ලිපියක් ලැබුනා (කැමති අය උදව් කරන්න)
මහත්මයාණෙනි,
වකුගඩු රෝගි පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකෙරෙන සාමාජ සත්කාරක වැඩසටහන සඳහා සහායෝගය ලබාගැනිම.
30 වසරක යුද්ධයෙන් පීඩාවිඳි රජරට පලාතේ ජිවත්වන ජනතාව වර්තමානයේදි මාරන්තික වකුගඩු රෝගයට ගොදුරු වෙමින් , මරණයට පත්වෙමින් හා අනාථභාවයට පත්වෙමින් සිටි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමනක් දැනට වකුගඩු රෝගින් 12500 කට අධික ප්‍රමාණයක් හදුනාගෙන සිටින අතර , වකුගඩු රෝගයෙන් දිනකට පුද්ගලයින් 6 – 10 අතර සංඛ්‍යාවක් මිය යමින් සිටි. 1990 දි පමන ප්‍රථම වකුගඩු රෝගියා හදුනාගත් අතර , එය වැළැක්වීම සඳහා වගකිවයුතු අංශ මගින් ලබාදෙන දායකත්වය ප්‍රමාණවත් නොවේ.ආරම්භක අවදියෙදි වකුගඩු රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයින් වයස අවුරුදු 60 – 80 අතර වයස් කාණ්ඩයට අයත් වු අතර පසුව එය ක්‍රමයෙන් අඩු වී කුඩා ළමුන් පවා මෙම රෝගයේ ගොදුරක් බවට පත් වී සිටි.වකුගඩු රෝගයට ගොදුරු වූ කුඩාම රෝගියාගේ වයස අවුරුදු 5ක් වන අතර රඹාවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කඩහත ගම්මානයේ ඔහු ජිවත් වේ.කෙසේ වුවද මෙම වකුගඩු රෝගය මගින් පුද්ගලයින් මියයාම මගින් විශාල සමාජ ප්‍රශ්ණ ගණනාවක් මතු වී ඇති අතර, පහත කරුණු පිළිබඳ ව ඔබතුමාගේ අවධානය යොමුකරමි.
1.පවුලේ මව හෝ පියා මියයාම හේතුවෙන් දරුවන් අනාථභාවයට පත්වීම හා ඔවුන් විවිධ අපචාරවලට ලක් වීම හා අධ්‍යාපනය අත්හැරිම.
2.තරුණ කාන්තාවන් වැන්දඹුවන් බවට පත්වීම මගින් අනාරක්ෂිතභාවය ඇතිවීම, වෙනත් සම්බන්ධතා ගොඩනගා ගැනිම මගින් පවුල් ආරවුල් ඇතිවීම, ආර්ථික ප්‍රශ්ණවලට විසදුම් ලෙස සදාචාරාත්මක නොවන අකාරයට මුදල් ඉපයිම මගින් සමාජ පරිභවයට ලක්වීම හාදරුවන් ඒ සඳහා යොදාගැනිම මගින් දරුවන්ගේ ජිවිත අනාරක්ෂිත වීම.
3.කවුරුන් හෝ මිය නොගිය ද , රෝගියෙකු වෙනුවෙන් ප්‍රතිකාර කිරිම සඳහා අධික වියදමක් දැරිමට සිදුවීම විසින් එම පවුලේ ආර්ථිකය බිදවැටිම හා එමගින් දරුවන්ගේ පාසැල් ගමන අඩාල වීම.
මෙය මූළික පොදු කරුණු කිහිපයක් වන අතර වකුගඩු රෝගය අශ්‍රිතව පැනනැගි ඇති බොහෝ සමාජ ප්‍රශ්ණ පිළිබඳ ව අවධානය යොමුකළයුතු වුවත් ස්වෙච්චා සංවිධානයක් ලෙස සියළු ගැටළුවලට විසදුම් සෙවිමට අප අපොහොසත් වේ.
එබැවින් , වකුගඩු රෝගයට ගොදුරු වු හා එම රෝගයෙන් මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනිම සඳහා දායකත්වය සැපයිමට අප සංවිධානය බලාපොරොත්තු වුවද , අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංඛ්‍යාව ඉහල අගයක් ගන්නා බැවින් අප සංවිධානයට පමනක් එම වැය බර දැරිමට හැකි නොවේ. ඒ සඳහා පරිත්‍යාගශීලි ආයතන හා පුද්ගලයින්ගෙන් සහය ලබාගැනිමටත් ,එසේ ලැබෙන සහායෝගය අනුව , ප්‍රමුඛතාවය මත එම පරිත්‍යාග දරුවන් වෙත ලබාදීමටත් කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව , ඉහත ඛෙදවාචකයට මුහුණ දී ඇති පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යම් දායකත්වයක් සැපයිමට ක්ෂුද්‍රමූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සාමාජිකයෙකු ලෙස අප ගන්නා උත්සහාය පිළිබඳ ව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටින අතර,සාමාජික සංවිධාන හා පරිත්‍යාගශිලි පුද්ගලයින්ගෙ අවධානය හා සම්බන්ධීකරණය මෙම සත්කාර්යය වෙනුවෙන් ලබාදිමට අවශ්‍ය කටයුතු කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
2017 දෙසැම්බර් 15 වන දිනට ප්‍රථම තෝරාගන්නා දරුවන් සඳහා පොත්පත් සහා පාසල් උපකරණ , පාසල් බෑගයක් හා සපත්තු කුට්ටමක් ලබාදීමට අපේක්ෂාකරන අතර , ඒ සඳහා වන පරිත්‍යාග ද්‍රව්‍ය වශයෙන් හෝ මුදලින් ලබාදිය හැකි බව ද කාරුණිකව දන්වමි.
එපමනක් නොව , මෙම සත්කාර්යය සඳහා දායකත්වය සපයන පරිත්‍යාගශිලි ආයතන හා පුද්ගලයින් වෙත අදාල ප්‍රතිලාභි පවුල් හා දරුවන්ගේ සම්බන්ධීකරණය සහිත පූර්ණ විස්තරයක් ලබාදීමට අප සංවිධානය බැඳිසිටින බවද කාරුණිකව දැනුම්දෙමු
මෙ පිළිබඳ ව යම් පැහැදිලිකරගැනිමක් අවශ්‍ය වන්නේ නම් 0718155491 දුරකතන අංකයට අමතන ලෙස ද කාරුණිකව දන්වමි.
මෙයට
විශ්වාසී
ප්‍රියන්ත ගුණවර්ධන
කළමනාකාර අධ්‍යක්ෂ
ප්‍රගති සෙවා පදනම
Shrawasthiwatte, Shrawasthipura, Anuradhapura, Sri Lanka
Tel : +94 (25) 205 3356 I Fax : +94 (25) 223 5567
Mobile : +94 (71) 815 5491, +94 (72) 390 2902
Skype ID : priyantha.gunawardhana74