දහම් යැයි අනුන් මුළාවට පත්වන හිතලු දෙසීම

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
දහම් යැයි අනුන් මුළාවට පත්වන හිතලු දෙසීම

දහම් යැයි අනුන් මුළාවට පත්වන හිතලු දෙසීම

--

ගෙන ඒම




පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589

--


මට මේ දර්ම කරුණ හොයලා දෙන්න.

අනන සුඛ

මේ මොකක්ද මචන්. පොඩි කාලේ බණකට ඇහිලා තියෙනවා. නය නොවීම පිළිබද ඇතිවෙන සතුට
වගේ තේරුමක් තියෙන්නේ.:confused:(not sure)
මේ සම්බන්ද දර්ම දේශනයක් හොයලා දෙන්න පුළුවන් නම් ගොඩාක් පින්..
බැරි නම් දන්නා කෙනෙක් පැහැදිලි කරන්න​

අනන සුඛය කියන්නෙ ණය නොවීම තමයි.හැබැයි මෙතනදි කියන්නෙ මුදල් වලින් වෙන නය ගැන පමනක් නෙවෙයි.ණය වීම පුලුල් පරාසයකට අයිති දෙයක්.අපි දෙමව්පියන්ට නයයි. ගුරුවර වැඩිහිටියන්ට සහෝදර සහෝදරයින්ට යාලුවන්ට නෑදෑයන්ට මේ සියලු දෙනාට අපි නයයි.ඒ ඔවුන් අපි වෙනුවෙන් කැපවීම් උදව් පදව් කරල තියෙන නිසා.මේ අය ජීවතුන් අතර ඉන්නවනම් අපි ඒ අයට ප්‍රතිඋපකාර කරල නය ගෙවන්න ඕනෙ.ධර්මය තුලින් නිවන් මගට යොමු කරන එක තමයි නය ගෙවන්න තියෙන හොඳම ක්‍රමය.ජීවත් වෙලා ඉන්න අයට අපිට මේ විදියට නය ගෙවන්න පුලුවන් උනත් ජීවතුන් අතර නැති අයට අපිට මෙහෙම උදව් උපකාර කරල නය ගෙවන්න බෑ.අතීත සංසාරයෙ දෙමව්පියන් වූ ඥාතීන් වූ, ස්වාමි භාර්‍යාවන් වූ, හිත මිත්‍රයන් වූ, සහෝදර සහෝදරියන් වූ සිය දහස් ගනනක් දෙනා හට අපි නය වෙලා ඇති.ඒ අයට වෙලා තියෙන නය ගෙවන්න නම් අපිට කල හැකි එකම දෙය අප විසින් කල පින් ඔවුන්ට අනුමෝදන් කිරීම.

පැරණි නය ගෙවනව වගේම අපි අලුතින් නය නොවී ඉන්නත් වගබලාගත යුතුයි.අපි කරන ක්‍රියාවන් තුලින්, කතාකරන වචන වලින් මෙන්ම සිතන සිතුවිලි වලින් පවා අපි අනුන්ට ණය විය හැකියි.අපි කතාකරන වචනයක් නිසා යමෙකුගේ සිත රිදුනොත් එතැනත් සිදුවෙන්නෙ ණයවීමක්.ඒ නය අපිට නැවතත් කවදහරි ගෙවන්න වෙනව.ඒ නිසා අපි කරන කියන සිතන සියලු දේහිදී අලුතින් නය නොවීමටත් වගබලාගත යුතුයි.

මම හිතන් හිටියේ financial freedom (වියදම < ආදායම) තියෙනකොට හිතට දැනෙන සතුට කියලා.
දැන් තමයි ඉණ සුත්‍රය ගැන දැනගත්තේ. තෙරුවන් සරණයි

--

අනණසුඛය යනු කුමක් ද?

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්‌තකම්‌මවග්ගයේ අනණ සූත්‍රයෙන් කොටසක් [ http://thripitaka.org/view/bjts/sp13/152 ] :

"ගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අනණසුඛය යි කියනු ලැබේ."

වෙනත් කියවීම්:

1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ පඨම පණ්ණාසකයේ ධම්‌මිකවග්ගයේ ඉණ සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp15/138 ]

Skylark