කොටුවෙන් බඩු ගන්න අයට

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කොටුවෙන් බඩු ගන්න අයට

    නිවාඩුවක් හම්බ උන නිසා කාලෙකින් කොටුව පැත්තේ ගියා අද ,,

    මම මේ දෙන්නේ පොඩි උපදෙස් ටිකක් කොටුවෙන් පොඩි පොඩි ගැජමැටික් ගන්න ඉන්න අයට

    මම නම් කියන්නේ මිනිහෙක්ට ලාබෙට බඩු ගන්න තියෙන සුපිරිම ප්ලේස් එක තමා කොටුව,හැබැයි හොදට චෙක් කරලා ගන්න ඕන,සමහර උන් නම් රුපියල් සියට මොනාද මහත්තයෝ චෙක් කරන්නේ අහනවා එත් කමක් නෑ චෙක් කරලම ගනින්. සමහර කඩවල හෙන ලොකුවට විකුනන්නේ ඔය කොටුවෙන් ගෙනියන බඩු තමයි අද මන් දදැක්කා MP3 Players , රේඩියෝ බෆල් හෙම තොග අරන් යනවා ලෑලි වලින් ඒ හින්දා කොටුවෙන් පුළුවන් නම් හොද ඒවා බලලා ගනින් කඩෙන් හරි ඉක්මන් එකෙන් හරි ගෙදරටම ගෙනත් දෙන්නේ ඔවම තමයි වෙලවකට

    MP3 Players , රේඩියෝ බෆල් හෙම ගන්න යන උන් අනිවාර්යෙන් චිප් එකකට සින්දු ගෙන පලයන් උන්උ සින්දුවක්න් අහන්න දෙන්නෙම නෑ එකෙන් :no: හෙන හෙන කතා කියනවා මේවා චෙක් කරලා ගෙනත් තියෙන්නේ අරකද මේකේද කියල(මට එකෙක් උගේ ෆෝන් එක පෙන්නලා කිව්වා මේකේ චිප් එක මම මේ ප්ලයෙර් එකට දාලා පෙන්නවා මහත්තයට එත්දැ න් කෝල් එකක් එන්න තියෙනවා චිප් එක ගලවන්න පොන් එක ඔෆ් කරන්න වෙනවා ඒ හින්දා විදිහක් නෑ මහත්තයා අරන් යන්න වැඩ නැත්තම් හෙට ගෙන්න අපි මෙතනම ඉන්නවා කියල :lol: :lol: )

    මල්ටි ප්ලග් හෙම ගන්නවා නම් බැටරියක් තියාගෙන එක ගහලා එකෙ කරන්ට් එක එනවා කියලා පෙන්නන්න බැටරියක් හරි ප්ලුග් පොඉන්ට් එකක් හරි ලග තියන් ඉන්න එකෙක් ගෙන් ගන්න

    ෂර්ට් ටි ෂර්ට් හෙම අද තිබ්බා රුපියල් 200ත එත් උන් එකේ සයිස් එක විතරයි අහන්නේ අපෙන් pack එක ගලවලා බලන්න දෙන්නේ නෑ සමහර උන්, මගේ අදහස නම් ඒවගේ තැන වලින් ගන්න එපා :no:

    කියන ගානටම ගන්න එපා මලාට එත් වටිනවා හරි උබේ වැඩේට ඕන මේකමයි කියලා හරි තේරෙනවා නම් ගාන දීලා ගනින්, සමහර විට යන්න යනකොට හෙමිහිට අහනවා මහත්තයාගේ ගාන කියාද කියලා අන්න ඒ හින්දා හොදට ඇහුන් කන් දීපන් :P

    දැක්ක පලවෙනි තැනින් උබට ඕන ඩේ ගන්න එපා එකම තැන දෙකක තුනක බලපන් අනිවා මිල වෙනස් වෙනවා (මට පොඩිලමයෙක්ට ගිෆ්ට් එකකට බැඩ්මින්ටන් සෙට් එකක් ගන්න ඕන උන මම ගත්තා දැක්ක තැනින්ම, පස්සේ පොඩ්ඩක් ඇවිදිනකොට ඒකම විකුනනවා තනි මිනිහෙක් පාර මැද හිටගෙන අරට වඩා රුපියල් 100ක් අඩුවෙන් )

    තිබහට තැබිලි ගෙඩියක් හෙම බොන්න ඉන්නවා නම් ගාන අහල බීපන් ,ලගට ගියාම කපලා අතට දීලත් ඉවරයි, මෙලෝ රහක් නම් නෑ ඒවා

    කන්න නම් එපා එක මල ජරාව කඩ වලින්, එපා බඩු ගන්න වෙන්නේ නෑ පඩ ඇර ඇර තාම ඉන්න වෙන්නේ :rofl:

    පර්ස් එකට අගිලක් ගහගෙන හිටපන් හැම වෙලේම සාක්කුවේ දාගෙන ,කොහෙන් ගේම දෙයිද දැන් නෑ පුතේ (අදත් ගැනියෙක් ගේ මාලයක් කඩන් දිව්වා :no: )

    කාර්ඩ් වලින් පේ කරන්න බෑ නේ :lol: ඒ හින්දා සල්ලි ගන්නවා නම් කොටුව ස්ටේෂන් එකේ තියනවා NSB, Commercial, Peoples ATM (මට මතක විදිහට ඔය බැංකු තුන තමා )

    දැන් නම් 2 ලෙන් එකෙත් තියෙනවද කොහෙද සම්පත් ATM එකක්

    දැනට නම් මතකෙට එන්නේ ඔච්චරයි තව මතක් උනොත් අප්ඩේට් කරන්නම් :) :)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    තෑන්ක්ස්. උබ කියපු ගොඩක් දේවල් අත්දැකීමෙන්ම මම පිලිගන්නවා.

    මට කියන්න තියෙන්නෙ ලොවෙත් හොඳට ඇඳලා යන්න එපා. තියෙන පරණම ඇඳුම ඇඳන් පිස්සෙක් වගේ පලයන්.
     
    • Like
    Reactions: sameira and eyepea

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    තෑන්ක්ස්. උබ කියපු ගොඩක් දේවල් අත්දැකීමෙන්ම මම පිලිගන්නවා.

    මට කියන්න තියෙන්නෙ ලොවෙත් හොඳට ඇඳලා යන්න එපා. තියෙන පරණම ඇඳුම ඇඳන් පිස්සෙක් වගේ පලයන්.

    විටකුත් කාල යන්න ඕන එතකොට තාම ගාන :lol:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    mapkdeuwiqkw.gif
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    පලතුරු එහෙම ගනිද්දී තෝරන්න ගියාම සමහර උන් කැමති නැ අනිත් එක ගොඩක් තියෙන්නේ සවුත්තු වුන ඒවා පෙන්න තියන එක නෙවෙයි දෙන්නේඒ නිසා පලතුරු ගනිද්දීත් පරිස්සමින්.

    අනිත එක ඇඳුම් එහෙම ගනිද්දී පුළුවන් තරම් අඩුකරලා ඉල්ලගන්න පුළුවන් දවසක් මමයි මගේ යාළුවෙකුයි කලිසමක් ගන්න ගිය උට මුලින් කියුවේ 1800ක් වගේ කොහොමහරි අපි එගනට අකමැති වෙලා යන්න හැදුව පස්සේ අඩු කර 1500ක් කියුව එත් යන්න හදද්දී 1200 ක් දෙන්න කියුව ඒ නිසා අඩුකරලා ගන්න පුළුවන් ඇඳුම් සපත්තු වගේ දේවල් තමා එහෙම පුළුවන්.

    අනිත් එක පිට කොටුවේ තියන කඩවල් වලින් නම් කන්න නම් එපා තනිකර ජරාව තියෙන්නේ මන් නම් ගියොත් කරන්නේ station එක ඉස්සරහ හයිලන්ඩ් එකෙන් කිරි එකක් අරන් බොනවා නැත්නම් කඩේකින් කිරි පැකට් එකක්, බිස්කට් එකක් අරන් කනවා.

    තව බස් වලට නැගල බඩු විකුණන අය ඉන්ව දවසක් ටෝච් එකක් ගත්ත වැඩ කරේ නැ ඇවිත් බලද්දී මොකද හදිසි නිසා චෙක් කරන්නත් බැ බස් එක යනවනේ. අනිත් එක එහෙම ගනිද්දී මාරු සල්ලි දීල ගන්න නැත්නම් සල්ලි මාරු කරන්න තියන්වම් උගෙන් බැලන්ස් එක ඉස්සෙල්ල ඉල්ලගෙන අපේ සල්ලි දෙන්න සමහර උන් අරන් දුවනවා.

    තව ඉතින් ඔය පැත්තේ ඉන්නකොට සමහර අය සල්ලි නැ අතරමන් වුන මේ ඔරලෝසුව හරි පොන් එක හරි තියාගෙන කීයක් හරි දෙන්න කයන අය ඉන්ව උන්ගෙනුත් පරිස්සමින්
     
    ඔව් ඔව් සිරා සීන් ටික, මයිලෝ එකක් උනත් ගන්නේ බලාගෙන කඩවලින්.. අපේ එකෙක්ට බස් එකේදී දවසක් කස්ටම්ප එකෙන් පන්නපු ෆුල් ටච් ෆෝන් එකක් කියලා සෝලා පැනල එකක් විකුණලා තිබ්බා :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව් සිරා සීන් ටික, මයිලෝ එකක් උනත් ගන්නේ බලාගෙන කඩවලින්.. අපේ එකෙක්ට බස් එකේදී දවසක් කස්ටම්ප එකෙන් පන්නපු ෆුල් ටච් ෆෝන් එකක් කියලා සෝලා පැනල එකක් විකුණලා තිබ්බා :lol:

    :lol::lol::lol::lol:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උබ කියපු ගොඩක් දේවල් හරි මචං.. අනික බන් 1st street එකේ ඩයල් එකක් ඉන්නවා.. switch එහෙම තියන් ඉන්න එකෙක්ට එහා පැත්තේ .. උගේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ.. මන් හිතන්නේ කඩවල් වලින් වැඩ කරන්නේ නැතුව අයින් කරන ඒවා.. 100ta 150ta විකුඅන්නේ..ගන්නවනම් හොදට බලල ගනින් ...

    මන් කන්නේ නම් 1st street එකේ සින්හල කඩයක් තියෙනවා මචං රස බොජුන් කියල.. එකෙන්.. සිංහල හින්ද සහ පිරිසිදු හින්ද එතන.. කනවනම් රයිස් ඇන්ඩ් කරී කාපන්.

    අනික කොටුවේ ඔරිජිනල් පවර් බෑන්ක් එහෙම හොයන එක කරන්න අමාරු නෙවෙයි කරන්න බැරි වැඩක්..:lol::lol:
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    මන් කන්නේ නම් 1st street එකේ සින්හල කඩයක් තියෙනවා මචං රස බොජුන් කියල.. එකෙන්.. සිංහල හින්ද සහ පිරිසිදු හින්ද එතන.. කනවනම් රයිස් ඇන්ඩ් කරී කාපන්.

    :):):yes::yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඔව් ඔව් සිරා සීන් ටික, මයිලෝ එකක් උනත් ගන්නේ බලාගෙන කඩවලින්.. අපේ එකෙක්ට බස් එකේදී දවසක් කස්ටම්ප එකෙන් පන්නපු ෆුල් ටච් ෆෝන් එකක් කියලා සෝලා පැනල එකක් විකුණලා තිබ්බා :lol:

    :rofl:
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    patta thread eka machn..mmath add karannam :)

    wathura bothal ganna epa oya wikuanna ena ungen.un karanne his bothal walata porawala ara seal eka gahanwa(e seal eka apitath gahanna puluwn podi machine ekak thyenne)

    poddak kadekata gihin bona eka hodai..okkotama wada hodai beema ekak beeela ena eka.
     
    • Like
    Reactions: eyepea

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඔව් ඔව් සිරා සීන් ටික, මයිලෝ එකක් උනත් ගන්නේ බලාගෙන කඩවලින්.. අපේ එකෙක්ට බස් එකේදී දවසක් කස්ටම්ප එකෙන් පන්නපු ෆුල් ටච් ෆෝන් එකක් කියලා සෝලා පැනල එකක් විකුණලා තිබ්බා :lol:
    :shocked:
    :lol: