වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....
සංචාරය කරන එක අපි හැමෝම වගේ කැමති දෙයක්.නමුත් ත්‍රාසජනක සංචාර කියන්නේ හැමෝටම ඔරොත්තු දෙන දෙයක් නෙමේ.
ජීවිතයේ අපිට කියල දෙන නොයෙකුත් පාඩම් අතරින් සංචාරය තුලින් මම ඉගෙනගත් ලොකුම පාඩම තමා
''Always straight line between Stupidity and Brave '' සංචාරය කරන එක මගේ ජීවිතේට සමීප දෙයක් වුනේ දැනට අවුරුදු 8,9 විතර උඩදී උනාට,
ජීවිතේ අවදානමේ හෙලන වැඩ කලේ ඊටත් වඩා පුංචිම පුංචි කාලේදී. පොඩි කාලේ කරපු ලොකුම අවදානම් වැඩේ.....
හරියටම 1998 අවුරුද්දේ අපේ ගෙවල් ළඟ හැදුවා ''සන්ටෙල් '' එකේ සිග්නල් ටවර් එකක්.
ඒ කාලේ අපේ තාත්තල, මහප්පලා, ලොකු අයියලා ඔක්කොම ඕකට නැගල ඇවිත් කිව්වා කොළඹ හාබර් එක, පිට්ටු බම්බු 2( WTC ) එහෙම පේනවා කියල.
ඉතින් අපිත් බලන් උන්නේ කොහොම හරි ඕකට නගිනවා කියලා.
දවසක් ඉස්කෝලේ ඇරිලා ඇවිත්, මමයි ( 4 වසරේ) අපේ නෑදෑ අයියා කෙනෙකුයි ( 6 වසරේ), මගේ චූටි අක්කයි ( 5 වසරේ ) අපි ඕකේ තුන් කාලක් විතර නැග්ගා.
කනුව මීටර් 45 උසයි. කොහොම හරි අපේ අම්මලා දැකලා අපි උඩට නගිනවා, පස්සේ කට්ටියම ඇවිත් අපිට කෑගැහුවා බහින්න කියල.
( පස්සේ කාලෙක අපේ තාත්තා කිව්වා ඒ සිද්දිය එයා දැන ගත්ත වෙලාවේ එයාගේ කකුල් දෙක සීතල වෙලා පන නැතිව වගේ උනාලු)
කාලය ගෙවිලා මම 2015 අවුරුද්දේ මම අලුතින් වැඩට ගිය ඔෆිස් එකේ උනුත් මම ඇවිදින ෆොටෝස් දැකලා උන්වත් හයික් එකක් එක්කන් යන්න කියල කරදර කළා....,
මම උන්ව 2 පාරක් එක්කන් ගමන් ගියා.අලගල්ල කන්දයි, කළුගල නයිට් කෑම්පින් එකකුයි එක්කන් ගියා. ( ඒ දෙකම මම කලින් ගියපු තැන් )
ගිය අවුරුද්දේ අප්‍රේල් වල අපි අපේ තුන් වෙනි හයික් එක යන්න සේරම ලැස්ති කර ගත්තා.
කට්ටියට දෙපාරක්ම අත්දැකීම් තියෙන නිසා මමත් හිතුවා පොඩි ඇඩ්වෙන්චර් එකටත් එක්ක කලින් මම නොගියපු තැනකට එක්කන් යන්න.
ඉතින් අපි තෝර ගත්තේ හසලක රත්න ඇල්ල. රත්න ඇල්ල ට යන්නේ හසලක ගමට ගිහින් එතනින් යන්න ඕනේ. හරි ලේසි පාරක් තියෙනවා.
නමුත් මම තීරණය කළා අපි උඩුදුම්බර - කළුගල ගමෙන් හසලක ඔය දිගේ පහලට ඇවිත් රත්න ඇල්ලේ මුදුනේ කෑම්ප් කරලා පහුවදාට පහලට බැහැලා හසලක හරහා කොළඹට එන්න.
අපිට තිබුනේ එක අවදානමයි, ඒ තමා හසලක ඔය ගමන් කරන්නේ වෙලන්ගොල්ල පතනට පල්ලහින් ඒ හරියට නිතරම අලි එනවා, වස්ගමුව කැලේ ඉඳලා.
නමුත් එකට විසඳුමක් තිබුනා ඒ තමා දියඇල්ල කඩන් වැටෙන තැනට බොහොම කිට්ටුවට වෙන්න කෑම්ප් කරන එක.
මේ සේරම ප්ලෑන් තියාගෙන අපි සිකුරාදාවක නුවර ඇවිත් පාන්දරින්ම මහියංගන බස් එකේ උඩුදුම්බරට අවා.
අපේ සංචාරය සිද්ද උනේ මේ සිතියමේ විදිහට.
උදේට කාලා ඕන කරන දේවල් අරගෙන එතනින් කලුගලට එනකොට උදේ 8 විතර ඇති.
සිතියමේ තියෙන විදිහට අපි උඩකුඹුර කියන ගමට ඇවිත් එතනින් හසලක ඔයට බහිද්දී හරියට උදේ 11 විතර ඇති.
මේ තියෙන්නේ උඩකුඹුර කියන ගම. හරිම සශ්‍රීක ගමක්. කුඹුරු, බඩඉරිඟු කෙත්, හේන් ගොවිතැන් තියෙනවා.
අපි ගණන් කරපු විදිහට රත්න ඇල්ලට තවත් කිලෝමීටර් 2,3 විතර තිබුනා.
එතනින් පස්සේ ගමන අපි හිතපු තරම් කොහොමත් ලේසි උනේ නෑ.
මේ තියෙන්නේ හසලක ඔය
....ඒ කාලේ ලංකාවේ ගොඩක් පළාත් වලට වගේ දරුනුවටම පායලා තිබුන උනත් හසලක ඔයේ වතුර පාර කියන තරම් අඩු වෙලා තිබුනේ නෑ.
හසලක ඔය දෙපැත්තම වගේ තියෙන්නේ කුඹුක් ගස්. වතුර පාරත් එක්ක අපේ ගමන් වේගය ගොඩක් අඩු වුනා.අපේ බෑග් වල බරත් ඊට එකතු උනාම කොහොමත් ලේසි උනේ නෑ.
හසලක ඔය දිගේම ඉදිරියට....
ඔයෙන් හැදුනු පුංචි ඇලි කිහිපයක්.මෙතනට කියන්නේ නාකඳ වල කියලා. කොහොමද මැදට වැටුනොත් එහෙම....
කොහොම හරි දවල්ට පාන් එහෙම කාලා අපි තවත් ඉස්සරහට ඇවිත් හවස 3 විතර හොඳ තැනක් බලල නැවතුනා.
කට්ටියටම හුඟක් අමාරු වගේ දැනුනු නිසා මම තව එකෙක් එක්ක ඔයේ දිගටම පල්ලහට ගිහින් බැලුව.නමුත් මම දැක්ක දෙයින් මගේ කකුල් සීතල වෙලා ගියා.
හසලක ඔය එන්න එන්නම සැර වෙනවා වගේම තමයි Rapid ගතිය හොඳටම වැඩි වෙනවා. ඒ වගේම තමා ඔය දෙපැත්තේ තැනිතලා ගතිය වෙනුවට බෑවුම් ගතියත් වැඩියි.
ඔහොම අමාරුවෙන් තව ටිකක් අපි දෙන්නා ඉස්සරහට ගියා. නමුත් ඔය සැරයි වගේම දෙපැත්තේ ගල් ඇඳි දෙකත් මීටර් 15, 20 විතර උස වෙනවා.
ඔයේ ස්වාබාවික නැම්මත් එක්ක ඔය මැද හුගක්ම පටු වෙලා ගැඹුරු වෙලා තියෙනවා. මෙතනින් ඉස්සරහට අඩියක් වත් ගියොත් අපි ගහගෙන යනවා ෂුවර්.( මෙතැනදී කැමරාවක් ගෙනියපු නැති නිසා පොටෝ නෑ. ඊට පස්සෙත් අන්තිමට වගේ තමා ෆොටෝ ගැහුවේ.)
ඒක නිසා අපි දෙන්නා ආයේ කට්ටිය හිටපු තැනට ආවා.ඇවිත් කට්ටියත් එක්ක කතා කළා.ඒත් 3 දෙනෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොමල ඉස්සරහට යන්න කැමති උනා.
ඒත් තව එක පාරක් ට්‍රයි කරලා කැලේ මැදින් පාරක් හොයමු කියල යෝජනාවක් එක්ක මම තවත් යාළුවො 3 එක්ක ( මුලින්ගිය එකාට මම ඉන්න කිව්වා)
ඔයේ වම් පැත්තෙන් කැලේට ඇතුල් වෙලා ඉස්සරහට ගියා.
ඒ වෙලාවේ මම ගත්තේ ජීවිතයේ මම ගනිපු මහා මෝඩ අධම තීරණයක්. නමුත් මගෙත්, අනිත් අයගෙත් වාසනාවට හරි මොකකට හරි අපි කිසි කෙනෙකුට
කරදරයක් උනේ නෑ.නරකම දේ කියන්නේ අපි අතට ගත්තේ පිහියක්, කැමරාවක් විතරයි.
අඩුම ගානේ ටෝච් එකක්, බෙහෙත් මල්ලක්,වැඩිපුර ඇඳුමක්, කන්න දෙයක් ...මේ කිසි දෙයක් නැතුව තමයි අපි හතර දෙනා ඉස්සරහට ගියේ.
අපි ගියේ දිය ඇල්ල ලඟට තව කොච්චර විතර යන්න ඕනෙද, අනිත් කට්ටියට එන්න පුලුවන්ද කියන එක ගැන බලන්න.
ඔහොම ටික කැලේ යද්දී අපි ඔයට සමාන්තරව සීඝ්‍ර නැග්මක් ඔස්සේ ගියේ.නමුත් ටික දුරක් යද්දී හෙළ වැඩි නිසා තවත් කැලේ ඇතුලෙන් ගිහින්
මල දොළක් දිගේ නැවත ඔයට බැස්සා.නමුත් ඒ වෙන කොටත් අපි ආපසු යෑමක් ගැන හිතුවේ නෑ, අපි බැලුවේ කොහොම හරි රත්න ඇල්ල මුදුනට යන එක ගැන.
ඔහොම කැලේ පීරන්, ඊට පස්සේ ආයේ ඔය අයිනෙන් අපි රත්න ඇල්ලෙ මුදුනට ආව. න්‍යායාත්මකව අපි අරමුණ කරා ලඟා වුනා.
රත්න ඇල්ලට කලින් තියෙන කුඩා දිය ඇල්ලක්... මේක හරිම ලස්සන ඇල්ලක්...
මේ තියෙන්නේ රත්න ඇල්ලේ මුදුන.....
නමුත් අපි ඒ වෙනකොට පැය 2 විතර කාලයක් ගෙවලා. ඒ කියන්නේ අපිට නැවත ගමනට තව පැය එකහමාරක් විතර යනවා.
ඒ වෙනකොටත් වෙලාව හවස 6 විතර ඇති. අපි හතර දෙනා කලේ ලොකු වැරද්දක් බව අවබෝධ වෙනකොට අපි ප්‍රමාදයි.
මොකද අපි ආවේ නියමිත අඩි පාරකින් නොවන නිසා වගේම තමයි, ප්‍රපාත බෑවුමක් ඔස්සේ හරහට තමයි අපි ආවේ.
අපි හතර දෙනා.....
ඊට පස්සේ හිතේ තිබ්බ මොරාල් එක සම්පුර්ණයෙන්ම කකුල් දෙකට දීල ආපහු හැරිලා ආව.
ඒත් බලන් ඉන්දැද්දී වගේ කැලේ කළුවර උනා.අපි ගාව සැම්සුන් ෆෝන් 2, ඇපල් එකයි, මගේ පොඩි නොකියා ෆෝන් එකයි විතරයි.
එක මිනිත්තු 10 වගේ ඇතුලත මුළු කැලය ම කළුවර උනා.... අපි කරපු ගොන් වැඩේ තේරුනේ ඒ වෙලාවේ. අපේ මුණු නිකන් ගොරක වෙලා තිබුනේ ඒ වෙලාවේ..
ටික ටික කළුවර වෙද්දී සැරින් සැරේ සිග්නල් ලැබෙද්දී අපේ අනිත් සෙට් එක කෝල් ගන්නවා ඉවරයක් නෑ.කොහොම හරි සැම්සුන් ෆෝන් 2ම
බැටරි බැස්සා. ඇපල් එකේ 5% තිබ්බා. එක එරොප්ලේන් මෝඩ් දාගෙන එකේ ටෝච් එකෙන් තමා ටික ටික ඉස්සරහට ආවේ.
ඔහොම ඉස්සරිහින් ගියපු මාව ගලක පෙරලිලා පල්ලහට වැටුනා.අතේ පයේ කටු ඇනගෙන සීරීම් එක්ක තවත් ඉස්සරහට යන එක මෝඩ වැඩක්
කියලා තීරණය කරපු අපි ඔයේ සද්දේ අහගෙන ඔයට කිට්ටු කරලා ගියා.ඔහොම ඔය තියෙන තැනටම ආවහම එතනින් බහින්න බෑ ලොකු ගල් ඇන්දක්.
ඊට පස්සේ ගහක් දිගේ බඩගාලා හිමින් සීරුවේ ඔයට බැහැල කොහොම හරි ගලක් උඩට නැගල බලද්දී වෙලාව 7.30 විතර.
අපේ රාත්‍රී නවාතැන් පොළ.....ජීවිතේ අමතකම නොවන රැයක්
ඔය අතරේ අපි අනික් කට්ටියට මැසේජ් එකක් දාලා තිබ්බේ අපි ඔයේ ගලක් හොයාගෙන කොහොම හරි නතර වෙනවා එක නිසා බය වෙන්න කාරී නෑ,
උඹලා රෑට උයාගෙන කාල ශේප් එකේ ඉඳපල්ලා අපි උදේට එන්නම් කියල.අපේ වාසනාවකට උන්ට ඒ මැසේජ් එක හම්බු වෙලා තිබුනා.
අපේ මුළු සන්තකේටම තිබ්බේ ඇඳන් හිටි ඇඳුම් ටිකයි ( එව්වත් ඔක්කොම වගේ ගහෙන් බැහැල ඔය දිගේ ගලට යද්දී තෙමිලා තිබුනේ)
තෙමුණු ටීෂර්ට් ටික ගලේ දාලා එව්වා උඩ තමා හිටියේ.....ඔය ඇඳුම් දිගේ ඇවිත් තමා කඩි කෑවේ....
කැමරාවයි,බැටරි කටු 3 ඉතුරු වෙලා තිබ්බ නොකියා ෆෝන් එකයි, මන්න පිහියකුයි විතරයි.
ඒ ගෙවපු රාත්‍රිය මගේ ජීවිතේ දිගම රැයවල් වලින් එකක්. අපි පිහිය ගලට තට්ටු කරලා ගිනි මැලයක් ගහන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා.
කොහොම හරි ගිනි මැලයක් අවුල ගන්න එක තමා ඒ වෙලාවේ තිබුන ටාගට් එක....
ඒත් ඒක හරි ගියේ නෑ. මුළු රෑ පුරාම නින්දක් නෑ. හිතට හරි බයයි සත්තු එයිද, කරදරයක් වෙයිද, අනිත් කට්ටිය අපි ගැන බය වෙලාද,
එක පාරටම ඔය වතුර පාර සැර වෙයිද,නානාප්‍රකාර සිතුවිලිත් එක්ක තමා රාත්‍රිය ගෙව්වේ.
ඒ මදිවට දෙගොඩ ජාමේ කඩි සෙට් එකක් ඇවිත් හතර වටින් කන්න ගත්තා.මුළු රෑම වතුර සද්දේ අහගෙන, සැරින් සැරේ වෙලාව බල බල තමා ගෙව්වේ.
කොහොම හරි කරදරයකින් තොරව ඒ දීර්ඝ රැය ගෙවලා අපි පහුවදා උදේ 5 ට විතර පහන් එලිය වැටෙද්දීම බලන කොට අපි ඔයේ සීග්‍ර
බැස්මයි, ස්වාභාවික නැම්මයි පහු කරලා තමා ඔයට බැහැල තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඔය දිගේම උඩහට යන්න පුළුවන් කියන එක.
අපි හිටපු තැන.....මේ පෙන්නේ හසලක ඔය..... මම මාරම ආස කරපු ෆොටෝ එකක්..මොකද මේ ගලේ ස්ට්‍රක්චර් එක පට්ටම ලස්සනයි......
ඇත්තටම කලින් දවසේ මම එකෙක් එක්ක ආපු වෙලාවේ මේ තැනට වෙනකන් ඇවිත් තිබුනා.හරියට බැලුවොත් අපි අපේ සෙට් එක උන්නු තැනට වඩා ඕනනම් මීටර් 600,700 විතර තමා ඈතින් ඉඳලා තියෙන්නේ.
Morning Selfie....ජීවිතේ අලුත් දවසක ආරම්භය කියන සිතුවිල්ල තදින්ම ඔලුවට වැදුණු .දවස....
ආපසු ගමනේ...
ඉතින් හිතේ කියාගන්න බැරි සතුටත් එක්කම අපිට අනිත් උන් ටික දකින්න ලැබුන.
නැවත දැකීමේ ප්‍රීතිය.....
අපි හිතුවේ අපි ලොකු වීර ක්‍රියාවක් කරලා තමයි නැවත ඇවිත් තියෙන්නේ කියලා.නමුත් එදා රාත්‍රිය ඇත්තටම බිහිසුණු රැයක් වුනේ අපි හතර
දෙනාට නෙමෙයි.
අපි එනකන් බලන් උන්නු ඉතුරු 7 ට අපිට කියන්න ඊට වඩා ලොකු කතාවක් තිබුනා.උන් එක කියද්දී මගේ ඇඟ සීතල උනා.
අපි එනකන් බලන් හිටපු උන් අපි නැතිකොට හූ කිය කිය ටිකක් ඉස්සරහට ඇවිත්... එත් අපේ මැසේජ් එක හම්බ උනහම උන්ගේ හිතේ බය චුට්ටක් ඇරිලා
උන්ටික ටෙන්ට් එක හදාගෙන.රෑට කන්නත් හදාගෙන...උන් කන්න ලැස්ති වෙද්දී ටෙන්ට් එක ලඟට දාර පොළඟේක් ඇවිත්.
උන් අනුමාන කරන්නේ හූ සද්දෙට ඇදිලා එන්න ඇති කියල.ඌව මරන්න ගිහින් නෑ. ඊට පස්සේ උන් බය වෙච්ච පාර කුඩාරම අතෑරලා උන්ටිකත් ඔය
මැද්දට ඇවිත් ගල් තලාවක තමා මුළු රෑම ගෙවලා තියෙන්නේ.
අනිත් සෙට් එක හිටපු තැන.....
උදේ බලද්දී අලි බෙට්ටක් පාවෙලා ඇවිත්. මේක දැකපු ගමන් අපේ එකෙක් කියපි,අලියත් එක්ක බලද්දී පොළඟා අහිංසකයි බන්...
නිල සමූහ .ඡායාරුපය.....මේක නම් මට ජීවිතේ තියෙන තුරාම වටිනවා.
හසලක ඔයට සමුදෙමින්....
කොහොම හරි කරදරයක් වුනේ නැති එකට අපි දෙයියන්ට පින් දීලා උදේටත් කාලා ඔය දිගේ ආපහු උඩහට එද්දී වම අත පැත්තෙන් අඩි පාරක් හම්බු උනා.
අපි එක දිගේ ගිහින් පෝපිටිය කියන ගමට සේන්දු වෙලා එතනින් මහියංගන පාරට ඇවිත් හවස් වෙද්දී ගෙදර ආව.
ගමනේදී උගත් පාඩම්...
# - කිසිම වෙලාවක තමුන්ගේ කීර්තිය උදෙසා අන් අයගේ ජීවිත අනතුරේ හෙලන්න එපා.මොකද මට ලොකු උවමනාවක් තිබ්බා රත්න ඇල්ල මුදුනට යන්න.නමුත් අපි හිටපු තත්වේ සහ කාලය එක්ක ඒ වැඩේ කලොත්,
කළුවර වැටෙන්න කලින් එන්න බෑ කියන එක මට මුලින් තීරණය කරන්න හොඳටම අවස්තාව තිබ්බා.
# - සිතියමේ භූගෝලීය පිහිටීම ගැන මීට වඩා සැලකිලිමත් උනා නම් මේ තීරණය ගැන දෙපාරක් හිතනවා අනිවාර්යයෙන්ම.
# - කණ්ඩායමක සාර්ථකත්වය ඒ කණ්ඩායමේ ඉන්න දුර්වලම පුද්ගලයාගේ චිත්ත ශක්තියත් එක්ක අනුලෝමව සමානුපාතිකයි.
# - රෑට කැලේකදී අනවශ්‍ය විදිහට හූ කියන්න, කෑකෝ ගහන්න හොඳ නෑ. මොකද කැලේ කියන්නේ අපිට අයිති තැනක් නෙමේ.
# - වඩාත් වැදගත්ම දේ තමයි,මුහුණ දෙන්න සිදුවෙන අන්තිම නරකම තත්වයටත් සුදානමින් ඉන්න එක.මොකද අපි ටෝච් එකක්,
අවශ්‍ය දේවල් ගෙනිච්චා නම් අපිට පහසුවෙන්ම කට්ටිය ඉන්න තැනට එන්න හොඳටම අවස්තාව තිබුන.
ඉතින් රත්න ඇල්ලේ වික්‍රමය ඒ විදිහට අවසන් උනා. එත් අපේ සෙට් එකට නම් හයික් එපා වුනේ නෑ ඊට පස්සේ අපි 4 වෙනි ගමන විදිහට බඹරැල්ල හරහා අලුගල්ලෙන කෑම්ප් කළා.ලබන මාසේ අපි අපේ 5 ගමන යන්න තමා ලැස්ති වෙලා ඉන්නේ.
මේ වගේ තව අත්දැකීම් තියෙනවා. එව්වත් පස්සේ හිමින් සීරුවේ නූලකින් දාන්නම්.... ජය වේවා