ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

    ඔන්න යාලුවෝ ඔක්කොම කාලයක් බලාගෙන හිටපු අවස්ථාව උදාවුණා ...ඒක තමයි ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

    හොදයි මුලින්ම කියන්න ඕනි මේ ගමන යන්න උදවු කරේ එළකිරියේ යාලුවෝ ..ත්‍රෙඩ් ගොඩක් දාල ..ඒවාට ගොඩක් යාලුවෝ උපදෙස් දුන්නා ..මේක ස්මිත් අයියා තනියම ඔක්කොම plan කරගෙන ගියපු පලවෙනි සංචාරය ..කලින් පිටරට ගියත් ඒ කවුරුහරි එක්ක ..මේකෙදි තනියම ඔක්කොම හොටෙල් බුක් කරලා ..ටිකට් බුක් කරලා ..එහෙට ගිහින් බලන්න තියන තැන් වල ටිකට් බුක් කරලා ..ඔක්කොම තනියම කරගත්තා ...කිසිම අමාරුවක් අපහසුවක් උනේම නැ ...එකේ ස්තුතිය මුලින්ම හිමිවෙන්න ඕනි එළකිරියේ යාලුවොන්ට ..නම් වසයෙන් කියන්න ගියොත් අමාරුයි .මගේ සිංගප්පුරු හෙල්ප් ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු ඔක්කොම යාලුවොන්ට ..එයාල තමයි මගේ තිබුන බය නැතිකරේ .. බොහොමත්ම ස්තුත්යි ... මම හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් එළකිරියේ travel the world section එකේ කාලයක් තිබ්බ පාලු ගතිය නැතිවෙයි කියල ..හොදයි ෆොටෝ බලන ගමන් විස්තර කතා කරමු ....


    ඔන්න කටුනායක ගුවන් තොටුපලේ ..ශ්‍රීලන්කන් එයාර්ලයින් උදේ 7.20 flight එකේ ගියේ ..ස්මිත් අයියා ගමන් යන්නේ උදේ එලිය වැටුනට පස්සේ යන flight වල ..මොකෝ වටපිට බලන්න ඕනි නිසා ...

    zxfb4Kf.jpg


    TTWKaMD.jpg


    eqyAntW.jpg


    A 330-200 flight එකක යන්න තිබ්බේ ..ඔය දෙකෙන් එහා පැත්තේ එක..බස් එකේ එක්ක ගියේ එකනම් චාටර් ...

    pYbNSLI.jpg


    Ud2qEjJ.jpg


    h0nbdTw.jpg


    aRaxHKF.jpg


    7nmeYSI.jpg


    oOUaQab.jpg


    හොද cabin crew එකක් හිටියා ..ගුවන් නියමුවත් සිංහල එක්කෙනෙක් ...බොහොම නිදහසේ ගුවන් යානය අරන් ගියා ..දවල් වෙලාවක් නිසා බොහොම පැහැදිලි දවසක් ..අපි උඩින් යද්දී ශ්‍රී පාද කදු මුදුන ඉතාම පැහැදිලිව පෙනුනා ..අපේ ගුවන් නියමුවා තමයි මගීන්ට කිවුවේ ශ්‍රී පාදය පේනවා බලන්න කියල

    e2o8uTs.jpg


    nCXwC1X.jpg


    TX6saGW.jpg


    Singapore Landing :love::love::love:

    aCNKJuB.jpg


    8ZXZ07I.jpg


    singapore immigration එකට ගියා වැදගත් විදියට ...DSLR එකත් අතේ තිබුන ...Immigration officer හරිම හොදයි ..නිවාඩුවට ආවද කියල ඇහුවා හිනාවෙලා..මම පුරවපු immigration foam එකේ එක තැනක නම ලියන්න අමතක වෙලා තිබ්බ ..පෑනත් දීල එක පුරවන්න කිඋව ..immigration officer මාර frendly..මම බයේ ගියේ විසා වලට ප්‍රශ්න අහයිද කියල ...මම කැමරාවත් බෙල්ලේ දාගෙන ගියාම මිනිහට පෙනුන මම සංචාරයකට ඇවිල්ල මිසක් පදිංචි වෙන්නවත් ජොබ් කරන්නවත් නෙමෙයි කියල ... ඔන්න ගුවන්තොටුපලෙන් රටට ඇතුල් වුනා

    5SYEtkj.jpg


    ep1aXZx.jpg


    z9zVTaD.jpg


    pp7kv9n.jpg


    Csqx8SB.jpg


    Ne430jM.jpg


    C9hlk52.jpg


    Singapore Cable Car...

    zyT4soO.jpg


    T6dXpPX.jpg


    iGQtN00.jpg


    lZkttil.jpg


    hyc2FG0.jpg


    jJoHRlr.jpg


    Universal Studio..

    qywmJyx.jpg


    oE4VGDr.jpg


    1gC75jJ.jpg


    aYlrcfB.jpg


    GSav4dz.jpg


    rC4Nu0c.jpg


    FIJIH4A.jpg


    u8AtDa7.jpg


    Super car ....මරින බේ sands වල තියනවා ලංකාවේ සල්ලි වලින් 30000ක් දීල විනාඩි 20ක් වගේ drive කරන්න පුළුවන් ..තමන්ටම drive කරන්න දෙනවා ...guide කෙනෙක් එක්ක

    9c6D1Db.jpg


    nMbyb1e.jpg


    qSwhsjB.jpg


    xcAdxdt.jpg


    Marina bay sands

    OVRg0Y8.jpg


    aFY2dp5.jpg


    fxmfYsR.jpg


    ආපහු එද්දී ගුවන් තොටුපලේදී ...

    bolimiA.jpg


    4sUkLrA.jpg


    DV2oZlm.jpg


    mXWzj6X.jpg


    2kdGTDj.jpg


    QjM4hp2.jpg


    LmkKis3.jpg


    ගමන ගැන විස්තරේ ..වියදම් ..අඩුවට shopping ...විස්තරේ තාම type කරනවා ...photo නම් ඔච්චරයි ...DSLR එකෙන් ගත්තු ෆොටෝ 650ක් තියනවා ලස්සන ඒවා ඉඩ ලැබෙන වෙලාවක දාන්නම් ...ගමන් විස්තරේ තව ටිකකින් ...බඩු ගැහුවේ නම් නැත ..ඒවා ගැන කිසිම විස්තරයක්ද නැත ...
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ගමන ගැන විස්තරේ ..

    ඕනිම කෙනෙක් තනියම යන්න බය වෙන්න එපා ...වැදගත් විදියට යන්න ..සල්ලි කොහොමත් අතේ ලක්ෂයක් දෙකක් වත් අරන් යන්න ..atm card පාවිච්චි කරන්නත් පුළුවන් ..කොහොමත් සිංගප්පුරුව කියන්නේ වියදම් අදික රටක් 1.5 L ලොකු වතුර බෝතලයක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 230යි.එකත් little india වල විතරයි නැත්තම් 450යි .මම කියන්නේ මම ගමන ගිය විදිය .එක හැමෝටම සාදාරන නොවෙන්න පුළුවන් මොකෝ එක එක්කන වියදම් කරන විදිය වෙනස් නිසා ..මම දවස් 4ක් හිටිය ..ගමන් පුරාම කිසිම public bus එකක ..Mrt එකක ගියේම නැ ..ඔක්කොම ඇවිද්දේ taxi වල විතරමයි ..මොකද හොදට රට බලන්න ඕනි නිසා .taxi වලට විතරක් 18000ක් වගේ ගියා ..ඒක අවුලක් නැ මොකද ගමනත් පහසුයි ..වෙලාව ඉතුරුයි ..අනික ගමනක් ඕනිවට වඩා බජට් කරාම ගමන නීරස වෙනවා ..මම නවතින්න ගත්තේ බජට් හොටෙල් එකක් .."hotel 81 elegance" lavender වල ..දවස් 3ට 27000යි..ac ..safe ...londery ..ඔක්කොම තියනවා සුපිරියටම. හොදටම හොදයි ..බලන්න තියන තැන් වල ටිකට් බුක් කරේ lucky plaza එකේ cebu air travels එකෙන් ..පට්ටම ලාබයි..

    සිංගප්පුරු යනවනම් විනය ගරුකව හැසිරෙන්න ..මොකද වැරද්දක් කරොත් දඩය ඉතාම ඉහලයි ..ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 5 දක්වා වෙන්න පුළුවන්..ශෝප්පින්ග් යනවනම් ලාබෙට බඩු ගන්න පුළුවන් Lttle india වල street ෂොප් වලින් ..ආයේ bugis street ...musthafa shopping centar එකේනම් බඩු ගණන් දැන් ..ලංකාවේ අය ගොඩක් නමට යනවා ..එට වඩා ගොඩක් ගණන් අඩුවට බඩු ගන්න පුළුවන් ඔර්චාර්ඩ් road එකේ lucky plaza mall එකෙන් .. මෙතන බඩු කියල කිවුවේ චොකලට් ..පෙර්පියුම් ..බිස්කට් වගේ දේවල් ..රෙදි නම් ගිනි ගණන් ..electronic එහෙමත් ගණන් වැඩි..
    computer badu ගොඩක් තියනවා sim lim squre එකේ ..ජරා බඩු ..අහුවෙන්න එපා..රෙපෙයාර් එකයි විකුණන එකයි ඔක්කොම එකට කරන ජරා පොට් එකක්.

    මුස්තාෆා එකේ පොඩි පොඩි දේවල් ගණන් උනාට ..ලොකු දේවල් ටිකක් ලාබයි ..ලොකු yamaha keyboard එකක් ගන්න පුළුවන් 19500කට ..55000ට වගේ සුපිරිම yamaha keyboard තියනවා ..අර music equlizer වගේ තියන හොදම යමහා keybord එකත් වෙන්නේ ලක්ෂයක් විතර ..මෙහෙ 3 ක්වත් වෙයි.

    ඔක්කොම ගියපු වියදම ..dennekuta...
    (wife and me)

    air ticket - 64000
    hotel - 27000
    food - 18000
    taxi - 18000
    shopping - 40000
    attarction - 31200(universal.cable car.madame tussads.wings of time.marina bay sands sky park.)


    Total = 198000/-