-බො.බ සෙනා මිනිමරුවන්ගෙ ලනු කාපු උන් වෙත -

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    -බො.බ සෙනා මිනිමරුවන්ගෙ ලනු කාපු උන් වෙත -

    https://www.wsws.org/sinhala/2018/2018mar/stem-07m.html

    කේ. රත්නායක විසිනි, 2018 මාර්තු 7
    දින හතකට වලංගු වන බව පවසමින් ලංකාවේ ආන්ඩුව, මාර්තු 6දා දිවයින පුරා හදිසි නීතිය පැනවීය. “රටේ සමහර ප‍්‍රදේශවල පවතින අයහපත් ආරක්ෂක තත්වය පාලනය” කිරීමටත්, “ප‍්‍රචන්ඩකාරීන් මැඩපැවැත්වීමට සුදුසු පියවර ගැනීම පිනිසත්” පොලිසියට හා හමුදාවට බලය පවරා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
    වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා නැගෙන සමාජ ප‍්‍රතිරෝධය රුදුරු ලෙස මැඩීම පිනිස එවන් බලතල යොදාගැනීම ගැන පොලිසිය හා පාලක පන්තිය කුප‍්‍රකටය.
    සිංහල-බෞද්ධ වර්ගවාදී කල්ලි විසින් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය, දිගන හා පල්ලෙකැලේ ප‍්‍රදේශවල කරන ලද මුස්ලිම් විරෝධී ප‍්‍රචන්ඩ ක්‍රියා හදිසි නීතිය පැනවීමේ ක්ෂනික හේතුව ලෙස දක්වා ඇත. සඳුදා හා අඟහරුවාදා දිනවල රාත්‍රියේ ආන්ඩුවේ උපදෙස් මත පොලිසිය මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය පනවන ලදී. එසේම ආන්ඩුව පොලිස් නිලධාරීන් 1000ක් විශේෂ කාර්ය බලකායේ 200ක් හා හමුදා භටයින් 200ක් ප‍්‍රදේශය තුල යොදා ඇති බව ද නිවේදනය කලේය.
    පාලක පන්තිය විසින් මුස්ලිම් විරෝධී ප‍්‍රචන්ඩ ක්‍රියා උසිගන්වා ඇත්තේ, තමන් ගෙන යන කප්පාදු පිලිවෙලට එරහිව වැඩෙන විරුද්ධත්වය අවමංගත කිරීම පිනිසය. දරුනු අර්බුදයකට මුහුනපා සිටින ජනාධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව, සිය දෑත් ශක්තිමත් කර ගැනීම පිනිස වර්ගවාදී ප‍්‍රකෝපකරන උපයෝගී කරගෙන හදිසි නීතිය පනවා ඇත.
    එච්. කුමාරසිංහ නමැති සිංහල ලොරි රියැදුරාගේ මරනයෙන් පසුව ඉරිදා සවස මැර ප‍්‍රචන්ඩත්වය ආරම්භ විය. පෙබරවාරි 22දා ත්‍රී වීලයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු, බහින්බස් වීමකින් පසුව කුමාරසිංහට පහර දීම නිසා රෝහල් ගතකර සිටියදී සෙනසුරාදා ඔහු මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු ඉරිදා පැවැත්වුනි.
    එම සිදුවීම වාර්ගික ගැටුමක් නොවීය. එහෙත් එම සිද්ධිය මුස්ලිම් වරුන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වය සඳහා උපයෝගී කරගන්නා ලදී. වසර ගනනාවක් තිස්සේ දෙමල හා මුස්ලිම් විරෝධී ප‍්‍රකෝපකරනයන් පිලිබඳව කුප‍්‍රකට ෆැසිස්ට් පන්නයේ බොදුබල සේනා සංවිධානය සම්බන්ධවූ මෙම පහරදීම් මනාව සංවිධානය කර තිබුනි.
    බොදුබල සේනා නායක ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව අවමංගල්‍ය කටයුතු වලින් පසුව කුමාරසිංහගේ නිවසට ගියේය. එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ නරුම ලෙස පැවසුවේ ඥානසාර “සාමකාමීව සිටින” ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බවයි.
    එදින රාත්‍රියේ ගෙවල් 36ක්, කඩ සාප්පු 46ක් හා වාහන 35ක් පමන ගිනිතබා විනාශ කරනලදී. භික්ෂූන් විශාල පිරිසක් මැරයින් සමග වීදිවල සැරිසරනු දැකගත හැකි විය. ඒ අතර මඩකලපුවේ වෙසෙන තවත් බොදුබල සේනා නායකයෙක් වන අම්පිටියේ සුමනරත්න නමැති භික්ෂුව ද විය.
    හදිසිනීතිය ප‍්‍රකාශයට පත්කිරීමේ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති වික‍්‍රමසිංහ කියා සිටියේ, 25 වියැති මුස්ලිම් තරුනයෙකුගේ සිරුරක් පිලිස්සී ගිය නිවසක් තුල තිබී හමුවී ඇති බවය.
    ප‍්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්, තම කඩ සාප්පු වසා දමා නිවෙස් වෙත යන ලෙස ජනතාවට උපදෙස් දී ඇතැයි ඇමති රිෂාඩ් බදියුද්දීන් පැවසුවේය. ජනයා නිවෙස් තුල රැඳී සිටියදී ඔවුන්ගේ කඩ සාප්පු ගිනිතබනු ලැබීය. ඇසින් දුටුවෙක් මාධ්‍ය වෙත පැවසුවේ, මැරයින් ප‍්‍රහාර එල්ල කරද්දී පොලිසිය නිහඬව බලාසිටි බවයි. එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය ද ඇතුලූ පූර්ව වාර්ගික ප‍්‍රචන්ඩ ක්‍රියා ඇවිල ගිය අවස්ථා වලදී ද පොලිසිය හා හමුදාව සිංහල මැර කල්ලි වෙත එවැනිම ලෙන්ගතු කමක් පලකර ඇත.
    මෙම පහරදීම සතියක් තුල සිදුවූ මුස්ලිම් ජනයාට එරෙහිව සිදුකල දෙවන ප‍්‍රචන්ඩ ක්‍රියාවයි. සිංහල ගනුදෙනුකරුවන්ට අලෙවි කරන ආහාර වලට වඳ පෙති මිශ‍්‍ර කල බව පිලිගන්නා ලෙස බලකරමින් මැර කන්ඩායමක් පෙබරවාරි 26දා අම්පාරේ හෝටලයක පුද්ගලයෙකුට විරුද්ධව ප‍්‍රකෝපකරනයක් අවලුවා තිබුනි. ඔවුන් හෝටලයේ හිමිකරුට පහරදී පොලිසියට බාරදී ඇති අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. මැරයෝ 100ක් පමන කඩසාප්පු වලට පහර දුන්හ.
    රට තුල සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධාන ගනනාවක් ක්‍රියාත්මකවේ. බොදුබල සේනාවට අමතරව සිහල රාවය, රාවනා බලකාය ඒ අතර වේ. මෙම කන්ඩායම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රයට සහාය දැක්වූහ.
    2014 ජූනි මාසයේදී බොදුබල සේනාව අලූත්ගමදී මනාව සැලසුම් කල ප‍්‍රහාරයක් දියත් කලේය. එය රට පුරා වාර්ගික ආතතීන් උත්සන්න කල අතර සිය ආන්ඩුවට එරෙහිව පැන නගිමින් තිබූ විරුද්ධත්වය අවමංගත කර, බෙදාලීමට එය රාජපක්ෂට උපකාරී විය.
    හදිසි නීතිය පැනවීමෙන් පසුව ජනාධිපති පැවසුවේ, ආන්ඩුව ආගමික හා ජාතික සමගිය ඇති කිරීමට කැපවී සිටින බවයි. සාපරාධී කටයුතුවල යෙදෙන හෝ වාර්ගික අසමගිය ඇතිකරන අයට විරුද්ධව තදින් කටයුතු කරන බව ඔහු ජනතාවට පැවසුවේය. අගමැති ද අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී එවැනිම ප‍්‍රකාශයක් කලේය.
    එම ප‍්‍රකාශ අන්තයටම කුහකය. තමන් බලයට පත්වූ පසුව වාර්ගික හා ආගමික අන්තවාදය අවසන් කරන බවට දෙදෙනාම පොරොන්දු වී තිබුනි. එහෙත් ඔවුහු, මුස්ලිම් වරුන්ට එරෙහි ප‍්‍රහාර නිදහසේ කරගෙන යාමට වර්ගවාදී කන්ඩායම් වලට ඉඩ සලසා දුන්හ. 2016 ජනවාරියේදී සිරිසේන, මුස්ලිම් හා දෙමල ජනතාවට එරෙහිව බොදුබල සේනාවේ පැමිනිලි ගැන විමසීමට එහි නායකයින් මුන ගැසුනේය.
    මෙය වසර 7ට පසුව රට තුල හදිසි නීතිය පැනවූ පලමු අවස්ථාවයි. එවක ජනාධිපතිව සිටි රාජපක්ෂ 2011දී හදිසි නීතිය අවසන් කල ද දිගටම ක්‍රියාත්මකවූ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විවිධ පොලිස්-රාජ්‍ය ක‍්‍රමෝපායන් හඳුන්වා දුන්නේය. රාජපක්ෂ ඇමරිකාව හා යුරෝපීය සංගමය ඇතුලූ ප‍්‍රධාන ලෝක බලවතුන්ගේ පීඩනයට හසුව සිටියේය. ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පෑගීම ඔවුන් නරුම ලෙස යොදාගත්තේ, ඔහු චීනයෙන් ඈත්කර වොෂිංටනයේ පිලිවෙතට අනුගත කර කර ගැනීමේ සිය අවශ්‍යතාවන්ගේ කොටසක් ලෙසය.
    ආන්ඩුව කලින් හදිසි නීතිය යොදා නොගත්ත ද තෙල් සංස්ථා කම්කරුවන් හා දුම්රිය රියැදුරන් ද ඇතුලු කොටස්වල වැඩවර්ජන මැඩීම පිනිස අවස්ථා කිහිපයකදීම මහජන ආරක්ෂක පනත යටතේ අත්‍යවශ්‍ය සේවා නියෝග ප‍්‍රයෝජනයට ගත්තේය.
    ආන්ඩුවේ සැබෑ ඉලක්කය අන්තවාදී කන්ඩායම් නොව, ජීවන තත්වයන්ට හා සමාජ කොන්දේසි වලට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව නැගී සිටි කම්කරු පන්තියයි. වැඩෙන මහජන ප‍්‍රතිරෝධය ආන්ඩුව දරුනු දේශපාලන අර්බුදයකට ඇද දැමා ඇත.
    පසුගිය මාසයේ පැවති පලාත් පාලන මැතිවරනයේදී සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයත් යන පාලක හවුලේ පක්ෂ දැඩි පරාජයකට මුහුන පෑවේය. රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඡන්ද බහුතරයක් ලබා පාලාත් පාලන ආයතනවලින් විශාල සංඛ්‍යාවක් දිනා ගත්තේය.
    මෙය වනාහි, 2015 පරාජයට තුඩුදුන් රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට මනාපය පල කිරීමක් නොව, ආන්ඩුවට එරෙහිව ප‍්‍රකාශ කෙරුනු විරෝධතා චන්දයකි. සිරිසේන හා වික‍්‍රමසිංහ බලයට පත්වුනේ, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරකින බවටත්, ජීවන හා සමාජ කොන්දේසි නගාසිටුවන බවටත්, උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් දෙමල ජනතාවගේ ගැටලූ වලට විසඳුම් දෙන බවටත් පොරොන්දු වෙමිනි. මේ සියලු පොරොන්දු කඩ කරමින් ඔවුහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කරන ලද කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කරති.
    රාජපක්ෂ අන්තවාදී කන්ඩායම් එක්කරගනිමින් දක්ෂිනාංශික ව්‍යාපාරයක් සුදානම් කරමින් සිටින්නේ බලයට පැමින කම්කරුවන්ට හා දුගීන්ට පහර දීම සඳහාය.
    කම්කරු පන්තියේ නොසංසුන්තා උත්සන්න වෙමින් තිබේ. එහි අලුත්ම ප‍්‍රකාශනය වුනේ පෙබරවාරි 28දා ආරම්භවූ 16,000ක් පමන වන විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ අඛන්ඩ වැඩවර්ජනයයි. ආන්ඩුව අවධාරනයෙන් කියා ඇත්තේ ඔවුන්ගේ වැටුප් හා වෛද්‍ය පහසුකම් පිලිබඳ ඉල්ලීම් ලබාදිය නොහැකි බවයි. මේ සතියේදී වරාය බහාලූම් රියදුරන් 3000ක් දෙනා යහපත් සේවා කොන්දේසි මත වැඩවර්ජනයක් ආරම්භ කලහ. ජාත්‍යන්තර රැඩිකලීකරනයක ඇසක් වන මෙම අරගල, සමස්ත පාලක පන්තියම වෙවුලුම්කවා ඇත.
    මහජන විරෝධය පැවතිය ද ජාමූඅ නියෝග මත ක්‍රියාවට නංවා තිබෙන කප්පාදු පිලිවෙතින් ආන්ඩුව ඉවත් නොවිය යුතු යයි මූල්‍ය අධිපතියෝ බල කරති. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ආන්ඩුවෙන් ඉල්ලා ඇත්තේ “මාර්ගයෙන් ඉවත් නොවන” ලෙසය. “අපට කිසිදු ඉඩකඩක් නොමැත, අපට මූල්‍යමය අවකාශයක් නැත, අපට විදේශ ගිනුම සඳහා කිසිදු බෆරයක් ඇත්තේ නැත, එබැවින් අප සිටින්නේ අග්ගිස්සක ය.”
    අන්ත දේශපාලන ගැටලූ වලට මුහුනපා සිටින ධනපති පන්තිය, සිය පාලනය රැකගැනීම සඳහා පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් සොයමින් සිටී. මේ වර්ධනයන් කම්කරු පන්තිය හමුවේ බරපතල ප‍්‍රශ්න මතු කරයි. ගම්බද පීඩිත ජනතාව ද තරුනයන් ද බලමුලූ ගන්වා ගනිමින් ධනවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සටනකට කම්කරු පන්තිය, පාලක පන්තියේ සෑම කොටසකින්ම දේශපාලනිකව වෙන්වී ගත යුතු
     

    sricrik

    Member
    Feb 16, 2015
    30
    3
    0
    උබ දාන්නේ මොනවාද .මේකට හේතුව සිතියම් පාට කරපු එක
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ ලිපිය තුලින් පැහැදිලිව මෙ මොකාගෙ කොන්ත්‍රාත් එකක් වෙනවාද කියලා බලන්න පුලුවන්

    එ වගෙම සන්හිදියාව කියල විගඩන් නටපු ජවිපෙ , unp , රනිල් මෙත්‍රි කාරයගෙ සක්කිලි වැඩ මෙ ත්‍රෙඩ් එකට එන ඔනෙම ගෙනෙකුට කියවන්න පුලුවන්න්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    මුස්ලිම් අන්තවාදයට එරෙහි උනේ නැත්තම් තව අවුරුදු 20කින් ලංකාව සිංහලුන්ට නෑ... කොන්ද පණනැති උන්ගේ ලිපි දාල වැඩක් නෑ මචන්...

    ඇස් ඇරලා බලපන් සිංහලු මොනාද කියන්නේ කියලා...
     
    • Like
    Reactions: Fake Acc0unt

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුස්ලිම් අන්තවාදයට එරෙහි උනේ නැත්තම් තව අවුරුදු 20කින් ලංකාව සිංහලුන්ට නෑ... කොන්ද පණනැති උන්ගේ ලිපි දාල වැඩක් නෑ මචන්...

    ඇස් ඇරලා බලපන් සිංහලු මොනාද කියන්නේ කියලා...

    :P ow ow මෙහෙත් මිනිමරලා තව රටවල් ගානෙත් ගිහින් මිනිමරන්න තමයි වෙන්නෙ වද කරන්න කට්ටිම
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුස්ලිම් අන්තවාදයට එරෙහි උනේ නැත්තම් තව අවුරුදු 20කින් ලංකාව සිංහලුන්ට නෑ... කොන්ද පණනැති උන්ගේ ලිපි දාල වැඩක් නෑ මචන්...

    ඇස් ඇරලා බලපන් සිංහලු මොනාද කියන්නේ කියලා...

    :yes:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    උඹටත් ඉතින් හම්භයෙක් ගෙට පැනලා අම්මට හිකුවත් අවුලක් නැහැ නෙ :rofl:
     

    Similar threads