බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි
බුදුන් උපන්නේ ඉන්දියාවේද ලංකාවේද කියා සෙවීම කිසිම අර්ථයක් නැති වැඩක් . ඒත් බුදුන් උපන්නේ ලංකාවේ කියන පිරිස ඒ ඉතිහාසය විකෘති කරන ගමන් ඒවා පිළිගන්න මිනිසුන්ට ධර්මයත් විකෘති කරලා ඉගැන්වීම නිසා බුදුන් උපන් දේශය ඉන්දියාව බව සාක්ෂි සහිතව පෙන්වීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා සැදැහැවතුන් විසින් බුදුන් ඉපදුනු ස්ථානය, බුදු වූ ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය හා ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථාන හතර දැකබලා සංවේගය උපදවා ගත යුතු තැන් කියල. ඒ නිසා බුදුන් ඉපදුනු තැන නිරවුල්ව දැනගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
බුදුන් ලංකාවේ උපන්නා කියන අය සත්‍ය යට කරන්න කරන උපක්‍රමය තමයි බුදුන් ඉන්දියාවේ උපන්නා කියන අයට නිග්‍රහ අවලාද කිරීම. “දඹදිව වන්දනා කාරයා” “දේශද්‍රෝහියා” “සුද්දන්ගේ වහලා” “බුදුන් ඉන්දියාවට පටවන දෙමළා” “හෙළයන්ට ද්‍රෝහී උන පරයා” වගේ දේවල් කියල නිග්‍රහ කරලා එයාල මවල පෙන්නන්න හදනවා තමන් තමයි නියම හෙළයා කියලා, බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියන්නේ සුද්දා හදපු ඉතිහාසයක් පිළිගන්න රටට ආදරේ නැති මෝඩ මිනිස්සු කියල මවල පෙන්නලා මතයක් ගොඩනගලා තමන්ගේ විකෘතියට බලයක් ලබාගන්න මේ පිරිස දගලනවා.
බුදුන් ලංකාවේ ඉපදුනා කියල පිළිගන්න මිනිස්සු තමයි ඇත්තටම විචාර බුද්ධියක් නැති මෝඩ මිනිස්සු. ඉතිහාසය ගැන දැනුමක් නැති ධර්මය ගැන දැනුමක් නැති ධර්මය ප්‍රයෝගිකව වඩා නැති අය ජාතිවාදී බොරු ඉතිහාසයක් ඇහුනාම එකපාරට ෆෝම් වෙලා ඒ බොරුව හිස්මුදුනින් පිලි අරන් ඇත්ත ඉතිහාසයට ගරහනවා. “සැඟවුණු ඉතිහාසය මතු කරනවා” “සුද්දෝ යට කරපු හෙළ අයිතිය මතු කරනවා” “රටට ආදරේ නියම හෙළයෝ” වගේ වර්ණනා ටිකක් තමන්ට ආරෝපණය කරගන්න තියෙන ළදරු මානසිකත්වය නිසා තමයි ගොඩ දෙනෙක් මේ විකෘති ඉතිහාසය පිළිගන්නේ.
බුදුන් ලංකාවේ ඉපදුන බව කියමින් ධර්මය විකෘති කරන මීවනපලානේ සිරිධම්මලන්කාර පිලිබදව මිට පෙර ලිපියකින් දැනුවත් කළා. ධර්මය නොදත් ඉතිහාසය නොදත් බොහෝ දෙනා මේවාට රැවටී ඉන්නවා. ඒ බොරු මත සනාත කරගන්න එම විකෘති පතුරවන පිරිස ඉදිරිපත් කරන පදනමක් නැති සාක්ෂි තියෙනවා. ඒවා නිසා එකපාරට කෙනෙක්ට පෙනෙන්නේ ඇත්තටම බුදුන් ලංකාවේ ඉපදුනා වගේ. හැබැයි එයාලා දන්නේ නෑ ඒ විකෘති සාක්ෂි එහෙන් මෙහෙන් අහුලලා , තමන්ට ඕනි විදියට අර්ථය වෙනස් කරලා ඉදිරිපත් කරලා කියලා. ඒ නිසා ලිපි පෙලකින් ඒ විකෘති සාක්ෂි වල ඇත්ත එළිදරව් කරන්නත් බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බවට තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
බුදුන් ඉපදුනේ ලංකාවේ කියල අදහගෙන ඉන්න අන්ධ භක්තියන් කල්පනා කරන්න ඕනි ප්‍රශ්න ටිකක් තියෙනවා.
බුදුන් ඉපදුනේ ලංකාවේනම් කොසොල් රජු, බිම්බිසාර, අජාසත්ත, ලිච්චවී රජවරු ලංකා ඉතිහාසයේ නැත්තේ ඇයි? ඒවා ඉන්දියානු ගැතියන් හැංගුවානම් ඒවා පිලිබඳ ජනප්‍රවාදවත් නැත්තේ ඇයි? ඒ රජ පෙළපත් පිළිබඳව ඉන්දියාවේ ලිඛිත හා වෙනත් සාක්ෂි තියෙන්නේ කොහොමද?
බුදුන් ඉපදුනේ ලංකාවේනම් රජගහ නුවර, කපිලවත්තු පුර, කුසිනාරාව තිබුනේ ලංකාවේ කොහෙද? ඒවා ගැන කටවහරෙන් හෝ ජනප්‍රවාදයෙන් සාක්ෂි නැත්තේ ඇයි? ඒ නගර වලින් සමහරක් නමවත් වෙනස් නොවී අද වනතුරු ඉන්දියාවේ පවතින්නේ කොහොමද? ඒ නගර වල ඉදි කළ විහාර ආදියේ නටඹුන් එහි තිබියදී ලංකාවේ ජේතවනාරාමයට, වාලුකාරාමයට වේළුවනාරාමයට නටඹුන් නැත්තේ ඇයි?
දුටුගැමුණු රජු නාග කන්‍යාවියක් දුෂණය කළ නිසා නාග සාපයකට ලක් උනා. නාග විස දුටුගැමුණු රජතුමාගේ වෛද්‍ය කපුරුනාත වෙදාගේ වෙදකම් වලින් හැම අවස්ථාවකම අඩුකරගත් නිසා නාගයන් කපුරුනාත වෙදාව මරණයට පත් කරලා දුටුගැමුණු රජුට විෂ ශරීරගත කළා. දුටුගැමුණු රජුගේ මරණය සිදු උනේ මේ නිසා කියල වංශ කතා කිසිවක සදහන් නොවුනට අද වෙනකම්ම ජනප්‍රවාදය පැවතගෙන එනවා.මේ විස්තරය කිසිම ලිඛිත සාක්ෂියක නෑ ඒත් ඒවා ජනප්‍රවාද අද වෙනකම්ම පැවතගෙන ආවා.
සීතාවක, මොනරාගල, වාරියපොළ වගේ රාවන යුගයට අයිති ඒවාත් අද වෙනකම්ම පවතිනවා. මේ වගේ බුදුන් ලංකාවේ ඉපදුනානම් අනිවාර්යෙන් ජනප්‍රවාද පැවතගෙන එනවා.ලංකාවේ එහෙම කිසිම ප්‍රවාදයක් නෑ. එත් ඉන්දියාවේ ජනප්‍රවාද ඕනෑතරම් තියෙනවා වගේම ඉතිහාස සාක්ෂිත් තියෙනවා. මේ වගේ ඉතා පැහැදිලිව ඔප්පු වෙන සතයක් තමයි මේ වික්රුතිකයෝ ටික වෙනස් කරන්න හදන්නේ.
මේ ඔක්කොම කතා ගොතන එකම කාරණය ඉන්දියාව හදුන්වපු ජම්බුද්වීප කියන නම ලංකාවටත් භාවිතා කර තිබීම පමණයි. ඒක ව්‍යවහාරික ප්‍රායෝගික සිද්ද්දියක්. අදත් පිටරටවල් වල මිනිස්සු හිතන් ඉන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල. පිටරට සංචාරය කරලා තියෙන අය මේ අත්දැකීම විදලා තියෙනවා. ඒ දේම තමා අතීතයේත් උනේ. ලංකාව ඉන්දියාව ලග පිහිටා තිබුන නිසා හා ලංකාව කුඩා නිසා ඉන්දියාවේ කොටසක් විදියට ලංකාව හැදින්නුව අය තම ලංකාවටත් ජම්බුද්විප් කියල හැදින්නුවා. ඒ නිසා ජම්බුද්විප් නම විදේශ නැවියෝ, ගවේෂකයෝ ලංකාවටත් භාවිතා කළා. ඒ යෙදීම ලංකාවේ සමාජේ ප්‍රසිද්ද උනාට පස්සේ තමයි කවි, සංදේශ, ධර්ම ග්‍රන්ථ වලදී ලංකාවට ජම්බුද්වීපය කියන නම භාවිතා උනේ. එහෙම නැතුව මුල් කාලයේදීත් ලංකාවට ජම්බුද්විප් කියල හැදින්නුවේ නෑ.
ධර්මයේ සඳහන් වෙන්නේ ජම්බුද්වීපය අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති,වත්ස , මත්ස, කුරු ,පංචාල, සුරසේන, අස්මක, අවන්ති, ගන්ධාර, කාම්භෝජ කියන සොළොස් මහා ජනපද වලින් සමන්විත උනා කියල. ජම්බුද්වීපය කියන්නේ ලංකාවනම් කොහෙද සොළොස් මහා ජනපද තිබ්බේ? ඇයි ඒවා ගැන ලංකා ඉතිහාසේ විස්තර නැත්තේ? ඇයි සිව් හෙළය ගැන සුත්‍ර දේශනා වල විස්තර නැත්තේ? ලංකාවේ තිබ්බේ සොළොස් මහා ජනපද නෙවෙයි සිව් හෙළයක්. සොළොස් මහා ජනපද තිබ්බේ ඉන්දියාවේ. අදටත්සමහර ප්‍රදේශ ඒ නම් වලින්මයි හදුන්වන්නේ. ඒ වගේම සුත්‍ර දේශනා වල සඳහන් වෙන්නේ ජම්බුද්වීපයේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය , ක්ෂුද්‍ර කියල කුල හතරක් තිබුන කියල. එහෙම කුල හතරක් ලංකාවේ කවදාවත් තිබුනේ නෑ. මේ කුල හතර වෙන් කලේ බ්‍රාහ්මණ ආගමෙන්. ලංකාවේ කවදාවත් බ්‍රාහ්මණ ආගම ඇදහුවෙත් නෑ. මේ දේවල් ඔක්කොම උනේ ඉන්දියාවේ.
ඉස්සුවේ https://rawanaking.blogspot.com