වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම හෘදයාබාධ &#3520

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම හෘදයාබාධ &#3520

    වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම හෘදයාබාධ වළකයි


    fShare

    suwa5.jpg
    මෙම තත්ත්වය මත මාරාන්තික රෝග රැසකට මඟපාදනු ලබන අධික ශරීර බර අඩු කර ගැනීමටත්, අනවශ්‍ය ලෙස එකතු වී ඇති තෙල් දහනය කිරීමට හා ප්‍රදාහයන් අවම කර ගැනීම සඳහා ගත හැකි වඩාත්ම සුදුසුතම ක්‍රියාමාර්ගය දෛනිකව කායික ව්‍යායාමයේ නිරතවීම බව විද්‍යාඥයින් විසින් මෙම අධ්‍යයනය හරහා තහවුරු කර තිබේ.

    දිනපතා

    වේගයෙන් ඇවිදීමෙහි නිරත වීමෙන් හා පාපැදි පැදීමෙන් හෘදයාබාධයන්, ආඝාතය හෙවත් "ස්‌ට්‍රොaක්‌" රෝගය, පිළිකාවන් මෙන්ම තරබාරු බව හා අධිබර තත්වයන් වළක්‌වන බව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

    වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම යන තත්ත්වයන් හා රෝග අතර සම්බන්ධතාවය පිළිබඳව සිදු කෙරුණු ප්‍රථම අධ්‍යයනය ලෙස සැළකෙන මෙහිදී දුර්වල ශරීර සෞඛ්‍යය ශරීරයේ ඉණ ප්‍රමාණයෙන් වැඩිවීම හා ශරීරය තුළ නොයෙකුත් ප්‍රදාහයන් හට ගැනීම වැඩිවීම කෙරෙහි බලපාන බව හෙළි වී ඇත.

    ප්‍රදාහයන් ප්‍රධාන පෙළේ මාරාන්තික රෝගයන් වන පිළිකා හා ඩිමෙන්ෂියා ඇතුළු රෝග වැළඳීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන අතර උදරය ප්‍රදේශයේ අධිකව තෙල් තැන්පත් වීම හෘදය වස්‌තුවෙහි අකර්මණ්‍යතාවය (හාට්‌ ෙµaලියර්) හා දෙවැනි ගණයේ දියවැඩියාව වැනි රෝග ඇති වීම කෙරෙහි බලපාන බව වෛද්‍ය මතයයි.

    මෙම තත්ත්වය මත මාරාන්තික රෝග රැසකට මඟගපාදනු ලබන අධික ශරීර බර අඩු කර ගැනීමටත්, අනවශ්‍ය ලෙස එකතු වී අති තෙල් දහනය කිරීමට හා ප්‍රදාහයන් අවම කර ගැනීම සඳහා ගත හැකි වඩාත්ම සුදුසුතම ක්‍රියාමාර්ගය දෛනිකව කායික ව්‍යායාමයේ නිරතවීම බව විද්‍යාඥයින් විසින් මෙම අධ්‍යයනය හරහා තහවුරු කර තිබේ.

    මෙම අධ්‍යයනයේදී කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් 2007 2008 වසරවල සිදුකරන ලද ඩෙන්මාර්කයේ ජාතික සෞඛ්‍ය පරීක්‍ෂණ සමීක්‍ෂණයට සහභාගි වූ වයස අවුරුදු 18 ක්‌ හෝ එයට වැඩි වූ කාන්තාවන් හා පිරිමින් 10,976 දෙනකුගේ එකතු කරගත් දත්ත විශ්ළේෂණය කර තිබේ.

    මෙම සමීක්‍ෂණයේදී සහභාගි වූවන්ගේ ඉණ ප්‍රමාණයන් මැන බැලීම හා ඔවුන්ගේ ශරීරගත "සී රිඇක්‌ටිව් ප්‍රොaටීන්" (සීආර්පි) ප්‍රමාණය මැන බැලීම සඳහා රුධිර සාම්පල ලබා ගැනීම සිදු කර ඇත.

    සහභාගි වූවන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම සඳහා "වීඕ 2 මැක්‌ස්‌" යනුවෙන් හැඳින්වෙන උපරිම ඔක්‌සිජන් පරිභෝජන තත්ත්වය මැනීම සඳහා "අර්ගෝමීටර්" නමැති උපාංගය භාවිත කර ඇති අතර ඒ හරහා හෘදය වස්‌තුවේ හා පෙනහලුවල ක්‍රියාකාරිත්වය ගණනය කර තිබේ.

    මෙහිදී සහභාගි වූවන්ගේ වයස, දුම්පානය කිරීමේ ඉතිහාසය, අධ්‍යාපනය හා ශරීර ස්‌කන්ධ දර්ශක අගයද (බී එම් අයි අගය) සලකා බලා තිබේ.

    මෙහි ප්‍රතිඵලයට අනුව පෙනී ගොස්‌ ඇත්තේ ශරීර ස්‌කන්ධ දර්ශකය කුමන අගයක්‌ ගත්තද උදරය අවට තැන්පත්ව ඇති අධික තෙල් ප්‍රමාණය අඩු කිරීමට මෙන්ම ප්‍රදාහයන් ඇති වීම අඩු කිරීමට බලපානු ලබන ප්‍රධානතම සාධකය ඉහළ ශාරීරික යේග්‍යතා මට්‌ටම බවයි. මේ අතර එක්‌සත් රාජධානියේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් අනාවරණය කරගෙන ඇත්තේ එරට වාර්ෂිකව සිදුවන මරණ හය ලක්‍ෂ හැත්තෑහයදහසකට (676,000) හේතුවී ඇත්තේ ක්‍රියාශීලී නොවන ජිවන රටාව බවයි. තවත් වාර්ෂික මරණ තුන් ලක්‍ෂ තිස්‌හත්දහසකට (337,000) අධික බර ඔසවාගෙන යාම හේතු වී තිබේ.

    මේ අනුව දිනකට සෑම පුද්ගලයෙකුම විනාඩි 20 ක කාලයක්‌ වත් අධික වේගයෙන් ඇවිදීමෙන් යහපත් සෞඛ්‍ය ප්‍රතිලභායන් අත්පත් කර ගත හැකි බව විද්‍යාඥයෝ ප්‍රකාශ කර සිටිති.

    මෙම අධ්‍යයනයට එක්‌වු වෛද්‍ය වීඩෙල් නීර්ගාට්‌ විසින් zzප්ලොස්‌ වන්" සඟරාවේ පළ කර ඇති අධ්‍යයනයෙහි වාර්තාවෙන් තරබාරු බවෙන් පෙළෙන අයගෙන් සියයට 30 ක්‌ දක්‌වා ප්‍රතිශතයක්‌ නිරෝගී බව පෙන්නුම් කර තිබේ. කෙසේ වුවද තරබාරු බවින් පෙළෙන පුද්ගලයින් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමෙන් මිය යාමේ අවදානම වැඩි බව විද්‍යාඥයෝ පවසති.

    ඒමන්ති මාරඹේ
     
    • Like
    Reactions: Mind Writer

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    දැං කවුද බං පුට් සයිකල් පදින්නෙ...

    පාරෙ පුට් සයිකලයක් පැදන් ගියොත් අනාත හිඟන්නො ගානට වැටෙන්නෙ :sorry:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැං කවුද බං පුට් සයිකල් පදින්නෙ...

    පාරෙ පුට් සයිකලයක් පැදන් ගියොත් අනාත හිඟන්නො ගානට වැටෙන්නෙ :sorry:

    ඔව් බන්, පොඩි එවුන් කරන දේවල් කියල හිනාවෙනව බන් අපේ පැත්තෙ මිනිස්සු. හෙඩ් සෙට් එක ගහගෙන උදේ කිලෝමීටර් 10ක් විතර බයිසිකල් පදින්න තියේනම් සුපිරි :D