නාම-රූප Explained!..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
නාම-රූප Explained!..

රූප -(රූපය, තද ගතියක් ඇති දෙය, physical feeling)
1. පඨවි(ඝන ),
2.අපෝ(ද්‍රව ),
3.තේජෝ(උෂ්ණත්වය, ගින්දර,ect..),
4.වායෝ(වායු,photons,ect..),
5.ගල්,
6.මල්,
7.ගස්,
8. පෘතුවිය,
9.විශ්වය,
10.මිනිසා,
11.ect... you get the idea!..

නාම - ("නම", 'රූපය'න්ට දී ඇති නම්, හෝ රූප නොවන අනිත් සියලුම දේ)
1.ස්පර්ශය
2.වේදනාව,
3.සඥ්ඥාව,
4.චේතනාව,
5.මනසිකාරය,
6.කනවා,
7.යනවා,
8. බොනවා,
9.පෘතුවිය භ්‍රමණය වීම,
10.විශ්වය ප්‍රසාරණය වීම,
11.සිත,
12.විඥ්ඥානය,
13.පඨවි - යන හඳුනා ගැනීම් මාත්‍රය,
14. 'රූප' යන වචන මාත්‍රය,
15. 'චේතනාව' යන හඳුනාගැනීම් මාත්‍රය,
16. 'නාම' යන හඳුනාගැනීම් මාත්‍රය,
17. ect... (hope you got the idea.. think again and again..)

දැන් මේක පැහැදිලි කරන්න,

'විඥ්ඥාන පච්චයා නාම-රූප' = ???

ධර්ම දානය පිනිස,

source - මාගෙ අදහසකි(by :MR BOLD)***නිවැරදි නොවිය හැක.:yes:

Last edited:

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    දැන් මේක පැහැදිලි කරන්න,
    'විඥ්ඥාන පච්චයා නාම-රූප'

    විඥ්ඥාන = නාම+රූප
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නාම රූප මේ සේරම මිනිස්සු ලෝකය විස්තර කරන්න හදාගත්තු සංකල්ප, ඉතිං ඒව ඇතිවෙන්නෙ මනස නිසා ? :eek::eek:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නාම රූප පිටකයේම පැහැදිලිව විස්තර කරලා තියෙනවා

    පටිච්චසමුපාද විභංගය බලන්න.

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.

    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.

    ඕරා කියලා ඇගෙන් පිටවෙන්නේ මේ රූප (සතරමහා භුත- ඝන,ද්‍රව,වායු,උශ්ණවය) හෙවත් පදාර්ත හදන්නෙ අපිම තමයි.

    සංවාදයට විවෘතයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නාම රූප මේ සේරම මිනිස්සු ලෝකය විස්තර කරන්න හදාගත්තු සංකල්ප, ඉතිං ඒව ඇතිවෙන්නෙ මනස නිසා ? :eek::eek:

    :yes: you got something...

    දැන් මේක පැහැදිලි කරන්න,
    සංඛාර පච්චයා විඥ්ඥාන..??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: you got something...

    දැන් මේක පැහැදිලි කරන්න,
    සංඛාර පච්චයා විඥ්ඥාන..??

    සංඛාර කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නෙ නෑ :sorry:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නාම රූප පිටකයේම පැහැදිලිව විස්තර කරලා තියෙනවා

    පටිච්චසමුපාද විභංගය බලන්න.

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.

    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.

    ඕරා කියලා ඇගෙන් පිටවෙන්නේ මේ රූප (සතරමහා භුත- ඝන,ද්‍රව,වායු,උශ්ණවය) හෙවත් පදාර්ත හදන්නෙ අපිම තමයි.

    සංවාදයට විවෘතයි.

    මම ඕක දන්නව මචං :yes:, ඒත් මේ වචනවල තේරුම ඉතාම ගැඹුරුයි. මම හිතන්නෙ නෑ එහෙම ලේසියෙන් මේව තේරුම් ගන්න පුලුවන් කියල.

    හැමදේම = රූප, වේදනා,සඥ්ඥා, සංඛාර, විඥ්ඥාන කිව්වට කාටවත්ම තේරෙන්නෙ නෑ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සංඛාර කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නෙ නෑ :sorry:

    'සංඛාර' කියන්නෙ 'නාම' ධර්මයක්, 'සකස් කිරීම' යන ක්‍රියාවලියට කියන 'නම'.
    'කිරීම', 'කර්මය','චේතනාව' කියලත් ගන්න පුලුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙම තියරියකුත් තියෙනව. විඤ්ඤාණ පච්චයා නාමරූප වගේ කියද්දි මෙතන පච්චයා කියන්නෙ හේතුවෙන් කියන අදහස නෙමේ ඇති කල්හි කියන අදහස කියල.
    ඒ කියන්නෙ විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇත. නැතුව විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා කියන එකම නෙමේ කියල.
    කොච්චර දුරට හරිද දන්නෑ. ඕකට පදනම් වෙලා තියෙන්නෙ නං හේතූන් කියල දෙයක් ගෝචර වෙන්නෑ, එහෙම දෙයක් නෑ කියන පදනමේ ඉඳන්
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    විඥ්ඥාන kiyanne mokkda etakota? hithatada?? O.0

    :yes:

    හිත, මනස, උඩු හිත, යටි හිත, consciousness,වේදනාව, සංඥ්ඥාව, චේතනාව,සියලු ක්‍රියාවලීන්, පෘතුවි භ්‍රමණය, වර්ශාව,සුලඟ,සීතල දැනීම,විශ්වයේ ප්‍රසාරනය,ect... ආදී වශයෙන් 'රූප' හැර අනෙක් සියලුම දේ 'විඥ්ඥානයයි'.

    කොටින්ම කිව්වොත්,
    සියලුම නාම ධර්මයන් = විඥ්ඥානය ලෙස ගන්න පුලුවන්.
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මෙහෙම තියරියකුත් තියෙනව. විඤ්ඤාණ පච්චයා නාමරූප වගේ කියද්දි මෙතන පච්චයා කියන්නෙ හේතුවෙන් කියන අදහස නෙමේ ඇති කල්හි කියන අදහස කියල.
    ඒ කියන්නෙ විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇත. නැතුව විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා කියන එකම නෙමේ කියල.
    කොච්චර දුරට හරිද දන්නෑ. ඕකට පදනම් වෙලා තියෙන්නෙ නං හේතූන් කියල දෙයක් ගෝචර වෙන්නෑ, එහෙම දෙයක් නෑ කියන පදනමේ ඉඳන්

    :no::no:

    එහෙම ගත්තොත් 'හේතුඵල දහමෙන්',පටිච්ච සමුප්පාදයෙන් තේරුමක් නෑ නේද?
    'විඥ්ඥානය' හැර වෙනත් හේතුවකින් 'නාම රූප' ඇතිවෙන්න පුලුවන්නම ඇයි ඒ හේතුව දාන්නෙ නැතුව බුදුහාමුදුරුවො 'විඥ්ඥානය'ම දැම්මෙ?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no::no:

    එහෙම ගත්තොත් 'හේතුඵල දහමෙන්' තේරුමක් නෑ නේද?
    'විඥ්ඥානය' හැර වෙනත් හේතුවකින් 'නාම රූප' ඇතිවෙන්න පුලුවන්නම ඇයි ඒ හේතුව දාන්නෙ නැතුව බුදුහාමුදුරුවො 'විඥ්ඥානය' දැම්මෙ?

    කිසිම දේකිං තේරුමක් නෑනෙ බං. උඹ හිතන්නෙ බුදු දහම කියන්නෙ පරම සත්‍යය කියලද ? මේ ලෝකෙ පරම සත්‍යය කියල දෙයක් තියෙන්න පුලුවන්ද ?

    බුදු හාමුදුරුවො බුදු වෙලා මුලින්ම කල්පනා කලා කියන්නෙ මං මේ අවබෝධ කරගත්තු දේ කොහොමද කියාදෙන්නෙ කියලනෙ. බුදු හාමුදුරුවො අවබෝධ කරගත්තු දේ කියන්න වචන, සංකල්ප නැතුව ඇති. බුදු හාමුදුරුවන්ට වුනත් පාවිච්චි කරන්න වුනේ පෘතග්ජන මිනිස්සු හදාගත්තු භාශාවක්නෙ. පෘතග්ජන මිනිස්සු භාශාවක් හදන්නෙ තමං දකින කරන දේවල් පැහැදිලි කරන්න සන්නිවේදනය කරන්නෙනෙ.

    ඒ අනුව බුදු දහම තියෙන්නෙත් පෘතග්ජන සංකල්ප වචන වාක්‍යය ඇසුරෙන් ඒව ඇසුරෙන් පහදන්න බැරි යමක් පැහැදිලි කරල. ඒ කියන්නෙ නිවන් අවබෝධ කරගත්තට පස්සෙ බුදු දහමත් බොරුවක් බව තේරෙන්න ඕනෙ.

    හේතුව කියන්නෙම අපි ලෝකය පැහැදිලි කරගන්න හදාගත්තු වියුක්ත සංකල්පයක්. (abstract concept) අපිට කොහෙවත් හේතුවක්ගෝචර වෙන්නෙ නෑ. ලෑල්ලකට තට්ටුවක් දැම්මොත් සද්දයක් එනව. අපි කියනව අත වැදුන නිසා තමා ශබ්දය ඇතිවුනේ කියල. ඒත් ඇත්තටම අපිට ගෝචර වුනේ අත චලනය වෙනව + ලෑල්ලෙ වදිනව + ශබ්දය ඇහෙනව කියන දේවල් විතරයි. වැදුන නිසා ශබ්දය ඇතිවුනා කියන්න වෙනම හේතුවක් ගෝචර වුනේ නෑ. ඒත් බොහෝ වාර ගානක් ගැහුවොත් ඒ හැම පාරම සද්දෙ එනව. ඉතිං අපි නිර්මාණය කරගන්නව හේතුව කියල සංකල්පයක් ඒ සිදුවීම පැහැදිලි කරන්න. ඒත් අපිට සිදුවීම් 2කිං තොරව හේතුවක් කියල දෙයක් හිතේ මවාගන්න පුලුවන්ද ? සිදුවීම් එකකට පස්සෙ එකක් වීම හැර හේතුවක් කියල දෙයක් ගෝචර වෙලා තියෙනවද ? එහෙම ගෝචර වෙලත් නැත්තං අපි කොහොමද ඇත්තටම හේතුව කියල දෙයක් තියෙනව කියල කියන්නෙ ? හේතුව කියන්නෙ අපේ හිතේ තියෙන සංකල්පයක් විතරයි. බුදු හාමුදුරුවොත් අපි හදාගෙන අපි හුරුවෙලා තියෙන ඒ බොරුව ඇසුරෙන් අපිට තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට උන් වහන්සෙට අවබෝධ වුන දේවල් පැහැදිලි කලා. පරම සත්‍යයක් කියල දෙයක් මේ ලෝකෙ නෑ. සියල්ල බොරු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නලීන් ද සිල්වා මහාචාර්යතුමා නං කියන්නෙ සියල්ල බොරු බව අවබෝධ කරගැනීමට නිර්මාණය කල බොරුව තමා බුදු දහම කියල. නිවන් අවබෝධ කරගත්තු කෙනාට බුදු දහමෙන්වත් වැඩක් නෑ ඒකත් අනික් සියල්ලම වගේ බොරුවක්.
     
    ඔහොම සියල්ල බොරුවක් කියන එකනම් නිවන් අවබෝධය කියන්නෙ, බුදුහාමුදුරුවන්ට ඕක ලේසියෙන්ම කියන්න තිබ්බනෙ, මෙච්චර අසූහාරදාහක් ධර්මස්කන්ධයක් මොකටද?
    මොකටද මේ වෙහෙර විහාර?

    එතකොට නලීන්ද විල්වාට අනුව මොකද්ද සෝවාන් වෙනව කියන්නෙ?
    කොහොමද අනික් මාර්ගඵල පැහැදිලි කරන්නෙ?

    ඔක්කොටම වඩා නලීන් ද සිල්වා කොහොමද 'තණ්හාව' විස්තර කරන්නෙ? ඒකත් බොරුවක්ද? ඒකත් සංකල්පයක් ද?

    ඕක දෘෂ්ඨියක් බං, බ්‍රහ්මජාල සූත්‍රයෙ දෘෂ්ඨි 64ක් විස්තර කරල තියනව. ඒකෙ ඔයිටත් වඩා සංකීර්ණ දෘෂ්ඨි තියනව.

    නලීන්ද සිල්වාට අනුව 'තණ්හාව' කියල එකක් තියෙන්නත් බෑනෙ??

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම සියල්ල බොරුවක් කියන එකනම් නිවන් අවබෝධය කියන්නෙ, බුදුහාමුදුරුවන්ට ඕක ලේසියෙන්ම කියන්න තිබ්බනෙ, මෙච්චර අසූහාරදාහක් ධර්මස්කන්ධයක් මොකටද?
    මොකටද මේ වෙහෙර විහාර?

    එතකොට නලීන්ද විල්වාට අනුව මොකද්ද සෝවාන් වෙනව කියන්නෙ?
    කොහොමද අනික් මාර්ගඵල පැහැදිලි කරන්නෙ?

    ඔක්කොටම වඩා නලීන් ද සිල්වා කොහොමද 'තණ්හාව' විස්තර කරන්නෙ? ඒකත් බොරුවක්ද? ඒකත් සංකල්පයක් ද?

    ඕක දෘෂ්ඨියක් බං, බ්‍රහ්මජාල සූත්‍රයෙ දෘෂ්ඨි 64ක් විස්තර කරල තියනව. ඒකෙ ඔයිටත් වඩා සංකීර්ණ දෘෂ්ඨි තියනව.

    නලීන්ද සිල්වාට අනුව 'තණ්හාව' කියල එකක් තියෙන්නත් බෑනෙ??:eek:

    සියල්ල බොරු කිව්ව පලියට එහෙම තේරෙන්නෑනෙ. නැත්තං ඇයි බුදු හාමුදුරුවො කල්පනා කලේ මේක මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ඒ නිසා කියල වැඩක් නෑ කියල. තණ්හාව ඇතුලු හැම දේම බොරුවක් තමා. මමවත් නෑ. මගෙ මනසත් නෑ. සියල්ල මම මගේ මනසෙ නිර්මාණය කරගන්න බොරු මනසත් ඇතුලුව.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සියල්ල බොරු කිව්ව පලියට එහෙම තේරෙන්නෑනෙ. නැත්තං ඇයි බුදු හාමුදුරුවො කල්පනා කලේ මේක මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ඒ නිසා කියල වැඩක් නෑ කියල. තණ්හාව ඇතුලු හැම දේම බොරුවක් තමා. මමවත් නෑ. මගෙ මනසත් නෑ. සියල්ල මම මගේ මනසෙ නිර්මාණය කරගන්න බොරු මනසත් ඇතුලුව.

    බුදුදහම කොච්චර සංකීර්ණද බං, අපි ජීවත් වෙන සම්මුතීන්ගෙන් එලියට එන්න ලේසි නෑ.
    හැමෝටම උගන්නන්න බෑනෙ.
    පසේ බුදු කෙනෙකුත් අවබෝද කරන්නෙ මේ ධර්මයමනෙ. ඒත් උන්වහන්සේට තමන් දන්න දේ කවදාවත් කාටවත්ම සම්පූර්ණයෙන් විස්තර කරන්න බෑනෙ. ඒ හැකියාව පසේ බුදු කෙනෙක්ට නෑ.
    පසේ බුදු කෙනෙක් ඔය නලීන්ද සිල්වට වඩා දහස් ගුණයක් බුද්දිමත් නෙ. ඒත් උන්වහන්සේව ඒ දේ කරන්න බැරි උනානෙ. සත්‍ය ඔය නලීන් ද සිල්වා හිතන තරම් සරල දෙයක් නම් ඒක පසේ බුදුකෙනෙක්ට විස්තර කරන්න බැරි වෙන්න විදිහක් නෑනෙ.

    අනික තමයි, මම ඒක සෛලික ජීවියෙක් වෙලා ඉපදුනොත් මට කල්පනා කරන්න මොලයක් නෑ. ඉතින් මමත්වයක් එන්නෙ නෑ. එතකොට තණ්හාව කියල එකක් නැත්තං ආයෙ ඉපදෙන්නෙ කොහොමද?
     
    ඒ කියන තරම් සරලයි කියන්නෑ බං. කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙත් නිවන් දකින්න පුලුවන් බොරුවක් කියල. බුදු හාමුදුරුවො පරම සත්‍යයමයි දේශනා කලේ කියමු. ඒ කියන්නෙ සියල්ලේ යථා ස්වභාවය විස්තර කරන්න පුලුවන් වෙන්න වචන අඩංගු බාශාවක් මිනිස්සු හදල කියන එකනෙ. එහෙම වෙනවද ? මිනිස්සුන්ගෙ සංකල්ප සේරම බොරු.

    සියල්ල බොරු කිව්වාම සියල්ල බොරු කියන එකවත් ඇත්ත නෙමේ. සියල්ල බොරුයි කියන එකත් බොරු. තර්කානුකූලව හිතුවොත් එතනම විසංවාදයක්. තර්කයක් බොරු
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කිසිම දේකිං තේරුමක් නෑනෙ බං. උඹ හිතන්නෙ බුදු දහම කියන්නෙ පරම සත්‍යය කියලද ? මේ ලෝකෙ පරම සත්‍යය කියල දෙයක් තියෙන්න පුලුවන්ද ?

    බුදු හාමුදුරුවො බුදු වෙලා මුලින්ම කල්පනා කලා කියන්නෙ මං මේ අවබෝධ කරගත්තු දේ කොහොමද කියාදෙන්නෙ කියලනෙ. බුදු හාමුදුරුවො අවබෝධ කරගත්තු දේ කියන්න වචන, සංකල්ප නැතුව ඇති. බුදු හාමුදුරුවන්ට වුනත් පාවිච්චි කරන්න වුනේ පෘතග්ජන මිනිස්සු හදාගත්තු භාශාවක්නෙ. පෘතග්ජන මිනිස්සු භාශාවක් හදන්නෙ තමං දකින කරන දේවල් පැහැදිලි කරන්න සන්නිවේදනය කරන්නෙනෙ.

    ඒ අනුව බුදු දහම තියෙන්නෙත් පෘතග්ජන සංකල්ප වචන වාක්‍යය ඇසුරෙන් ඒව ඇසුරෙන් පහදන්න බැරි යමක් පැහැදිලි කරල. ඒ කියන්නෙ නිවන් අවබෝධ කරගත්තට පස්සෙ බුදු දහමත් බොරුවක් බව තේරෙන්න ඕනෙ.

    හේතුව කියන්නෙම අපි ලෝකය පැහැදිලි කරගන්න හදාගත්තු වියුක්ත සංකල්පයක්. (abstract concept) අපිට කොහෙවත් හේතුවක්ගෝචර වෙන්නෙ නෑ. ලෑල්ලකට තට්ටුවක් දැම්මොත් සද්දයක් එනව. අපි කියනව අත වැදුන නිසා තමා ශබ්දය ඇතිවුනේ කියල. ඒත් ඇත්තටම අපිට ගෝචර වුනේ අත චලනය වෙනව + ලෑල්ලෙ වදිනව + ශබ්දය ඇහෙනව කියන දේවල් විතරයි. වැදුන නිසා ශබ්දය ඇතිවුනා කියන්න වෙනම හේතුවක් ගෝචර වුනේ නෑ. ඒත් බොහෝ වාර ගානක් ගැහුවොත් ඒ හැම පාරම සද්දෙ එනව. ඉතිං අපි නිර්මාණය කරගන්නව හේතුව කියල සංකල්පයක් ඒ සිදුවීම පැහැදිලි කරන්න. ඒත් අපිට සිදුවීම් 2කිං තොරව හේතුවක් කියල දෙයක් හිතේ මවාගන්න පුලුවන්ද ? සිදුවීම් එකකට පස්සෙ එකක් වීම හැර හේතුවක් කියල දෙයක් ගෝචර වෙලා තියෙනවද ? එහෙම ගෝචර වෙලත් නැත්තං අපි කොහොමද ඇත්තටම හේතුව කියල දෙයක් තියෙනව කියල කියන්නෙ ? හේතුව කියන්නෙ අපේ හිතේ තියෙන සංකල්පයක් විතරයි. බුදු හාමුදුරුවොත් අපි හදාගෙන අපි හුරුවෙලා තියෙන ඒ බොරුව ඇසුරෙන් අපිට තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට උන් වහන්සෙට අවබෝධ වුන දේවල් පැහැදිලි කලා. පරම සත්‍යයක් කියල දෙයක් මේ ලෝකෙ නෑ. සියල්ල බොරු.

    බුද්ධ දේශණය මේ ලෝකය නොව ඉන් මිදීම ගැනනෙ. ඉතින් ලෝකයෙන් මිදෙන දහම බොරුවක් වෙන්නෙ කොහොමද?

    ඔබ කියන කරුණ පිටකයේ සදහන් වෙනවා දහම අසාර බව. එනම් නිවන ලද පසු දහම අවශ්‍ය නොවන බැවින් එය අසාර බව.

    ඔබ කියන ආකාරයට ඔබ පහුර ඔලුවෙ තියාගෙන යන්නෙත් නැහැ. නමුත් එගොඩ වෙන්න භාවිතා කරන්නෙත් නැහැ. මුලදිම පහුර කඩලා දානවනෙ.