ඇපල්_පෙති මාට්ටු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇපල්_පෙති මාට්ටු

    ඇපල් පෙතිත් ළඟ තියාගෙන බට්ටි දුන්නු ගේම මාට්ටු


    මත්කුඩු වලට ඇබ්බැහි වූ බොහෝදෙනෙක් “කුඩු” මිලට ගැනීමට මුදල් සොයා ගැනීමට නොහැකි නිසා ඇපල් පෙත්තට පුුරුදු වී සිටිති.

    මත්කුඩු නැතිවීමෙන් ඇතිවන අතපය හා සිරුරේ වේදනාව දරාගත නොහැකි වූවෝද මෙම ඇපල් පෙත්තට ඇබ්බැහි වී සිටිති.

    ඊටත් වඩා බොහොමයක් මෙම පෙත්තට ඇබ්බැහි වී සිටින්නේ රුපියල් 350 ක් වැනි මුදලකට එය ලබාගත හැකි නිසාය.

    මෙය ඇත්තෙන්ම වේදනා නාශකයකි. ෆාමසිවල විකිණීමට තහනම් පෙත්තකි. ඒ සඳහා බලපත්‍රයක් තිබිය යුතුය. මෙම පෙති වර්ගය ලබාගත හැකිවනුයේ වෛද්‍යවරයකුගේ නිර්දේෂයක් මතය.

    එහෙත් මත්කුඩු වලට ඇබ්බැහි වූ බොහොමයක් තරුණයන් මෙන්ම ළාබාල කොළු ගැටයන් පවා මේ ඇපල් පෙත්තට හුරු වී කිසියම් ආශ්වාදයක් ලබන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මේ නිසා මෙවැනි පෙති ඉන්දියාවේ සිට හොරෙන් ගෙන්වා තැරුව්කරුවන් මාර්ගයෙන් පෙතිවලට ඇබ්බැහි වූවන්ට විකුණනු ලබයි.

    මෙය ජාවාරමක් ලෙස දැන් දිවයින පුරාම රහසිගතව විකිණෙන අතර පොලිසියේ උකුසු ඇසද මේ දෙසට යොමු වී තිබේ. මේ නිසා නිතර නිතර වැටලීම් සිදු කෙරෙන අතර මත් පෙති ජාවාරමේ යෙදෙන බොහොමයක් කොටු කර ගැනීමට ද පොලිසියට හැකි වී තිබේ.

    හලාවත පොලිස් කොට්ඨාසයේ මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ද එවැන් ඔත්තුවක් ලැබිණි. ඉන් කියැවුණේ මත් පෙති ජාවාරමේ යෙදෙන කාන්තාවක් මත් පෙති ද රැගෙන ත්‍රිරෝද රියකින් හලාවත දෙසට යමින් සිටින බවකි. වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා සිය නිලධාරින් ද සමඟ හලවාත කොළඹ මාර්ගයට පිවිස ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රිය නතර කරන්නට අණ දුන්නද එය නොනවත්වා යාමත් සමඟ එය පසුපස ගොස් ත්‍රිරෝද රථය අල්ලා ගැනීමට පොලිසියට හැකි විණි.

    ත්‍රිරෝද රියෙ පිටුපස තරබාරු කානන්තාවකි. සුදෝ සුදු ඇඳුමකින් සැරසි සිටි ඇය ගෙන් ප්‍රශ්න කොට සෝදිසියට ලක් කිරීමේදී විකිණීම සඳහා ගෙන යමින් තිබූ ලක්ෂ දහහතරක් වටිනා ඇපල් පෙති තොගයක් සොයා ගැනීමට හැකි විය.

    එතැන පෙති 8600 ක් තිබිණ. පසුව පොලිසියට රැගෙන ගිය ඇයගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඇයගේ හිතවතියකුගේ නිවසක අල්මාරියක සඟවා තිබූ රුපියල් ලක්ෂ විසි එකකට ආසන්න පෙති තොගයක් සොයා ගැනීමට ද නිලධාරීන් සමත්විණි.

    ඒ වනවිටත් තවත් ලක්ෂ හතරහමාරක පෙති ඇය විසින් විකුණා තිබිණි. ඇයට විකිණීමට ලැබුණු පෙතිවල සම්පූර්ණ වටිනාකම ලක්ෂ තිස් පහකි. ඉන් පසු පොලිසියේ අවධානය යොමු වූයේ මෙම පෙති ඇයට ලැබෙන්නේ කාගෙන්ද යන්න සොයා ගැනීමයි.

    මැය එක් දරු මවකි. තරමක් තරබාරු මිටි කාන්තාවක් වන නිසා ඇය කව්රුත් හැඳින්වූයේ “බට්ටි” යන නමිනි. විසි නව හැවිරිදි බට්ටිගේ සැමියා ඇය අතහැර වෙනත් දීගෙක ගොසිනි. ඉන්පසුව සිය කුඩා දියණියත් සමඟ තනි වූ ඇය ජීවත්වීම සඳහා කළ රැකියාව මෙහි සඳහන් කිරීමට නොහැකි තරම් වෙයි.

    සුරේඛා ඇගේ මිතුරියකි. ඇගේ සැමියා මත්කුඩු වරදකට මීගමුව බන්ධනාගාරයේ දඬුවම් විඳී. මේ නිසා සුරේඛා සතියකට වරක් දෙවරක් සැමියා බලන්නට මීගමුව හිර ගෙදරට යන්නීය. දිනක් ඇය ඒ ගමන යන්නට මිතුරිය වූ බට්ටිට ද කතා කළාය. ගෙදරට වී නිකරුණේ කාලය කා දැමීම නිසා බට්ටි ද ඊට කැමති විය. දෙදෙනාම මීගමුව බන්ධනාගාරයට ගියහ.සුරේඛා සිය සැමියාට “විසිට්” එකක් දමා සැමියා බලන්නට බට්ටිද ඇතුලට රැගෙන ගියාය.

    සුරේඛා සිය සැමියා සමඟ කතා බස් කරද්දී සැමියාගේ මිතුරෙකු වූ ලක්ෂමන් ද එතැනට පැමිණියේය.

    “කවුද මේ ඔයාගේ යාළුවෙක්ද?”

    ලක්ෂ්මන් මිතුරාගේ බිරිය වූ සුරේඛාගෙන් විමසුවේ බට්ටි දෙස හොරැහින් බලමිනි. ඇය තමන්ගේ වැඩට කියාපු ගැහැනියක් බව ලක්ෂ්මන්ට අවබෝධ විය. ආයෙත් එන දවසක ඇයව කැඳවාගෙන එන ලෙස ලක්ෂ්මන් සිය මිතුරා මාර්ගයෙන් ඔහුගේ බිරිය දැනුවත් කළේය. තවත් දවසක ඇය මීගමුව හිරේට ගියේ මිතුරියගේ යෝජනාව නිසාය.

    එදා ඇති වූ දැන හැදිනකම් මත බට්ටිගේ ජංගම දුරකථන අංකය ලක්ෂ්මන් ඉල්ලා ගත්තේ දුරකථන ඇමතුමක් ඇයට දී කතා බස් කරන්නට යමක් ඇති බව කියමිනි. ලක්ෂ්මන් මීගමුව හිර ගෙදර වසර ගණනක් තිස්සේ දඬුවම් විඳින්නේ හොරකම් සිදු කිරීම නිසාය.ගෙදර ගිය බට්ටිට කී පරිදි ලක්ෂ්මන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

    “ඔයා ඔය රස්සාව කරන්න එපා. මම ඊට වඩා කරදරයක් නැති රස්සාවක් හොයලා දෙන්නම්. නිකම් ඉදලා මාසයකට ලක්ෂ දෙක තුනක් සොයන්න පුළුවන් ගේමක්.”

    ලක්ෂ්මන් අලුත රස්සාව ගැන බට්ටිට පැහැදිලි කරන්නට විය. ඒත් බට්ටි ඊට එකඟ වුයේ නැත. ඊට හේතුව වූයේ ලක්ෂ්මන් කියන ක්‍රමය ගැන ඇයට එතරම් වැටහීමක් නැති නිසාය.
    “ඔයාට නිකම් ඉඳලා මසකට ලක්ෂ දෙකක් තුනක් හොයන්න පුළුවන්. අනික බයවෙන්න දෙයක් නැහැ.

    අපි කුඩු විකුණන්නේ නැහැනේ. මේක බෙහෙත් පෙත්තක් මොනවහරි වුණොත් මම බලාගන්නම්. ඔයාට බඩු දෙයි. ඒවා ගන්න අය ආවම එවා දීලා සල්ලි ගන්න එක විතරයි. අලුත් රැකියාව ගැන ලක්ෂ්මන් ඇයට දැනුම්වත් කළේය. අවසානයේ බට්ටි ඊට කැමත්ත පළ කළාය.

    “ඔයාට සිදුවේ කෙනෙක් කතා කරයි. එයා බඩු වගයක් දෙයි.” ලක්ෂ්මන් කී පරිදිම සීදුවේ පදිංචි පුද්ගලයකු බට්ටිට දුරකථන ඇමතුමක් දුන්නේය. “ලක්ෂ්මන් අයියා කිවෟ ඔයාට කතා කරන්න කියලා.”

    සීදුවේ පුද්ගලයාගේ කීම අනුව එහි ගිය ඇයට මත් පෙති පෙට්ටි ලැබිණ. ඇය ඒවා විකුණා මුදල් සීදුව පුද්ගලයාට ගෙනවිත් දුන්නේ තමන්ගේ කොටස අඩු කරගෙනය. එළෙස දෙනු ලබන මුදල් හිරගෙදර සිටින ලකීය යැවිය යුතුය. කාලයක් තිස්සේ සීදුවේ පුද්ගලයා සමඟ එකතු වූ බට්ටි ඇපල් පෙති බිස්නස් එක හොඳින් කරගෙන ගියේය. ඒ අනුව ඇයට විකිණීමට ලැබෙන ඇපල් පෙති පෙට්ටියක වටිනාකම රුපියල් 35000 කි. එක් පෙට්ටියකින් රුපියල් දෙදහස් පන්සියයක් ඇයට හිමි වේ.

    ඒ අතරතුර ලක්ෂ්මන් යළි බට්ටිට දුරකථන ඇමතුමක් දුන්නේය. “අර ජරා මිනිහා ඌ මට හරියට ගනුදෙනු බේරන්නේ නැහැ. ඒ නිසා ඌ ළඟට බඩුගන්න යන්න එපා. මම කොළඹ එකෙක් සෙට් කරලා දෙන්නම්.”

    ලක්ෂ්මන්ගේ කීම ඇසූ ඇය ඒ වනවිටත් කිසියම් මුදලක් සොයාගෙන තිබූ අතර ගනුදෙනුකරුවන් ද රාශියක් ඇය වටා රොක් වී සිටියහ. මේ නිසා බිස්නස් එක කඩා ගත යුතු නැතැයි සිතූ ඇය ලක්ෂ්මන් කියන ඕනෑම දෙයක් කරන්නට කැමැති වූවාය.

    ඊළඟට ඇගේ ඒජන්ත කරුවා වූයේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහු අවශ්‍ය බඩු ටික කොස්ගස් හන්දියට ගෙනවිත් දීමට බට්ටි ට පොරොන්දු විය. ලැබෙන දුරකථන ඇමතුමත් සමඟ ත්‍රිරෝද රියකින් කොස්ගස් හන්දියට යන ඇය අවශ්‍ය බඩු ටික රැගෙන මාදම්පේ නිවෙසට එන්නීය. ඉන්පසු ඇය ඒවා සම්බන්ධ වූවන්ට විකුණනු ඇත.

    “මේක තමයි මෙයාගේ ජොබ් එක. මෙයා පෙති විකුණන්නේ තොග ක්‍රමයට. මෙයාගෙන් බඩු අරගෙන යන අය පෙත්තක් රුපියල් 350 ගානේ මාරවිල මාදම්පේ හලාවත වෙන්නප්පුව පැතිවල විකිණෙනවා. මත් කුඩු වලට ඇබ්බැහි වූවන් වගේම පාසල් ළමයිනුත් මේ පෙති ගන්නවා. අපිට මේ ගැන තොරතුරු ආවා. අපි මෙයාව දින ගණනක් ෆලෝ කලා පස්සේ බුද්ධි අංශයේ නිලධාරින් යොදවලා මාස දෙකක් විතර පස්සෙන් එළවලා තමයි මෙයාව අපි අල්ල ගත්තේ.”

    “මෙයා ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්. ඒ වගේ කෙනෙක් මේ වගේ විනාශකාරී මත්ද්‍රව්‍යයක් විකුණනවද? හුඟාක් පාසල් යන වයසේ ළමයි තමයි මේ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේවා විකුණද්දී හිතන්න ඕන නේද තමන්ටත් දරුවෙක් ඉන්නවා කියලා..”

    බට්ටි ට අමතරව ඇය සමඟ ගිය ත්‍රිරෝද රියදුරා ද අත්අඩංගුවට ගත් පොලිසිය දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඉන්පසු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
    අවසානයේ බට්ටිට ද මත්පෙති විකිණීම නිසා මීගමු හිර ගෙදරට යන්නට සිදු විය. ලක්ෂමන් මේ බව දැනගත්තේ හිර ගෙදරදී බට්ටි දුටු විගසය.



    ලක්බිම
     

    patta-kolla

    Member
    Nov 20, 2017
    60
    27
    0
    trollface_problem.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇපල් පෙති කිව්වම මම හිතුවේඋ මොකක් හරි අයිෆොන් ගැජට් එකක් කියල