මී. පච: පටිච්චසමුප්පාද විස්තරයේ සංඥා නෑලු

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මී. පච: පටිච්චසමුප්පාද විස්තරයේ සංඥා නෑලු

පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් දෙසීම



පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 1යි තත්පර 11න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා දැක්වෙනවා. සංඥා අඩංගු වන්නේ නාම ධර්මයන්ට. බුදුරජානන් වහන්සේ පටිච්චසමුප්පාදය බෙදා දක්වා ඇති ආකාරය සඳහන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ නිදාන වග්ගයේ අභිසමයසංයුත්තයේ බුද්ධ වග්ගයේ ඇති විභඞ්‌ග සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp8/26 ] නාම ධර්මයන් මෙලෙස විස්තර වී තිබෙනවා:

පාළි:

"
කතමඤ්ච භික්ඛවෙ නාමරූපං? වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො, ඉදං වුච්චති නාමං. චත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවෙ, නාමරූපං."

සිංහල පරිවර්තනය:

"මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ."

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිම නාම ධර්මයන්ට සංඥා අඩංගු කොට දක්වන ආකාරය පහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 1න් පමණ ඉදිරියට ආසන්නයේ දකින්න පුළුවන්:



නාම ධර්මයන්ට සංඥා ඇතුලත් වන නිසා පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි පැවසීම මුසාවක්.

දහම් පද මනාව ගළපා ගැනීමට නොහැකි වීමෙන් අර්ථ විකෘති වන පරිදි වචන හරඹ කිරීම නිසා මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අන් අය ද නොමඟ යවන බව විද්‍යාමාන වෙනවා.

Skylark
 
Last edited:

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පරස්පර විරෝධයේ ඉහලම තැනක ඉන්නේ. අනේ සාදු, මේ වගේ ලිපි වලින් මොලයක් තියෙන අය නම් තේරුම් ගනී මේ ස්වාමීන්ගේ තත්වය. බෙහෙත් අවශ්‍ය බව.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    බුදුරජානන් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා දැක්වෙනවා

    ඇත්තට? :rolleyes:

    මෙන්න සුත්‍රය සිංහලෙන්. -> [මෙතන කියවන්න] . පෙන්නන්න සංඥාව එතන!!!

    අර කතාවක් තියෙනවා, ඇතැම් අය ගහන්න මඩ හොයන්න අමාරුනම්, බාල්දිය යට තියෙන කුණු නියපොත්තෙන් හරි හුරලා විසි කරන්න හදනවා කියලා. මේක ඒ වගේ අවස්ථාවක්.

    කෙසේ වෙතන්, මෙතන මිවාලපනේ හිමි සැමගේ නිවන් සුව පිණිස දේශනා කරලා තියෙනවා.

    යම් අය භාවනා කරනවා කියල කරන්නේ මේ වගේ දෙයක්.

    -> රුපයක් දකිනවා (පෙනෙන, ඇහෙන, හිතෙන දෙයක් ආදී වශයෙන්) -> සංඥාව නිරෝද කරන්න -> යලි හුස්ම ගැනීම වෙත හිත යොමු කරන්න.

    ඔතන කරන්නේ සංඥා නිරෝදය. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියනවා. කුසල් උපදවන්න උපකාර වන කරුණා, මෙත්තා සහ මුදිතා පවා මේ සංඥාව නිරෝදයෙන් අහිමි වෙනවා.

    එමනිසා බුදු හාමුදුරුවෝ දේශනා කල වදාලේ මේක.

    -> රුපයක් දකිනවා (පෙනෙන, ඇහෙන, හිතෙන දෙයක් ආදී වශයෙන්) -> සංඥාව -> සංකාර -> ප්‍රහාන කරන්න ආනාපාන භාවනාවේ යෙදීලා.

    සංකාර නිරෝද කරන්න කිවුවේ ඇයි? පටිච්චසමුප්පාද චක්රය පටන් ගන්නේ එන්තනින්.

    1. -> සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. <- නිරෝද කරන්න මේක
    2. -> විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ.
    3. -> නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ.
    4. -> ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධය වේ.
    5. -> ස්පර්ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ.
    6. -> වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ.
    7. -> තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ.
    8. -> උපාදානනිරෝධයෙන් භාවනිරෝධය වේ.
    9. -> භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ.
    10. -> ජාතිනිරෝධයෙන් ජරාමරණ, සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපයාසයෝ නිරුද්ධ වෙත්.
    11. -> මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි. <- එවිට මේක නැතිවෙනවා
    මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

    සංකාර නිරෝද කරොත් (1) තැනදී, -> (11) වන තැන හැදෙන දුක නැවතෙනවා. ඔබට නිවන් සුව ලැබෙනවා.

    එකයි බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කරන්නේ.

    සබ්බේ සංඛාරා අනිච්චා’ති <- සියලු සංකරයන් ඔබේ කැමැත්ත ඉටු නොකරයි
    සබ්බේ සංඛාරා අනත්තා’ති <- සියලු සංකරයන් විපරිණාමයට පත්වේ

    බුදු හාමුදුරුවෝ දේශනා කරනවා සංකාර වල අනිච්ච බව (කැමැත්ත ඉටු නොවෙන බව) මෙන්හි කරලා සංකාර නිරෝද කරන්න කියලා.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ගිහි පින්වතෙක්, මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේගෙන් "සංඥා නිරෝධයෙන් නිවන ලැබේද?" කියලා විමසුවාම උන්වහන්සේ ලබාදුන් පිළිතුර තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. එහිදී මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා සංඥා නිරෝධයෙන් සිදුවෙන්නේ අසංඥ තලවලට යාම මිස නිවන අවබෝධ නොවීම බව. නිවන ලැබෙන හැටි ගැන කියවෙන පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වෙන බවත් උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා.

    විභංග සූත්‍රයේ දැක්වෙන ආකාරයට සංඥාව කියන්නේ නාමයේ එක් කොටසක් පමණයි


    “මහණෙනි; නාමය සහ රූපය නම් කවරක්ද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ.

    විභඩ්ග සූත්‍රය - http://pitaka.lk/221011/cs,aps
    පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ අඩංගු වෙන්නේ දුක හට ගන්නා හැටි සහ දුක නිරෝධ කරන ආකාරය ගැන කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා

    “මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයෝද, විඤ්ඤාණය නිසා නාමරූපද නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, (තදින් අල්ලා ගැනීම) උපාදානය නිසා භවයද, භවය නිසා උප්පත්තියද, උප්පත්තිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, මෙය පටිච්චසමුප්පාදයයි.
    අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීමද, සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණයේ නැතිවීමද, විඤ්ඤාණයාගේ නැතිවීමෙන් නාමරූපයන්ගේ නැතිවීමද, නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතනයන්ගේ නැතිවීමද, සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශය නැතිවීමද, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවීමද, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවීමද, තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවීමද, උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද, භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවීමද ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවීමද වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවීම වෙයි. මෙය භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂූහු බුදුන්ගේ දේශනාවට සතුටුවූහ.

    පටිච්ච සමුප්පාද සූත්‍රය - http://pitaka.lk/?node=221010&coll=cs,aps
    පටිච්ච සමුප්පාද විග්‍රහයේ පැහැදිලිවම දේශනා කොට තිබෙනවා නාම රූපයන්ද සමස්තයක් ලෙස නිරෝධ වීම නිසා දුක නිරෝධ වී නිවන ලැබෙන බව. එසේ නොමැතිව සංඥාව පමණක් නිරෝධ කිරීමෙන් ලබාගත හැකි දෙය පටිච්ච සමුප්පාද විග්‍රහයේ කිසිසේත්ම ඇතුලත් වන්නේ නැහැ.

    සම්මා දිට්ඨි සූත‍්‍රයේ, නිරෝධ කිරීම නිසා නිවන ලැබෙන කාරණා 15 ක් සඳහන් බව මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේගේ පහත දේශනාවෙන් ඉගෙන ගත්තා.


    "සම්මා දිට්ඨි සූත‍්‍රයේ දී පෙන්වූ නිරෝධ කළ හැකි කාරණා අතර ”සංඥා” යන්න පෙන්වා දී නැත."

    බව නිරෝධය සහ සමුදය නිරෝධ කිරීම - http://panhinda.sirisaddharmaya.net/බව-නිරෝධය-සහ-සමුදය-නිරෝධ-ක/

    සම්මා දිට්ඨි සූත්‍රය - http://pitaka.lk/18109/cs,aps
    ඉතින් ඕනෑම කෙනෙකුට සම්මා දිට්ඨි සූත‍්‍රය කියවලා වුනත් තේරුම් ගන්න පුළුවන් සංඥා නිරෝධයෙන්, දුක්ඛ නිරෝධය නොවන බව. පටිච්ච සමුප්පාද විග්‍රහයේ ඇත්තේ දුක නිරෝධ කරන ආකාරය මිසක් සංඥාව/සංඥාවේ නිර්වචනය ගැනවත් සංඥාවේ නිරෝධය ගැනවත් නෙවෙයි. එම නිසා පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ කියන කාරණාව මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ විසින් දේශනා කිරීම පරම සත්‍යයක් වෙනවා.

    "සංඥා නිරෝධයෙන් නිවන ලැබේද?" කියන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ නිවන ලැබෙන හැටි ගැන කියවෙන පටිච්ච සමුප්පාද විග්‍රහය යොදාගන්නවා. නාම රූපයන් සමස්තයක් ලෙස නිරෝධ වීම ගැන පමණක් පටිච්ච සමුප්පාද විග්‍රහයේ අඩංගු වෙන නිසා "පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ" කියලා උන්වහන්සේ දේශනා කිරීම ඉතාමත් නිවැරදියි.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මෙතන මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ දේශනා කරන්නේ ස්කයිලාක් ඉස්මතු කිරීමට උත්සාහ කරන කාරණය නෙවෙයි.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ශ්‍රාවකයන් නොමඟ යවන මීවණපලානේ වැදි බණ.

    පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නැතයිද, සඥාවෙන් තොරව රූපය හඳුනා නොගෙන භාවනා නොකල හැකි යැයිද මීවණපලානේ හිමි අධර්මයක්ම දේශනා කරයි. මේ නම් මුසාබස් තෙපලීමක්මය. බුදුවදන විකෘති කිරීමක්මය. රූපය විදර්ශනා කල යුත්තේ "දිට්ඨෙ දිට්ඨ මත්ථං" යන පරියායට අනුවය. එයට සඥාවක් අවශ්‍ය නැත.

    නාම ධර්මයන්ට සංඥා ඇතුලත් වන නිසා පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි පැවසීම මුසාවක්.

    දහම් පද මනාව ගළපා ගැනීමට නොහැකි වීමෙන් අර්ථ විකෘති වන පරිදි වචන හරඹ කිරීම නිසා මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අන් අය ද නොමඟ යවන බව විද්‍යාමාන වේ .


     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Harvard-Bio,

    ඔබ දක්වා ඇති වීඩියෝවේ සහ ඔබේ කමෙන්ටුවේ දැක්වෙන සමහර කරුණු වලද අඩුපාඩු පවතින්නේ යැයි මම සිතනවා. 'රූපය විදර්ශනා කල යුත්තේ "දිට්ඨෙ දිට්ඨ මත්ථං" යන පරියායට අනුවය. එයට සංඥාවක් අවශ්‍ය නැත.' යැයි කීම නිවැරදි විය හැක්කේ කෙසේ දැයි මම කුකුස් කරනවා. යම් යම් භික්ෂූන් වහන්සේලා එබඳු දෑ පවසන බව මා දැක තිබෙනවා. උදාහරණයකට කොත්මලේ කුමාරකස්සප හිමිද http://www.elakiri.com/forum/showthread.php?t=1825782 යන තැන ඇති ත්‍රෙඩ් එකේ දැක්වෙන වීඩියෝවේ ඒ හා යම් යම් සමානකම් ඇති සහ අසමානකම්ද ඇති විස්තර කිරීමක් කරන අයුරු දකින්න පුළුවන්. සමහරක් විට ඔබ දක්වන ලද වීඩියෝව සැකසූ කෙනා කුමාරකස්සප හිමි පවසන ලද්දක් වැරදි අර්ථයෙන් ගත්තා වෙන්න පුළුවන්. කුමාරකස්සප හිමි පවසන සමහරක් කරුණු ගැන මට ප්‍රමානවත් වැටහීමක් නොමැති නිසා ඒ සමහර විස්තර සාවද්‍ය යැයි එකවර බැහැර කිරීමක් කරන්න මම කැමති නැහැ. එසේ උවත් එබඳු විස්තර කිරීම් වල කියැවෙන සමහර කරුණු අන් සමහර දහම් පද සමඟ ගැළපෙන්නේ නැති බවක්ද මම දැක තිබෙනවා. ඒ නිසා එබඳු සමහර විස්තර කිරීම් ගැන මම කුකුස් කරනවා.

    ඉහත වීඩියෝවේ වෙනයම් අඩුපාඩු යැයි කිව හැකි දෑද තිබෙන බව දුටු බැවින් එම වීඩියෝව YouTube වෙබ් අඩවියෙන් ඉවත් කිරීම සුදුසු යැයි සිතනා බවද සඳහන් කොට මම එම වීඩීයෝවේ කමෙන්ටුවක් දැම්මා. වීඩියෝව පළ කළ අය කැමති නම් එය ඉවත් කරාවි. සුදුසු යැයි සිතේ නම් ඔබද ඔබේ කමෙන්ටුව මකා දමන්න.

    මීවනපලානේ හිමි සංඥාවේ අවශ්‍යතාවය ගැන පටලවාගත් අර්ථයන්ගෙන් මුසාවාද පවසනවාමයි. එනමුත් 'රූපය විදර්ශනා කල යුත්තේ "දිට්ඨෙ දිට්ඨ මත්ථං" යන පරියායට අනුවය. එයට සංඥාවක් අවශ්‍ය නැත.' යැයි කීමෙදී 'එයට සංඥාවක් අවශ්‍ය නැත.' යැයි කීමද ගැටළු සහගතයි.

    පැහැදිලි බව ඇති කර ගැනීම පිණිස අදාළ කරුණු අරභයා යම් වැඩි විමසීමක් කර බලමු.

    Skylark