ස්වාභාවික ප්‍රතිශක්ති වර්ධක වට්ටෝරුවක්
සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලුණු සතු වෙනවා. තවද සුදු ලුණු තුල අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංගටකය මගින් කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම , රුධිර නාල තුල ලේ කැටි ඇති වීම වැළක්වීම , පිළිකා සෛල විනාශ කිරීම හා සිරුරට අහිතකර බැක්ටීරියා මර්ධනය කිරීම සිදු කරනවා.
සුදුළුණු තුල කැලරි ගොඩක් අඩංගු නොවුනත් මැන්ගනීස් , විටමින් B6 , විටමින් C , සෙලේනියම් හා ෆයිබර් වැනි පෝෂණ සංගටකයන්ගෙන් කිසිදු අඩුවක් නෑ. සුදුළුණු මගින් අසාධන වලට විරුද්ධව සටන් කිරීම සදහා ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. මෑතකදී කරන ලද සමීක්ෂණයකදී සොයා ගත් කරුණු අනුව සුදුළුණු දිනපතා අනුභව කිරීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව වැළදීම 63% කින් අවම කර ගන්න පුළුවන්.
ඒ වගේම මී පැණි කියන්නෙත් ප්‍රතිඔක්සිකාරක , එන්සයීම හා යකඩ , සින්ක් , පොටෑසියම් , කැල්සියම් , පොස්පරස් , මැග්නීසියම් ,සේලේනියම් වැනි ඛණිජ ලවණ වලින් පොහොසත් ආහාරයක්. තවද මී පැණි තුල විටමින් B6 , තයමින් , රයිබෝෆ්ලෙවින් හා නයමින් වැනි පෝෂණ සංගටකද අඩංගු වෙනවා. වෙලදපොලේ විකිණීමට තබා ඇති සකස් කරන ලද මී පැණි ගුණාත්මක භාවයෙන් අඩුයි. එම නිසා රසයෙන් හා පෝෂණ ගුණයෙන් වැඩි පිරිසිදු නැවුම් මී පැණි සොයා ගන්න උත්සහ කරන්න.
මී පැණි තුල අඩංගු වන යහපත් ග්ලයිසේමික් දර්ශක අගය නිසා ආහාර ජීර්ණය විධිමත් කිරීම , කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම , ශරීර බර පාලනය කිරීම සිදු කරනවා. මී පැණි සතු ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිබැක්ටීරියා කාරක බලය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම සිදු වෙනවා.
දැන් අපි බලමු මී පැණි හා සුදුළුණු භාවිතයෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන බලගතු බෙහෙතක් සාදා ගන්නා අන්දම.
අවශ්‍ය ද්‍රව්‍ය
සුදුළුණු ගෙඩි 3ක්
මී පැණි කෝප්පයක්
මුඩිය හොදින් වැසිය හැකි ජෝගුවක් ( උස ජෑම් බෝතලයක් වගේ හොදයි )
සාදා ගන්නා ආකාරය
ප්‍රථමයෙන් සුදුළුණු බික් ටික ගලවා වෙන් කර ගන්න. දැන් ඒවායේ පොතු සුද්ධ කර ගෙන හිස් ජෑම් බෝතලය තුලට පුරවා ගන්න. දැන් සුදු ලුණු බික් අතර ඇති හිඩැස් හොදින් පිරෙන සේ මී පැණි වක් කරන්න. හැන්දකින් එහා මෙහා කරමින් වායු බුබුළු නොසිටින සී මී පැණි පුරවන්න. අවසානයේ මුඩිය තඳින් වසා උෂ්ණත්වයට නිරාවරණය නොවන අයුරින් ශීතකරණයේ හෝ කාමර උෂ්ණත්වයේ දින කිහිපයක් තබන්න.
ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ වෙන යම් රෝගයක් වැලදීගෙන එන විටම / මුලික රෝග ලක්ෂණ පහල වෙන කොටම මෙයින් හැන්දක් අනුභව කරන්න. රෝගය සුව වෙන තුරුම දිනකට කිහිප වරක් මෙය සිදු කරන්න. රෝග ලක්ෂණ ඉක්මණින් පහවී ඔබට ක්ෂණික සුවයක් ලැබේවි.
ඒ වගේම දිනපතා උදැසන අවදි වූ සැණින් මින් හැන්දක් පාරිබෝජනය කිරීම පුරුද්දක් කර ගන්න. ඒ මගින් ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය වී ලෙඩ රෝඅග් වලින් පහසුවෙන් වැලකි ඉන්න ඔබට හැකි වේවි. ඒ වගේම ඔබේ සිරුරට හොද ප්‍රබෝදයක් ලැබී දවසේ වැඩ කටයුතු සාර්ථකව සිදු කර ගැනීමටත් ඔබට ශක්තිය ලැබේවි.
මුලාශ්‍රය :විශ්ම ලෝකය