ගල්තලාවේ පාද සටහන් පුරාවිද්‍යාවේ පරීක්ෂ&
ගල්තලාවේ පාද සටහන් පුරාවිද්යාවේ පරීක්ෂණයට
මස්කෙළිය ගාඩමෝර, නවෆොන්මොර වතුයායේ ගල්තලාවක් මතින් මතු වූ විශාල පා සටහන්වලට සමාන පාද සම්බන්ධයෙන් පුරා විද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඊයේ (23දා) එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
පුරා විදා දෙපාර්තමේන්තුවේ මහනුවර මධ්ය කලාප භාර නිලධාරීන් පිරිසක් ඒ සඳහා පැමිණ සිටියේය.
එම පාද සටහන්වල සියලු විස්තර පුරා විද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලබා ගන්නා ලද අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකර නිගමනයකට පැමිණ මේ පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී නිකුත් කරන බව පුරා විද්යා පරීක්ෂණ නිලධාරී පාලිත අත්තනායක මහතා කියයි.
පුරාවිද්යා නිලධාරීහු මෙම පාද සටහන් මුලින්ම දැක තිබූ වතුකම්කරුවන්ගෙන් ප්රකාශ කිහිපයක්ද සටහන් කර ගත්හ.
ඉකුත් (20) එම වතුයායේ වතුකම්කරුවෝ විසින් මෙම පාද සටහන් දැක තිබුණි.
එම පා සටහන්වලට මේ වනවිට වතු කම්කරුවන් පුද සත්කාර කරන අතර එම පාද සටහන් දැක ගැනීමට ප්රදේශයේ විශාල පිරිසක් දිනපතා එම වතුයායට පැමිණෙති.
මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් ශ්රීපාද රක්ෂිතයට ආසන්නයේ විශාල ගල් තලාවක් මත පිහිටා ඇති මෙම පාද සටහන්වලින් දකුණු පාදය පැහැදිලිව දිස්වන අතර වම් පාදයේ සටහන් තරමක් මැකී ගොස් තිබුණි.
අඩි එකහාමාරක් පමණ දිගකින් යුක්ත මෙම පාද සටහන් අඟල් තුනක් පමණ ගල් තලාව මතට ගිලා බැස ඇත.
ඡායාරූප සහ සටහන නීටා පත්ම කුමාර - හැටන් අතිරේක