දරුඵල ප්‍රමාද ද?

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
දරුඵල ප්‍රමාද ද?

දරුවෙකු බිහිකිරීමට නොහැකිවූ කාන්තාවක්‌ මෙම සමාජයේ මොන තරම් පීඩාවකට ලක්‌වෙනවාද යන්න දන්නේ එම තත්ත්වයට මුහුණපා සිටින කෙනෙකු පමණි.
කේන්ද්‍රවල ග්‍රහ පිහිටීමට අනුව දරුඵල අහිමි නම් කොපමණ ප්‍රතිකර්ම හෝ පිළිවෙත් සිදුකළද දරු සම්පතක්‌ ලබාගත නොහැක.
එවැනි අය ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් සම්බන්ධ කරගෙන පිංකම්වල නිරත විය යුතු අතර
පන්සිල් රැකීම,
සිල්වතුන්ට දන්දීම,
මෛත්‍රී භාවනාව වැඩීම,
අටසිල් සමාදන්වීම ආදී කුසලයන් කිරීම මගින් මතු භවයන්වල දරු සම්පත උරුම කර ගත හැකිය.

දැනටමත් ඔබට දරු සම්පතක්‌ අහිමි නම්, නමුත් ඔබ දෙපළගේ ජන්ම පත්‍රවල දරු සම්පත් උරුමව පවතී නම්, දෙදෙනාගේම කේන්ද්‍ර සටහන් සූක්‍ෂම ලෙස පරීක්‍ෂා කර ග්‍රහ පිහිටීම් හා දශාවලට අදාළව කළ යුතු වත් පිළිවෙත් නිසි ලෙස කිරීම මගින් හා ඔබට බලපාන අමනුෂ්‍ය දෝෂ හා වාස්‌තු දෝෂද කේන්ද්‍රය මගින් පරීක්‍ෂා කර බලා ඒ සඳහා පිළිවෙත්ද සිදු කරමින් පහත පිළිවෙත සිදු කරන්න.

ඔබට මෙතෙක්‌ අහිමි වී තිබූ දරු සම්පත ලබාගත හැකිය. එනම්, රතන සූත්‍රයේ 5 වැනි ගාථාව වන,

යං බුද්ධ සෙට්‌ඨෝ පරිවන්නයි සුචිං

සමාධි මානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝන විඡ්ජතී
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්ෙච්න සුවස්‌ථි හෝතු....

යන මෙම ගාථාව නිර්මාංශව, සිල්වත් උතුමෙකු ලවා නොඉඳුල් පැන් වීදුරුවකට 108 වරක්‌ පිරිත් කර ස්‌ත්‍රී ඔසප් වූ දවසේ බොන්න. දරුගැබ පිහිටයි. අත්දුටු ප්‍රත්‍යක්‍ෂ පිළිවෙතකි. (විවාහ සහකරුට කළ හැකිනම් ඉතාමත් යහපත්)

විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී ගෝඨාභය මුදලිගේ ලියු ලිපියකින්..