කුලය.. (උබලට පට්ට අව්ලක් තිබ්බනේ මේ ගැන..)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කුලය.. (උබලට පට්ට අව්ලක් තිබ්බනේ මේ ගැන..)

    මචන්ලා උබලට මේ ගැන අව්ලක් තිබ්බ නේද? විසදගන්න බලහන්.... දැම්ම එකක් දැම්මනම් සොරි....

    මුලින් ම කියන්න ඕනේ මේ ලිපිය ලියන එකෙන් කරන්නේ අපි අතුරේ යනවා වගේ වැඩක් කියන එක. කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, අපේ මේ උත්සාහය ඒ මතය වෙනස් කරන එකට නොව, මේ වැනි පන්ති පරතරයක් අතීත ලංකාව තුල තිබුනා කියන කාරණය පෙන්වීමටයි.

    තමන් කරන රක්ෂාව සහ තමන් අයත් වන පන්තිය හුවා දක්වන්නට සහ වැඩවසම් පාලනය තුල පහසුවෙන් තානාන්තර ලබා දෙන්නට පහසු වෙන විදියට මේ කුල ක්‍රමය නිර්මාණය වුනා කියලයි කියන්නේ.

    කුල කීයක් තියෙනවද?

    Castes-in-SL-aniwa-01.jpg


    ලංකාවේ කුල ගණන එකතුවක් ලෙස ගත් විට විශාල ගණනක් වුනත් ප්‍රධාන වශයෙන් කුල 15ක් පමණ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනවා. මේකේ විශේෂත්වය වෙන්නේ කුලය එක්කම ඒ අදාළ ජනකොටස අයත් වෙන රක්ශාවත් ඒ එක්කම බැඳී පවතින එකයි.

    Castes-in-SL-aniwa-02.jpg


    හින්දු කුල ක්‍රමයට ලංකාවේ කුල සමානයිද?

    Castes-in-SL-aniwa-03.jpg


    කුල වල බෙදීයාම එකකට එකක් සමාන වුවත්, වර්තමානය වෙනකොටත් ඉන්දියාව බොහොම තදින් කුලවාදය සහ කුල භේදය පවතින රටක් බවට පත් වෙලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් රජයේ රැකියා ලබාදීම පවා කුල ක්‍රමය මත පදනම් වෙන බව තවමත් බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක්.

    වර්තමානයේ කුල ක්‍රමය අපිට හමුවන්නේ කොහේදී ද?

    Castes-in-SL-aniwa-04.jpg


    මේ වෙනකොට ලංකාව තුලදී අපිට කුල ක්‍රමය හමුවෙන්නේ ගොඩක් වෙලාවට විවාහ සහ මගුල් තුලා වලදී පමණයි. ඒ වගේම දේශපාලනය තුලත් කුලවාදය කියන දේ අළුයට ගිනි වගේ සැඟවිලා තිබෙනවා කියලා කියන්නම වෙනවා.

    එහෙනම් අපි කුල ගැන දැනගමු ද?

    1. රදළ
    Castes-in-SL-aniwa-05.jpg


    කුලය ගැන කියනකොට ලංකාවේ ඉහලින්ම පවතින සහ සලකන කුලය ලෙස සැලකීමට පාත්‍ර කරන්නේ රදළ නම් කුලය බව සඳහන්. රජ කුල සාමාජික කෙනෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා අයත් වෙන්නේ රදළ කුලයට බව පැවසෙනවා. බොහෝ අවස්ථාවල රජුගෙන් පසු එතැන් පටන් පහතට පවතින තනතුරු ගරු නම්බු නාම සියල්ලම රාජ්‍ය පාලනය සහ ගොවිතැන සමඟ බැඳී පවතිනවා.

    ඒ වගේම උපතින්ම රදළ වෙනුවට ආවාහ විවාහ ක්‍රම වලින්ද රදළ සහ වෙනත් කුල පෙළපත් වලට ඇතුලත් විය හැකි වුනා. එවැනි අවස්ථා ඉතිහාසයේ සඳහන් වෙනවා.

    2. ගොවිගම
    Castes-in-SL-aniwa-06.jpg


    ගොවි කුලයේ පළමු මට්ටම රදළ වුවා වගේම එහි දෙවැනි මට්ටම වෙන්නේ ගොවිගම කුලයයි. ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ගොවිගම කුලය සාමාජිකයින්, වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලය කිව්වත් කිසිම වරදක් නැහැ. මේ බව නොක්ස් තමන්ගේ පොතේ මේ ලෙසින් අදහස් දක්වා තිබෙනවා.

    “දිවයිනේ ජනගහනයෙන් බහුතරය අයත් වුයේ “හාන්දුරු” පැලැන්තියට ය.” – (නොක්ස් 1681 , 107)

    මෙහි හාන්දුරු කියා හඳුන්වන්නේ ගොවි කුල පැලැන්තියේ සාමාජිකයින් ගැනයි.

    3. බත්ගම/පදු
    Castes-in-SL-aniwa-07.jpg


    නුවර කලාපීය කුල අතර තවත් එක කුලයක් වෙන බත්ගම කුලය, පාදක වෙන්නේ ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ජන කොට්ඨාසයකට අයත් වන්නක් හැටියටයි. ඒ වගේම මේ කුලයේ බොහෝ දෙනා උමං කැණීමට සමත් කමක් දක්වපු බව ඔවුන් ගැන අතීත කුල විස්තර වල සඳහන් , ඒ වගේම ඔවුන් බොහෝවිට කලේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කම්කරු රැකියාවනුයි.

    කෙසේවතුදු, බත්ගම කුලය සම්බන්ධයෙන් ඉතිහාසය විමසනකොට අපට පෙනී යන්නේ, අතීතයේ පෙර රජ දවස ඉතා ඉහල වංශවත් කුලයක් ලෙස ලැයිස්තු ගත වී තිබුනත්, මහනුවර යුගයේදී සිදුවූ කුල පෙරලියේදී බත්ගම කුලය පහත් කුලයක් ලෙසට ස්ථාන ගත වී ඇති බවයි.

    නමුත් මේ කුලයේ ජනතාව අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කල බව නොරහසක්!

    4. කරාව
    Castes-in-SL-aniwa-08.jpg


    කරාව කුලය සම්බන්ධව ක්‍රි.පූ 1වන ශත වර්ශයට අයත් අභයගිරි විහාරයේ ලියවිල්ලකද සඳහන්ව තිබෙනවා. ඒ කරාව කුලයේ පිරිසකට ලබාදුන් “නවික” නම් තනතුරක් පිළිබඳවයි. එය ලංකා ඉතිහාසයේ විශේෂ වූ වෘත්තියක් ගැන සඳහන් වල මුල්ම සටහනක්ද වනවා. කරාව කුලයේ වෙසෙන්නන් මුලින්ම ජීවත් වුයේ රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වලයි. රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයීම නිසා ඉහල තත්ත්වයක සමාජ තත්ත්වයක් ඔවුන්ට නිර්මාණය කරගන්නට ලැබුනා. කරාවේ කුලයට තිබෙන නියෝජනාත්මක කොඩිය එයට හොඳ උදාහරණයක්.

    Castes-in-SL-aniwa-09.jpg


    5. රදා/රජක
    Castes-in-SL-aniwa-10.jpg


    රදා කුලයේ සිටින්නන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතුයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයට තමයි.

    ඒ වගේම නවයොවුන් දැරිවියක් වැඩිවියට පැමිණීමේදී එතැනෙහි සිදුවන චාරිත්‍ර කටයුතු වලදී රෙදි නැන්දා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම එහිදී ඇය විසින් කරන්නට යෙදෙන කටයුතු වලට ගෙවන ගෙවීම් වලට අමතරව වැඩිවියට පත් දැරිවියගේ කරාඹු කුට්ටම ගලවා රෙදි නැන්දාගේ අතට පත් කරන චාරිත්‍රයක් පැවතුනා.

    මෙයට අමතරව නව යුවලක් සිය මංගල රාත්‍රිය ගතකිරීමෙන් පසුව මනාලියගේ පවිත්‍රතාවය පරික්ෂා කර බැලීම් වැනි කටයුතු පවා එකල රෙදි නැන්දා වෙතට පැවරී තිබුණා. නමුත් වර්තමානය වෙනවිට පවතින සමාජයේ මේ ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් වියැකී ගියත් තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මේ චාරිත්‍රය සිදුකෙරෙනු ලැබෙනවා.

    6. නැකති
    Castes-in-SL-aniwa-11.jpg


    නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධයෙන් යම් කටයුත්තක් කරගන්නට උවමනා වුන විට ගමේ ජනතාව බුලත් අතක් රැගෙන යන්නේ මේ “නැකති” කුලයේ වෙසෙන්නන් වෙතයි. ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම් එකල ඔවුන්ගේ ක්ෂේත්‍රයෙන් ඉහලට යන්නට හැකියාව ලබා දුන්නා.

    7. සලාගම
    Castes-in-SL-aniwa-12.jpg


    කුරුඳු ආශ්‍රිත කර්මාන්ත කරන බහුතරය අතීත ලංකාවේ හඳුන්වන්නට යෙදුනේ මේ හැඳින්වීමෙන් තමයි. නමුත් වර්තමානය වෙන විට කුරුඳු කියන්නේ හොඳම ආදායම් ලබන ව්‍යාපාරයක් වෙනවා. දකුණු පළාතේ කුල කිහිපයෙන් ප්‍රධාන තලයේ තබා හඳුන්වන සලාගම කුලයට එකල රජය සමඟ වුනත් සමීප සම්බන්ධතා පවත්වන්නට පුළුවන්කම තිබුණු බව ඔවුන්ගේ කොඩියෙන්ද පැහැදිලි වෙනව. මෙයට හේතුව තමයි, ප්‍රධානතම අපනයන භෝග වලින් එකක් වෙන කුරුඳු වගාවේ ආධිපත්‍යය ඔවුන් සතුව පැවතීම.

    8. රොඩී
    Castes-in-SL-aniwa-13.jpg


    අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින්, ජීවත් වූ මොවුන් සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙසයි කොටස් කර තිබුනේ, නමුත් රොඩී රැහැක නායකයා හඳුන් වන්නේ “රත්නවල්ලි” යන නමින් වන අතර රත්නවල්ලි යනු පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය බවට මත පලවෙනවා. ඒ අනුව මේ කුලයත් පහත් ලෙසට සැලකුණාට ආරම්භය සිදු වෙන්නේ වංශවත් පරපුරකින් පිටමන් කල සාමාජිකාවකගෙන් බව සිතන්නට පුළුවන්.

    රොඩී මිනිසුන් ජීවත් වෙන නිවාස සහිත ප්‍රදේශය ගුබ්බෑයම නමින් හඳුන්වන අතර, ඔවුන් අතීතයේ සිටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ අය බව පැවසෙනවා. උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීම තහනම් වූ මේ කුලයේ පිරිමින්ට රැවුල වවන්නටවත් අවසර ලැබුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ නිවාස පවා නිර්මාණය විය යුත්තේ වෙනස් අයුරින් බව මේ කුලය ගැන සොයා බලත්දී ඔබට දැනගන්නට පුළුවං.


    ඉස්සුවේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය මොකක් උනත් අපේ උන් ගොඩක් ඉන්නේ අඩු කුලේ පර හැත්ත තමා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොහෙද ඕයි ගිහින් හිටියේ...:angry::angry::angry:

    වැඩ වැඩි බන්... පට්ට බිසී බන්... :( ත්‍රෙඩ් එකක් දාන්නවත් වෙලාවක් නෑ.. ඇවිල්ල බලල යනවා විතරයි.......:yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වාසගම් වලින් කුල හොයන්නේ කොහොමද බං. ගොඩක් එවුන් වාසගමෙන් නේ කුලේ හොයන්නේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    14,000 congrats
    ahh,,,, ta hudu,,,, hikiz.. mage 14000 pahu wela hena kala bn.. GT lokka ape chat thred eka ain kalane... kale nethnam me 15000 ban,.. awlak ne.. elama thnx bro...
    වාසගම් වලින් කුල හොයන්නේ කොහොමද බං. ගොඩක් එවුන් වාසගමෙන් නේ කුලේ හොයන්නේ

    ekanam danne ne bn,,... mama arachchi. gowi...
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අඩුකුලේ පර හැත්ත

    නම් මාරු කරගෙන ඉද්දි මොන කුලද බන්..
    පත්තරේ බලහන්කො:rofl:
    :baffled: