රොටිය පිච්චිලා කරවෙලා ලිපත් ගිනි අරන්...

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රොටිය පිච්චිලා කරවෙලා ලිපත් ගිනි අරන්...


    2015 ජනවාරි 08, රතුපාට මල්ලිලා ටිකකුයි, කොළ පාට අයියලා ටිකකුයි,සාධරණ උදවිය ට්කකුයි, සිවල් සංවිධායකයො ටිකකුයි, තව දෙමළ මුදියන්සෙ කෙනෙකුයි, තම්බි මුදියන්සෙ කෙනෙකුයි ආප්ප බාස් කෙනෙක් එකතු කරන් රොටියක් පුච්චගන්න කතා කරගත්තා ලු.

    ඔක්කොමලා එකතු වෙලා ගිනි ගහන්න දර වගේ අඩුම කුඩුම එකතු කරද්දි ඉදිරියෙන්ම හිටියෙ රතු මල්ලිලා ලු.
    අනික් අය තැටිය හදාගන්න මහන්සි වෙද්දි, රතු මල්ලිලා ගින්දර දාලා අවුළලා එහෙම සපෝට් එක උපරිම දුන්නලු.


    ....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ

    2015 ජනවාරි 08, රතුපාට මල්ලිලා ටිකකුයි, කොළ පාට අයියලා ටිකකුයි,සාධරණ උදවිය ට්කකුයි, සිවල් සංවිධායකයො ටිකකුයි, තව දෙමළ මුදියන්සෙ කෙනෙකුයි, තම්බි මුදියන්සෙ කෙනෙකුයි ආප්ප බාස් කෙනෙක් එකතු කරන් රොටියක් පුච්චගන්න කතා කරගත්තා ලු.

    ඔක්කොමලා එකතු වෙලා ගිනි ගහන්න දර වගේ අඩුම කුඩුම එකතු කරද්දි ඉදිරියෙන්ම හිටියෙ රතු මල්ලිලා ලු.
    අනික් අය තැටිය හදාගන්න මහන්සි වෙද්දි, රතු මල්ලිලා ගින්දර දාලා අවුළලා එහෙම සපෝට් එක උපරිම දුන්නලු.


    ....

    එත කොට ආප්ප..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එත කොට ආප්ප..

    ඉතින් තැටිය රත්වෙලා එහෙම මේ කට්ටිය, රොටියට ඕනෙ අඩුම කුඩුම ටික ගැන හිතලාවත් නැහැලු. ඒත් තවම රතු මල්ලිලා ගිනි පිඹිනවා, දර පලනවා... වැඩ කෝටියයි ලු.
    කොළ අයියලා.. පිටි ගේන්න නැවක් එනකල් බලන් ඉන්නවලු. තම්බි මුදියන්සෙ ලාභෙට පොල් ගෙඩියක් ගේන්න ගියාලු. දෙමළ මුදියන්සෙ ගියාලු ලුණු හොයන් එන්න. සිවල් සංගම් ටික, රොටිය කන්න ලුණු මිරිස්ට බඩු හොයන්න ගියාලු.
    පොල් ගෙනාවලු, ලුණු ගෙනාවලු, ලුණු මිරිසටත් ඔක්කොම හරිලු. දැන් මේක හදන්න පිටි විතරලු අඩු, ඉඳලා ඉඳලා ඔන්න ඇමරිකන් පිටි නැවත් ආවලු.

    දැන් අඩු මේක ගානට එකතු කරලා, අනාගන්න එකලු.
    ඉතින් මේකට ඇනිබල් අක්කත් එකතු කරගෙන අනන්න ගත්තලු. ඉතින් දැන් එකෙන් එක ගෙනාපු ජාති දාලා මේක අනනවලු, ඔක්කොම ජාති දැම්මත් දෙමළ මුදියන්සෙට මේකට ලුණු මදියි ලු..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ela ela ithuru tika

    කට්ටිය මේක අනනවා අනනවා ඉවරයකුත් නෑලු, දෙමළ මුදියන්සෙ කොයි වෙලෙත් අහනවලු ලුණු චුට්ටක් දාමුද අහනවලු. රතු මල්ලිලා තවමත් ගිනි ගහනවලු, ඒ අල්ලපනල්ලෙ තම්බි මුදියන්සෙට ගිනි මදි වගේලු, දර එච්චර හරි නෑ වගේ ඇනුම්පද කියන්න ගත්තලු. මෙව්ව කනකට ගත්තෙ නෑලු කවුරුවත්, තම්බි මුදියන්සෙ තරහටමත් වාගෙ අහල පහල කැලෑ ටික කපන්න ගත්තලු හිල්පත්තුව පළාතම විනාස වෙලා යන්න.

    තම්බි මුදියන්සෙ පත ගස් පිටින් උගුල්ලගෙන ආවලු ගින්නට දමන්න, සමහර එව්වගෙ කුරුළු කුඩු පවා තිබුණාලු. රතු මල්ලිලා තවමත් ඉවක් බවක් නැතුව ගිනි ගහනවලු, වෙන මොකවත් ගැන ගාණක්වත් නැහැලු
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දැන් ගින්දර මහා විසාලෙට ඇවිළෙනවලු, රොටි අනන උන්දැගෙ අතටත් පිටි ගුළිය මෙලෙකයි වගේ දැනෙනවලු. කිව්වලු වතුර ටිකක් මදි වගේ කියලා, සිවල් සංවිධාන ටිකයි සාධාරණ සෙට් එකයි මේකට වතුර යහමින් දානවලු, ඒත් ඇනිබල් මැඩම්ට මදියි මදියි වගෙලු, දැම්මලු වයින් සූට්ටක් විතර තව සූට්ටක් විතර දාල පදමට අනාගත්තලු.
    මේ අතරෙ ලුණු මිරිසට ඉන්දියන් මිරිස්, ලූණු ගේන්න ගිවිසුමකුත් ගහගත්තලු ඉත්තා කියාලා. විඩින් විඩ සිංගප්පූරුවෙන් ගෙනා ගත්ත උම්බලකඩ ටිකකුත් යහමින් දැම්මාලු.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ගිනි මැලේ හෝ ගාලා ඇවිළෙනවලු, තැටියට දාගන්න තෙල් කාලක් ගේන්න කොළපාට අයියලා හින්දියන් ඔයිල් නැවක් ඕඩර් කරාලු. තෙල් නැව එන පාටක් නෑලු හොඳටම ප්‍රමාදයිලු, බාල කර තෙල් කියාලා හරවාලා යවාපු නැවකින් තිරිකුණාමලේ පැත්තෙන් බා ගත්ත තෙල් කාලක් තම්බි මුදියන්සෙගෙ ඥාතියෙක් ලව්වා ගෙන්න ගත්තලු. ගජරාමෙට ගිනි ගහන රතු මල්ලිලාගෙ කර උඩින් පැනගෙන ගිහින් තැටිය ලිප තියාපි, තෙලුත් දාලා රත් කොරන්න කියලා සූජානම් උනා විතරලු තඩි බළලෙක් උම්බලකඩ මල්ල හොරාකන්න ඉව අල්ලනව මාට්ටු උනාලු. ඕන් කට්ටිය ගිනි ගැහිල්ලයි, තැටි රත් කිරිල්ලයි නතර කොරලා සරම් කැසපට ගහගෙන වලියකට සෙට් උනාලු. අනන්න ගත්තු පිටි මෝලිය අතේ තියන් ඇනිබල් බිම ඉඳගත්තෙ අඩු වැඩිය හරියට බලා ගන්නත් පහසු වෙන්නලු.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කොළපාට අයියලා, බළලා වැරදි නැත මල්ල ලෙහපු එකා වැරදියි කියන්නට උනාලු.රතු මල්ලිලා, බළලා වැරදිය ඕකා දඬු කඳේ ගහලා මදිය පුළුවන්නම් ගිනි මැලයට දමා පුච්චලා මැරුවා වුවද හිත් නොවදිතැයි කියන්නට උනාලු. දෙමළ මුදියන්සෙ කට බළියාන හිටිවනමලු, කතා නැතිලු. තම්බි මුදියන්සෙ කුරුළු බිත්තරයක් ඔම්ලට් දමාගෙන බුදිනවාලු, වළියට නම් නෑළු. හ.තො.ස කන්ටේරයක් පුරෝලා ග්‍රෑම් 10-15ක් ගෙන්න කල්පනා කොරනවලු, මේ උන්දැලාගෙ වළිය අල්ලපනල්ලෙ ජාමෙ බේරගන්න කල්පනාවලු.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පොඩි සීන් එකක්...
    මේ වගේ එහෙකටත් රෙප් කපන් යන එකාලගෙ යූසර් නේම් එක හොයාගන්න බෑ ද?
     
    • Like
    Reactions: [email protected]