HIV AIDS ගැන සම්පූර්ණ විස්තරය
මම මේක ලියන්න හිතුනේ ගොඩක් අය HIV කියන එක ගැන හරියට වටහාගෙන නැති නිසා. වැඩිපුරම හේතු උනේ ලඟදි ගිය ඉරිදා පත්තරයක තිබුන ලිපියක් දැකල. සත්‍ය කතාවක් කියල තිබුනේ අමු බොරුවක්.
ලංකාවේ drugs ගැනයි STD ගැනයි අමුතු බිල්ලෙක් මවනවා. එකෙන් වෙන්නේ මිනිස්සු ඔනවත් වඩා බය වෙන එක.
මේකෙත් ගොඩක් අය බය වෙලා thread දාල තිබුන මම දැක්ක. බය වෙලා හරි check කරන එක හොඳ දෙයක්. එත් අපි ඇත්ත දැනගෙන ඉන්න ඕනේ
මම කතා කරන්න යන්නේ HIV අපේ ශරීරයට attack කරන විදිහ ගැන නෙමෙයි. එක ගැන හැමතැනම වගේ විස්තර තියනවා. එත් මේක බෝවෙන විදිහ ගැන ගොඩක් තැන්වල තියෙන්නේ හරි විස්තර නෙමෙයි.
HIV වෛරස් එක කාට හරි එන්න පුළුවන් මාද්‍ය හතරක් තියනවා
මීට අමතරව දහදිය , කෙල , හුස්ම වගේ දේවල් වලින් HIV එන්නේ නැහැ
මේ ටික හැමෝම දන්න දේ එත් කවුරුවත් කතා කරන්නේ නැත්තේ HIV අසාදනය වෙන්න පුළුවන් සම්භාවිතාව ගැන.
රුධිර පාරවිලනය මගින් - 92.5 % ඒ කියන්නේ රුධිර පාරවිලනයෙන් එන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩියි. දැන් නම් HIV check කරලා තමයි රුධිරය තැන්පත් කරගන්නේ.
මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමෙන් - 0.63% (එක් HIV ආසාදිතයෙකු පාවිච්චි කරපු සිලින්ජර් කටුවක් පාවිච්චි කිරීමෙන් )
ගුද මාර්ග සංසර්ගය - මෙතන අවස්ථා දෙකක් තියනවා.
වැඩේ කරන කෙනාට HIV හැදෙන්න තියන අවස්තාව 1.38%
අනිත් පාර්ශවයට HIV හැදෙන්න තියන අවස්තාව 0.11%
යෝනි සංසර්ගය - මෙතනත් අවස්ථා දෙකක් තියනවා
වැඩේ කරන කෙනාට හැදෙන්න තියන හැකියාව - 0.08%
අනිත් පාර්ශවයට හැදෙන්න තියන හැකියාව - 0.04%
මේ කියල තියෙන්නෙත් කොන්ඩම් එකක් නැතුව sex කරන අය ගැන.
අමරිකාවේ ගත්තොත් 70% ම HIV ආසාදිතයන් සම ලිංගික / ද්වි ලිංගික පිරිමින් 23% තමයි විෂම ලිංගික (straight) පිරිම්න් සහ ගැහැනුන් සිටින්නේ.
ලංකාවේ statics හරියට හොයාගන්න බැහැ.
හරියට බැලුවොත් condom පාවිච්චි කලොත් HIV අසාදනය ගොඩක් දුරට නවත්ත ගන්න පුළුවන් ඒ වගේම anal sex කරන්නේ නැති විෂම ලිංගික ( straight) අයට condom නැති උනත් HIV එන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි
එත් සම්භාවිතාව අඩුයි කියල උඹල බඩු ගහන්න යන්න එපා. ඔයිට වඩා දිනන අවස්ථා අඩු ලොතරැයි එහෙමත් ඇදෙනවා.

source - https://www.cdc.gov/hiv/statistics/overview/ataglance.html
https://www.cdc.gov/hiv/risk/estimates/riskbehaviors.html

- මව්කිරි
- ලේ මගින්
- යෝනි ශ්‍රාව මගින්
- ශුක්‍ර තරල (semen) මගින්

වැඩේ කරන කෙනා කියල කිව්වේ ඔතන homo couple එකක් නම් අඳුරගන්න බැරි වෙනවනේ එකයි.