රුසියාවේ_Lab-X_අබිරහස්_ඝාතන සැඟවුණු වස කම්හල

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රුසියාවේ_Lab-X_අබිරහස්_ඝාතන සැඟවුණු වස කම්හල

    රුසියාවේ අබිරහස් ඝාතන පිටුපස සැඟවුණු වස කම්හල - Lab X


    ed-13-history-combain-small.jpg


    රුසියාවේ මොස්කව් නගරයේ බොහොමයක් පිරිසකගේ අවධානයට ලක්වන මෙන්ම කුකුසක් ඇති කරන ගොඩනැගිල්ලකි. කාලයක් තිස්සේ සාමාන්‍ය ජනතාවගෙන් වැසී තිබෙන මෙම ගොඩ නැගිල්ල තුළ රාත්‍රිකාලයේදී කුඩා එළියක් සහිත විදුලි පහන් ආලෝකයකි. එය නම් කර ඇත්තේ 'විද්‍යාත්මක පර්යේෂණායතනය" යනුවෙනි.

    මෙය සැබවින්ම කුමක් සඳහා භාවිතා කරන්නනක්ද ඒ පිළිබඳව සියල්ලන්ම දන්නා රහසක් වූයේ එය රුසියාව විසින් යම් රහස් කටයුත්තක් සඳහා භාවිතා කරන ගොඩනැගිල්ලක් බවයි.

    බොහෝ රුසියානු හිටපු බුද්ධි අංශ නිළධාරීන් පවසන්නේ එය සෝවියට් බලකොටුව හෙවත් ක්‍රෙම්ලිනයේ අප්‍රකට විස කම්හල බවයි. ඔවුන්ට අනුව මෙම විෂ කම්හල අරඹා ඇත්තේ ව්ලැඩිමියර් ලෙනින් විසින් දුන් නියෝගයක් අනුව 1921 වසරේදීය.

    මෙම ගොඩනැගිල්ල රුසියානුවන් ට පමණක් නොව මේ වන විට සමස්ථ යුරෝපයටම උභතොකෝටිකයක් වන්නට පටන් ගෙන ඇත.

    ඒ අද වන විට කූටප්‍රාප්ත වෙමින් පවතින යුරෝපය සහ රුසියානුවන්ගේ විරසකයේ ආසන්නම හේතුව නිර්මාණය වීමත් සමගය. ඒ බ්‍රිතාන්‍යයේදී රසායනික අවි යොදා ගනිමින් සිදු කළ රුසියානු ජාතික ඔත්තුකරුවකු හා ඔහුගේ දියණිය මරණ මංචකයට අැද දමමින් 'නොවිචොක්' නමැති ස්නායු අඩපණ කරන රසායනික විෂක් ශරීරගත කිරීමයි.

    මේ වන විට බ්‍රිතාන්‍යයද ඇතුළු සමස්ත යුරෝපා සංගමය විසින් මෙම ඝාතනයන්ට වග කිව යුත්තා ලෙස චෝදනා කර සිටින්නේ රුසියාවටයි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිටින සියලු රුසියානු රාජතාන්ත්‍රිකයන් ඉවත් කිරීමටද බ්‍රිතාන්‍යය කටයුතු කරන ලදී.

    කෙසේ හෝ වේවා මෙම සිදුවීම් සමඟ දශක ගණනාවක් තිස්සේ ලෝකයට රහසක් වූ ක්‍රෙම්ලිනයේ විෂ කම්හල අද ලෝකයේ දැඩි අවධානයට ලක්වන කරුණක් බවට පත් වී ඇත‍. විෂ රසායනික අවි භාවිතය සහ සතුරන් මෙල්ල කිරීම පිළිබඳව රුසියානු ඉතිහාසය විසින් සාක්ෂි රැසක් සපයා ඇත‍

    බටහිර විශේෂඥයෝ බොහෝ විට සිතුවේ රුසියාවේ මෙම විෂ කැවීම සහ මනුෂ්‍ය ඝාතක ක්‍රියාවලිය යුධපිටියට සීමා වූ එකක් බවයි. නමුත් KBG - Komitet Gosudarstvennoy Bezopasnosti හෙවත් සෝවියට් සංගම් ආරක්ෂක කමිටුවට අනුව මෙම විෂ රසායනයන් වඩා හොඳින් භාවිතා කළ හැක්කේ එක් එක් පුද්ගලයන් කෙරෙහිය.

    නොබෝදා ඝාතනය කිරීමට උත්සාහ කළ ස්ක්‍රිපල් සර්ගෙයි සහ ඔහුගේ දියණිය සම්බන්ධව මෙම රහස් විෂ රසායන රහසේ භාවිතා කිරීමෙන් රුසියාව විසින් සිදු කළ බවට තවමත් පවතින්නේ සැකයක් වුවත් ඔවුන්ගේ ඉතිහාසය විසින් ඒ බව ඔප්පු කිරීමට කදිම නිදසුන් ඇති බව මෙමගින් පෙනී යයි. එසේම විශ්වාස කෙරෙන්නේ නොවිචොක් විෂ රසායනිකය නිෂ්පාදනය කරනු ලැබුවේ මෙම විෂ කම්හලේදී වන බවයි.

    හිටුපු රුසියානු විදේශ සේවා නිළධාරියකු විසින් අනාවරණය කර ඇති පරිදි සිය ජාතිද්‍රොහීන් මරා දැමීම සඳහා රුසියාව විසින් මෙම විෂ අවි භාවිත කර ඇත. ඔහුට අනුව 2006 වසරේදී මරා දැමුණ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙකෝ ගේ ඝාතනය සිදු කිරීමට රුසියානුවන් යොදා ගෙන තිබුණේ තේ කෝප්පයකට විෂ යෙදීමෙනි. ඇලෙක්සැන්ඩර් ලිට්විනෙකෝ යනු ස්ක්‍රිපල් මෙන්ම රුසියානු රහස් ඔත්තු සේවයට සේවය කර පසුකාලීනව බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගත් අයෙකි.

    නමුත් රුසියානුවන් සතුව එදා සිට පැති මෙම රහස් පර්යේෂණාගාරය පිළිබඳව Lab X නමින් වාර්ථාවක් ලියන ජෝසප් ස්ටාලින්ගේ රහස් පරික්ෂක ප්‍රධානියා වන පවෙල් සුඩෝප්ලටෝෆ් රුසියානුවන් සතු වූ මෙම විෂ කම්හල පිළිබඳව සඳහන් කරයි. ඔහු පවසන්නේ මෙම පර්යේෂණාගාරයෙහි ප්‍රධානියා වූ මෙයිරොනොස්කි විසින් සිය සැකකරුවන් මුළා කරමින් වෛද්‍ය පරීක්ෂණයක මුවාවෙන් ඔවුන්ට විෂ ශරීර ගත කරන ක්‍රමවේදයක් අනුගමනය කළ බවයි.

    එසේ ඝාතනය කළ පිරිස අතරේ රුසියානු රැකවරණයේ සිටි ස්වීඩන් රාජතාන්ත්‍රිකයෙකු වූ රනෝල් වෙලෙන්බර්ග්, යුක්රේන ආරක්ෂක නිළධාරියෙකුගේ අභිරහස් ඝාතන වෙයි.

    රුසියානු ආරක්ෂක කමිටුව විසින් අවසන් සෝවියට් රාජ්‍ය පාලන සමය වන තුරුම මෙම ඝාතනයකිරීම් සිදු කර ඇති බව තහවුරු වී ඇති අතර මේ වන විටත් ලැබ් එක්ස් නිහඬ නැති බවට ස්ක්‍රිපල් සහ දියණියට වස දීමේ සිද්ධිය තවදුරටත් සනාථ කරයි.

    ආරක්ෂක කමිටු ප්‍රධානී ඔලෙග් කලුගින්ද මෙවැනි ඝාතන කිහිපයකම වගකිව යුත්තා වෙයි. ඔහු විසින් Lab X විසින් සැපයූ විෂ යොදා ගනිමින් 1978 දී බල්ගේරියානු ජාතික ජෝර්ජී මාර්කෙයු ඝාතනය කළේ ලන්ඩන් නුවරදීය. ඒ කිසිවකුටත් සිතා ගත නොහැකි අයුරිනි ඔහු ඉසළාගෙන ගිය කුඩයේ විෂ රසායනයක් සඟවා එම ඝාතනය සිදු කර තිබුණි. ඔහු වෙත රුසියාවෙන් එල්ල කළ චෝදනාව වී තිබුණේද ඔහු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවකයෙකු යන්නයි.

    රුසියානුවන්ගේ මෙම විෂ කම්හල නොඑසේනම් Lab X පිළිබඳව රුසියානු ආරක්ෂක අංශයේ සේවය කළ පසු කාලීනව ඇමරිකානු පුරවැසි බාවය ලබා ගත් යූරී ෂෙවෙට්ස් පවසන්නේ මෙම විෂ කම්හල තුළ බොහෝ දෑ නිපදවූ බවයි. ඒ අතර වස, මත්ද්‍රව්‍ය සහ සිහිනැති කරනව විවිධ ඖෂධ ද නිපදවූ බව ඔහු සඳහන් කරයි.

    මෙම පර්යේෂණාගාරය පිලිබඳව සොවියට් සංගම් නායකයන් සිය අවධානය යෙමු කර තිබුණද සොවියට් ආරක්ෂක අංශය වූ KGB ඒ කෙරෙහි වැඩි කැමැත්තක් නොදක්වා ඇත. වරක් 1988 වසරේදී මිහයිල් ගොර්බචෝව් විසින් මේ පිළිබඳව තොරතුරු විමසුවද ඒ ගැන ඔහුට දැන ගන්නට නොළැබිණි.

    කෙසේ වෙතත් මෙම රහස් විෂ පර්යේෂණාගාරය නොඑසේනම් Lab X හි රහස මුලින්ම පුපුරා යන්නේ USSR සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමගිනි. ඉන් පසු මෙම පර්යේෂණාගාරය ක්‍රියාත්මකව තිබෙන බවට අද වන තෙක් කිසිදු තොරෙතුරක් නැතත් බුදධිමය තොරතුරු අනාවරණය කරන්නේ එය එදා මෙන්ම අදත් ක්‍රියාත්මක වනු ඇති බවයි.

    ඔත්තු සේවක ලිටිවිනෙන්කෝ ඝාතනයේදී යොදා ගැනුන ඔහුගේ තේ කෝප්පයට දැමූ Polonium විකිරණශීලී විශ රසායනිකය රුසියාවේ සිට ලන්ඩනය තෙක් ගෙන එන්නට ඇත්තේ ජෙලටින් ආවරණයක් තුළ විය හැකි බව පසු කාලීනව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය.

    අද වන විට FSB හෙවත් රුසියානු ආරක්ෂක අංශය විසින් පවත්වාගෙන යනු ලබන පෙර සඳහන් කළ විද්‍යාත්මක පර්යේෂණායතනය පිළිබඳව එහි ජනතාව විසින් සිතන්නේ එය ඇෆ්ගනිස්ථානයේදී රෝගී වූ රුසියානු සෙබළුන් හට ප්‍රතිකාර කරනු ලබන තැනක් ලෙසය. නමුත් සැබෑව වී ඇත්තේ ජනපති පුටින්ගේ පාලන අවධියේදී ද අභිරහස් ලෙස මරා දැමූ රුසියානු ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, යුක්‍රේණයේ හිටපු ජනපති වික්ටර් යුචෙන්කෝ ආදීන්ගේ ඝාතනයන් මෙහිදී සැළසුම් කරන්නට ඇති බවයි.

    මේ සියළු සාක්ෂි විසින් තියුණු කරනු ලබන්නේ ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණියගේ ඝාතන උත්සාහයන් පිළිබඳව යූරෝපීයන් තුළ පවතින සැකයයි.

    කෙසේ වෙතත් අභිරහස් ලෙස මිය ගිය අනෙකුත් රහස් ඔත්තු නිළධාරීන්ගේ ඝාතන මෙන්ම ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණියගේ ඝාතන තැත පිටුපස අැති සැබෑ කතාව ද මතු දිනයක අනාවරණය වනු ඇත.

    රුසියානුවන්ගේ අභිරහස් ක්‍රියාවන් හා බැඳුණ අතීත විත්ති හෙළි වන්නට පටන් ගැණුනේ 1991 වසරේදී සොවියට් සංගමය බිඳ වැටීමත් සමඟිනි..

    එසේ සෝවියට් ආරක්ෂක අංශයේ වසන් කරන ලද අභිරහස් දිනෙන් දින හෙළිවෙමින් පවතිද්දී ඔවුන්ගේ රහස් විෂ කම්හල පිළිබඳව Lab X ලියමින් සුඩප්ලටෝෆ් මෙසේ පවසයි. ''වේල්ල බිඳී ගිය පසු තවදුරටත් රහස් පාලනය කළ නොහැක.'




    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    good post, habai itin mewa eka ekkena hitala kiyana kataa.
    evidence naha ne. novel ekak kiyawana widiyata kiyewwa aatal ekata ))
     
    • Like
    Reactions: Oli_Vili

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    වහාම එක්සත් ජාතීන්ට නිරීක්ෂන චාරිකාවක යෙදෙන්න කියන්න.
     
    • Like
    Reactions: Oli_Vili

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    good post, habai itin mewa eka ekkena hitala kiyana kataa.
    evidence naha ne. novel ekak kiyawana widiyata kiyewwa aatal ekata ))

    lagadi UK wala porak mala pora former spy kenek lu. ita passe iye pereda thawa ekekta wasa deela u hospital eke

    it seems they have KGB2
     
    • Like
    Reactions: Oli_Vili