අත්තිවාරමක අවසන් ඉදිකිරීම් අයිතමය DPC(තෙත් 
බම්ප් කරන අයට සලකනු ලැබේ.

Damp Proof Course and Damp Proof Members - Sinhala
Damp Proof Course (තෙත් නිවාරණ වැටිය)
අත්තිවාරමක අවසන් ඉදිකිරීම් අයිතමය DPC වේ. සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් පදනම යටතේ සිදුකෙරෙන නිවාස ඉදිකිරීමකදී මෙම තෙත් නිවාරණ වැටියෙහි වැඩ අවසන් වූ වහාම අත්තිවාරමට අදාල ගනුදෙණු පියවාගැනීම සිදුවේ. එහෙත් මෙම තෙත් නිවාරණ වැටියෙහි වැදගත්කම පිළිබද බොහෝ පෙදරේරුවන්ද දැනුවත් නැහැ. එබැවින් නිවසක් තැනීමට සිහින දකින ඔබ මෙය දැනුවත් වී සිටීම වටී. බොහෝ නිවාස තෙත් නිවාරණ වැටියක් නොමැතිව ඉදිවන අතර එහි ආයු කාලය ගැනද සතුටු විය නොහැක.
තෙත් නිවාරණ වැටියක් නොමැතිව ඉදිවන නිවසක,
* බිත්ති වල පොතු ගැලවී යාම.
* ජනෙල් උඵ වහු සවුත්තු වීම.
* කොපමණ තීන්ත ගෑවත් ප්‍රථිපල නොමැති වීම.
* වේයන් වැනි කෘමි සතුන් පැතිර යාම... යනාදිය දැක ගත හැක.
වැසි කාළයේදී පොළොව තුළ තිබෙන water table එක වැඩි වී ජලය වැඩි තැනින් අඩු තැනට ගලා යයි. එබැවින් ඔබ පහත් බිමක ඉඩම් කොටසක නිවසක් ඉදිකිරීමට යන්නේ නම් අත්තිවාරම පොළොව මට්ටමෙන් ඉහලට අඩි 1 1/2 - 2 ගෙන ඒම නුවැණැති වැඩකි.
අත්තිවාරම ඔබ කෙසේ ඉදිකළත්, කළු ගල් අත්තිවාරමක් වුවත් අත්තිවාරම මතුපිට ලෙවල් නැතිවීමට පුළුවන, එබැවින් (1:3) බදාම ස්ථරයක් මගින් මතුපිට ලෙවල් කරගැනීමෙන් අනතුරුව DPC යොදා ගනී.
දැන් ඉන්න මේසන් බාස්ලා ගොඩක් පණ්ඩිතයි තෙත් නිවාරණ වැටිය ගැන දන්නෙවත් නැතුව ඇති මයේ හිතේ. "තාර දාල හරියන් නෑ අත්තිවාරමයි බිත්තියයි ජොයින්ට් වෙන් නෑ" කියල බාසුන්නැහේ ටොක් කරොත් කියන්න අත්තිවාරම තියෙන්නේ ලෝඩ් එක(බර) දාරාගෙන පොළොවට යවන්න විතරයි, අත්තිවාරමයි බිත්තියයි ජොයින්ට් වෙන්න අවශ්‍ය නෑ කියල. හේතුව නම් මම දන් නෑ දැන්, gov. tender වලිනුත් මේ DPC කියන වැඩ අයිතමය නැති වි ගොස් ඇත.
නමෙහි අර්ථයෙන්ම තෙත් නිවාරණ වැටිය (Damp Proof Course) යනු තෙතමණය සදහා වන බාධකයකි. වෙනත් විදිහකට කියනවානම් පොලවෙහි ඇති තෙතමණය, අත්තිවාරම ඔස්සේ ගොඩනැගිල්ලේ ඉහල කොටස් කරා සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සදහා අත්තිවාරම මතුපිටදී තිරස් බාධකයක් ලෙස ක්‍රියාකිරීම මෙහි ප්‍රධානම කාර්යයි. ගොඩනැගිල්ලේ ඉහල කොටස් තෙතමනයට ලක්වීම මත බිත්තිමත පැල්ලම් ඇතිවීමට අමතරව කෘමි හා ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයන් ඉහලයාම මගින් ගොඩනැගිල්ලක බොහෝ කොටස් හානියට පත්වීම සිදුවිය හැකියි. තවද ඔබේ නිවසේ විදුලි වයර් ඇදීමට ගත් කොන්ඩියුට් බට තුල කූඹීන් හෝ වේයන් වර්ධනය වීමටද හැක. ඔවුන්ගේ ක්‍රියා මත ඇතැම්විට විදුලි වයර පවා කාලයත් සමග හානියට පත් වේ. නිවස ගොඩනඟා අවුරුදු 4 ක් 5ක් ගතවූ විටකදී එවැන්නක් සිදුවූවිට විඳින්න වෙන අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැත.
ඒනිසා ඔබේ නිවස ගොඩනඟන්නේ වර්ෂාව හෝ පසෙහි තෙත් බව වැඩි පරිසරයක නම්, එහෙමත් නැතිනම් වියලි වුනත් ශීතල පළාතකනම්, නිවැරදි තාක්ෂණය අනුගමනය කල තෙත් නිවාරණ වැටියක් යොදාගැනීම පරම්පරා ගානකට සෙවන සපයන නිවසක් ගොඩනැගීමට ඉවහල් වේවි.
අපේ රටේ බහුලව යොදාගන්නා තෙත් නිවාරණ වැටි වර්ග දෙකක් තියෙනවා. ඉන් පලමුවැන්න කවුරුත් දන්න සිමෙන්ති වැලි තෙත් නිවාරණ වැටියයි. එත් මෙය තාක්ෂණයෙන් සම්පූර්ණ වීම සදහා මෙම කපරාරුව 1:3 අනුපාතයක් සහිතව 3/4“ ඝණකමට යෙදීමත්, කපරාරුව හොදින් පදම්වූ පසුව එයමත දෙවරක් උණුතාර (නැතහොත් බිටුමන් ඉමල්ෂන්) ආලේපකර, සිනිදුවැලි ඉස නිමකරගැනීමත් වැදගත් වෙනවා. මෙහිදී කපරාරුව පදම්වීම සදහා දින 7ක් තැබීම වඩා යෝග්‍ය වන අතර පළමු දින 3 එය ජලයෙන් තෙත් කිරීමද වැදගත්. බිටුමන් ඉමල්ෂන් යනු කාමර උෂ්නත්වයේදී ද්‍රව තත්වයෙන් භාවිතාකල හැකි සහ ජලයේ දියවන තත්වයට වැඩිදියුණු කරන ලද තාර වර්ගයකි. වෙලදපලෙන් “ඩීපීසී තාර“ යන පොදු නාමයෙන් මේවා ලබාගත හැක. මෙම නිෂ්පාදනයේ ඝනකම වැඩි නම් ඔබට භුමිතෙල් වැනි යමකින් එය මග හරවා ගත හැක. පසුව සියුම් වැලි ඉසීම මගින්, මෙම තාර ස්ථරය හිරුරශ්මියට උණුවී ගලායාම වලකාදමනු ඇත. මෙම සම්පූර්ණ ස්ථරය 15mm පමණ වේ.
අපේ රටේ භාවිතා කරන අනෙක් තෙත් නිවාරණ වැටි වර්ගය කොන්ක්‍රිට් තෙත් නිවාරණ වැටියයි. සත්‍ය වශයෙන්ම අපේ රටේ මෙය භාවිතා කරන්නේ කළුගල් අත්තිවාරමට අමතර ශක්තියක් ලබාදෙන බිම්තලාඳයක් වශයෙන් වුවත් මෙය හරහා වුවත් ජලය ඉහලට යා හැක. එනම් මෙයද සාර්ථක තෙත් නිවාරණ වැටියක් නොවේ. මෙයට අමතරව ලොව පුරා භාවිතාකරන තෙත් නිවාරණ වැටිවර්ග තවත්
තිබුණත් ඒවා අපේ රටේ ජනප්‍රිය නැහැ.
DPC තාර ආලේප කරන ලද බැම්මක්
Damp Proof Members (තෙත් නිවාරණ පටලය)
DPC මෙන් තවත් වැඩ අයිතමයක් වන මෙය පොළොව Concrete කිරීමේදී් පස් තට්ටුවත්, Concrete තට්ටුවත් අතර මෙය යොදනු ලැබේ. තවද කළු ගල් අත්තිවාරම කාණුවේ පතුලට පොළොව තැලීමෙන් පසු DPM යොදාගන්නා අතර විවිධ වූ අත්තිවාරම් වර්ග වලදී පොළොව සමග ඇති සම්බන්ධය අවහිර කිරීම සදහා යොදා ගනී. මෙහිදී සිදුවන්නේ තෙත් නිවාරණය තුළ පොළොව මත පොලිතීන් තට්ටුවක් එළීමය. මෙය ඝනකම 1000 Gauge ප්‍රමාණය වන අතර එළීමේදි පොලිතීන් දෙකක් අතර අති වැස්ම(lap length) 150mm විය යුතුය.
මේ කිියන්න යන්නේ අමතර කරුණු ඔයාල දැනගෙන ඉන්න එක හොදයි කියල හිතුන, ඒත් මේව නිවාස තැනීමේදී වැඩිපුර භාවිතා නොවේ. එහෙත් ඔබ මේවා තමන්ගේ නිවසටත් යොදා ගන්නේ නම් අවුරුදු 50 කට බිය විය යුතු නැත. තීරණය ඔබ සතුය.
ඉහත කී Concrete තට්ටුව 50mm හෝ 75mm උසකින් යුතු Concrete තට්ටුවකි.
read more :- http://constructionway.blogspot.com/2017/12/damp-proof-course-and-damp-proof.html
නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති

+