පරංගියා කෝට්ටේ යාමේදී පැන ගත් ගල් දෙබොක්&#3482

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පරංගියා කෝට්ටේ යාමේදී පැන ගත් ගල් දෙබොක්&#3482

    පරංගියා කෝට්ටේ යාමේදී පැන ගත් ගල් දෙබොක්කාව



    “පරංගියා කෝට්ටේ ගියා වගෙයි“ යන පිරුළ අසා නොමැති කෙනෙක් අප ජන සමාජයේ නැති තරම්; නමුත් මේ පිරුළ ආවාට ගියාට ජන කරළියට
    පැමිණි එකක් නොවෙයි. මෙහි අතිශය ප්‍රබල ඓතිහාසික පසුබිමක් තිබෙනවා. ඒ වගේම පරංගියා කෝට්ටේ ගිය පාරේ යම් තැනක් වශයෙන් හඳුනා ගැණුනු යම් ස්ථානයක් අදත් දක්නට පුළුවන්. මෙය ඇත්තේ මාකොළ සපුගස්කන්ද රජමහා විහාරයේ ඇති ගල් පව්වක් ආශ්‍රිතවයි.
    කෝට්ටේ රජ කළ අටවන වීර පරාක්‍රම බාහු රජ සමයේ එනම් ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් අප රටට පැමිණීම මෙරට ජන සමාජය කැළඹීමට ලක් කළ සිදුවීමක්. ඔවුන්ගේ ශරීර වර්ණය, කඩිසර ගතිපැවතුම්, කතාබහ ආදී සියල්ල නිසා මහත්සේ කලබලයට පත් වන රට වැසියන් රජ තුමාට ඒ පුවත සැලකරන්නේ යකඩ තොප්පි සහ පාවහන් පැළඳගත් තිරුවානා ගල් කමින් ‍ලේ බොන මිනිසුන් පිරිසක් කොළඹ වරායෙන් ගොඩ බැස ඇති බවකි. එමෙන්ම ඔවුන් රිදී දෙක තුන දෙමින් මසුන් මිලට ගන්නා බවත් රජතුමන්ට දන්වන මෙරට වැසියන් වැඩිදුරටත් පවසා හිඳිනුයේ හෙණ හඬටත් වඩා බිහිසුණු හඬ නගන කළු ගල් පවා පලා දැමිය හැකි තුවක්කු ද ඔවුන් සතු බවයි.
    Sapugaskanda-viharaya.jpg

    මෙම ප්‍රවෘත්තියෙන් විස්මයට පත්වන ධර්මපරාක්‍රමබාහු රජතුමා එවක උඩුගම්‍පොළ රජ කරමින් සිටි තම පිය රජුට දාව සුළු මවගේ කුසින් උපන් සකල කලාවල්ලභ රජුට මේ බව දන්වා සිටිනුයේ රහසිගතව කොලොම් තොටට ගොස් එම අමුතු මිනිස් කොට්ඨාසය ගැන තොරතුරු දැනගෙන එන ලෙසයි. ඒ අනුව සකල කලාවල්ලභයන් එම තොරතුරු විමසා දැනට පෘතුගීසීන් හා සාමකාමීව කටයුතු කිරීමේ වැදගත්කම ධර්ම පරාක්‍රම රජතුමා හමුවේ පවසා හිඳිනවා. මේ ප්‍රවෘත්තිය රාජාවලිය අලකේශ්වර යුද්ධය ආදී ඓතිහාසික කෘතීන්වල සඳහන් වෙනවා. කෙසේ හෝ ඉන්පසු රජතුමා පෘතුගීසි හමුදාවේ සෙනෙවියන් දෙදෙනෙකුට තමන් බැහැ දැකීමට එන මෙන් රජතුමන් ඉල්ලීමක් කරන අතර එම ගමන කොළඹ සිට කෝට්ටේ දක්වා වන සැබෑ ගමන් මග වසන් වන අන්දමින් සිදු කළ යුතු බවටද රජතුමා තම ඇමැතිවරුන්ට නියෝග කරනවා. ඒ අනුව කෝට්ටේ රජ වාසලෙන් කොලොම්තොටට යන නියෝජිතවරුන් එම පෘතුගීසි හමුදා නායකයන් වට රවුම් මං පෙතක් ඔස්සේ කෝට්ටේ රාජධානිය වෙත කැඳවාගෙන එනවා. ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක වශයෙන් තහවුරු වී නොමැති වුවත් එම ගමන කැලණි ගඟ තරණය කොට දෙපස වූ වගුරු බිම ඔස්සේ වත්මන් කිරිබත්ගොඩ මාකොළ ඔස්සේ ගොස් නැවත කඩුවෙලින් කැලණි ගඟ තරණය කොට දියවන්නාව මග ඔස්සේ කෝට්ටේ රාජධානිය වෙත යොමු වූ බවයි පැවසෙන්නේ. මෙහිදී කොළඹ සිට කෝට්ටේ දක්වා යාමට කැලණි ගඟ තරණය කිරීමට අවශ්‍ය නොවූවත් මේ මාර්ගය ඔස්සේ කැලණි ගඟ දෙවරක්ම තරණය කිරීමට සිදුවීම විශේෂ සිදුවීමක්. එහිදී එම පෘතුගීසි සෙනෙවියන් දෙදෙනා රැගත් කෝට්ටේ රාජ්‍ය නියෝජිතවරුන් මාකොළ සපුගස්කන්ද රජමහා විහාර භූමියේ පිහිටි ගල් දෙබොක්කාවක් ද පසුකොට ඇත්තේ එම ගමන අතිශය දුෂ්කර එකක් බව පෘතුගීසීන්ට ඒත්තු ගැන්වීමටයි. එහෙත් රාජ සභාව හමුවට පැමිණි මෙම සෙනෙවි වරුන් දෙදෙනාට කොළඹ නැව් තොටින් අහස්ගත වූ පෘතුගීසි කාලතුවක්කු ප්‍රහාරයක් ඉතා හොඳින් ශ්‍රවණය වීම නිසා කෝට්ටේ රාජ්‍ය පාලකයන් තමන් රවටා ඇති බව පෘතුගීසීන් තේරුම් ගත් බවයි. ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන්නා ඒ කෙසේ හෝ මාකොළ පිහිටි සපුගස්කන්ද රජමහා විහාරයට හෙවත් ග‍ලේ පන්සලට පියමං කරන ඔබට පරංගියාගේ කෝට්ටේ යාම පිළිබඳ මානව විද්‍යාත්මක සාධකයක් වන මෙම ගල් දෙබොක්කාව මනාව දැක ගන්නට පුළුවන්.

    Sapugaskanda-viharaya1.jpg

    Sapugaskanda-viharaya2.jpg

    Sapugaskanda-viharaya3.jpg

    Sapugaskanda-viharaya4.jpg

    සහන් සංකල්ප සිල්වා
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ethakota api parakku vadi ban. :no:
    oita kalin api china valin thuvakku genna gatta nam apita portugee un panna tibba.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මට හිතාගන්න බැරි එකක් තියෙනවා. ලංකාව කියන්නේ සෑහෙන රටවල් වල මිනිස්සු ආව ගිය තැනක්. එකෙක්වත් සුද්දො, තුවක්කු වගේ ඒවා දැනන් හිටියේ නෑ කියන එක පිළිගන්න පුළුවන්ද? :confused:
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    yes , eka eththa

    මට හිතාගන්න බැරි එකක් තියෙනවා. ලංකාව කියන්නේ සෑහෙන රටවල් වල මිනිස්සු ආව ගිය තැනක්. එකෙක්වත් සුද්දො, තුවක්කු වගේ ඒවා දැනන් හිටියේ නෑ කියන එක පිළිගන්න පුළුවන්ද? :confused: