පමාවී හිරු පායන ගමේ අරුම පුදුම හාමුදුරුවෝ
පසුන්හත පළවන්නේ දිනපතා පමාවී ඉරහඳ පායන සහ ඒ ඉරහඳම වේලාසනින් බැසයන ගමක් පිළිබඳවත් බාහිර ලෝකයෙන් තරමක් ඈත්ව ඒ ගම මැද දිවිගෙවන මිනිසුන් පිරිසක් සහ ඔවුන්ගේ ජීවිත දහමින් ආලෝකවත් කරන්නට වෙරදරන හිමිනමක් සම්බන්ධවත් ලියවෙන කථාවක්‌ය.
බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පස්‌සර මැතිවරණ කොට්‌ඨාසයේ ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් එම ගමට ඉතිහාසය විසින් ලබා දී ඇති ග්‍රාම නාමය වන්නේ කොහොනාවලය. නමට ගැලපෙන අයුරින් පොළොව මතුපිටින් අඩි එක්‌දහස් තුන්සියයක් පමණ ගැඹුරින් පිහිටා ඇති කොහොනාවල ජනප්‍රවාදයේ පැවත එන ආකාරයට වසර 300 ක් පැරණි ඉතිහාසයක් සහිතය.
ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙන් අනතුරුව කොහොනාවලට පැමිණෙන එකකුස උපන් සොහොයුරෙක් සහ සොහොයුරියකගෙන් පැවත එන පරපුරකින් ජනාවාස වී ඇති කොහොනාවල ග්‍රාමයේ අද දවසේ දිවිගෙවන්නේද රම්පත් මුදියන්සේලාගේ යනුවෙන් සඳහන් පෙළපත් නාමයෙන් යුත් ගම්වැසියන් පමණක් වීම ඉහත සඳහන් ජනප්‍රවාදය සැබෑවක් බවට පිළිගත හැකි කදිම සාක්‌ෂියක් වී ඇත.
සොබාදහමේ නියමය අනුව සුවිශේෂී භූගෝලීය පිහිටීමත් සහිත කොහොනාවල එකම ලොව "දෙලොවක්" බවට පත්වන්නේ කාරණා කීපයක් මුල් කර ගනිමින්ය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ගම පිහිටා ඇති ආකාරයයි. කොහොනාවලට ළඟාවීම පිණිස කිලෝ මීටර 13 ක් දුර අති දුෂ්කර මාර්ගයක් ඔස්‌සේ ගමන් කළ යුතු අතර ඒ සඳහා වැය වන කාලය පැය දෙකහමාරක්‌ය. ගමට ඉර පායන්නේ උදෑසන 9 ට ආසන්නවත්මය. ඊට ආසන්නතම හේතුව පොළොව මතු පිටින් අඩි එක්‌දහස් ගණනක් පහළින් කොහොනාවල පිහිටා තිබීමත් දැවැන්ත කඳු පන්තීන් සමූහයකින් වට වූ භූමියක ගම පිහිටා තිබීමත්ය. පමාවී පායන හිරු පස්‌වරු 4.00 පමණ වන විට ගම අතැර අවරට යන්නේද ඉහත සඳහන් සොබාදහමේ නියතයට යටත්වය.
මෙතැන් සිට මෙම සටහනේ වැඩි ඉඩක් වෙන් වෙන්නේ ඉහත සඳහන් කොහොනාවල ගමත් එහි වර්තමාන තත්ත්වයත් පිළිබඳ අතුරු කතාවක් සඳහසුන්1න් කිරීම පිණිසය. එම අතුරු කථාව මුල, මැද අග ගලපමින් පවසා සිටින්නේ කොහොනාවලගම දහමින් ආලෝකවත් කිරීම පිණිස වීරිය පාරමිතා පුරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය ඔලබොඩුවේ ධම්මානන්ද හිමියන් විසින්ය.
"මම මුල්ම වතාවට කොහොනාවලට වඩින්නේ 2012 අවුරුද්දේ එක්‌තරා දවසක. පත්තරේක තිබුණ විස්‌තරයක් දැකල මම යන්නෙ ගම බලල එන්න. එහෙම ගිය වෙලාවෙ තමයි ගමේ උපාසක අම්ම කෙනෙක් කිව්ව අපේ ගමට හාමුදුරුකෙනෙක් නෑ වඳින්න පුදන්න පන්සලක් නෑ කියලා. හොයල බලනකොට කාරණාව ඇත්ත. ඒ ගමේ මිනිස්‌සු කවදාවත් පාංශකූලයක් දීල නෑ. හේතුව තමයි පිට ගමක ඉඳල ස්‌වාමින් වහන්සේලා වැඩම කළොත් එක දවසින් ගමට ගිහින් එන්න බෑ. ගමන ඒ තරම් දුෂ්කරයි දුරයි. එදා මම තීරණය කළා මගේ පැවිදි දිවිය ඒ ගම වෙනුවෙන් කැප කරන්න ඕන කියලා. මුළු ගමටම තියෙන්නෙ ගෙවල් තිස් හතයි. ඒ ගෙවල් තිස් හතේ පවුල් හැටපහක් ජීවත්වෙනවා. මුළු ජනගහනය දෙසීය පනහයි. ඒ දෙසිය පනස් දෙනා අතර ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනා සේවය කරන්නෙ ගමේ ඉස්‌කෝලෙ.
ඉස්‌කෝලෙටම ළමයි ඉන්නෙ දාහත් දෙනයි. ගමේ ඉන්න තවත් වැදගත්ම පුද්ගලයා තමයි වෙද මහත්තයා. ගමේ ඇත්තන්ට වැළඳෙන ඕනම අසනීපයකට වෙදකම් කරන්නෙ වෙද මහත්තයා. ගමේ කාට හරි අසනීපයක් හැදුනොත් ඒකට කියන්නෙ "යක්‌කු වහල" කියලා. යාතු කර්මයක් කරල නූලක් ගැට ගහනවා."
2012 වර්ෂයේ පළමු වරට කොහොනාවලට වැඩම කරන ඔලබොඩුවේ ධම්මානන්ද හිමියන් ගමත් ගම්වැසියනුත් පිළිබඳ පැහැදුන සිතින් කෙටි කලක් ඇතුළත නැවත කොහොලානට වැඩම කරන අතර එවර උන්වහන්සේ පිටත්ව ගොස් ඇත්තේ එහි නතරව වැඩවාසය කිරීමේ තිර අදිටනින් යුතුවය. මම නැවත කොහොලානට යන්නෙ 2013 වර්ෂයේදී පාත්තරයයි සිවුරු දෙකයි අරගෙන. ගමට ගිහින් අවුරුද්දක් විතර ගමේ ප්‍රජා ශාලාවේ නතර වෙලා ඉඳන් වැඩකටයුතු කරනවා.
ඔහොම ඉන්න අතරේ නගරයෙන් පත්තරයක් ගෙන්න ගෙන එක එක සමාගම්වලට ලිපි ලියල පන්සලක් ගොඩනගන්න උදව් උපකාර ඉල්ලනවා. සමහර ආයතන ඒ සඳහා පොඩි පොඩි ආධාර කරනවා. ඒ අතර රෝහන මැණික් අධිපතිතුමා ගමට ජෙනරේටරයක් දෙනවා. ඔය අතරතුර මම කරන්නෙ ගල්කඩන එක. මේ අත් දෙකෙන් ලොරි හතර පහක ගල් කඩල ඇති. ඒ වැඩවලට මම ගමේ ඇත්තන්ව දායක කරගන්නෙ පෝය දවසට විතරයි. මොකද ඒ මිනිස්‌සු දිනපතාම කුලී වැඩ කරන්නෙ. ඒකටත් කිලෝ මීටර් දහයක් පහළොවක් පයින් යන්න ඕන. ඒ පළාතෙ හැටියට දවසෙ කුලිය රුපියල් පන්සීයයි. ඊට අමතර ආදායමක් කියලා තියෙන්නෙ කිතුලක් දෙකක් මැදල පැණි ටිකක් හදල මඩොල්සිම නගරයට ගිහින් විකුණනව එහෙම නැත්නම් කොස් ගෙඩියක් වරක ගෙඩියක් නගරයට අරන් ගිහින් කීයකට හරි විකුණගන්න එක විතරයි."
දුප්පත්ව ඉපිද දුප්පතුන් ලෙස මිය යැමට නියමිතව සිටි කොහොනාවල ගම් වැසියන්ගේ ජීවිත අපේක්‍ෂාවන්ට ජීවය දුන් පූජ්‍ය බලබොඩුවේ ධම්මානන්ද හිමියන්ගේ අප්‍රතිහත ධෛර්ය විසින් මේ වන විටත් කොහොනාවල ගම් වැසියන්ට පමණක් නොව එතෙක් කලක් හුදකලාවේ පසු වූ කොහොනාවල ගමටද මේ වන විට උදාවී ඇත්තේ තරමක් දුරට හෝ යහපත් කල දසාවක්‌ය. එහි වර්තමාන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ පූජ්‍ය ඔලබොඩුවේ ධම්මානන්ද හිමියෝ.
සුන්4
"මගේ ලොකුම හීනය වෙලා තිබුණේ ගමේ මිනිස්‌සුන්ට වැඳුම් පිදුම් කරන්න පන්සලක් ගොඩනගන එක. ඒ කටයුත්ත සාර්ථක කරගන්න නොවිඳිනා දුක් වින්ද. සාමාන්‍යයෙන් කෙනෙකුට බරක් කරේ තියාගෙන ගමට යනවා නම් එහෙම ගෙනියන්න පුළුවන් වෙන්නෙ කිලෝ දහයක පහළොවක බරක් විතරයි. ඒ තරමටම ගමට යන ගමන දුෂ්කරයි. මම සිමෙන්ති කොට්‌ටෙ කඩල හතර පස් වතාවකට කරේ තියාගෙන යනව. බ්ලොක් ගල් ටික ගහගන්නවා. පාන්දර හතරට අවදිවෙලා වැඳුම් පිදුම් කරල වැඩ පටන් ගත්තම පැය හතර පහ එක දිගට වැඩ කරනවා. ඔහොම කරල කොහොම හරි පන්සල ගොඩනැඟුවා. ගමේම දරුවො දෙන්නෙක්‌ව මහණ කළා. පිට පළාත්වල දරුවො තුන් දෙනෙක්‌වත් මහණ කළා. දැන් පුංචි ස්‌වාමින්වහන්සේල පස් නමක් පන්සලේ වැඩ වාසය කරනවා."
"මම ගමට වැඩම කළාට පස්‌සෙ ඉතිහාසයේ පළමු වතාවට පංශුකූලයක් දුන්නෙ 2017 අවුරුද්දෙ කිරිබණ්‌ඩ මුත්ත කියන පුද්ගලයගෙ අවසන් කටයුතු කරපු දවසෙ. ඒ වෙනකම් ගමේ අය පාංශුකූලයක් දැකල තිබුණේ නෑ. මේ ගමේ තියෙන තව විශේෂත්වයක් තමයි හුඟ දෙනෙක් පරමායුෂ වින්දනය කිරීම, කොල්ලු, කුරහන්, අල බතල කන හින්ද වස විස කැවෙන්නෙ නෑ. ගහමරා ගැනීම් ඇනකොටා ගැනීම් නෑ. ගමේ කාටවත් විරුද්ධව පොලිස් පැමිණිල්ලක්‌වත් නෑ. ගමේ ඉන්න දරු දැරියන් අධ්‍යාපනය ලබා ගන්න ගමේ පාසලට එන්නෙ දාහත් දෙනයි. මොකද පහ වසර දක්‌වා පමණයි පාසලේ උගන්වන්නෙ. අධ්‍යාපනය හදාරන මුළු ළමයි සංඛ්‍යාව හතළිස් හතරක් ඉන්නවා. ඉතිරි පිරිස අධ්‍යාපනය ලබන්නෙ ගල්ඔළුව විද්‍යාලයෙන්. පාන්දර හතරට පන්දම් පත්තු කරගෙන ඒ ළමයි ගෙවල්වලින් පිටත් වෙනවා. පන්සලට දාන 12 ක් තියෙනවා. මොකද ගමේ වැඩි දෙනෙක් කුලී වැඩ කරන හින්ද ඒ අයට දානය දෙන්න තරම්වත් වත්කමක් නැහැ. ඊට අමතරව කොළඹින් දාන හතරක් තියෙනවා. කොළඹින් මඩොල්සිම බස් එකට දානකළමනා ටික දුන්නම ඒ බඩු ටික මඩොල්සිම පොලිසියට ගිහින් දෙනවා. ගමේ දායක මහත්තයෙක් යවල ඒ බඩු ටික ගෙන්න ගෙන එහෙම දවසට මම දානය පිළියෙල කර ගන්නවා."
ඔලබොඩුවේ ධම්මානන්ද හිමියන්ට අපත් සමඟ පැවසීමට තවත් කරුණු කාරණා බොහෝ ඇත. එහෙත් උන්වහන්සේ පවසා සිටින්නේ එය විත්ති කථා රාශියකින් සමන්විත බැවින් ඒ සඳහා දිගු වේලාවක් ගතවන බවක්‌ය. අවසන් වශයෙන් උන්වහන්සේ විසින් මේ රටේ කාරුණික මිනිසුන්ගෙන් බැතිබර ඉල්ලීමක් සිදු කරන්නට විය. එය උන්වහන්සේගේම වචනයෙන් සඳහන් කළොත් පහත පරිදිය.
"දැන් පන්සලේ වැඩවලින් 75% ක් නිම කරල ඉවරයි. කොළඹ ඉන්න පින්වත් පිරිසකගෙ ආධාරයෙන් බුදු පිළිම වහන්සේ නමක් පන්සලට ලැබුණා. මේ වන විටත් ඒක පෙරහැරකින් ගමට වැඩමවාලනවා. කතරගම කිරිවෙහෙර වහන්සේ වන්දනාමාන කරල බාර හාර ඔප්පු කරල තමයි පිළිමය පන්සලට වඩමවාලන්නෙ. දැනට පන්සලේ තිබෙන අඩුපාඩු අතර දානශාලාවක් නෑ. සංඝාවාසයේ ඉදිකිරීම් සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය උළුවහු ජනෙල් දොරවල්වල අඩුවක් පවතිනවා. ඊට අමතරව ප්‍රමාණවත් වැසිකිළි කැසිකිලි පහසුකම් නැහැ. ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න පින්වත් කවුරු හරි අපට උදව් උපකාර කරනවා නම් ඒක මහඟු පිංකමක් වෙනවා."
සුන්2කොහොනාවල ධර්මාරාම විහාරස්‌ථානාධිපති ඔලබොඩුවේ ධම්මානන්ද හිමියන් යනු නාගරිකව අත්විඳිය හැකි උපභෝග පරිභෝග සැප සම්පත් අත්හැර අති දුෂ්කර ශාසනික ජීවිතයකට පිළිපන් සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්‌ය. මැසි මදුරු උවදුරු මැද ගමක් දහමින් අස්‌වැද්දීම පිණිස වීරිය පාරමිතා පුරන්නෙක්‌ය.
එබැවින් උන්වහන්සේගේ කාරුණික ඉල්ලීම කෙරෙහි සංවේදීවීම ඔබ අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්‌ද විය යුතුය. නිහඬව පින් පුරන මිනිසුන්ගේ නොමසුරු දායකත්වය උන්වහන්සේ වෙත හිමිවිය යුත්තේ බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය පරිදි "බහුජන හිතසුව පිණිසමය" යන්න බව ඔලබොඩුවේ ධම්මානන්ද හිමියන් මේ මොහොත වන විටත් ප්‍රායෝගිකව ඔප්පු කරමින් පවතින බැවින්ය.
ඔබගේ පින්වත් ආධාරය ලබා දිය යුතු ගිණුම් අංකය 116200140063593 මහජන බැංකුව - මඩොල්සිම.
ඉරිදා දිවයින පුවත්පත ඇසුරෙනි