වාහනේ සර්විස් කරගන්න හොඳම ප්ලේසස් 12ක්ම

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහනේ සර්විස් කරගන්න හොඳම ප්ලේසස් 12ක්ම

    වාහනයක් ගන්න එක අපි හැමෝගෙම හීනයක් කියන එක අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. අපි කොහොම හරි වාහනයක් ගත්තම කියමු. අන්න මහත්තයෝ එතන හිටං තමයි ගේම පටන් ගන්නේ. සර්විස් කරන්න, ක්ලීන් කරන්න, ටයර් මාරු කරන්න එක එක වැඩ කෝටියයි. එහෙම වාහනයක් අරගෙන සර්විස් එකක් දාලා තමන්ගේ හිතට දැනෙන විදියට වාහනේට සැපක් දෙන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න අපේ අනිවා රිඩර්ස්ලා හරි කැමතියි කියලා අපි දන්නවා.

    ඉන්ට්‍රෝ එකේ වැඩිපුර ඉන්නේ නැතුව අපි හෙමීට ඒ අදහස් හිතේ තියාගෙනම ෆස්ට් එකේ වාහනේ බස්සමු අපේ සර්විස් ප්ලේස් ලිස්ට් එකට එහෙනම් නේද?
    :love::love::love::love::love::love::love::love::love:


    1. Kleen Park
    Vehicle Service Spots
    Source – kleenpark.com
    වාහන පිරිසිදු කිරීමේ ප්‍රවීණයන් වෙන Kleen Park ආරම්භ වෙන්නේ වසර 1988 දී ඒ ආයතනයේ හිමිකරු වන රන්ජන් රත්නසේන මහතා අතින්. Auto Detailing services ලංකාවට හඳුන්වා දීමේ ප්‍රමුඛයෙක් ලෙස ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්. Kleen Park ආයතනයෙන් වාහනයේ ඇතුලත පිටත කල යුතු සියලුම ආකාරයේ පිරිසිදු කිරීම් සිට ලිහිසි තෙල් මාරු කිරීම දක්වා සියලුම ආකාරයේ කටයුතු ඔබට එකම වහලක් යටින් කරගන්නට හැකියාව තිබෙනවා.

    TIP :

    යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.
    දුරකථනය : +94 114 512 612
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට සෙනසුරාදා උදේ 08:00 – සවස 05:00 දක්වා
    ලිපිනය : 37, වාසල පාර, දෙහිවල.
    ශාඛා : දෙහිවල , ජා ඇල, බොරලැස්ගමුව, ක්‍රෙස්කැට්
    වෙබ් අඩවිය : http://www.kleenpark.com/





    2. Carepoint
    Vehicle Service Spots
    Source – carepoint.lk
    කෙයා පොයින්ට් වෙතට වාහනයක් එකවරක් පැමිණියොත් ඔවුන් නැවත වෙන සේවා ස්ථානයක් වෙත යන්නේ නැහැ, ඔවුන් ඒ තරමට තමන්ගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව සහ කැමැත්ත ගැන සොයා බලනවා. ලොව ඇති හොඳම පිරිසිදුකාරක උපක්‍රම සහ උපාංග යොදාගනිමින් ඔබේ අවශ්‍යතාව මැනවින් තේරුම් ගන්නා කෙයා පොයින්ට් කාර්ය මණ්ඩලය, ඔබ සේවා සඳහා රැගෙන යන වාහනය නැවත ඔබට දෙන්නේ අලුත්ම වාහනයක හැගීම සිතට දැනෙන පරිදි වීම විශේෂත්වයක්.

    TIP :

    යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.


    දුරකථනය : +94 114 422 855
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 08:00 – සවස 06:00 දක්වා
    ලිපිනය : රියලිටි ප්ලාසා, ජාඇල.
    ශාඛා : ජා ඇල, මීගමුව, තලවතුගොඩ, නුගේගොඩ, මහරගම, වත්තල, ඇතුල් කෝට්ටේ
    වෙබ් අඩවිය : http://www.carepoint.lk/

    https://www.google.lk/search?q=care...5&tbs=lrf:!2m1!1e2!2m1!1e3!3sEAE,lf:1,lf_ui:2



    3. Automiraj
    Vehicle Service Spots:cool::cool::cool:
    Source – automiraj.lk
    වසර 1994 සිට සියලුම ආකාරයේ වාහන සේවාකිරීමේ ප්‍රවීණයින් වෙන ඔටෝ මිරාජ් ආයතනයට, ඔවුන් සතු විහිදුණු ශාඛා ජාලය නිසා බොහොම පුළුල් සේවාවක් ලබාදෙන්නට හැකියාව ලැබිල තිබෙනවා. කාර්යක්ෂම සේවක පිරිස, නව දැනුමින් යවත්කාලීන වීම. ඔබේ අවශ්‍යතාව සැනෙකින් තේරුම්ගෙන ඊට ක්ෂණික විසඳුම් ලබාදීම වගේ කාරණා නිසා ඔබට බොහොම පහසු මිල ගණන් යටතේ ඔවුන්ගේ සේවා ලබාගන්නට හැකියාව ලැබෙනවා.

    TIP :

    යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.
    HSBC ණය පතක් ඇතිනම් ඔබ ලබාගන්නා සේවා වලට මාස තුනක් දක්වා පහසු ගෙවීමේ කාලයක් ලබාගන්න පුළුවන්.


    දුරකථනය : +94 115 742 218 / +94 115 766 041
    ලිපිනය : 66 අත්තිඩිය පාර, රත්මලාන.
    ශාඛා : අත්තිඩිය, දෙමටගොඩ, බේස් ලයින්, කටුබැද්ද, මහරගම, මොරටුව, ගල්කිස්ස, නාවල, පානදුර, පැපිලියාන, රත්මලාන, බණ්ඩාරවෙල, ගම්පොල
    වෙබ් අඩවිය : http://www.automiraj.lk/



    අනිවා Auto Insider Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address




    4. Laugfs Car Care
    Vehicle Service Spots
    Source – laugfscarcare.lk
    ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගම් වලින් එකක් වෙන ලාෆ්ස් සමාගමේ රථවාහන අංශය ආරම්භ වෙන්නේ ඔවුන් ඉන්ධනහල් පිහිටුවන්නට මුලික වුනු අවස්ථාවේ සිටමයි. ලිහිසිතෙල් මාරුකිරීම, එන්ජිම පිරිසිදු කිරීම, ලෙදර් ආසන සේවා කිරීම, දිරුම් අලුත්වැඩියාව, රේඩියේටර් ද්‍රාවණ මාරු කිරීම, ස්කෑන් කිරීම වැනි සේවාවන් නව තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බැවින්. හදිසියකට හෝ ලාෆ්ස් වෙත යාමට දෙවරක් කල්පනා කලයුතු වන්නේ නැහැ.

    TIP :

    යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.


    දුරකථනය : +94 11 556 8080
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට සිකුරාදා උදේ 09:00 – සවස 05:00 දක්වා
    ලිපිනය : නො. 101, මායා මාවත, කොළඹ 6
    ශාඛා : දෙහිවල, මීගමුව, ඔරුගොඩවත්ත, හැව්ලොක්, මහරගම, කොහුවල, කොස්වත්ත, කිරුලපන, කුරුණෑගල.
    වෙබ් අඩවිය : http://www.laugfscarcare.lk/

    https://www.google.lk/maps/place/LA...8cc196d3ce055d7f!8m2!3d6.8856708!4d79.8657185



    5. BMS Service Center
    Vehicle Service Spots
    Source – bms.about.lk
    තලංගම බත්තරමුල්ල ආසන්නයේ පිහිටා ඇති සුවිශේෂී පිරිසිදු කිරීමේ සේවයක් ලබාදෙන ස්ථානයක් වෙනවා නම් ඒ BMS ආයතනය හැරෙන්නට වෙන කිසිවක් නෙවෙයි. ලිහිසිතෙල් මාරුකිරීම, එන්ජිම පිරිසිදු කිරීම, රේඩියේටර් ද්‍රාවණ මාරු කිරීම, වැක්සින්, බඳ සේදීම් වැනි සේවාවන් බොහොම ඉක්මනින් ලබාගැනීමේ හැකියාවක් තිබෙන අතර ඒ සඳහා ඔවුන් අයකරන මිල ගණන් බොහොම සාධාරණ බවත් කියන්න ඕනේ.

    TIP :

    වෙලාව ගැටළුවක් නැහැ, විවෘතව ඇති ඕනෑම වෙලාවක පහසුවෙන් ඔබේ සේවා ඉටු කරගන්නට හැකියි.

    දුරකථනය : +94 773 242 542
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට සෙනසුරාදා උදේ 08:30 – සවස 05:30 දක්වා
    ලිපිනය : 400, තලංගම උතුර, තලංගම.
    ශාඛා : නැත

    වෙබ් අඩවිය : http://www.bms.about.lk/





    6. Savonta Service Center
    Vehicle Service Spots
    Source – facebook.com/SavontaServicesPVTLtd
    රත්නපුර සිට අවිස්සාවේල්ල බලා යන කෙනෙකුට තමන්ගේ වාහනය සේවා කරගන්නට තිබෙන හොඳම තැන කියලා බයනැතිව කියන්නට පුළුවන් හොඳම තැනක් තමයි සැවොන්ටා. බඳ පිරිසිදු කිරිම්, වාහන ඇතුලත පිරිසිදු කිරීම් සහ සියලුම ආකාරයේ ලිහිසිතෙල් ෆිල්ටර් මාරු කිරීමේ සේවා මෙතනින් බොහොම පහසුවෙන් ලබාගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සේවාව බොහොම ඉක්මන් බවත් අනිවා කියන්නම ඕනේ.

    TIP :

    වෙලාව ගැටළුවක් නැහැ, ඕනේ වෙලාවක පහසුවෙන් ඔබේ සේවා ඉටු කරගන්නට හැකියි. ගිහින් දුශාන්ත හෝ කාංචනව අසා සිටින්න.


    දුරකථනය : +94 362 233 677

    ෆුල් සර්විස් එකක් සඳහා අයකිරීම : රු.7000.00 සිට ඉහලට
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 7:00 – සවස 05:00 දක්වා
    ලිපිනය : 255 B/1, ගැටහැත්ත , රත්නපුර පාර
    ශාඛා : ශාඛා නැත.
    වෙබ් අඩවිය : https://www.facebook.com/SavontaServicesPVTLtd/





    7. Drive & Shine
    Vehicle Service Spots
    Source – facebook.com/DriveAndShineService
    ඩ්‍රයිව් ඇන්ඩ් ෂයින් කියන්නෙ බත්තරමුල්ල ප්‍රදේශයේ තියෙන තවත් සුපිරි වාහන සේවා ස්ථානයක්. වාහන ඔප දැමීම, සර්විස් කිරිම වැනි සේවා සියල්ලක්ම එකම වහලක් යටින් කරගන්නට හැකි මෙහි විශේෂත්වය වන්නේ පවතින ඉඩ නිසිලෙස කළමනාකරණය කරමින් සෑම සේවාවක්ම බොහොම පහසුවෙන් කරදෙන්නට ඔවුන් ක්‍රියාකරන ආකාරයයි.

    TIP :
    :yes::yes::yes::yes:
    යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.


    දුරකථනය : +94 117 245 445 / +94 726 200 200
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 7:00 – සවස 08:00 දක්වා
    ලිපිනය : 1116, තලංගම දකුණ, බත්තරමුල්ල
    ශාඛා : ශාඛා නැත.
    වෙබ් අඩවිය : https://www.facebook.com/DriveAndShineService/





    8. Doctor Auto
    Vehicle Service Spots
    Source – facebook.com/Doctorautosl
    ඩොක්ටර් ඔටෝ වාහන හිමිකරුවන් අතරේ වඩා ජනප්‍රිය වෙන්නේ ඔවුන් සතු විශේෂඥ දැනුමින් යුතු වාහන ඩීටේලින් සර්විස් එක නිසයි. ඒ වගේම ලිහිසිතෙල් මාරුකිරීම, හෙඩ් ලයිට් පිරිසිදු කිරීම, EFI පිරිසිදු කිරීම වගේ සේවාත් ඔවුන් සපයනවා, විශේෂයෙන්ම හයිබ්‍රිඩ් වාහන සඳහාත් ඔවුන් සිය සේවා ඒ අයුරින්ම සපයන බව ඔවුන්ගේ මුහුණු පොත් පිටුව පවසනවා.

    TIP :

    සර්විස් එකට පස්සේ අතේ වැඩිපුර මුදල් තිබෙනවා නම් ඩීටේලින් පාරක් දාගන්න පුලුවන්නම් මරු.


    දුරකථනය : +94 112 854 994
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා දක්වා
    ලිපිනය : 11/3B, සුනේත්‍රාදේවි පාර, කොහුවල, කොළඹ
    ශාඛා : ශාඛා නැත.
    වෙබ් අඩවිය : https://www.facebook.com/pg/Doctorautosl/





    9. Platinum Auto Spa
    Vehicle Service Spots
    Source – platinumautospa.lk
    තමන්ගේ වාහනයේ යම් සේවාවක් සම්බන්ධයෙන් ඔබ සිතනවා නම් ඒ සිතන සේවා සියල්ලක් ම මෙතන තිබෙනවා කියලා නම් අපිට අනිවා ෂුවර්. මුළු ආයතනයේ කෙරෙන සේවා අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරලා දක්වන්න හැකියාව තිබෙනවා. ඒ Auto Spa , Service & Repair සහ Body Shop වශයෙනුයි. ඒ අනුව ඔබට වාහනය සාමාන්‍ය සේදීමක සිට අලුත්වැඩියා කිරීම් පමණක් නොව වාහනයට අලුතින් තීන්ත ආලේප කිරීම දක්වා සියලුම සේවා එකම වහලක් යටින් කරගන්නට බොහොම පහසුවෙන් මේ අපුරු සේවා ස්ථානයේදී හැකියාව ලැබෙනවා.

    TIP :

    ඒවාගේම carmudi.lk සමග එක්කාසු වී ඔවුන් සාමාජිකපත් නිකුත් කිරීමේ වැඩක් ආරම්භ කරලා තියෙනවා. ඔබටත් Platinum Auto Spa හි සාමාජිකයෙක් වීමෙන් බොහෝ වාසි අත්විඳින්නට හැකිවේවි.


    දුරකථනය : +94 112 150 411
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 7.00 සිට සවස 7.00 දක්වා
    ලිපිනය : 251, දෙහිවල පාර, බොරලැස්ගමුව
    ශාඛා : ශාඛා නැත.
    වෙබ් අඩවිය : http://www.platinumautospa.lk/





    10. Mint Auto City;););)
    Vehicle Service Spots
    Source – mintautocity.com
    සියලුම ආකාරයේ වාහන සේදුම් කිරීම් කරන ආයතනයක් ඔබ සොයනවා නම් ඔබ යා යුත්තේ මින්ට් ඔටෝ සිටි වෙතයි. හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, සහ අනෙකුත් වාහන වර්ග සියල්ලම මෙහිදී විශේෂිත සුපරික්ෂාවන් යටතේ පිරිසිදු කිරීම් කරන අතර ඒවාට අවශ්‍ය අලුත්වැඩියා කටයුතුත් ඔබට මින්ට් ඔටෝ සිටි තුලින්ම කරගත හැකි වෙනවා.

    TIP :

    ඔවුන් EV මෝටර් වාහන සඳහා විශේෂිත සේවා සපයන බව සඳහන්. විශේෂයෙන් Nissan Leaf වාහන සඳහා ඔවුන්ගේ සේවය අද්විතීය බව සඳහන් වෙනවා.


    දුරකථනය : +94 714 776 776
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 9.30 සිට සවස 6.30 දක්වා
    ලිපිනය : 572, නුවර පාර, පට්ටිය හන්දිය, පෑලියගොඩ, කැළණිය
    ශාඛා : ශාඛා නැත.
    වෙබ් අඩවිය : http://www.mintautocity.com/





    11. Hybrid Hub
    Vehicle Service Spots
    Source – hybridhub.lk
    ඉහත කියපු සියලුම ආකාරයේ වාහන සේදුම් ස්ථාන වලට වඩා හයිබ්‍රිඩ් හබ් ආයතනය විශේෂ වෙන්නේ එක හේතුවක් නිසා. ඒ තමයි අප සතුව තිබෙන්නේ හයිබ්‍රිඩ් වාහනයක් නම්, එයට අවශ්‍ය කරන සියලුම ආකාරයේ සැලකුම් මෙතනින් ලබා ගන්නට හැකියාව තිබෙන නිසා. වාහන පිරිසිදු කිරීමෙන් නොනැවති වාහනයේ සියලුම අලුත්වැඩියා කටයුතුත් මෙතනින්ම කරගන්නට පහසුකම් සපයනවා. පළපුරුදු කාර්මික මඩුල්ලකින් හෙබි මේ අපූරු ආයතනය එදිරිසිංහ සහ සහෝදරයෝ සමාගම අනුබද්ධ ආයතනයක් නිසා, ඔබට විශ්වාසය සම්බන්ධයෙන් නම් අංශු මාත්‍රයක සැකයක් තියාගන්නට අවශ්‍ය වන්නේ නැහැ.

    TIP :

    කලින් කතා කර, වෙලාවක් වෙන් කරගෙන එතැනට යාමෙන්, ඔබට වාරයක් එනතුරු වැඩි වෙලා ඉන්නට වන්නේ නැති වේවි.


    දුරකථනය : +94 114 777 999 / +94 774 777 999
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 8.30 සිට සවස 7.00 දක්වා
    ලිපිනය : 265/2A, ඛෙත්තාරාම පන්සල පාර, කොළඹ
    ශාඛා : ශාඛා නැත.
    වෙබ් අඩවිය : http://hybridhub.lk/





    12. Next Gear
    Vehicle Service Spots
    Source – nextgear.lk
    Cleaning සහ Detailing සිට සියලුම ආකාරයේ අලුත්වැඩියා විසඳුම් ලබා දෙන්නට හැකි අගනා සේවයක් සපයන තවත් තැනක් තමයි අපි අපේ අවසාන සේවා ස්ථානය විදියට කියන්න තෝරාගත්තේ. ඒ තමයි නෙක්ස්ට් ගියර් ආයතනය. සුප්‍රසිද්ධ පුවක්අරඹ සමුහයේ තවත් එක පාරිභෝගික සත්කාරයක් විදියට පෙන්වා දෙන්නට පුළුවන් මේ ආයතනය හයිබ්‍රිඩ් පමණක් නොව ඕනෑම ආකාරයක වාහනයක් සඳහා විසඳුම් ලබා දෙන්නට සමත් ස්ථානයක් වෙනවා. අවශ්‍ය වෙන අමතරකොටස් පවා එකම ස්ථානයකින් ලබා ගත හැකි නිසා ඔබට මහමග රස්තියාදු වන්නට අවශ්‍ය වන්නේත් නැහැ.

    TIP :

    උදේ 9.00 සිට රාත්‍රී 8.00 වෙන තුරු ඔවුන් ඔබට සේවය කරන්නට ඇප කැප වෙලා සිටිනවා.


    දුරකථනය : +94 112 199 799
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 9.30 සිට රාත්‍රී 8.00 දක්වා
    ලිපිනය : 344, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ
    ශාඛා : ශාඛා නැත.
    වෙබ් අඩවිය : http://nextgear.lk/
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    13. Formula World(CRC)
    Vehicle Service Spots

    Cleaning සහ Detailing සිට සියලුම ආකාරයේ අලුත්වැඩියා විසඳුම් ලබා දෙන්නට හැකි අගනා සේවයක් සපයන තවත් තැනක් තමයි සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරි ජයවර්ධන සතු ව්‍යාපාර සමුහයේ තවත් එක ස්ථානයක්. මේ ආයතනය හයිබ්‍රිඩ් පමණක් නොව ඕනෑම ආකාරයක වාහනයක් සඳහා විසඳුම් ලබා දෙන්නට සමත් ස්ථානයක් වෙනවා. වාහනය අනතුරකට ලක් වූ විට පහත අංකවලට ඇමතුම් ලබාදීමෙන් පසු වාහනය recovery වලින් රැගන ඒම රක්ෂණ සමාගම් වලින් මිල තක්සේරු කරගැනීම් අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීම ඇතුල සම්පූර්ණම සේවාව ඔබට කිසිම හිසරදයක් නැතුව කරගන්න පුලුවන්.

    TIP :

    පැය 24ම ඔවුන් ඔබට සේවය කරන්නට ඇප කැප වෙලා සිටිනවා.


    දුරකථනය : +94 115223300
    විවෘතව තැබෙන්නේ : සඳුදා සිට සෙනසුරදා උදේ 8.30 සිට හවස 6.00 දක්වා
    ලිපිනය : මීගමුව පාර, සීදූව( විජය කුමාරතුන්ග රෝහල ලග)
    ශාඛා : මහනුවර.
    වෙබ් අඩවිය : http://www.crc.lk/


    මම මෙතන අවුරුදු දෙකක් office එකේ වැඩ කරා... ඒකයි විස්තර දැම්මෙ.. වැඩි විස්තර ඔනේ නම් අහපල්ල.. තාම අපිත් එක්ක වැඩ කරපු මැනේජස්ලා ඉන්නවා...
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    EFI Cleanup එකක් සහ Tuneup එකක් කරගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ...? ගණන් මිනුම් එහෙම කොහොමද කියල දන්නා කෙනෙක් කියනවද...?
    659cc - 3 Cylinders ( Auto Tm )
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචන් වාහනයක් accident උනාම repair කරගන්න පුලුවන් විශ්වාසී තැන් මොනවද colombo අවට?
    Rep11+