නිළි, සෝනම් කපූර් විසින් ලියූ අපූරු ලිපිය - &#

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    නිළි, සෝනම් කපූර් විසින් ලියූ අපූරු ලිපිය - &#

    තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින් ඔවුන් හා සමාන රුවක් ලබා ගැනීමට උත්සහ දරනවා. ලෝකේ සෑම රටකම තරුණ යුවතියන් ඒ දේවල් වලට හැඩගැහිලා තරුණියන් හීන දකින ලස්සන ගැන අපූරු ලිපියක් බොලිවුඩ් නිළි සොනම් කපුර් ලියා තිබුනා මේ එම ලිපියයි... :rofl::rofl:

    උදෑසන අවදි වී නිදන කාමරයේ කණ්ණාඩිය තුලින් එබී බලමින් තමන් සුන්දර ජනප්‍රිය නිළියක,ගායිකාවක ලෙස රුවින් දිදුලන්නේ නැත්තේ මන්දයි කල්පනා කරන සෑම නවයොවුන් යුවතියනි, කිසිදු කෙනෙක් එලෙස සුන්දරව අවදි වන්නේ නැත. මම කොහොමත්ම නැත.වෙන කිසිදු නිළියක ද එසේ නොවේ.(බියොන්සේ වත් එලෙස අවදි නොවේ).

    28379431_2035199056803806_6576865225787511005_n.jpg


    සත්‍ය මෙයයි, සෑම පොදු හමුවකට පෙර මම මිනිත්තු 90ක් රූපලාවන්‍ය පුටුවේ වාඩි වී සිටිමි.පුද්ගලයන් තිදෙනෙකු හෝ සයදෙනෙකුවත් මගේ කොණ්ඩය හෝ රුව සකසති. මගේ ඇහිබැම සතියකට වරක් සකසති. මගේ සිරුරේ අඩුපාඩු ඇතැයි සිහිනෙකින්වත් නොසිතූ තැන්වල නොයෙකුත් ආලේප ගා ඔවුන් දකිනා අඩුපාඩු සඟවති.

    මම උදෑසන 6ට අවදි වී 7.30 ව්‍යායාම සදහා ජිම් එකට යමි.එහි මිනිත්තු 90ක් ව්‍යායාමයන්හි නිරත වෙමි.නැවතත් හවස් කාලයේ ද, නැවතත් නිදන්නට පෙර ද අසීරු ව්‍යායාමයන්හි නිරත වෙමි. මා කෑ යුතු කුමන ආහාර ද, නොකෑ යුතු කුමන දේ ද යන්නට තීරණය කිරීම කෙනෙක්ගේ පූර්ණ කාලීන රැකියාවයි. මා කෑමට ගන්නා ආහාරවලට වඩා වැඩි ප්‍රමාණයක් මගේ මුහුණේ සත්කාර සදහා යොදයි. මා හට සුන්දරව, තැනට ඔබින ඇඳුම් තේරීමට කණ්ඩායමක් කැප වී සිටී.

    මේ සියලු දේ කරලත් මා තවමත් “පරිපූර්ණ“ නැත්නම් ඒ කරා ළඟා කිරීමට ෆොටෝෂොප් ක්‍රම ගණනාවක් සේවයට කැප වී සිටී.
    මා කලින් පැවසු පරිදි සහ නැවතත් පවසන්නේ, නිළියක,ගායිකාවක හෝ වෙන යම් සුප්‍රකට කාන්තාවක් ඔබ දකිනා අභිරූමතියක් වීමට හමුදාවක් වැනි පිරිසක්ද, අසීමිත මුදල් සම්භාරයක් ද, මෙන්ම කාලයක්ද වැය කළ යුතු වේ. එය තාත්වික නොවෙන්නා සේම කිසිසේත් ප්‍රාර්ථනාවක් නොවිය යුතුය.

    විශ්වාසය ප්‍රාර්ථනා කරන්න. කිසිවෙකු ලෙස නොවී තමන්ට ආවේනික පියකරු බව, නිදහස සහ සතුට ළඟා කර ගන්න අපේක්ෂා කරන්න.

    මින් පසු ඔබ 13 හැවිරිදි දැරියක සඟරා මුල් පිටුවේ සිටින කැළල් රහිත, දිදුලන කෙස් ඇති බොලිවුඩ් නිළියකගේ රුවක් දෙස දුක්බරව බලා සිටිනු දුටු විට ඇය දකිනා පරිපූර්ණත්වයේ මිත්‍යාව ඇයට කියා දෙන්න.ඇය සුන්දර බව ඇයට පවසන්න.ඇගේ සිනාව, දැනුම හෝ ඇගේ ගමන් විලාසය අගය කරන්න.

    ඇය අඩුපාඩු රැසකින් යුත්, වෙළඳ දැන්වීම් පුවරුවක සිටින කාන්තාවට රුවට වඩා වෙනස් බව විශ්වාස කරමින් වැඩෙන්න ඉඩ නොතබන්න. ඇයව එම වෙළඳ දැන්වීම් පුවරුවේ සිටින කාන්තාවට පවා ළඟා වීමට අසීරු මිනුම් දඩු තුළ සිර වීමට ඉඩ තබන්න එපා. :baffled:

     
    • Like
    Reactions: Sara531

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලොවෙත් කෙල්ලෝ ඕක තේරුම් ගන්නේ නෑ බන්. තේරුම් ගන්න කැමතිත් නෑ. :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ උනාට මගෙ පරන කෑල්ල මොන මේකප් එකක් වත් නැතුවත් හින්දි නිලියක්ට වඩා ලස්සනයි .දැක්කොත් ලන්කාවෙද කියලවත් හිතාගන්නවත් බෑ:rolleyes:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒ උනාට මගෙ පරන කෑල්ල මොන මේකප් එකක් වත් නැතුවත් හින්දි නිලියක්ට වඩා ලස්සනයි .දැක්කොත් ලන්කාවෙද කියලවත් හිතාගන්නවත් බෑ:rolleyes:

    ekads ubata boot eka thibbe..
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඒ උනාට මගෙ පරන කෑල්ල මොන මේකප් එකක් වත් නැතුවත් හින්දි නිලියක්ට වඩා ලස්සනයි .දැක්කොත් ලන්කාවෙද කියලවත් හිතාගන්නවත් බෑ:rolleyes:

    :rofl::rofl::rofl::rolleyes::love: