දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලි&#

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලි&#

    දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලින් ලැබෙන උදව්……

    නිර්මාංශ ආහාර යනු සැම දෙනාම පාහේ දන්නා පරිපූර්ණව ශාක ආහාරයන්ගෙන් පමණක් සැදුම්ලත් ආහාරයි. සමහරුන් සත්‍ය වශයෙන්ම එහි වටිනාකම අවබෝධ කරගෙන නිර්මාංශ වන අතර තවත් සමහරු සිය ආගමානුකූලව නිර්මාංශ වීම සිදු කරයි. තවත් සමහරු මේ අතර මෝස්තරයට ද නිර්මාංශ වීම සඳහා යොමු වී සිටනවා. මෙසේ නිර්මාංශ වීමේ සීමාව එකිනෙකාගේ සිතුම් පැතුම් වලට අනුව වෙනස් වෙනවා.

    කෙසේ වුවත්, නිර්මාංශ වීමෙන් සිදුවන වාසි අනන්තවත්. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට මෙන්ම තම තමන්ගේ චිත්ත ධෛර්යයේ ප්‍රමාණය අනුව මේ නිර්මාංශ වීම වෙනස් වෙනවා. මීට වසර දහයකට විස්සකට පමණ පෙර නම් නිර්මාංශ වීම පිළිබඳ මිනිසුන්ට තිබුණෙ වැරදි හැඟීම්… ශරීරය දුර්වල වෙන බව, ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන බව මේ මිත්‍යා මත වලින් ප්‍රධාන දෙකක්. නමුත් කෙමෙන් කෙමෙන් නිර්මාංශ ආහාර ප්‍රචලිත වෙද්දී මේ දුර්මත බැහැර වුනා.. ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් සහ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් නිර්මාංශ ආහාර වලට පුරුදු වෙන බව ප්‍රචලිත වෙද්දි බොහෝ දෙනා ඒ අනුව යමින් නිර්මාංශ වන්නත් පටන් ගත්තා. ඒ වගේම ඒ නිර්මාංශ වීමේ නියම තේරුම් දැනගත් අයත් ඒ හා සමානවම නිර්මාංශ වෙන්නට පටන් ගත්තා…

    නිර්මාංශිකයින් වර්ග කිහිපයක් සිටිනවා.

    සමහර නිර්මාංශිකයින් මස්, මාළු, කිරි බිත්තර භාවිතයෙන් වැලකෙනවා වගේම සතුන්ගේ සමින් සැදුන කිසිම භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නැහැ. මේ විවිධාකාර කාණ්ඩයන් නිර්මාංශ වීමේ ප්‍රමාණය අනුව කොටස් කිහිපයකට බෙදෙනවා.

    Fruitarians: මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා. එසේම සැකසූ ආහාර (processed foods) පවා භාවිතා කරන්නෙ නැහැ .
    Vegans: මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා.
    Lacto-vegetarians: කිරි ආහාර භාවිතා කළත් බිත්තර පාවිච්චියක් නැහැ
    Lacto-ovo-vegetarians: මස් මාංශ වලින් වැලකුණත් බිත්තර සහ කිරි ආහාරයට ගන්නවා.
    Semi-vegetarians: මාළු සහ කුකුළුමස් වැනි සුදු මස් භාවිතා කළත් රතු මස් භාවිතා කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මේ අය නිර්මාංශ පුද්ගලයින් ලෙස වර්ග කෙරෙන්නේ නැහැ.
    නිර්මාංශ ආහාර වේලකට පුරුදු වීම ඉතාමත් හිතකර පුරුද්දක් වුවත්, එම නිර්මාංශ ආහාර වේල් සෑමවිටම සමබල ආහාර වේලක් වීම වඩාත් සුදුසුයි. උදාහරණයක් වශයෙන් ඔබට නිර්මාංශ ආහාර ලෙස නිතරම පාහේ අල පෙති බැද ආහාරයට ගත හැකියි – නමුත් ඉන් ඇතිවන හානිය අධිකයි. ඒ නිසා නිර්මාංශ වනවා නම් එය ඉතාමත් කල්පනාවෙන් කළ යුත්තක්.

    සමබල නිර්මාංශ ආහාර වේලක ඇති දේ බොහෝයි…..

    ධාන්‍ය වර්ග සහ පිෂ්ඨමය ආහාර: පරළු පාන් – ධාන්‍ය වර්ග ඇතුලත් කළ පාන්, රතු හාල්, සහ වෙනත් ධාන්‍ය වර්ග.
    රනිල කුළයේ ශාක ද්‍රව්‍ය: සෝයා බෝංචි සහ වෙනත් බෝංචි වර්ග, පරිප්පු, මුං, කජු, තල ආදිය.
    එළවලු සහ පළතුරු: විවිධාකාර එළවලු සහ පළතුරු වර්ග
    කිරි හෝ සෝයා නිෂ්පාදන: කිරි පානය කරන නිර්මාංශිකයින්ට කිරි ද එසේ නොමැති අයට සෝයා නිෂ්පාදනද සුදුසුය.
    සාමාන්‍ය නිර්මාංශ ආහාර වේලක් මෙසේ ගැනීමෙන් මාංශ සහිත ආහාර වේලක ගුණයම ලැබේ. එසේම මෙයින් වැඩිපුර තන්තුමය ආහාර ලැබෙන නිසා ඇතිවන වාසි බොහොමයකි. වග බලාගත යුත්තේ මේ සියළු ගුණාංග ඇති ආහාර වේලක් ගැනීමයි.

    නිර්මාංශ පිරමීඩයනිර්මාංශ ආහාර පුරුද්දක් ඇතිකර ගැනීමේ විශාලතම වාසිය වන්නේ එයින් පිළිකා වැළඳීම වලක්වාලන නිසාය. 1997 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව වැඩි වශයෙන් නිර්මාංශ පැත්තට බර වන ආහාර රටාවක් මගින් ශරීරයට ඇතුළු වන පිළිකා කාරක ප්‍රමාණය අඩු කරගතහැකි බව පැවසෙනවා. සමහර කෑම වර්ග පිසීමේදී පිළිකා කාරක බහුවලික ඇරෝමැටික හයිඩ්‍රොකාබන සහ විශමචක්‍රිය ඇමීන (heterocyclic amines) ශරීරයට ඇතුළු වනවා. එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම පිළිබඳ සිදු කරන ලද වසර 200 ක පමණ පැරණි පර්යේෂණවල ප්‍රතිඵලයන් දෙස බැලීමේදී වැඩිපුර එළවලු සහ පළතුරු ආහාරයට ගන්නා පුද්ගලයින්ට පිළිකා වැළඳීමේ අවදානම 50% කින් අඩු වී ඇති බවත්, තවත් 20-50% අතර කාණ්ඩයකට කුමන ආකාරයේවත් පිළිකාවක් වැළඳීමේ හැකියාව අඩු වී ඇති බවත් සොයාගෙන තිබෙනවා.

    මේ පිළිබඳ පසුගිය දශක දෙකෙහිදී සිදු කෙරුණ පර්යේෂණ ප්‍රමාණය අති විශාලයි. ඒ අනුව පිළිකා වලක්වන ශාක ආහාර වර්ග 40 ක් පමණ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. ගෝවා කුළයේ එළවලු වන බ්‍රොකොලි, කෝලිෆ්ලවර්, බ්‍රසල්ස්ප්‍රවුට� �ස්, ගෝවා යන එළවලු; කැරට්, සෙලරි, පාස්ලි, කොත්තමල්ලි කොළ, උළුහාල් ආදී එළවලු සහ ඖෂධ පැලෑටි; වෙනත් එළවලු සහ පළතුරු වර්ග වන දොඩම්, තක්කාලි, පිපිඤ්ඥා, මිදි, බෙරි වර්ග ආදිය; බෝංචි, සෝයා බෝංචි; රතුහාල්, යවහාල් සහ බාර්ලි වර්ග; සහ විවිධාකාර කුළුබඩු වර්ග වන සුදුළූණු, රතුළූණු, ඉඟුරු, කහ, සහ රෝස්මෙරි, තයිම්, ආදී ඖෂධ පැලෑටි වර්ග මේ සුපිරි ආහාර ගණයන්ට අයත් වෙනවා.

    මේ ආහාර වල පිළිකා වලක්වන රසායනික වන කැරොටිනොයිඩ, ෆ්ලේවනොයිඩ, අයිසොතයෝසයනේට, අයිසෝෆ්ලේවෝන, එලෙජික් අම්ලය, ග්ලූකරේට, කුකර්මින්, ලිමිනොයිඩ්, ලිග්නන්, ෆීනොලික අම්ල, තැලීඩ්, සැෆොනීන්, ෆයිටොස්ටෙරෝල්, සල්ෆයිඩ, ටර්පිනොයිඩ, ආදී විවිධාකාර සංයෝග රාශියක් අඩංගු වෙනවා. මේ නිසා මේ ආහාරවල අඩංගු මේ සංයෝග පිළිකා කාරක ද්‍රව්‍ය හා සටන් කර ඒවායින් ඇති කරන මුක්ත ඛණ්ඩ හා ක්‍රියා කර මුක්ත ඛණ්ඩ විනාශ කරනවා. මේ නිසා පිළිකා සෑදීමේ අවදානම අඩු වෙනවා. මේ ආහාර වල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) අඩංගු යැයි කියන්නේ මේ නිසායි.

    හෘද රෝග – Heart Disease

    නිතිපතා එළවලු පළතුරු ආහාරයට ගැනීම මඟින් හෘද රෝග වැළඳීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තිබෙනවා. ඉතාලි ජාතිකයින් 47,000 ක් යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ වැඩියෙන් එළවලු අනුභව කළ අයගේ හෘද රෝග වැළඳීමේ ප්‍රතිශතය සියයට 21 කින් අඩු වී ඇති බවත්, පපුවේ මහන්සිය – රිදීම වැනි රෝගයන් සියයට 11 දක්වා අඩු වී ඇති බවයි. බ්‍රිතාන්‍යයේ පැවැත්වූ තවත් පර්යේෂණයකින් අනාවරණය වූයේ නැවුම් පළතුරු වැඩිපුර ආහාරයට ගන්නා අය හෘදරෝග වලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 24 කින් සහ මස්තිශ්ක වාහිනී පිපිරීමෙන් මිය යන (ආඝාතය – stroke) ප්‍රවණතාවය සියයට 32 කින් ද අඩු වී ඇති බවයි. එසේම අමු එළවලු වලින් සැදි සැලඩ් දිනපතා ආහාරයට ගන්නා අය ද හෘදරෝගවලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 36 කින් අඩු වන බව සොයාගෙන තිබෙනවා.

    තවත් පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ දීර්ඝකාලීනව මස් මාංශ ආහාරයට ගන්නා අයට වඩා කිරි සහ බිත්තර සහිතව නිර්මාංශ ආහාර ගන්නා අය රුධිර වාහිනී ආශ්‍රිත හෘද රෝග වලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 24 කිනුත්, පරිපූර්ණ නිර්මාංශ (vegan) ආහාරයට ගන්නා අය සියයට 57 කිනුත් අඩු වන බවයි.. එනම් නිර්මාංශිකයින් හදිසි මරණවලට ගොදුරු වීමේ අවදානම අඩු බවයි. එසේ වන්නේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නිර්මාංශ ආහාර මගින් දැඩි සේ පාලනය වීම නිසා එසේ අකල් මරණයනට ගොදුරු වීම අඩු වෙනවා.

    ආඝාතය සහ දියවැඩියාව (Stroke and Diabetes)

    දීර්ඝකාලීන පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු අනුව නිර්මාංශ ආහාර ගන්නා අයට සහ විශේෂයෙන්ම නොපිසූ නිර්මාංශ ආහාර (Raw Vegan Diet) ගන්නා අයට දියවැඩියාව සහ ආඝාතයන් වැළඳීමේ බ්‍රවණතාවය බොහෝ අඩු බව සොයාගෙන තිබෙනවා. මේ අනුව මාංශ සහිත ආහාර ගන්නා අය නිර්මාංශිකයින්ට වඩා 20 -30 % වැඩි ප්‍රමාණයකින් ආඝාතයන් නිසා මරණයට පත් වීමට හැකි අතර නිර්මාංශිකයින්ගේ රුධිර පීඩනය ද ක්‍රමවත්ව පවත්වාගෙන යාම පහසු බව සඳහන්.නිර්මාංශිකය� ��න් අධික තරබාරුකමින් නොපෙළෙන අතර බොහෝ විට සතුටින් සිටින කාණ්ඩයක්.. ධාන්‍ය සහ ඇට වර්ග අධිකව ආහාරයට ගන්නා නිර්මාංශිකයින්ට දියවැඩියාව වැළඳීම අඩු බවත් සොයාගෙන තිබෙනවා. එසේම දියවැඩියාව සහ හෘද රෝග යන බෝ නොවන මාරාන්තික රෝග දෙකම ආහාර පාලනය මගින් වලක්වාගැනීම පහසු බව ආහාර විශේෂඥයින් පවසනවා.

    ඉතින් මේ දක්වා ඇත්තේ නිර්මාංශ වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිපල කිහිපයක්. එසේම නිර්මාංශ වීමෙන් තවත් සතෙකුගේ ජීවිතයක් ද නොනසා ඉතිරි කරගන්නත් පුළුවනි. නිර්මාංශිකයින් බොහොම සතුටින් ජීවත් වන සැහැල්ලු ජීවිත ගත කරන එසේම ආවේගයන් නොදරන පාලනය කරගත් මනසක් සහිත පුද්ගලයින්… මේ අය අතින් වැරදි සිදු වනවා බොහොම අඩුයි. මක් නිසාද යත්, නිර්මාංශ වීමට ඉතා ඉහළ මානසික පාලනයක් තිබිය යුතුයි. මේ නිර්මාංශ ආහාර පුරුදු ගැන ඔබට කියන මමත් ඉඳලා හිටලා හෝ කුකුළු මස් කැබැල්ලක රස බලනවා. මට වුවත් ඒ මානසික පාලනය ඇති කරගන්න තවමත් අමාරුයි…

    ඉතින් ඒ විතරක් නොවෙයි. නිර්මාංශ වීම පොකට් එකටත් හොඳයි.. ඒ කෙසේ වුවත්, මේ නිර්මාංශ ආහාර වස විස නැති රසායනික පොහොර සහ රසායන ද්‍රව්‍ය නොයෙදූ නිර්මාංශ ආහාර වනවා නම් ඉතාම හොඳයි. කෙතරම් නිර්මාංශ වුවත්, ඒ එළවලු පළතුරුවල ඇත්තේ වසවිස නම්, ඒ නිර්මාංශ වීමෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ… ඒ නිසා තමන්ගේ වත්තේ වස විස නොයොදා වගා කරගතහැකි යමක් අමුවෙන් කන්න පුළුවන් නම් එයින් ඇතිවන වාසි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ….

    Rep baraganu lebe...!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113
    දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලින් ලැබෙන උදව්……



    නිර්මාංශිකයින් වර්ග කිහිපයක් සිටිනවා.

    සමහර නිර්මාංශිකයින් මස්, මාළු, කිරි බිත්තර භාවිතයෙන් වැලකෙනවා වගේම සතුන්ගේ සමින් සැදුන කිසිම භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නැහැ. මේ විවිධාකාර කාණ්ඩයන් නිර්මාංශ වීමේ ප්‍රමාණය අනුව කොටස් කිහිපයකට බෙදෙනවා.

    Fruitarians: මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා. එසේම සැකසූ ආහාර (processed foods) පවා භාවිතා කරන්නෙ නැහැ .
    Vegans: මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා.
    Lacto-vegetarians: කිරි ආහාර භාවිතා කළත් බිත්තර පාවිච්චියක් නැහැ
    Lacto-ovo-vegetarians: මස් මාංශ වලින් වැලකුණත් බිත්තර සහ කිරි ආහාරයට ගන්නවා.
    Semi-vegetarians: මාළු සහ කුකුළුමස් වැනි සුදු මස් භාවිතා කළත් රතු මස් භාවිතා කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මේ අය නිර්මාංශ පුද්ගලයින් ලෙස වර්ග කෙරෙන්නේ නැහැ.[/COLOR][/SIZE][/B]


    මමත් වෙජිටේරියන් ඒත් මස් තිබ්බොත් කනවා. එහෙම උන්ට මොකද කියන්නේ?
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බොරු
    ලංකාවෙ කොල්ලො කුරුමිට්ටො වෙන්නෙ ඕකෙන් තමා
    කෙල්ලොන්ගෙ පුකවලුත් නෑ අන්තිමේදි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mamath Vegetarean Chicken,Beef,Pork,Mutton,Turkey ,Lamb wage kisima masak kate ahalakinwath thiyanne ne.E unaata fish ,prawns ,cuttle,fish,crabs ,lobster, scallops, mussels wage ewwa nam kanawa. Ah tawa Wild bore hambunoth :love: Api wage unta mokak da kiyanne?

    P.s : Ethakota mas nathiwa mas hodi kana unta mokakda kiyanne?
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Mamath Vegetarean Chicken,Beef,Pork,Mutton,Turkey ,Lamb wage kisima masak kate ahalakinwath thiyanne ne.E unaata fish ,prawns ,cuttle,fish,crabs ,lobster, scallops, mussels wage ewwa nam kanawa. Ah tawa Wild bore hambunoth :love: Api wage unta mokak da kiyanne?

    P.s : Ethakota mas nathiwa mas hodi kana unta mokakda kiyanne?

    Thopiwage eunta kiyanne ponnayo kiyala
    Konde pahichcha naaki lomba methana gon prashna aha aha podi eka wenna dglnwa.
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    Mamath Vegetarean Chicken,Beef,Pork,Mutton,Turkey ,Lamb wage kisima masak kate ahalakinwath thiyanne ne.E unaata fish ,prawns ,cuttle,fish,crabs ,lobster, scallops, mussels wage ewwa nam kanawa. Ah tawa Wild bore hambunoth :love: Api wage unta mokak da kiyanne?

    P.s : Ethakota mas nathiwa mas hodi kana unta mokakda kiyanne?
    :shocked::oo::confused: