දියවැඩියා රෝගීන්ට සුදුසුම ආහාර වට්ටෝරු
දියවැඩියා රෝගීන්ට සුදුසුම ආහාර වට්ටෝරු
දියවැඩියාව නූතන සමාජය තුළ අතිශය සුලභව කතාබහට ලක්වන රෝගී තත්ත්වයකි. දිනෙන් දින මේ රෝගයට ගොදුරු වන්නන් සංඛ්‍යාත්මකව ඉහළ යමින් පවතියි. මේ රෝගය වැලඳුණු පසු එය නිට්ටාවට සුවකළ නොහැකිය. මෙය නිට්ටාවට සුවකළ හැකි බවට සමහරුන් පුරසාරම් දෙඩුවද එය නිවැරදි නොවේ. නමුත් නියමිත ප්‍රමාණයෙන් නියමිත වේලාවට ඖෂධ ලබාගැනීමෙන් සුදුසු ආහාර වර්ග පරිභෝජනයෙන්, ක්‍රියාශීලී දිවිපවෛතක් ගත කිරීමෙන් මේ රෝගය ඉතා සාර්ථකව පාලනය කර ගනිමින් සාමාන්‍ය දිවි පවෛතක් ගත කළ හැකිවේ.
ඔබ දියවැඩියාවෙන් පෙළෙන අයෙක් නම් වෛද්‍ය උපදෙස්වලට අනුව නොකඩවා ඖෂධ භාවිත කරන්න.
ඔබ ගත යුතු සහ නොගත යුතු ආහාර කවරේදැයි දැනගැනීමද අතිශයින් වැදගත්ය. බහුලව ගත හැකි ආහාර වර්ග ලෙස මුකුණුවැන්න, කන්කුන්, ගොටුකොළ, ගෝවා, ලීක්ස් වැනි පලා සහ කොළ වර්ග නම් කළ හැකිය. එසේම වැටකොළු, පතෝල, මුරුංගා, වම්බටු, කොහිල, කෙසෙල්මුහ, කරවිල, තක්කාලි වැනි පිෂ්ඨය අඩු එළවළු වර්ග ගුණදායකය. මුංඇට, කව්පි, කඩල, සෝයා, පරිප්පු වැනි වියළි ආහාරද මේද රහිත කිරි නිෂ්පාදන සහ බිත්තර සුදුමදය ගත හැකිය.
නමුත් කොස්, දෙල්, අර්තාපල්, අළුකෙසෙල්, කැරට් වැනි පිෂ්ඨය බහුල අල සහ එළවළු වර්ග ඔබ ගත යුත්තේ මධ්‍යස්ථවය.
එසේම බත්, පාන්, සහල්, ඉරිඟු, කුරක්කන් වැනි පිටිවලින් සෑදූ ආහාර වර්ග ගත යුත්තේ ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශිත සීමාවන් ඉක්මවා නොයමින්ය. මෙම ආහාර වර්ගවල අධික ලෙස තන්තු අඩංගු වීම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය ක්‍රමානුකූලව පාලනය වීමට ඒවා වැදගත් වේ. නිවුඩ්ඩ සහිතව තම්බන ලද සහල් වර්ග, ආටා පිටි, සහල් පිටි වලින් තැනූ ආහාර වර්ග තෝරාගැනීම වඩාත් උචිතය.
එසේම සෑම ආහාර වේලකට පසු කුඩා කෙසෙල් ගෙඩියක්, කුඩා ඇපල් ගෙඩියක් හෝ දොඩම් ගෙඩියක්, පලතුරු කැබැලි ගන්නේ නම් අඬු කෝප්පයක් පමණ හෝ පලතුරු යුෂ නම් අඬු කෝප්ප 1/2 පමණ මධ්‍යම ප්‍රමාණයේ ගස්ලබු ගෙඩියකින් 1/4, වැනි පලතුරුවලින් එක වර්ගයක් පමණක් ගැනීම සුදුසුය.
ඔබගේ දියවැඩියා රෝගය මස්, මාළු ආහාරයට නොගැනීමට හේතුවක් නොවේ. නමුත් රතු පැහැගත් හරක් මස්, එළු මස්, ඌරු මස් සේම සතුන්ගේ මේද කොටස් ආහාරයට ගැනීම ඉතාම සීමා කළ යුතුය. වඩාත් සුදුසු වන්නේ මාළු ආහාරයට ගැනීමය. එසේම ඔබ බිත්තර ආහාරයට එකතු කර ගන්නේ නම් සතියකට බිත්තර 3කට සීමා කිරීම වඩාත් සුදුසුය.
ඔබ කෙසේවත් ආහාරයට නොගත යුතු ආහාර වර්ග සම්බන්ධයෙන් ප්‍රවේසම් වීම අතිශයින් වැදගත් කරුණකි. පැණි, සීනි, හකුරු සහ උක් සීනි එකතු කරන ලද ආහාර සහ බිම වර්ගවලින් වැළකිය යුතුවේ. පුඩිං වර්ග, වටලප්පන්, අයිස්ක්‍රීම් වැනි අධික පැණි රස සහිත අතුරුපස වර්ග ගැනීමද යහපත් නැත. තෙල් අධික ටින් කළ ආහාර සේම අධික ලුණු රසය අඩංගු වන සේ නිෂ්පාදිත බේකන්, සොසේජස්, අච්චාරු ද ඔබ නොගත යුතු ආහාර ගණයට අයත්ය. රතු මස් වලට අමතරව කොලෙස්ටරෝල් අධික බිත්තර කහමදය, බටර්, චීස්, පීකුදු වැනි ආහාරද වර්ජනය කරන්න. එසේම ව්‍යංජන පිළියෙල කිරීමේදී මේදය සහ මිටිකිරි අවම ලෙස භාවිතාවටද ප්‍රවේසම් වන්න.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයට අපගේ ස්තූතිය
සටහන නිර්මලා කුමාරි සේනාරත්න