගමනයක්.

නිගමනය, නිගාමී තර්කනය:
මේ කියන්නෙ deduction, deductive reasoning කියන එක. මේකෙදි උද්ගමනයෙදි වගේ අවස්ථා සීමිත ගානක් සලකල ප්‍රතිඵල ගන්නෙ නෑ. ඒ වෙනුවට සියල්ලම ආවරණය වෙන්න සාධාරණ වශයෙන් සලකනව. ගණිතයෙදි කරන්නෙ නිගමනය. පෛතගරස් ප්‍රමේයය ඔප්පු කිරීම ගත්තොත් එක එක දිගවල් තියෙන සෘජුකෝණී ත්‍රිකෝණ ගොඩක් ඇඳල බලල දිගවල් ගානට එනවද කියල බලන්නෑ. ඒ වෙනුවට කරන්නෙ සාදාරණ දිගවල් වලට ප්‍රමේයය සාධනය කිරීම. එහෙම කලාම සියලූම අවස්ථා වලට ඒ ප්‍රතිඵලය සත්‍යයි කියල ගත්තෑකි.

විශ්ලේශණය, සංස්ලේශණය:
මේ දෙකත් එකට ගත්තෙ සම්බන්ධ නිසා. විශ්ලේශණයෙදි කරන්නෙ දෙයක් තේරුම් ගන්න ඒක කෑලි කෑලි වලට වෙන් කරල ඒ කෑල්ල කෑල්ල ගැන අධ්‍යයනය කරන එක. වස්තුවක් ගන්න කෑලි කෑලි වලට කඩල පරමාණු වල ගුණ ඇසුරෙන් වස්තුව තේරුම් ගන්නවනං ඒ විශ්ලේෂණය.
සංස්ලේශණය කියන්නෙ මේකෙ අනික. කොටස් වලට කඩන්නැතුව වස්තුව ඇති සැටියෙන් අධ්‍යයනය කිරීම. ඒකෙදි කෑලි වලට කැඩීමක් නෑ. සමාජය තේරුම් ගන්න සමාජය පුද්ගලයින් ගොඩක එකතුවක් විදිහට සලකල පුද්ගලයන් වෙන වෙනම අධ්‍යනය කරල සමාජය තේරුම් ගන්න උත්සාහ කරනව කියන්නෙ ඒ විශ්ලේශණය කිරීමක්. ඒත් සමාජය සමාජය විදිහට අරගෙන තනි තනි මිනිසුන් සලකන්නැතුව මුලු සමාජයම ගැන අධ්‍යනය කරනව නං ඒක සංස්ලේශණයක්.


ඌනිතවාදය:
මේ කියන්නෙ වස්තුවක් හෝ පද්ධතියක් එය වෙන් කල හැකි කොටස් වලට ඌනනය කිරීම. එහෙම ඌනනය කරල කියනව ඒ කොටස් වලිං ඔබ්බට ගිය දෙයක් අදාල පද්ධතියට නෑ කියල. වස්තුවක් ගත්තොත් ඒක පරමාණු දහස් ගාණකට ඌනනය කරනව. ඒ කියන්නෙ පරමාණු වල ගුණයන්ගේ එකතුවකට වඩා යමක් වස්තුවට නෑ. එහෙම නෑ කීම ඌනතිවාදය.

අනුභූතිවාදය, අනුභූතිය:
මේ කියන්නෙ empiricism කියන එක. පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සැබෑ දැනුම ලෙස සැලකීම වගේ දෙයක් මේකෙන් අදහස් වෙන්නෙ. පංචේන්ද්‍රියන්ට කිව්වාම අන්වීක්ශ, කණට නෑසෙන සංඛ්‍යාතයන් අහන්න පුලුවන් උපකරණ හරහා ඇසීම වගේ දේවලුත් අයිතියි. ඒ දේවල් පංචේන්ද්‍රියන්ට ගෝචර නොවුනත් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් වලම දිගුවන්.

ප්‍රවාදය:
මේක විද්‍යාවෙ theory කියන එකට යෙදෙන්නෙ. සාමාන්‍ය ඉංග්‍රීසි ව්‍යවහාරයේ theory කියන දේ නෙමේ විද්‍යාවෙ theory කියන්නෙ. යම් කතන්දරයක් (ගුරුත්වාකර්ශනය, අවකාශ-කාලයේ වක්‍රතාව වගේ) නිරීක්ශණ සමඟ ගැලපෙනවනං විද්‍යාවෙදි ඒකට තියරියක් කියනව.

සුසමාදර්ශය:
මේක තෝමස් කූන්ගෙ paradigm කියන එකට නලීන් ද සිල්ව යොදාගන්න වචනෙ. මේක නම් කෙටියෙන් පැහැදිලි කිරීම අමාරුයි. අද භෞතික විද්‍යාවෙ පිලිගැනෙන සුසමාදර්ශ දෙකක් තියෙනව. එකක් අයින්ස්ටයිනීය සුසමාදර්ශය. අනික ක්වොන්ටම් භෞතිකයේ සුසමාදර්ශය. සුසමාදර්ශනයක් ප්‍රවාදයකට වඩා ටිකක් උසස් කියල සලකන්න වෙනව. අද කවුරු හරි විද්‍යාඥයෙක් මොකක් හරි සංසිද්ධියක් තේරුම් කරන්න කල්පිතයක් (hypothesis) නිර්මාණය කලොත් මුලින්ම කරන්නෙ ඒක අයින්ස්ටයින්ගෙ භෞතික විද්‍යා නියම වලට හරි ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ නියම වලට හරි අනුකූලද කියල පරීක්ශා කරල බලන එක. එහෙම අනුකූල නැත්තං ඒක ප්‍රතික්ශේප කරනව. සුසමාදර්ශ ගැන හරියට තේරුම් ගන්න නං තෝමස් කූන් ගෙ Structure of Scientific Revolutions කියවන්න වෙනව. එක පාරක් කවුරු හරි අහල කොකා කෝල වෙනුවට පෙප්සි ආව එකත් සුසමාදර්ශ වෙනසක්ද කියල :baffled: නලීන්ද සිල්ව ඕකට අවුරුදු ගානක් බැන්න :baffled: ඒක සුසමාදර්ශ වෙනසක් නෙමේ :baffled:

ස්වසිද්ධි:
මේ කියන්නෙ ගණිතයේ කියන axiom ගැන. ජ්‍යාමිතිය වේවා අපි එකතු කරන අඩු කරන වැඩි කරන බෙදන ඉලක්කම් වේවා මේ ගණිත පද්ධති දෙකම හදල තියෙන්නෙ මූලික කරුණු කිහිපයක් මූලික කරගෙන. ඒ මූලික කරගන්න කරුණු වලට තමා ස්වසිද්ධි කියන්නෙ. ප්‍රමේයයන් හැම එකක්ම ඔප්පු කල යුතුයි. ස්වසිද්ධි කියන්නෙ ඔප්පු කිරීමක් නැතුව සත්‍යය යැයි මූලිකව උපකල්පනය කරන කරුණු වලට. යුක්ලිඩියානු ජ්‍යාමිතියෙ ලක්ශ දෙකක් අතර කෙටිම දුර සරල රේඛා ඛණ්ඩයක් කියල ඔප්පු කරන්නෑ. ඒක සත්‍යයක් විදිහට අරං තමා ජ්‍යාමිතිය හදල තියෙන්නෙ. එතනිං එහා පෛතගරස් ප්‍රමේයය වගේ දේවල් හැම දෙයක්ම අර ස්වසිද්ධි වල ඉඳන් ඔප්පු කරගෙන යන්න ඕනෙ.

ඇරිස්ටෝටලියානු ද්වීකෝටික න්‍යාය/තර්කනය:
මේ කියන්නෙ සත්‍ය, අසත්‍ය කියල අවස්ථා දෙකක් ගන්න තර්කනය ගැන. True False. විද්‍යාව ගණිතය බිහිවෙලා තියෙන්නෙ මේ න්‍යාය පදනම් කරගෙන. දෙයක් එක්කො ඇත්තක් ඇත්තක් නෙමේ නං බොරුවක්. විද්‍යාවෙ සියල්ල තේරුම් ගන්න හදන්නෙ මේ කොන්දේසි දෙකට යටත්ව. එක්කො පූසෙ පණපිටිං, නැත්තං පූස මැරිල. ඉන් එහාට අවස්ථා නෑ. බැලූ බැල්මට ඇත්ත වගේ ඒත් නලීන් ද සිල්වා කියනව මේ දෙකට එහා ගිය අවස්ථා තියෙනව කියල.

චතුස්කෝටිකය:
මේ තියෙන්නෙ උඩ කියපු ද්වීකෝටික න්‍යායට එහා ගිය එක. මේකෙදි දෙයක්
සත්‍ය වේ
අසත්‍ය වේ
සත්‍යද වේ අසත්‍යද වේ
සත්‍යද නොවේ අසත්‍යද නොවේ
කියල අවස්ථා 4ක් තියෙනව. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ අපි ලෝකයේ අත්දකින හැම දෙයක්ම එක්කො සත්‍යයි නැත්තං අසත්‍යයි. නලීන් ද සිල්වා කියන්නෙ මනස දියුණු කරපු අයගෙ (ධ්‍යාන ලාබීන්, රහතන් වහන්සේල, බුදු හාමුදුරුවො) මනසට ද්වීකෝටිකය යටතේ වලංගු නොවෙන අත්දැකීම් ලබනව කියල. බුද්ධාගමේ මැරිල ඉපදෙන කෙනා ගැන කියන්නෙ "මමත් නොවේ වෙන කෙනෙකුත් නොවේ" කියල. මේක ද්වීකෝටිකයට අනුව වෙන්න බැරි දෙයක්. මේ වගේ දෙයක් අපි සැබෑ ලෝකෙ අත්විඳින්නෑ. නමුත් මනස දියුණු කල අයට අත්දකින්න පුලුවන්. ඒ නිසයි බුද්ධාගම චතුස්කෝටික න්‍යාය භාවිතයෙන් තේරුම් ගත යුත්තක් කියල නලීන් ද සිල්වා කියන්නෙ. ක්වොන්ටම් භෞතිකයේ චතුස්කෝටික න්‍යාය භාවිතයෙන් තේරුම් ගත හැකි සංසිද්ධි තියෙනව කියල නලීන් ද සිල්වා කියනව.


රේඛීය චින්තනය, චක්‍රීය චින්තනය:
රේඛීය චින්තනයෙදි කරන්නෙ සිදුවීමකට හේතුවක් හොයනව. ඒ හේතුවට තව හේතුවක් හොයනව. ආයෙ ඒ හේතුවට තව හේතුවක් හොයනව. ඔහොම ගිහිං ගිහිං සියල්ලටම මුල් වුන මූලික හේතුව හම්බවෙන්න ඕනෙ. මේ අනුව ගියාම ඕනෙම දේකට ආරම්භයක් තියෙනව කියල ගන්න වෙනව. ආරම්භයකිං තොරව පවතින කිසි දෙයක් නෑ.
නමුත් චක්‍රීය චින්තනයෙදි එහෙම වෙන්නෙ නෑ. චක්‍රීය චින්තනයට හොඳම උදාහරණයක් බුදු දහමෙ දැක්වෙන සිත් සහ චෛතසික. චෛතසිකයක් පවතින්නෙ චිත්තයක් පවතින නිසා. ඒ වගේම චිත්තයක් පවතින්නෙ චෛතසිකයක් පවතින නිසා. දෙකේම හේතු වක්‍රාකාරව සම්බන්ධ වෙනව. බටහිර විද්‍යාවෙදි මෙහෙම ගැනෙන්නෙ නෑ. චක්‍රීය චින්තනය අනුව දෙයකට ආරම්භයක් නැතුව පැවැත්මක් තියෙන්න පුලුවන් කියලයි නලීන්ද සිල්වා කියන්නෙ. යම් දෙයක්ම එහි හේතුව වෙන්න පුලුවන්.


විඥ්ඥුන්
මේ කියන්නෙ කාලාම සූත්‍රයේ දැක්වෙන්නක් ගැන. කාලාම සූත්‍රයේ කියනව දෙයක් පිලිගත යුත්තේ කොහොමද කියල. පරම්පරාවෙන් ආ පමණින් වත්, බොහෝ දෙනා පිලිගත්ත පමණිං වත්, තර්කානුකූල වූ පමණින්වත් පිලිගන්න එපා කියලයි කියන්නෙ. නමුත් විඥ්ඥුන් කිව් නිසා පිලිගන්න කියනව. විඥ්ඥුන් කියන්නෙ පිළිගත යුතු කෙනා. නලීන් ද සිල්වගෙ විඥ්ඥුන් බුදු හාමුදුරුවො කියලයි එතුමා කියන්නෙ. අද සමාජයේ බොහෝ දෙනාගෙ විඥ්ඥුන් වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාඥයො. විද්‍යාඥයො කිව්ව නිසයි බොහෝ දේ පිළිගන්නෙ.
•••

මතන ටික දැම්මෙ මඟහැරිච්ච වචන තියෙනවනං, පැහැදිලි කිරීම් නිරවුල් නැත්තං හරි වැරදි තියෙනව නං හරි කියන්න :yes: Rep නං ඉතිං ඕනෙ :D
 
Last edited:

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    වටිනවා. රෙප් දෙන්න ඕනේ එත් රෙප් දෙන්න බැලූ.
    හරිම උගතොකොටිකයි:sorry:(උගතොකොටික: මේකේ තේරුම මොකක්ද)
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේ ටික අහල නෑ අහල බලන්නං tfs :yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela