ගෙවල් බඩු භාණ්ඩ පේන්ට් කරන්නේ විස දැනගෙනෙ
ඔබ ගෙවල් බඩු භාණ්ඩ පේන්ට් කරන්නේ විස දැනගෙනෙද?
නව වසරක් උදාවෙන සමය බොහෝ නිවෙස් තීන්ත ආලේප කරන්නට උනන්දුවන වකවානුවයි. එසේම නිවස් වල බඩු භාණ්ඩද විවිධ තීන්ත වර්ග ආලේප කර අලුත් ලෙස පවත්වායාමට අපි පුරුදුවී සිටිමු. රසායන ද්‍රව්‍යයක් ලෙස තීන්ත ගෘහභාණ්‌ඩවල අලංකරණය හා ඒවායේ කල්පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන අතර වරින් වර තීන්ත ආලේප කිරීමට යොමු වුවද ඒවායේ අන්තර්ගතය අපට කෙසේ බලපාන්නේද යන්න ගැන බොහෝ අය දන්නේ නැත.
සාමාන්‍යයෙන් නිවෙස්‌වල භාවිතයට ගැනෙන්නේ එනැමල් හා ඉමල්ෂන් යන තීන්ත වර්ග ය. මේවා විවිධ වෙළෙඳ නාම යටතේ වෙළෙඳපොළේ පවතී.
තීන්තවල මූලික වශයෙන් ඇතුළත් සංඝටක තුනකි. ඒවා නම්, වර්ණක (pigment), බන්ධක (binder – තීන්ත එක්‌ව රඳවා ගනියි) හා වාහකය (Carrier – තීන්ත විසිර යවන ද්‍රව්‍ය) යනුවෙනි. මේවා සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අතර විෂ සහිත රසායනික ද්‍රව්‍ය ඇතුළත් විය හැකිය.
තීන්තවල ඇතුළත් වන මූලිකම අහිතකර රසායන ද්‍රව්‍ය වන ඊයම් ගැනද දැන සිටීම වටී. තීන්ත නිෂ්පාදනයේ දී ඊට ඊයම් එක් කරනු ලබන්නේ ප්‍රයෝජන කිහිපයක් සඳහාය.
වර්ණක ලෙස, ඉක්‌මනින් වියළීම පිණිස, වැඩි කල්පැවැත්මක් ලබා දීමට, නව පෙනුමක් ලබා දීමට හා තෙතමනය නිසා මළ බැඳීම වැළැක්‌වීම සඳහා ඊයම් යොදාගැනේ.
තීන්තවල ඇතුළත් ඊයම් විවිධ ආකාරයෙන් අපේ ශරීරගත විය හැකිවා සේම ඊයම් ශරීරගත වීමෙන් රෝගී තත්ත්ව ඇති විය හැකි බවට අවදානමක් පවතී.
ස්‌නායු ආබාධ, රුධිර පද්ධතිය ආශ්‍රිත ආබාධ, වකුගඩු ආශ්‍රිත ගැටලු හා මොළයේ ආබාධ තීන්ත වල ඊයම් මගින් ඇතිවන බලපෑම්ය. බහුලවම ළමුන්ට මෙම රසායන ද්‍රව්‍ය නිරාවරණය වීම අහිතකරය.
මේ හේතුව නිසා තීන්තවල ඊයම් අන්තර්ගත වීම තහනම් කිරීමට මෙන්ම තීන්තවල පවතින ඊයම් ප්‍රමාණය සීමා කිරීමට රටවල් ගණනාවක් කටයුතු කර තිබේ.
අපේ රටේ තීන්තවල ඇතුළත් විය හැකි උපරිම සම්පූර්ණ ඊයම් ප්‍රමාණය නිර්ණය කරන ලද්දේ 2011 වර්ෂයේදී ය. ඒ අනුව සෙල්ලම් බඩු හා ළමා උපාංග සඳහා යොදාගන්නා තීන්තවල ඊයම් තිබිය හැක්‌කේ කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 90ක් පමණි. බාහිර මෙන්ම අභ්‍යන්තරයේ භාවිත වන ඉමල්ෂන් තීන්ත කිලෝග්‍රෑමයක ඊයම් උපරිම වශයෙන් තිබිය හැක්‌කේ මිලිග්‍රෑම් 90කි. එසේ ම එනැමල් තීන්ත හා බිම අලේප කරන තීන්ත සඳහා තිබිය හැකි උපරිම ඊයම් ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 600කි.
ඇතැම් තීන්තවල ඊයම් හැර වෙනත් බැරලෝහද තිබේ. එසේ ම තීන්තවල විවිධ වාෂ්පශීලී කාබනික රසායන ද්‍රව්‍ය පරිසරයට එක් වීම හා ශරීරගත වීම හානිකර විය හැකි ය.
පරිසරයට හිතකර වූ ස්‌වාභාවික ද්‍රව්‍යවලින්ම නිපදවනු ලබන තීන්ත වර්ග ඇතැම් රටවල භාවිතයේ ඇතත්, ඒවා මිලෙන් අධිකය.
අහිතකර තත්ව ගැන අවබෝධය ඇතිව එහි අවදානම දැන තීන්ත භාවිතා කිරීම මේ අනුව නුවණට හුරුය.
තීන්ත ආලේප කළ යුත්තේ අවශ්‍යම අවශ්‍යතාව මතය. ඕනෑ ප්‍රමාණයට පමණක් තීන්ත මිල දී ගැනීමද වැදගත්ය.
තීන්ත තෝරාගැනීමේ දී ඊයම් අවම හෝ නොමැති තීන්ත තෝරාගැනීමට ප්‍රමුඛතාවය ලබාදෙන්නේ නම් වටී.වාෂ්පශීලී කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම ද වැදගත් ය. ජලපාදක (water based) තීන්ත භාවිතය මේ අනුව හිතකරය.
ළමයින් හා ළදරුවන් ගේ ගෘහභාණ්‌ඩවල තීන්ත ආලේප කිරීමේ දී දරුවන්ට ළඟා විය හැකි ස්‌ථානවලින් තීන්ත ඈත් කර තැබිය යුතු ය.
තීන්ත භාවිතයේ දී ඉතිරි තීන්ත වෙතොත් ඒවා නැවත භාවිතය සඳහා ආරක්‌ෂාකාරී ව ගබඩා කළ යුතු අතර පරිසරයට බැහැර කිරීමෙන් භූගත ජලය දූෂණය විය හැකි ය.
By Kaushi Indrapala

Last edited: