හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ?

    හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ?
    25594309_10159658196675705_7253979322679603964_n.jpg

    හරියට වැඩෙන්නත් කළින්, ඔයා හිත හදන් එන්නත් කළින් ඔයාට එන්න වැඩ සිද්ධවෙනකොට, හුස්ම ඉල්ලගෙන ආපු ඔයාට හුස්ම නොදී කොහොමද පුතේ...

    අම්මාටත් එපා වුණු ඔයාට හොර ගබ්සා මධ්‍යස්ථානයේදිම පරලොව යන්න සිද්ධ නොකර හදිසියේම අපි ඉන්න හවසක රෝහලටම ඒගන්න ඒ අම්මාට සිදුවුනේ දෛවයේ හාස්කම නිසා. ඒක වාසනාවද අවාසනාවද කියලා මම දන්නේම නෑ පුතේ...

    ඔයාව ජීවත් කරවපු එක අපි කළ වැරැද්දක්ද දන්නේ නෑ පුතේ. අපිට උගන්වලා තියෙන්නේ ජීවිත ජීවත් කරවන්නයි !

    අම්මාට අමාරුවෙනකොට හොර ගබ්සා මධ්‍යස්ථානයෙන් රජයේ රෝහල් වලට පටවන එකයි කරන්නේ. අම්මාගෙත් ජීවිතේ අනතුරේ.
    අම්මෙක්ට ඒ තත්වෙට පත්වෙන්න හිත හදාගන්න පුළුවන් තරමට සමාජය පිරිහිලා. ඒ අම්මව ඒ තරම් අසරණ කරපු මිනිහෙක් කොහේ හරි ඇති. සමහර විට මේ පුතා බරක් වෙන්න තරම් ඒ දෙන්නම අසරණ ඇති. සති විසි ගාණක් වෙද්දි මෙහෙම කරන්න හිත හදාගත්තෙ කොහොමද කියලා අපි ඇහුවේ නෑ. අපේ කලබලය අස්සේ මම දැක්කා ඔයාගේ අම්මා අඬනවා. ඔයා නියමිත කාලයක් හිටියනම් හොඳ වැඩුණු බබෙක් ලෙස එළියට එන්න තිබ්බා.
    ඇම්බෝ, ලැරින්ජොස්කෝප්, ටියුබ් ඔක්සිජන් මේ සියල්ල ළඟට අරන් අපි ඔයාව ජීවත් කෙරෙව්වා. ඔයාව ශ්වසන මැශිමක් තියෙන රෝහලක් හොයාගෙන ඒකට ගිහින් සම්බන්ද කරනකම් ඔයා හුස්ම ගත්තා තනියම. ඔයා හරි ශක්තිමත් කියලමයි අපිට හිතුනේ පුතේ....
    ඒ වෙලාවේ ඉඳන් මම හරිම හිතේ මහන්සියෙන් හිටියේ , සංවේදී මිනිස්සු නිසා ලොකු දුකක් දැනෙනවා.
    දරුවෝ නැති මගේ යහළුවෝ අනන්ත දුක් වෙනවා. එයාලට දරුවෙක් නැති දුක තේරෙනවා.
    සමහර විට ඔයාගේ අම්මත් දුක් වෙනවා ඇති. ඔයාව අපිට ජීවත් කරන්න වුනා. සමහර විට එයාට වෙන කරන්නම දෙයක් නොතිබෙන්න ඇති. සමහර විට... මම දන්නේ නෑ. මම මොකුත් ඇහුවේ නෑ.
    සමහර විට ඔයාව ළමා නිවාසෙකට බාර දෙයි. සමාජෙට වෛර නොකරන කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගැහැණු සහ දරුවන් අසරණ නොවන සමාජයක් බිහි කරන්න ඔයාටවත් පුළුවන් වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා !
    දරුවන්ට , තරුණ තරුණියන්ට හරි ලිංගික අධ්‍යාපනයක් දෙන රටක් සමාජයක් බිහිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. තමන්ට බරක් වෙන දරුවෙක් වෙනුවෙන් හරි උදව්වක් ඒ අම්මලාට ලැබෙන ක්‍රමවේදයක් මේ සමාජෙට අවශ්‍යයි කියා මම තරයේ විශ්වාස කරනවා. එතකොට ඒ අම්මලාට දරුවෝ බරක් වෙන එකක් නෑ.

    උපදේශනය, දරුවා වැඩෙන තෙක් බිහිවන තෙක් රැකවරණය මේ අවිවාහක අම්මලාට ලැබේනම් මේ ලෙස අතර මැද දරුවන් අසරණ නොවෙන්නත් ඉඩ තිබුනා. සමාජ භීතිකා බවට පත් කර, අවජාතකයා යැයි ලේබල් ගසන්නේ නැතිනම් මේ තනිකඩ අම්මලා දරුවන් හදාගන්නත් ඉඩ තිබ්බා.
    බොහෝ වෙහෙස හිතත්, මේ දරුණු ඛේදවාචක දකින නෙතත් නිතර දුක් වෙනවා. මේවා හිරකරගෙන ඉන්න බැරි නිසා සටහන් කර තබන්න සිතුවා.
    මේ බබාට අන්දන්න ඇඳුම් උණුසුම් කරන්න තුවා සියල්ල තිබුනා... මගේ යෙහෙළියන් සැරින් සැරේ ගෙනත් දෙන අළුත් නැපි ගවුම් කොට්ශීට් නිසා 💞
    wrote this a while ago after resuscitating a 27 weeks old baby,
    unmarried mom, didnt know what to do so looked for help in an illegal abortion place but came to hospital when things go horribly wrong. Im just so so so so angry with the whole world right now ! why do we need to bring babies to this world to suffer like this! (probably last few resuscitations .. 😔)


    Source https://anithkona.blogspot.com/2017/12/blog-post_22.html
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    mewa hemotama denenna hemoma api wage sanweedi ne ehema unanam kumbiyek wath maranna hithenne ane manda bn me loke
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොමේරු ළදරු ඒකකය කියල එකක් තියෙනවා යන්න දෙන්නේ නෑ.... ඒත් පුළුවන්කමක් තියෙනවනම් බලපල්ලා.... බාගෙට හැදුන වදුරු පැටව් වගේ පොඩි උන් ජීවත්වෙන්න දරන උත්සාහේ....... මගේ පොඩිඑකා හරි වයසින් ඉපදිලා බිලිරුබින් වැඩිවෙලා ඔය යුනිට් එකේ තිව්වා...... ඒකත් මාර ලෝකයක්......... :dull:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    නොමේරු ළදරු ඒකකය කියල එකක් තියෙනවා යන්න දෙන්නේ නෑ.... ඒත් පුළුවන්කමක් තියෙනවනම් බලපල්ලා.... බාගෙට හැදුන වදුරු පැටව් වගේ පොඩි උන් ජීවත්වෙන්න දරන උත්සාහේ....... මගේ පොඩිඑකා හරි වයසින් ඉපදිලා බිලිරුබින් වැඩිවෙලා ඔය යුනිට් එකේ තිව්වා...... ඒකත් මාර ලෝකයක්......... :dull:

    මටත් ඒ සමාන අත්දැකීමක් තියෙනවා
    අම්මෝ ඒ දවස් ටික මම ගෙව්ව විදිහ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ඒ සමාන අත්දැකීමක් තියෙනවා
    අම්මෝ ඒ දවස් ටික මම ගෙව්ව විදිහ

    එහා ඉන්කියුබේටර් එකේ මාස 6න් හම්බුන පොඩි එකෙක් හිටියේ, ඒ වෙනකොට අතට අරං කිරි හැදී දෙක තුනක් බොන තත්වේ හිටියේ........ මගේ එකා පලවෙනි බෝතලේ එක හුස්මට බිලා දෙවැනි එක ඉල්ල්ලනකොට අරූ අනේ මෙයා දෙවැනි බෝතලේ බොනකොට මගේ එක්කෙනා දෙවැනි හැන්ද තාම බොන්නේ කියලා හුස්මක් ඇද්දා ඇද්දමයි........ හම්මෝ වගතුවක්ම නැතිවෙලා ගියා....... මගේ එකා කිරි බොන එක නැවැත්තුවා...... අදටත් කිරි බොන්න ආස නෑ.......:(
    ඒ මිනිහට මොනවත් කියල වැඩකුත් නෑ.... දරුවා නිකන් නාවපු පූසෙක් වගේ...... මනුස්ස ගතියක් තිබුනෙම නෑ.......
    පස්සේ තමයි දන්නේ මිනිස්සු කිරි බෝතල් වහං පොවන්නේ ඇයි කියලා