නින්දේදී හුස්‌ම නැවතීමේ රෝගය ගැන දැනුවත්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    නින්දේදී හුස්‌ම නැවතීමේ රෝගය ගැන දැනුවත්

    [FONT=Malithi_Web]නින්දේදී හුස්‌ම නැවතීමේ රෝගය ගැන දැනුවත්ද ?

    [/FONT]

    [FONT=Malithi_Web]fShare

    p17-1.jpg
    මිනිසෙකුගේ මනා කායික සහ මානසික නිරෝගීතාවය සඳහා නිසි පරිදි ප්‍රමාණාත්මක නින්දක්‌ අවශ්‍ය වේ. මෙය සාමාන්‍යයෙන් දිනකට පැය 7 ක පමණ අඛන්ඩ කාලයක්‌ ලෙස සැලකේ. නින්ද, ප්‍රධාන වශයෙන් අඩ නින්ද සහ ගැඹුරු නින්ද ලෙස අවධීන් දෙකකට බෙදා දැක්‌විය හැකිය. මින් ප්‍රමාණවත් ගැඹුරු නින්දක්‌ නිතිපතා ලබාගැනීම මිනිසාට අත්‍යවශ්‍ය වේ. නමුත් මෙම ගැඹුරු නින්දට බාධා කරන සෞඛ්‍යය තත්ත්වයක්‌ බොහෝ දෙනා නොදැන වුව ද තමන් වෙත පැවතිය හැකිය. මෙහිදී සිදුවන්නේ නින්දේදී ශ්වසනයට බාධා වන පරිදි සිරුර ක්‍රියාකාරී වීම නිසා සිරුරට අවශ්‍යය ඔක්‌සිජන් වායුව නිසි පරිදි නොලැබීම හේතුවෙන් රුධිරයේ අඩංගු කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය සාපේක්‌ෂව ඉහළ යැමක්‌ නිසා එකවරම සුළු මොහොතකට ගැඹුරු නින්දෙන් අවදිව තදින් හුස්‌ම ගැනීමක්‌ සිදුවීමයි. තත්ත්aපර ගණනක්‌ පුරා හුස්‌ම ගැනීම නතර වීම හෝ කෙටි හුස්‌ම ගැනීමෙන් අනතුරුව එකවර තදින් හුස්‌ම ගැනීම මෙහිදී දක්‌නට ලැබේ.

    මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ

    1. උගුර තුළ මාංශපේශී ඉහිල් වීම හෝ ශ්වසන මාර්ගයේ වෙනත් අවහිර වීම්.

    2. මොළය මඟින් ශ්වසන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන පේශීන් වෙත නිසි පරිදි උත්තේජන පණිවුඩ ලබා නොදීම.

    3. ඉහත තත්ත්වයන් දෙකෙහිම සංකලනයක්‌

    ශ්වසන මාර්ගය අවහිර වීම බොහෝ දුරට සිදුවන්නේ උගුරේ මාංශපේශීන් නින්දේදී ඉහිල්වීම නිසා එමඟින් ශ්වසන මාර්ගයට යාන්ත්‍රික බාධාවක්‌ සිදුවීමයි. එසේම නාසයේ මස්‌ දලූ පැවතීම, අසාත්මිකතා හේතුවෙන් ශ්වසන පටක ඉදිමීම, සෙම්ගෙඩි විශාල වීම වැනි හේතුන් මත ද ස්‌වසන මාර්ගය අවහිර වීම සිදුවිය හැකිය. එවිට නින්දේදී තදින් ගෙරවීම සිදු වේ. එසේම අක්‍රමවත් ලෙස ශ්වසනය සිදුකෙරේ. තදින් ගෙරවීම සුළු වෙලාවකින් නැවතී, හුස්‌ම ගැනීම ද මඳකට නතර වේ. මඳකින් නැවත සාමාන්‍ය ලෙස හුස්‌ම ගැනීම සිදුවේ එය සිදුවන්නේ ගැඹුරු නින්දෙන් අවදිවීම හේතුවෙනි. නැවත ගැඹුරු නින්දට පත් වනවිට පෙර පරිදිම ගෙරවීම පටන්ගෙන එය උච්ඡ තත්ත්වයට පත්ව පෙර පරිදිම හුස්‌ම ගැනීම නතර වේ. මෙය අවම වශයෙන් පැයකට පස්‌ වරක්‌ හෝ ඊට වැඩියෙන් සිදුවන විට ගැඹුරු නින්දට බාධා වීම සිදුවේ. මෙය බොහෝ විට එම පුද්ගලයාට නිරීක්‌ෂණය නොවන අතර ඔහු නිදනා අවස්‌ථාවේ ඒ අසල සිටිනා අනෙක්‌ අය විසින් නිරීක්‌ෂණය කරනු ලබයි.

    බහුතරයක්‌ දෙනා පීඩාවිඳිනු ලබන්නේ ඉහත කී ස්‌වසන මාර්ගය අවහිර වීමෙන් ඇතිවන රෝග තත්ත්වයෙනි. එසේම ගෙරවීමකින් තොරව ඇතිවන හුස්‌ම ගැනීමේ අපහසුව නිසා නින්දෙන් අවදිවීමට සිදුවීම මොළයේ ස්‌නායුවල ආවේග ගමන් කිරීමේ දුර්වලතාවයක්‌ හේතුවෙන් මෙන්ම සමහර හෘද රෝග නිසා ද ඇති වේ.

    සමහර අයට මෙම හේතූන් දෙකම සංකලනය වීම නිසාවෙන් ද මෙම තත්ත්වය ඇති වේ.

    මෙහි රෝග ලක්‌ෂණ ලෙස හඳුනාගත හැකි වන්නේ

    * නින්දේදී තදින් ගෙරවීම Ö

    නින්දේදී හුස්‌ම ගැනීම මඳකට නතර වීමZ

    * උගුර වියළී හෝ උගුරේ වේදනාව සහිතව නින්දෙන් අවදිවීම Ö

    නින්ද නොයැම

    * එකවරම හුස්‌ම ගැනීමට අපහසු වී නින්දෙන් අවදිවීම

    * උදෑසන පවතින හිසරදය

    * යමකට අවධානය යොමුකිරීමට අපහසු වීම

    * කලබලකාරී ගතිය

    * දිවා කාලයේ අධික නිදිමත ,(සමහර විට දිවා කාලයේ රිය පදවන විට හෝ මෝටර් බයිසිකල් පදවමින් සිටින විට පවා නින්ද යැම නිසා අනතුරුවලට ලක්‌වන අවස්‌ථා දක්‌නට ලැබෙන නමුත් එයට හේතුව මෙම තත්ත්වය බව බොහෝ දෙනෙක්‌ නොදනිති.)

    ශ්වසන මාර්ගය අවහිරවීම හේතුවෙන් ඇතිවන මෙම තත්ත්වයට ගොදුරුවීමේ වැඩි අවධානමක්‌ ඇති අය වන්නේ,

    * තරබාරු පුද්ගලයන්

    * බෙල්ල මහත පුද්ගලයන් (මෙහිදී පිරිමි පුද්ගලයෙකුගේ බෙල්ල වට ප්‍රමාණය අඟල් 17 ක්‌ හෙවත් සෙන්ටිමීටර 43 කට වඩා වැඩිවීමත් කාන්තාවන්ගේ එම ප්‍රමාණය අඟල් 15 ක්‌ හෙවත් සෙන්ටිමීටර 38 කට වඩා වැඩිවීමත් මෙම තත්ත්වයට ගොදුරු වීම සඳහා වැඩි අවදානමක්‌ ඇතිකරයි.)

    * උපතින්ම සිහින් ශ්වසන මාර්ගයක්‌ පිහිටීම හෝ විශාල සෙම් ගෙඩි උගුරේ පැවතීම

    * පිරිමි අයට කාන්තාවන්ට මෙන් දෙගුණයක අවදානමක්‌ පවතී

    * මැදි හෝ මහලු වයස

    * දුම්පානය නිසා සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන් ගුණයක අවදානමක්‌ ඇතිවන්නේ එමඟින් ශ්වසන මාර්ගය තුළ නිරතුරුව ප්‍රදාහයක්‌ ඇතිවීම නිසා වැඩිපුර තෙතමනයක්‌ රැඳීම හේතුවෙනි.

    * මත්පැන් පානය

    * නිද්‍රdකාරක හෝ මනස සන්සුන්කිරීම සඳහා යොදාගන්නා ඖෂධ භාවිතය

    * පවුලේ ලේ ඥාතීන්ට මෙම තත්ත්වය පැවතීම

    * නිරතුරුව අසාත්මිකතාවන්ට ගොදුරුව නාසය තුළ සෙම් තත්ත්වයක්‌ දිගුකාලීනව පැවතීම යන කරුණු දැක්‌විය හැකිය.

    මීට අමතරව මොළයේ ස්‌නායු ආවේගයන් නිසි ලෙස ගමන් නොකිරීම හේතුවෙන් ඇතිවන මෙම තත්ත්වයට වැඩිපුර ගොදුරුවීමේ අවදානමක්‌ ඇත්තේ, මැදි හෝ වයස්‌ගත අය, හෘද අකර්මණ්‍ය වැනි හෘද රෝග ඇති අය, ප්‍රබල වේදනා 0නාශක දිගුකලක්‌ භාවිත කරන අය සහ අංශභාග රෝගයට ගොදුරු වූ තැනැත්තන් හටය සංකූලතා මෙම තත්ත්වය දිගටම පැවතීම නිසා දරුවන් නම් පාසල් වැඩකිරීම දුර්වල වීම සහ කලබලකාරී බවත් අවධානය යොමුකිරීමේ දුර්වල බවත් දක්‌නට ලැබේ. වැඩිහිටියන් ගත්විට ඔවුන්ගේ රුධිරයේ ඔක්‌සිජන් ප්‍රමාණය විටින් විට වෙනස්‌ වන නිසා අධික රුධිර පීඩනය, අක්‍රමවත් ලෙස හෘදය ස්‌පන්දනය වීම, හෘදයාබාද ඇතිවීමේ අවදානම ඉහළ යැම සහ අංශභාග රෝග තත්ත්වයට ගොදුරු වීමේ අවදානම ඉහළ මට්‌ටමේ පවතී.

    මීට අමතරව ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී දියවැඩියාව, රුධිරගත මේදය වැඩිවීම සහ අක්‌මාවේ තෙල් තැන්පත්වීම ආදී රෝගවලට ගොදුරුවීමේ අවදානම ද ඉතා ඉහළය. එසේම ශල්‍යකර්ම කිරීමේදී ලබාදෙන ඖෂධ මඟින් ද සංකූලතා ඇතිවිය හැකි නිසා ශල්‍යකර්මය කිරීමට පෙර මෙම තත්ත්වය ගැන වෛද්‍යවරුන් දැනුවත් කිරීම අවශ්‍ය වේ.

    රෝගය හඳුනාගැනීම

    මේ සඳහා එම පුද්ගලයාට නින්ද ගිය විට ඔහුගේ ශ්වසන විලාසය, වේගය සහ රිද්මය ද රුධිරගත ඔක්‌සිජන් සාන්ද්‍රනය ද හෘදයේ ක්‍රියාකාරීත්වය මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වය ද නින්දේදී අත්පා වල චලනයන් ද රාත්‍රි නින්ද පුරාවටම නිරීක්‌ෂණය කරනු ඇත. එයින් සොයාගන්නා දත්තයන් අනුව සුදුසු ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් ලබාදෙනු ඇත නිදාගන්නා විට නාසයේ හෝ මුඛයේ පැළඳිය හැකි වෛද්‍ය උපකරණ සහ කුඩා ශල්‍යකර්ම පානය කිරීමට හෝ නාසයට විහිදුවන ඖෂධත් මෙම තත්ත්වයට පිළියම් කිරීම සඳහා රෝග තත්ත්වයට අනුරූපව යොදාගනු ලැබේ. කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට නම් සිරුරේ බර ප්‍රශස්‌ත මට්‌ටමේ පවත්වා ගැනීමත් නිරතුරුව ස්‌වායු ශ්වසන ව්‍යායාම කිරීමත් සුදුසුවන අතර පැත්තකට හැරී හෝ මුනින් අතට නිදාගැනීමත් ශ්වසන මාර්ගය අවහිර වීමෙන් වළක්‌වාගැනීමට උපකාරී වේ.

    මීට අමතරව මත්පැන් පානයෙන් සහ දුම්පානයෙන් වැළකීසිටීමත් අත්‍යවශ්‍ය බව තරයේ මතක තබාගත යුත්තකි.

    p17-3.jpg

    [/FONT]
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama danna aya keepa denekma Nindedi maruna. Mohunge podhu lakshanayak thiyenava. SEMA AMARUVA THIYENAVA[SEMA VADI]. GORAVANAVA[SEMA VADI]. GODAK AYA FAT [ EXERCISE KARANNE NAHA].-----------------------------------------------------------NINDEDI MARENNE, SEMA HIRA VELA. HUSMA GANNA TRY EKEDI, HEART WEAK NAM, HEART ATTACK ENAVA.------SO SOLUTION[VISADUMA] ------------ VIYAYAMA[EXERCISE] KALA YUTHUYA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Husma hira una vita, Thaman visinma or vena ayek magin, pita patthen penahalu press kirima.---------or yati bada mirikima.[pita Bitthiye hari happa ganna].
     
    Last edited: