රොබට් _අයියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එළෙව්වත් යන්නැති නිසා මුගාබේගේ පක්ෂ නායකකම අහෝසි කරයි

Mugabe.gif


සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට පාලක පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ එම පක්ෂ කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු නියෝජනය කළ සානු පී.එෆ් පක්ෂය ඔහු ඉවතට දමා ඔහු වෙනුවට මීට දෙසතියකට පෙර මුගාබේ විසින් බලයෙන් පහ කෙරුණු උප ජනාධිපති එමර්සන් මනන්ග්වා පක්ෂ නායකත්වයට පත්කර ඇත. උප ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේ බලයට ගෙනඒම සඳහා රොබට් මුගාබේ කටයුතු කිරීම නිසා හමුදාව රජය පෙරළීමට මැදිහත්වූ නමුත් එරට ව්‍යවස්ථාව ප්‍රකාරව තමන් තවමත් නායකයා බව කියමින් මුගාබේ බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර සිටී. 93 හැවිරිදි වියේ පසුවන මුගාබේට බලයෙන් යන්නැයි කියමින් දස දහස් ගණන් ජනතාව උද්ඝෝෂණ පැවැත්වූ නමුත් ඔහු තවම තමා ජනපති කියමින් බලයේ සිටී. සිම්බාබ්වේ දේශය වසර 37 ක් තිස්සේ පාලනය කරන මුගාබේ නිසා අතිශය දරිද්‍ර රටක් බවට පත් විය.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපෙත් හිටියා ඔය වගේ එකෙක්.....මේලගදී 72කේ උපන්දිනෙත් ගත්තා....... ඒකාත් ට්‍රයි කලා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන මැරෙනකල්ම ජනාධිපති වෙලා ඉන්න.....ඊට පස්සේ ඒකාගේ ලොකු කොලුවාව ජනාධිපති කරන්න තමයි හැදුවේ.... අන්තිමේදී රටේ මිනිස්සු එකතු වෙලා එළවලා දැම්මා.... පස්සේ ආයෙත් අගමැති වෙන්න බැලුවා.... ඒ වෙලාවෙත් රටේ මිනිස්සු ආයෙත් දීලා ඇද්දා...... මෙදා පාර ඒකා පක්ෂයකුත් හදාගෙන පළාත් සභාවලට ඉල්ලලා ආයෙත් මිනිස්සුන්ට කියලා ඇර ගන්නයි හදන්න‍ේ.... එත් තාම හිතාගෙන ඉන්නෙත් තාම රටේ ජනාධිපති කියලා..... පවු බං .....