පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද? අපි දැන් පොහොසත් කියන්න පුළුවන් මොන මොන දේවල් තිබුණොත් ද? බැංකු ගිණුමක කීයක් තිබුණොත් ද ඒ ගොඩට වැටෙන්නෙ?

    මචන්ලා.. මේ ප්‍රශ්නෙ හරි මෝඩ එකක් වෙන්න පුළුවන්.
    ඒ කොහොම උනත්, උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් රෑ වෙනකල් ජොබක් කරල හරි, තමන්ගේ ව්‍යාපාරයක් කරල හරි, කුලී වැඩක් කරල හරි කොහොම හරි... අපි හැමෝම ට්‍රයි කරන්නෙ
    අපේ බැංකු ගිණුමට සල්ලි එකතු කරල ටික ටික වැඩි කරගන්නනෙ... පොහොසත් වීමේ ගමනට (ඒ අතරෙ ඉතින් අද හම්බුණු ගාන අදම වියදම් කරන අයත් ඇති)

    කොහොම හරි... මේ ප්‍රශ්නෙ හිතට ආවෙ ගොඩක් ඒ ගැන හිතද්දි...

    අපි දඟලන්නෙ කොහොම හරි පෝසත් වෙන්න. ඒකනෙ ඇත්ත කතාව. ඉතින්... මේ පෝසත් කම මැනගන්නෙ කොහොමද?
    බැංකු පොතේ කීයක් තියෙන්න ඕනෙද? සමහරු පොතේ ලක්‍ෂයක් දෙකක් ඉතුරු කරගන්න මහන්සි වෙද්දි සමහරු ලක්‍ෂ 10 ක් ඉතුරු කරල වෙන්න පුළුවන්.
    අපි ළඟ තව මොන වගේ දේවල් තියෙන්න ඕනෙ ද ඊට අමතරව ? මේකෙ සීමාවක් නැහැ කියල තේරෙනව.

    නමුත් ජීවත් වෙන්න ඇති ප්‍රමාණෙට නමුත් පොහොසත් ව ඉන්න අපිට තීරණය කරගන්න පුළුවන් ප්‍රමාණයක්
    සීමාවක් තියෙන්න ඕනෙ නේද? නැත්තං පෝසත් වෙන්න යන ගමන ඇතුලේ අපි අතරමං වෙලා ඉඳීවි... අපිට වැදගත් දේවල් මග ඇරිල තියේවි.

    ඔයාලාගේ අදහස් දැනගන්න කැමතියි...

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ehema exact ekak nah.. but mind set normally hadila thiyenne Jeep ekak tiyana Mercedes Benz ekak tiyana aya salli tianawa prestigious icons.. samahara ratawal Rolex or branded watches hyper cars ownership mansion living location (area) vdhatath rich kiyana eka measure karanawa.. okath hariyatama happiness kiyana measurement eka wage vary wenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,433
    113
    Mata nan a/c room ekakui,suv ekakui,kemai,unlimited spa memebership ekakui tibbbama hodatama athi.Already have those 😋 Man lamai hadanne ne so money godak wedakuth ne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    උබ කතා කරන්නේ මූල්‍යම පොහොසත්කම ගැන නේද?

    හොඳ පඩියක් එක්ක ස්ථීර ජොබක් තියෙනව නම්, තමන්ගෙ නමට ගෙයක් තියෙනව නම්, අවශ්‍යතාවයට අනුව බයික් එකක් කාර් එකක් වෑන් එකක් වගේ දේකුත් තියෙනව නම්, ලෙඩකදි දුකකදි හදිස්සියකදි ගන්න පුළුවන් සල්ලි ටිකක් එෆ්ඩී එහෙක තියෙනව නම් තව වෙන මොනාද බන්? ඕවා තමයි මගේ අවමය. තණ්හාවෙ සීමාවක් නෑ බන්.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උබ කතා කරන්නේ මූල්‍යම පොහොසත්කම ගැන නේද?

    හොඳ පඩියක් එක්ක ස්ථීර ජොබක් තියෙනව නම්, තමන්ගෙ නමට ගෙයක් තියෙනව නම්, අවශ්‍යතාවයට අනුව බයික් එකක් කාර් එකක් වෑන් එකක් වගේ දේකුත් තියෙනව නම්, ලෙඩකදි දුකකදි හදිස්සියකදි ගන්න පුළුවන් සල්ලි ටිකක් එෆ්ඩී එහෙක තියෙනව නම් තව වෙන මොනාද බන්? ඕවා තමයි මගේ අවමය. තණ්හාවෙ සීමාවක් නෑ බන්.

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නමුත් ජීවත් වෙන්න ඇති ප්‍රමාණෙට නමුත් පොහොසත් ව ඉන්න අපිට තීරණය කරගන්න පුළුවන් ප්‍රමාණයක්
    සීමාවක් තියෙන්න ඕනෙ නේද? නැත්තං පෝසත් වෙන්න යන ගමන ඇතුලේ අපි අතරමං වෙලා ඉඳීවි... අපිට වැදගත් දේවල් මග ඇරිල තියේවි.

    ඔයාලාගේ අදහස් දැනගන්න කැමතියි...

    පෝසත් කියන්නෙ "අනික් අයට වඩා" සල්ලි දේපල තියෙන නිසා. "අනෙක් අයට වඩා" කිව්වම අදහස් වෙනව හැමෝටම පෝසත් වෙන්න බෑ කියල.

    පෝසත් ගොඩට එකතුවෙන්න කැමති අය බල්ලො මරල හරි පෝසත් වෙනව. අනෙක් අය "දුප්ප්ත්කමේ ආස්චර්යය" ගැන හිතල සන්තෝසෙන් හිත හදාගන්නව. "අපිට වැදගත් දේවල් මගහැරිල තිබේවි" කියන්නෙත් හිත හදාගන්න ක්‍රමයකට. තව හිත හදාගන්න ක්‍රම ආගම් වල උගන්නනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,433
    113
    Health-Quotes-by-Buddah.jpg
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ehema exact ekak nah.. but mind set normally hadila thiyenne Jeep ekak tiyana Mercedes Benz ekak tiyana aya salli tianawa prestigious icons.. samahara ratawal Rolex or branded watches hyper cars ownership mansion living location (area) vdhatath rich kiyana eka measure karanawa.. okath hariyatama happiness kiyana measurement eka wage vary wenawa

    අන්න ඒක තමා පොයින්ට් එක මචං. Mind set එකේ අවුලක් තියෙනව. ලොකුම ප්‍රශ්නෙ.... සමාජයේ ජීවත් වෙන්න නම් ඒ mind set තියෙන උන් එක්ක ඉන්න වෙනව. නැත්තං reject වෙන තැනක තමා ඉන්න වෙලා තියෙන්නෙ.
    අපේ රටෙත් ඔය rich කියන මිනුම බලනව නෙ කසාද බඳින්න ගියත් නේද? බලාපොරොත්තු වෙන පොහොසත්කම නැත්තං එනින් ම කතාව ඉවරයි. බඳින්න වෙන් නෑ කවදාවත්. ඉතින් අපේ අය ඕක මනින්න තමා ට්‍රයි කරන්නෙ. ඒ mind set එකෙන් අයින් වෙන්න තේරෙන් නැතුව ද මන් ද දැන් ඉන්න අයට...
    Happiness එක තමා ඇත්තටම goal එක වෙන්න ඕනෙ... ඒක වැහිල තියෙන්නෙ මේ පොහොසත් කම මනින්න යන එකනේ නේද?

    typical consumeristic world view.

    Yes. But how to overcome that view/mesurement?

    Mata nan a/c room ekakui,suv ekakui,kemai,unlimited spa memebership ekakui tibbbama hodatama athi.Already have those 😋 Man lamai hadanne ne so money godak wedakuth ne.

    :P

    උබ කතා කරන්නේ මූල්‍යම පොහොසත්කම ගැන නේද?

    හොඳ පඩියක් එක්ක ස්ථීර ජොබක් තියෙනව නම්, තමන්ගෙ නමට ගෙයක් තියෙනව නම්, අවශ්‍යතාවයට අනුව බයික් එකක් කාර් එකක් වෑන් එකක් වගේ දේකුත් තියෙනව නම්, ලෙඩකදි දුකකදි හදිස්සියකදි ගන්න පුළුවන් සල්ලි ටිකක් එෆ්ඩී එහෙක තියෙනව නම් තව වෙන මොනාද බන්? ඕවා තමයි මගේ අවමය. තණ්හාවෙ සීමාවක් නෑ බන්.

    මෙහෙමයි මචං... පොහොසත් කියන වචනෙ ඇතුලෙම මූල්‍යමය කොටස එනවමනෙ. නේද? දැන් කාලෙ මූල්‍යමය මට්ටම තක්සේරු කරල බලලනෙ මිනිස්සු තීරණය කරන්නෙ තත්වය ගැන. කසාද බඳින්න ගියත් ඕක බලපානව.

    ඊට අමතරව භෞතිකමය දේවල් එනව. ඔව්.. උඹ කිව්ව හරි. හොඳ පඩියක්, ස්ථිර ජොබක්, නමට ගෙයක්, වාහනයක්, හදිසියකට ගන්න සල්ලි ඔය දේවල් වලින් නෙ ඉන්න තත්වය මනින්නෙ.

    ඒත් ඒවා ඒ විදිහටම නැති අය කොච්චර ඉන්නවද? නමුත් එහෙම නැති අයට ලැබෙන තත්වය හරි වෙනස් නෙ? අන්න එතනදි තමා මේ ප්‍රශ්නෙ එන්නෙ. ඒ කියපු දේවල් හැම එකක්ම අඩු වැඩි වශයෙන් කාටත් තියෙන්න පුළුවන්.

    නමුත් ඒවගේ යම් කිසි මට්ටමක් අපිට තීරණය කරගන්න පුළුවන් නම් මෙච්චරක් කියල.... ඒක පහසුවක් නෙමෙයි ද? නැත්තං හැමදාම සමාජ තත්වයෙන් පහලට වැටිච්ච තැන්වල ම ඉන්න වෙනව විතරයි නේද? නැත්තං සමහරු ජීවිත කාලෙ පුරාවටම නැහිල නැහිල හම්බ කරපු දේකුත් නෑ නැතිවෙච්චි දේවල් විතරයි තියෙන්නෙ... පොහොසත් වෙන්න කියල පුළුවන් තරම් නැහෙනව... අන්තිමට ඇති දේකුත් නැති තැනට වැටෙනව මොකද ඒ සීමාව මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරුව

    අන්තිමට කියපු දේ නම් ඇත්තටම ඇත්ත.. තණ්හාවෙ සීමාවක් නැහැ.!

    :)
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    මේක මේ විදිහටම ජීවිතයට ගලපන අය අපේ සමාජයේ ඉන්නව නම් මීට සේරටම වැඩිය දේශපාලනය හොඳ වෙන්න ඕනෙ. අපේ සමාජෙ හොඳ වෙන්න ඕනෙ. ඒත් කෝ...???
    පොහොසත් කම මනින්නම තමා හදන්නෙ....
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Mage personal Definition eka:

    Umbata jiwath weema sandaha sathiye dawas wala 8-5 job ekak karanna one nethnam, gedarata wela gedara ayath ekka hithuna welawata inna puluwannam, ekata one salli umba langa thiyenawanam, umba pohosath. E kiyanna umbata one dewal karanna umbata salli & time eks thiyenawa.

    Samaharunta salli thibunath job eke wedath ekka welawata kanna bonna, workout karanna, gedara ayath ekka thamange wife lamai parentsla ekka inna welawak nehe. paule pagul gedaraka daane gedaraka yanna welawak nehe. CEO kenek unath millions walin padi hambunath jiwath weema sandaha 8-5 job ekak karanna wenawanam ohu danawath nehe.
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මිනිස්සු කිසිම දේකින් සෑහීමකට පත් වෙන්නෙ නෑ බං.. හැමෝම බලන්නෙ තමන් මොන මට්ටමේ හිටියත් ඒ තැනින් අඩියක් හරි උඩට යන්න. මමත් එහෙමයි.... :)
    ඒ හැම දෙයක් වගේම මට නම් නිදහස ගොඩක්ම වටිනව...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    මෙහෙමයි මචං... පොහොසත් කියන වචනෙ ඇතුලෙම මූල්‍යමය කොටස එනවමනෙ. නේද? දැන් කාලෙ මූල්‍යමය මට්ටම තක්සේරු කරල බලලනෙ මිනිස්සු තීරණය කරන්නෙ තත්වය ගැන. කසාද බඳින්න ගියත් ඕක බලපානව.

    ඊට අමතරව භෞතිකමය දේවල් එනව. ඔව්.. උඹ කිව්ව හරි. හොඳ පඩියක්, ස්ථිර ජොබක්, නමට ගෙයක්, වාහනයක්, හදිසියකට ගන්න සල්ලි ඔය දේවල් වලින් නෙ ඉන්න තත්වය මනින්නෙ.

    ඒත් ඒවා ඒ විදිහටම නැති අය කොච්චර ඉන්නවද? නමුත් එහෙම නැති අයට ලැබෙන තත්වය හරි වෙනස් නෙ? අන්න එතනදි තමා මේ ප්‍රශ්නෙ එන්නෙ. ඒ කියපු දේවල් හැම එකක්ම අඩු වැඩි වශයෙන් කාටත් තියෙන්න පුළුවන්.

    නමුත් ඒවගේ යම් කිසි මට්ටමක් අපිට තීරණය කරගන්න පුළුවන් නම් මෙච්චරක් කියල.... ඒක පහසුවක් නෙමෙයි ද? නැත්තං හැමදාම සමාජ තත්වයෙන් පහලට වැටිච්ච තැන්වල ම ඉන්න වෙනව විතරයි නේද? නැත්තං සමහරු ජීවිත කාලෙ පුරාවටම නැහිල නැහිල හම්බ කරපු දේකුත් නෑ නැතිවෙච්චි දේවල් විතරයි තියෙන්නෙ... පොහොසත් වෙන්න කියල පුළුවන් තරම් නැහෙනව... අන්තිමට ඇති දේකුත් නැති තැනට වැටෙනව මොකද ඒ සීමාව මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරුව

    අන්තිමට කියපු දේ නම් ඇත්තටම ඇත්ත.. තණ්හාවෙ සීමාවක් නැහැ.!

    නෑ මචන්. වචනයක් විදිහට ගත්තොත් පොහොසත් කියන්නෙ. සරුසාර, පිරුණු වගේ අදහසක් තියෙන වචනයක්. හැබැයි අපි නිතරම පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්නෙ මූල්‍යමය වටිනාකම මනින්න. ඒත් පොහොසත් කියන එක, දානයෙන් පොහොසත්, කරුණාවෙන් පොහොසත්, ගුණයහපත් කමට, ශ්‍රද්ධාවට වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. බුදුහාමුදුරුවොත් ශ්‍රද්ධා දනං සීලා දනං වගේ දේශනා කරලා තියෙනවනෙ. ධාතුසේන රජතුමාද කොහෙ වතුරට ධනය කිව්වලුනෙ.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    • පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?
    පොහොසත් කම කියන්නෙ සල්ලිම නෙවෙයි. විවිධ අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීමට ඇති හැකියාව.

    මිනිස් අවශ්‍යතා එකිනෙකාට වෙනස් වෙනවා.

    Maslow ගෙ අවශ්‍යතා පිරමීඩය ගැන බලන්න...

    maslow-hierachy-of-needs-min.jpg

    මේකෙ විදියට එක level එකක් සම්පුර්ණ කරපු එකා ඊට උඩ තියන level එකේ අවශ්‍යතා පූර්ණය කරන්න තමයි බලන්නේ
    ඒ නිසා පොහොසත් කමේ මිනුම් ‍level එකෙන් level එකට වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: sika2

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Financial freedom ekak labena thathweta awama thama posath kiyanne.:yes:

    e kiyanne ube awashyathawak, uwamanawak sapuraganna yaddi ekata mudal kiyana sadakaya balapamak ella nokarana thathwayak.
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Mama hithanne eka pudgalayage awashyathawa matha wenas wenwa bn,, samaharunge awashyatha hari saralai, thawath ayage hari sankeernai, kochchara salli thibbath madi..

    thamanta , thamange pawulata inna wahalak tyenwanam,, wel 3 kala andala peladala inna puluwannam, lamaita karadarayak nethuwa ugannagena katawath atha nopa jeewath wenna puluwan nam, gedara bill tika gewaganna puluwannam, anika umba kiyanwa wage hadisiyakata ganna keeyak hari ithuru karagena inna miniha pohosath. e mattamawath ada lankawe nethi ekai mchn duka... ethakota api pohosathda kiyana ekanam prashnayak

    namuth wela tyenne 1000k upayana minihata 1000madi wage thamai kotiyak upayana minihata e kootiyath madi,, anna ekai scene eka,

    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    නෑ මචන්. වචනයක් විදිහට ගත්තොත් පොහොසත් කියන්නෙ. සරුසාර, පිරුණු වගේ අදහසක් තියෙන වචනයක්. හැබැයි අපි නිතරම පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්නෙ මූල්‍යමය වටිනාකම මනින්න. ඒත් පොහොසත් කියන එක, දානයෙන් පොහොසත්, කරුණාවෙන් පොහොසත්, ගුණයහපත් කමට, ශ්‍රද්ධාවට වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. බුදුහාමුදුරුවොත් ශ්‍රද්ධා දනං සීලා දනං වගේ දේශනා කරලා තියෙනවනෙ. ධාතුසේන රජතුමාද කොහෙ වතුරට ධනය කිව්වලුනෙ.

    මචං.. ඇත්තටම මේ කියපු දේවල් ගැන මට කල්පනා උනේම නැහැ. මේව දන්නව. අහල තියෙනව. ඒත් මේවට වැඩියෙන් අවධානය ගිහිං නැහැ.
    ඒක ගැන කල්පනා කරද්දි නම්... ඇත්තටම පෝසත්කම කියන එක මනින්න මං අහපු විදිහට වඩා ගොඩක් වෙනස්.... ඒක මට දැන් පේනව උඹ කියපු කරුණු ටිකෙන්... :yes::yes:
    මූල්‍යමය කාරණාව ඒකෙ එක කොටසක් විතරයි... තව ගොඩක් දේවල් එතනට එකතු වෙන්න ඕනෙ ඇත්තටම පෝසත් කියන එක මනින්න නම්....

    තව එකක් මචං... ධාතුසේන රජතුමා වතුරට ධනය කිව්වා වගේම... කාලයත් එක්ක ධනය ලෙස සලකන දේවල් වලත් වෙනස්කම් වෙනව නේද? ඉස්සර වැව් අමුණු ගොවිතැන් වලට වැඩිම
    තැනක් ලැබුණ නිසා වතුර තරම් ධනයක් තිබුණෙ නැහැනෙ... දැන් ඒ යුගය පහුවෙලා ඇවිත් දැන් ධනය විදිහට සලකන දේවලුත් වෙනස් වෙලා නේද? එතකොට සමහර දේවල් ගැන හිතනකොට
    කාලයට අනුව හැඩ ගැහිල තියෙන දේවල් ගැනත් කල්පනා කරන්න වෙනව නේද ?