බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැ

    [FONT=&quot]බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

    [/FONT]

    [FONT=&quot]
    chicken.jpg


    කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. ඒවායේ ආසනික් වැනි බැරලෝහ පවා අඩංගු බවට ඇතැම් පාර්ශ්ව චෝදනා නගන අතර තවත් පාර්ශ්ව ඒවා ප්‍රතික්‍ෂේප කරති. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපති සාලිය ගැමුණු පෙරේරා ඒ පිළිබඳව දක්වන අදහස්ය.

    ‍ප්‍රෝටීන් ආහාර ශරීර වර්ධනයට හිතකර බව අලුතින් කියන්නට අවශ්‍ය නැත. ශාකමය ආහාර මගින් ලබා ගන්නා ‍ප්‍රෝටීන්වලට වඩා වැඩි ‍ප්‍රෝටීන් ප්‍රමාණයක් අපට සත්වමය ආහාර මගින් ලබා ගත හැකිය. සත්වමය ආහාරයන් ගැන කතා කිරීමේදී ලොව පුරා බොහෝ දෙනෙකු කුකුල් මස් ආහාරය සඳහා යොමු වී තිබේ. වැඩිපුර ‍ප්‍රෝටීන් ප්‍රමාණයක් සැපයුවත් සත්ව ආහාර ශරීර සෞඛ්‍යයට හිතකර නොවන බව අද මුළු ලෝකයම පිළිගෙන ඇත්තේය.
    සත්ව ආහාරයන්වල සාමාන්‍යයෙන් ශරීරයට හිතකර මෙන්ම අහිතකර මේදයන් අන්තර්ගතව පවතී. ඔමේගා 3 සිරුරට හිතකර මේදයයි. ඔමේගා 6 සිරුරට අහිතකර මේදයයි. ස්වාභාවික පරිසරයෙන් ඇහිදගෙන කෘමීන් ගස් උඩ ලැගුම් ගෙන හොඳින් හිරු එළියට නිරාවරණය වෙමින් ජීවත් වූ කුකුළන් දැන් කුඩා ඉඩ ප්‍රමාණයක හිරකරගෙන කෘත්‍රිම ආහාර ලබා දෙමින් ඇති කරති. මෙවැනි සතුන්ට නිසි ලෙස ස්වභාවධර්මයෙන් ලැබෙන හිරු එළිය තබා පිරිසිදු වාතාශ්‍රය හෝ නොලැබෙන්නේය. මෙසේ මුදල් සෙවීමේ අරමුණින් කුකුල් ගොවිපළවල්වල කෘත්‍රිම ආහාර ලබා දෙමින් වගාකරන කුකුළන්ගේ සිරුරේ ඔමේගා 6 මේද කොටස් විශාල වශයෙන් වර්ධනය වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේය. වසර 2008 දී ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් කරන ලද පර්යේෂණයකින් තහවුරු වූයේ කුකුල් මස්වල ආසනික් නමැති විස රසායනිකය අන්තර්ගත වී ඇති බවය. වසර 2011 දී රිසර්ච් ගේම් නමැති වබේ අඩවිය මගින් මෙම පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධ කර තිබුණි. වසර 2017 දීත් ඉහත කී වාර්තාවේ තොරතුරු තවදුරටත් එසේම බව තහවුරු කර තිබිණි.
    මෙය ශරීර සෞඛ්‍යයට කොහෙත්ම හිතකර තත්ත්වයක් නොවන්නේය. යම් ආහාරයක ඔමේගා 6 මේද කොටස් වැඩි වීම යනු පිළිකා, හෘද රෝග, දියවැඩියා වැනි බෝ නොවන රෝග ක්‍රමයෙන් ඉහළ යාම යැයි ලෝකයේම පිළිගත් තත්ත්වයකි.
    මෙසේ ස්වාභාවික පරිසරයෙන් ඈත්කර කෘත්‍රිමව සාදන සතුන්ගේ මස්, කිරි, බිත්තර හා අනෙකුත්
    නිෂ්පාදනවල පවා ඔමේගා 6 මේද කොටස් අන්තර්ගත බැවින් ඒවාද ශරීර සෞඛ්‍යයට කිසි සේත්ම හිතකර නොවන්නේය.
    එසේම ගොවිපළවල්වල සතුන් ඇති කරණුයේ උන්ගේ මස්, කිරි හා බිත්තර ඇතුළු අනෙකුත් සත්ව නිෂ්පාදන විකුණා ලාභ ලබා ගැනීමේ පරමාර්ථයෙනි. මේ හේතුවෙන් සතුන්ගේ බර වැඩි වීම අලෙවිකරුවන්ට වඩාත් වාසිදායක තත්ත්වයකි. මේ හේතුවෙන් උන්ගේ මස් වේගයෙන් වර්ධනය වීම සඳහා වර්ධක හෝමෝන විටමින් වර්ග හා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත කරන ලද කෘත්‍රිම ආහාර වර්ගයන් ලබා දීමට ගොවිපළවල් හිමියෝ කටයුතු කරති.
    “රොසැන්ඩෝස් නමැති වර්ධක සංඝටකයෙහි ආසනික් අන්තර්ගතව පවතින බව පර්යේෂණයන් මගින් තහවුරු වී ඇත්තේය. එපමණක් නොව ඇතැම් ලවණ සඳහාද ආසනික් ආන්තර්ගත කර තිබෙන බැවින් එම ලවණ අඩංගු ආහාර ලබා දීමේදී කුකුළන්ගේ ශරීරයේ ජීවත් වන හිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශයට පත් වෙනු ඇත. මෙසේ කුකුළන්ගේ සිරුරේ ජීවත් වූ ක්ෂුද්‍ර ජීවීන් විනාශ වූ පසුව තදින් බඩගිනි දැනෙණු ඇත. එසේ වූ විට කුකුළන් වැඩි වැඩියෙන් ආහාර ගනු ලැබේ. එවිට උන්ගේ බර ක්‍රමයෙන් වැඩි වේ.
    මෙසේ කෘත්‍රිම වර්ධක හෝමෝන ඇතුළත් ආහාරයන් ලබා දීමේදී එහි අන්තර්ගත ආසනික් කුකුළන්ගේ අක්මාවේ තැන්පත් වනු ඇත. අක්මාව ‍ප්‍රෝටීන් අධික ආහාරයක් යැයි සිතා බොහෝ දෙනෙකු ආහාරයට ගනිති. විශේෂයෙන් රෝගීන්ට, කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට මෙය ලබා දීමට අපි පෙළඹී සිටින්නෙමු. ඒ ඔවුන්ගේ සිරුරට ශක්තියක් ලබා දීම සඳහාය. ඒත් දැන් දැන් තහවුරු වන්නේ අපි මෙසේ අධි ‍ප්‍රෝටීන් යනුවෙන් ලබා දී ඇත්තේ මිනිස් පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නොවන වස අන්තර්ගත ආහාරයකි.
    ගොවිපළවල ඇති කරන කුකුළන්ගේ බර වැඩි වීම සඳහා හෝමෝනයන් එන්නත් කර ශරීරය තුළදීම විනාශයට පත් වූ පසුව වෙළඳ‍පොළේ මස් පිණිස අලෙවි කළ යුතු නමුත් දැන් එම හෝමෝනය එන්නත් කර දින දෙක හෝ තුනක් ඇතුළත වෙළෙඳ‍පොළට මස් පිණිස නිකුත් කරන්නේය. මෙය කිසි සේත්ම නොකළ යුතු තත්ත්වයකි. මන්ද කුකුළාගේ ශරීරයට ඇතුළු කළ විස සහිත එන්නත විනාශ වීමටත් පෙර එය මිනිස් සිරුරට ඇතුළුවන නිසාය. මෙය මිනිස් ජීවිත කෙටි කරළීමට හේතුවක් වන්නේය.
    එසේම වර්ධක හෝමෝන කුකුළන්ට ලබා දීමේදී සිදුවන තවත් එක් හානියක් වන්නේ එම සතාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීමය. මෙසේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම නිසා එම සතා විවිධ රෝගයන්ට ගොදුරු වන්නේය. මෙසේ රෝගයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධ හා විටමින් වර්ග විශාල වශයෙන් එම සතාට එන්නත් කිරීමක් හෝ දියකර පෙවීමක් කරණු ලැබේ. මෙසේ ලබා දෙන ප්‍රතිජීවක
    ඖෂධයන් වල අන්තර්ගත රසායනිකයන් විශාල වශයෙන් කුකුල් මස් අනුභවය තුළ මිනිස් සිරුරට ඇතුළු වනු ලැබේ. මෙය රෝග කාරකයන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයක් මිනිස් සිරුර තුළ නිර්මාණය කිරීමට හේතුවක් වනු ලැබේ.
    කාබනික ‍පොහොර නිෂ්පාදනය, ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලය මගින් දියත් කළ වස විස නැති ආහාර වගා කිරීමේ වැඩපිළිවෙළේදී වස විස නොමැති ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (ක්ෂමා) මගින් ක්‍රියාත්මක කළ කාබනික ‍පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට කුකුල් ‍පොහොර යොදා ගන්නා ලදී. මෙම ‍පොහොර යොදා ගනිමින් සකස් කළ කාබනික ‍පොහොර වගාවන් සඳහා යෙද වූ පසුව කෙටිකාලයක් ගත වීමේදී එම ‍පොහොර යෙදූ වගාවන් විනාශ විය. ඉන් අනතුරුව කරන ලද සොයා බැලීමේදී තහවුර වූයේ කුකුල් ‍පොහොරවල ප්‍රතිජීවක ඖෂධයන් විශාල වශයෙන් තැන්පත් වී ඇති බවකි.
    මෙම පර්යේෂණයන් තුළින් තහවුරු වන්නේ අපි අනුභව කරන්නේ විස සහිත කුකුල් මස් බවය.
    මෙසේ කෘත්‍රිමව සාදන කුකුළන්ගේ මස් ඇතුළු කුකුළු නිෂ්පාදනයන්ගෙන් සකස් කරන ලද ආහාර වර්ගයන් අනුභව කරන මිනිසුන් තමන්ගේ ජීවිතය කෙටි කර ගන්නා අතරම දරුවන්ගේ මනා වර්ධනය යැයි පවසමින් දෙමාපියන් විසින් දරුවන්ට ලබා දෙන කුකුල් පීකුදු මගින් තමන්ගේ දරුවන්ගේ ජීවිත කෙටි වනවා මෙන්ම දරුවන්ගේ මළගම දෙමාපියන් අලුතින්ම සිදුකරන කාලය ළඟාවෙමින් පවතින බව පැහැදිලිය. මෙය මහත් ඛිෙදවාචකයකි.
    සතුන්ගේ ජීවිත මෙන්ම මිනිසුන්ගේ ජීවිතද ආරක්ෂා කර ගැනීමේ කාලය දැන් එළඹ ඇත්තේය. මේ සඳහා ආහාර සම්බන්ධයෙන් නීති රීති සම්පාදනය කරන නීති පනවන හා සකස් කරන ආයතනයන් වන සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණික ආයතනය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත්තේය. ඔවුන් ක්‍රියාත්මක නොවන්නේ නම් අඩු වශයෙන් ගෙදර මව හා පියා හෝ ක්‍රියාත්මක වී තමන්ගේ දරුවන් මරණයෙන් ගලවා ගැනීමේ කාලය එළඹ ඇති බව කනගාටුවෙන් හෝ සිහි කිරීමේ කාලය එළඹ ඇත්තේය.

    ශ්‍රියානි විජේසිංහ
    [/FONT]
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඔය මස් මාළු වලට වඩා තුන් ගුණයක් වැඩියෙන් මෙන්න මේ බ්‍රේකොලි කියන එලවලුවේ ප්‍රෝටීන් තියෙනවා.කොහෙද මේ උට්ටේ ලංකාවේ එකක් රුපියල් පන්සීයක් විතර වෙනවනේ.

    main-qimg-a80d593eed6321c5488d69ed2a074634
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    ඔය මස් මාළු වලට වඩා තුන් ගුණයක් වැඩියෙන් මෙන්න මේ බ්‍රේකොලි කියන එලවලුවේ ප්‍රෝටීන් තියෙනවා.කොහෙද මේ උට්ටේ ලංකාවේ එකක් රුපියල් පන්සීයක් විතර වෙනවනේ.

    main-qimg-a80d593eed6321c5488d69ed2a074634

    Oatmeal nuth patta :D gaanath sahenna adui :rolleyes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔය මස් මාළු වලට වඩා තුන් ගුණයක් වැඩියෙන් මෙන්න මේ බ්‍රේකොලි කියන එලවලුවේ ප්‍රෝටීන් තියෙනවා.කොහෙද මේ උට්ටේ ලංකාවේ එකක් රුපියල් පන්සීයක් විතර වෙනවනේ.

    main-qimg-a80d593eed6321c5488d69ed2a074634

    :no::no:
    Nutrition Facts
    Broccoli
    Amount Per 100 grams
    Calories 34
    % Daily Value*
    Total Fat 0.4 g 0%
    Saturated fat 0 g 0%
    Polyunsaturated fat 0 g
    Monounsaturated fat 0 g
    Cholesterol 0 mg 0%
    Sodium 33 mg 1%
    Potassium 316 mg 9%
    Total Carbohydrate 7 g 2%
    Dietary fiber 2.6 g 10%
    Sugar 1.7 g
    Protein 2.8 g 5%
    Vitamin A 12% Vitamin C 148%
    Calcium 4% Iron 3%
    Vitamin D 0% Vitamin B-6 10%
    Vitamin B-12 0% Magnesium 5%
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,308
    24,780
    113
    චිකන් කන එක නැවැත්තුවා මාස 2-3කට කලින්, දැන් කන්නේ මට්න් විතරයි :)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    math sahena adu kala chiken kana eka
    sati dekakata eka sarayak wage tamai use wenne
    ane manda protein kohen gannada kiyala
    gym giohin bara ussanat amarui

    ලංකාවේ හොද කිසිම මස් වර්ගයක් නැහැ බන්.මාළු,බිත්තර කාපන්.බීෆ් උනත් බලපන් ලංකාවේ තියෙන ඒවා රතු පාටක් නැහැ.මීහරක් මස්ද මන්දා.:baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ලංකාවේ හොද කිසිම මස් වර්ගයක් නැහැ බන්.මාළු,බිත්තර කාපන්.බීෆ් උනත් බලපන් ලංකාවේ තියෙන ඒවා රතු පාටක් නැහැ.මීහරක් මස්ද මන්දා.:baffled:

    ow bun bittara tamai kanne dan godak ma
    maalu walata fomalin gahanawalune bun
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,211
    2,546
    113
    London
    ඔය මස් මාළු වලට වඩා තුන් ගුණයක් වැඩියෙන් මෙන්න මේ බ්‍රේකොලි කියන එලවලුවේ ප්‍රෝටීන් තියෙනවා.කොහෙද මේ උට්ටේ ලංකාවේ එකක් රුපියල් පන්සීයක් විතර වෙනවනේ.

    main-qimg-a80d593eed6321c5488d69ed2a074634


    I love broccoli. Consume at least 2 times per week. Always encourage my kids to eat them as well. Cost £1.57 / Kg.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,321
    1,050
    113
    නොදනි(Unknown)
    ඔය මස් මාළු වලට වඩා තුන් ගුණයක් වැඩියෙන් මෙන්න මේ බ්‍රේකොලි කියන එලවලුවේ ප්‍රෝටීන් තියෙනවා.කොහෙද මේ උට්ටේ ලංකාවේ එකක් රුපියල් පන්සීයක් විතර වෙනවනේ.

    main-qimg-a80d593eed6321c5488d69ed2a074634

    thawa high protieen thiyana algae ekak thiyanwa ekath fatta ganan.(nama mathaka na)