නොර්මල් ද සීසර් ද?
කිරියෙ ගොඩක් බැඳපු උන්ට තියෙන ප්‍රශ්න අතරෙ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මම ඩොකෙක් නෙමෙයි. හැබැයි මේ සේරම අපේ අත්දැකීමෙන් කියන්නෙ. කවුරු හරි ප්‍රයෝජනයක් ගනී නෙ. මම වැරදි නම් කිරියෙ ඉන්න ඩොකාල මාව නිවරදි කරන්න.
අපි ගොඩදෙනෙක් ප්‍රයිවට් යන්න සල්ලි තියෙනව නම් කවුරු හරි ඩොක්ටර් කෙනෙක් චැනල් කරල යනවනෙ. ඒත් එක්කම කලින් බබාල හම්බවෙච්චි අපේ යාලුවන්ගෙන් අහනව නොර්මල්ද සීසර් ද කලේ කියල? ඉතින් මට නම් හම්බවුනු 99% ක් කිවුවෙ සීසර් කියල. හැබැයි එයාලට නෝමල් හම්බවෙන්න බැරිවෙන්න මොකුත් කොම්ප්ලිකේෂන් තිබිලත් නෑ...
(එහෙම විශේෂ දෙයක් තියෙනව නම් ඇත්තටම සීසර් යන්න ඕනෙ. කතා දෙකක් නෑ. නැත්නම් ජීවිත දෙකක් අනතුරේ )
නමුත් ස්වභාවික ක්‍රමය තමයි දරු උපතකට හොඳම. මම හොයල බලපු විදියට ලංකාවෙ තරම් සීසර් කරන ප්‍රවනතාවයක් පිටරට වල නෑ... ඒකෙන්ම පේනවනෙ අපි ඉන්න තැන.
හරි දැන් තියෙන ප්‍රශ්නෙ තමයි කොහොමද තම්න්ගෙ ආදරණීය නෝනට ලමයව මාස 9 බඩේ තියන් ඉඳල තව නෝමල් යන්න කියල කියන එක. ඉතින් මේකට හොඳම දේ තමයි තමන්ගෙ ඩොකා එක්ක කතා කරල ප්‍රශ්න මුකුත් නැත්නම් නෝමල් යන එක.(ඒ අතරෙ හෙමීට වයිෆ්ව නෝමල් යන්න හිත හදන්නත් ඕනෙ.)
දැන් තියෙන වෛද්‍ය ක්‍රමයෙ දියුණුව හින්ද ලේබර් පේන් එක නැති කරන්න පුලුවන් ක්‍රම දැන් තියනව. අපේ අය දැනුවත් නැති එක තමයි අවුල.
එහෙම හොඳම බෙහෙතක් තමයි එපිඩ්යුරල්. 100% වේදනාව නැතිකරනව.
මේකෙදි කරන්න ඕනෙ, නෝර්මල් යනකොට, පේන් එනකොට හොස්පිටල් එකෙන් කියනව / නැත්නම් අහන්නත් පුලුවන් ලේබර් පේන් කිලර්ස්.
ඉතින් එතකොට එයාල කියනව ඉන්ජෙක්ෂන්, ඉන්හේලර්, එපිඩ්යුරල් ගැන කියනව. මේකෙන් මුල දෙකෙන් වේදනාව අඩුවෙන්නෙ අඩුවෙන්..
නමුත් එපිඩ්යුරල් එහෙම නෑ. අපි ඒක තෝර ගත්තම අපිට ක්න්සෙන්ට් එක සයින් කරන්න වෙනව.(සමහර වෙලාවට එකෙ තියෙන දේවල් දැක්කම් බයට සයින් කරන්නෙ නෑ... මම නම් කියන්නෙ එහෙම බය වෙන්න දෙයක් නෑ කියන එක තමයි වයිෆ් තමයි සයින් කරන්න ඕනෙ. කොහොමත් සීසර් එකෙදිත් ඒකම වෙනවනෙ. )
ඇනස්තීසිය ඩොකෙක් තමයි මේ බෙහෙත කොන්දට ඉන්ජෙක්ට් කරන්නෙ. එතනින් පස්සෙ කොන්දෙන් පහල ටික හිරි වැටෙනව. ඉතින් වේදනාව 100% නැති වෙනව. ඩයලේට් වෙලා බබා එලියට එන්න ඔන්න මෙන්න තියෙන කොට නම් එපිඩ්යුරල් අඩු කරල සින්ටො ටිකක් දීල පොඩි වේදනාවක් ඇති කරනව. ඒ කරන්නෙ නැත්නම් පුෂ් කරන්න වත් දැනෙන්නෙ නෑ නෙ..
ඉතින් විනාඩි 20ක් විතර කාලයක් පොඩි වේදනාවක් දැනෙනව. ඒත් සාපේක්ෂව ඒක ලොකු දෙයක් නෙමෙයි.
ඉතින් බොරුවට බඩ කැපුව වගේ නෙමෙයි, නෝමල් ගියාම සති එක හමාරෙන් සනීපයි. නැත්නම් මාස 3ක් විතර බර උස්සන්න බෑ වේදනාව, තව කොයි තරම් නම් දේවල්ද!!
මේ පහසුකම රජයේ/ ප්‍රයිවට් හැම හොස්පිටල් එකකම තියෙනව. එකමදේ තමයි දැනුවත් නැතිකම.
මේක ලිව්වෙත් කීප දෙනෙක් හරි දැනුවත් කරන්න... නෝමල් යන්න..
(පලි: තමන්ගෙ කොන්සල්ටන් තමයි බබාගෙ ඔලුවෙ ප්‍රමාණය, වගේ විස්තර දන්නෙ. ඉතින් හැමවෙලාවෙම ඩොකාගෙ උපදෙස් ගන්න..)

Last edited: