දරුවන්ගේ කැස්‌සට සිරප් එපා: මීපැණි, ලෙමන් #
දරුවන්ගේ කැස්‌සට සිරප් එපා: මීපැණි, ලෙමන් යුෂ දෙන්න - බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් කියයි
කැස්‌ස සඳහා ලබාදෙන බටහිර සිරප් වර්ග අධි මාත්‍රාවක් ගැනීමෙන් ළදරුවන්ට සිදුවන විෂ වීම් වැඩිවෙමින් පැවතීම හේතුවෙන් මින් ඉදිරියට සිරප් වර්ග වෙනුවට පැරණි සාම්ප්‍රදායික ක්‍රමයට අනුව මීපැණි හා ලෙමන් යුෂ කැස්‌ස, සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග සඳහා ළදරුවන්ට ලබාදීමට පියවර ගත යුතු බව එක්‌සත් රාජධානියේ ප්‍රධාන පෙළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ළමා රෝග හා ළමා සෞඛ්‍ය පිළිබඳ රාජකීය වෛද්‍ය සංගමයේ සාමාජික වෛද්‍ය ඔලිවර් බෙවින්ටන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ. දැනට කැස්‌ස සඳහා නිපදවා ඇති සිරප් වර්ග කැස්‌ස හා ඒ ආශ්‍රිත රෝගාබාධවලට ගුණදායක බවට තහවුරු වී නැති බවත් ඒවායින් ළමුන්ට හොඳට වඩා සිදුවනුයේ නරකක් බවත් වෛද්‍ය බෙවින්ටත් මහතා පවසයි.
දරුවන්ට ඇතිවන කැස්‌ස හා සෙම්ප්‍රතිෂ්‍යාව විවේකය, වැඩි වශයෙන් දියර පානය කිරීමට ලබාදීම හා අවශ්‍ය නම් පැරසිටමෝaල් වැනි වේදනා නාශකයක් හරහා මගහරවා ගත හැකි බව ද ඔහු සඳහන් කර ඇතැයි එක්‌සත් රාජධානියේ "ද ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කරයි.
ඒමන්ති මාරඹේ

Last edited:
මම නං නිකං අඩුවෙලා යනකං ඉන්නව 

ටිකක් වෙලා ගියාම ශේප් 