"සබ්බං" කියන එකට ධර්මතා ඇතුළු කිරීම ධර්මානුකූල නැහැ. වරදක්.
~~
හැබැයි මේකත් කියන්න ඕනි..,
ධර්ම කරුණ පමණක් පෙන්නුවානම් වැඩි පරිසක් අහන්න ඉඩ තිබ්බ. (අවශ්‍යත් එච්චරයි නේ)
පුද්ගල විවේචන (කිරීමේ පුරුද්ද) කියන්න බැරි තරම් භයානක වැඩක්. අත්හැරගන්න ඕනි කුණක්. අනිවාර්ය කොහේදී හරි ගිහින් ආර්ය උපවාදයක් කරගන්නවාමයි. මාර්ග ඵලයක් ලබල තිබුනානම් මග වැහිලා අතරමන් වෙලා යනවා, නැත්නම් ඉවරයි කල්ප ගානකට. කරද්දී හැබැයි හාස්‍ය/විනෝද ජනකයි තමයි.
මහා ප්‍රඥා සම්පන්න, ධර්ම සෙන්පති, සැරියුත් මහා තෙරුන්ටත් පුද්ගල විවේචනයට අවසර නැහැ. අනාවරණ ඥාන සහිත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි පුද්ගල විවේචන කරන්න පුළුවන්. ඒ සියලු හේතු පෙනෙන නිසා.
ඇරත් පුද්ගල විවේචන කෙසේ වෙතත් උපසම්පදා භික්ෂුන් සම්බන්ද විවේචන මහා භයානකයි. හැසිරීම, කියන දේ, උසද, මිටිද, කළුද, සුදුද, තමා දරන මතයට සමාන දෙයක්ද කියන්නේ, නැද්ද, මේවා එකක්වත් අදාළ නැහැ.
ඒ නිසා කාට හරි, ඕනෑම භික්ෂුවක් විවේචනය කරන්න හිතෙනවානම්,
කලිසන් shirt ඇඳන්, keyboard ඉස්සරහ ඉඳන්,
අරිහත් දජය දරා සිටින, වටාපත් රැගත් භික්ෂුවක්
විවේචනය කරන එක හරිද කියලා, ඊළඟ පාර කන්නාඩියක් ඉස්සරහට ගියාම තමන්ගෙන්ම අහලා බලන්න.