ටොයෝටා සමුගනියි
ලෝකයට රෝද තුනක් සවිකළ ටොයෝටා සමුගනියි
ඇමරිකාවේ තෙල් තිබෙන බව එහි ආදිවාසීන් වන රතු ඉන්දියානුවන් වසර දහස් ගණනක් තිස්‌සේ දැනගෙන සිටි නමුදු ඒ පොළවෙන් මුලින්ම තෙල් හාරන ලද්දේ 1859 අගෝස්‌තු 28 වැනිදා ජෝර්ඡ් බීසල් සහ එඩ්වින් එල්. ඩ්රෙක් විසිනි. එදා සවස ඩ්රෙක් ප්‍රකාශයක් නිකුත් කළේය! ඒ මෙසේය! "මෙතැන් සිට ලෝකය භ්‍රමණය වන්නේ ඛනිජ තෙල්වලිනි."
විදුලිය යනුවෙන් බලවේගයක් තිබෙන බව මිනිසා මුලින්ම දැන ගන්නේ වල්ග කොටයක් සහිතව ගස් නගිමින් සිටි කාලයේදීය. මෙයට අවුරුදු 4750 කට පෙර ඊජිප්තුවේ නයිල් ගඟ දෙපස ජීවත් වූ ජනයා අතින් ඇල්ලූ විට අත හිරිවැටෙන ආඳන් විශේෂයක් ගඟේ සිටින බව දැන සිටියාහ. ඒ වූ කලී ඉලෙක්‌ටි්‍රක් ආඳා ය. කෙසේ වුවද විදුලිබලය වයරයක් දිගේ ගෙන ගිය හැකි බව 1752 දී මුල්වරට සොයාගන්නා ලදී. මේ සොයාගැනීම කළේ ඇමරිකානුවකු වූ බෙන්ජමින් ප්‍රෑන්ක්‌ලින් ය. ෆ්‍රැන්ක්‌ලින් සොයාගත් එම විදුලි දහර 1879 දී බල්බයක් තුළින් යැමට සලස්‌වා විදුලි ආලෝකය නිපද වූ ඇමරිකන් විද්‍යාඥයකු වූ තෝමස් එඩිසන් මෙසේ කීවේය.
"මෙතැන් සිට ලෝකය ආලෝකවත් වන්නේ ගෑස් ලාම්පුවලින් හෝ සූර්යාලෝකයෙන් නොව විදුලියෙනි."
බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු වූ ජෝර්ඡ් ස්‌ටීවන්සන් 1829 දී වාෂ්පයෙන් දුවන දුම්රිය එන්ජිමක් නිර්මාණය කළේය. ඉන් අවුරුදු 49 කට පසු ජර්මනියේ කාල් බෙන්ස් ඉන්ධනවලින් දුවන බෙන්ස් රිය නිර්මාණය කළේය. එතැන් සිට කියන ලද්දේ ලෝකය රෝද හතරක් මත ධාවනය වීමට පටන් ගෙන ඇති බවය. ඒ රෝද හතරෙන් තුනක අයිතිකාරයා වූ ජපානයේ ටොයෝටා සමාගමේ හිටපු සභාපති ටට්‌සුරෝ ටොයෝඩා වසර 88 ක ප්‍රයෝජනවත් ජීවිතයකින් පසු ඉකුත් සතියේදී මරණයට පත් වීය. ලෝකය ධාවනය කරන රෝද හතරෙන් තුනක් ලෙස අප ඔහු හඳුන්වන්නේ ලෝක මෝටර් රථ කර්මාන්තයෙන් 75% ක්‌ම ටොයෝටා සමාගම සතු බැවිනි. ලෝකයේ සෙසු මෝටර් රථ සමාගම්වලට සිදුව ඇත්තේ ඉතිරි 25% සැපයීමටය. ටට්‌සුරෝ ටොයෝඩා, ටොයෝටා සමාගම අතට ගැනීමට පෙර ලෝක මෝටර් රථ නිෂ්පාදනයේ ඒකාධිකාරය තිබුණේ ඇමරිකාවේ General Motors සමාගමට ය. ටට්‌සුරෝ ටොයෝඩා එම ඒකාධිකාරය සුනු විසුනු කළේය.
ලෝකයේ වැඩිම වාර්ෂික ආදායමක් ඇති සමාගම් 500 එම ආදායම්වල අනුපිළිවෙළ අනුව පෙළ ගස්‌වා ප්‍රකාශයට පත් කිරීම ඇමරිකාවේ Fortune නමැති ව්‍යාපාරික සඟරාව විසින් කරනු ලැබේ. වසර 2016 සිට එම ලැයිස්‌තුවේ පස්‌වැනි තැන සිටින්නේ Toyota සමාගමය. 364445 ක කාර්ය මණ්‌ඩලයක් එම සමාගමේ සේවය කරති. 2016 දී එම සමාගමේ ආදායම ඩොලර් බිලියන 254694 කි. ලංකාවේ ජාතික ආදායම ඩොලර් බිලියන 61 කි.
අද කාර් හැදුවාට, 1924 දී ටොයෝටා සමාගම පටන් ගත්තේ රෙදි ස්‌වයංක්‍රීය වියන යන්ත්‍ර නිපදවන සමාගමක් ලෙසය. ඒ කාලයේදී මේ සමාගමේ නම ටොයෝටා නොව ටොයෝඩා ය. හේතුව, සමාගමේ අයිතිකරු සකිචි ටොයෝඩා වීමය. ලොවට රෙදි වියන ස්‌වයංක්‍රීය යන්ත්‍රය හඳුන්වා දෙන ලද්දේ ද ඔහු විසිනි. නූලක් හිරවූ සැණින් මේ යන්ත්‍රය ස්‌වයංක්‍රීයවම නැවතිණ. මේ නිසා නූල් නාස්‌තිය අවම විය. පසු කාලයේදී ටොයෝඩා එම සමාගම එංගලන්තයට විකුණා දැමීය.
1933 දී ටොයෝඩා සමාගම කාර් නිෂ්පාදනයට පිවිසියේය. එහි පුරෝගාමියා වූයේ සකිචි ටොයෝඩාගේ පුත්‍රයා වූ කිච්රෝ ටොයෝඩාය . 1935 දී ඔවුහු තම පළමුවන මෝටර් රථය වෙළෙඳ පොළට ඉදිරිපත් කළහ. එය A1 යනුවෙන් හඳුන්වන ලද අතර එහි එකම රියක්‌වත් අද මිහිපිට ඉතිරිව නැත.
1936 දී ටොයෝඩා සමාගමේ නම ටොයෝටා ලෙස වෙනස් කරන ලදී. එය කළේ සමාගමේ පුරෝගාමියා වූ සකිච් ටොයෝඩාගේ දියණියක හා විවාහ වූ "රිසබුරෝ" නමැති තරුණයා විසිනි. ඔහු විවාහයෙන් පසු තම වාසගම ලෙස තෝරා ගන්නේ බිරිඳගේ වාසගම වූ ටොයෝඩා යන්නය. ටොයෝඩා සමාගමේ නම ටොයෝටා ලෙස වෙනස් කෙරුණේ ඔහු ජපානයේ පාරම්පරික ජ්‍යෙතිෂ ක්‍රමය විශ්වාස කළ බැවිනි. එම ක්‍රමවේදයට අනුව ටොයෝඩා යනුවෙන් ලියන විට ඉරි 9 ක් අවශ්‍ය වූ අතර ටොයෝටා යනුවෙන් ලියන විට අවශ්‍ය වූයේ ඉරි 8 කි. අටේ ඉලක්‌කම වාසනාවන්ත බව ජපන් ජාතිකයෝ විශ්වාස කළහ.
එතැන් සිට ටොයෝටා කොම්පැණිය මෝටර් රථ මිලියන ගණනක් නිපදවා වෙළෙඳ පොළට ඉදිරිපත් කළේය. එම කාර් ඉතා ඉක්‌මනින් විකුණුනේය. එයට ප්‍රමුඛ හේතුව වූයේ එම යුගයේදී ලොව රජ කළ ජර්මන්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සහ ඇමරිකන් කාර් මිල ටොයෝටා කාර් මිලට වඩා බෙහෙවින් වැඩි වීමය. එහෙත් අවුරුදු 47 ක් යනතුරු ටොයෝටා සමාගමට ජපානයේ තත්ත්ව පාලන සහතිකයක් ලැබුණේ නැත. 1980 දී එම සහතිකය හිමි වීමත් සමගම ටොයෝටා සමාගම පුළුල් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට යැමට උනන්දු විය. 1984 දී ටොයෝටා සමාගම සහ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම අලුත් කාර් කොම්පැණියක් පටන් ගත්හ. කිච්රෝ ටොයෝඩාගේ දෙවැනි පුත්‍රයා වූද සකිච් ටොයෝඩාගේ මුණුපුරා වූද මට්‌සුරෝ ටොයෝඩා නව සමාගමේ සභාපති හැටියට පත් කරන ලදී. එතැන් සිට ටොයෝටා සමාගමට තටු ලැබිණ. ටොයෝටා රථ මිලියන ගණනින් වෙනත් රටවල වෙළෙඳපොළවල් බලා යවනු ලැබීය. වසර 2012 දී ටොයෝටා සමාගම මෝටර් රථ කෝටියක් නිෂ්පාදනය කළේය. එය ලොව ඇති කිසියම් මෝටර් රථ සමාගමක් විසින් අවුරුද්දකදී නිපදවන ලද මෝටර් රථ වැඩිම ගණනය.
1992 දී සමස්‌ත ටොයෝඩා සමූහ ව්‍යාපාරයේ සභාපති තනතුර මට්‌සුරෝ ටොයෝඩා ට හිමි විය. ඔහු වසර 3 ක නිල කාලයකින් පසු 1995 දී සමාගමෙන් විශ්‍රාම ගියේය. ඔහු පසුගියදා මියගියේ 88 වැනි විය පසු කරමින් සිටියදීය. මිය යන තුරුම ඔහු ටොයෝටා සමාගම් සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළේය.
මට්‌සුරෝ ටොයෝටා, ටොයෝටා සමාගමට සම්බන්ධ වන්නේ 1953 දී ය. එවිට ඔහුගේ වයස අවුරුදු 22 කි. එවකට ටෝකියෝ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වුවද මට්‌සුරෝ, ටොයෝටා සමාගමට බඳවා ගන්නා ලද්දේ කනිටු සේවකයකු ලෙසය. ඔහුට තම සමාගමේ අනුබද්ධ ව්‍යාපාරයක සභාපති වන්නට අවුරුදු 31 ක් ගත විය. ටොයෝටා සමූහ ව්‍යාපාරයේ සභාපති වන්නට අවුරුදු 40 ක් ගත විය. ටොයෝටා හයිබ්‍රිඩ් රථය ඔහුගේ සංකල්පයකි. එම සංකල්පය තම ඉංජිනේරුවන්ට ලබාදී විශ්‍රාම ගිය ඔහු ඉන් වසර 20 කට පමණ පසු එම රථය වෙළෙඳපොළේ තිබෙනු දැක මහත් සතුටට පත් විය. ඔහු ටොයෝටා සමාගමේ හත්වැනි සභාපතිය. ලෝක මෝටර් රථ වෙළෙඳපොළේ තමන්ට හිමි රෝද තුන රෝද හතර වනතුරු ඔහු මේ සංසාරයේ සැරිසරනවා ඇත.
http://divaina.com/sunday/index.php/deshapalana2/1857-2018-01-12-13-50-23

Last edited: