කුරගල_මුස්ලිම්_වුණහැටි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කුරගල_මුස්ලිම්_වුණහැටි

    රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න


    kurglarty555-1.png



    පැරණි රජ දවස “තණ්ඩුලෙය්‍යක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම්වලින් ද, පසු කාලීනව “කුහරගල” නමින් ද, වර්තමානයෙහි “කූරගල” නමින් ද හඳුන්වන ඓතිහාසික බෞද්ධ පුදබිම, මේ වන විට ඉස්ලාම් ආගමික ග්‍රහණයට හසුව ඇත. එය අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පැවතුණු ස්ථානයකි. එහෙත් විසි වැනි සියවසේ මුල් භාගයේදී , ‘මුස්ලිම්’ ආක්‍රමණයට ගොදුරුවූ කූරගල පුරාවිද්‍යා ස්ථානය තුල පල්ලියක් සහ මුස්ලිම් සොහොන් 7ක් ඉදිකර වර්තමානය දක්වා තම අනසකට යටත් කර ගැනීමට ඉස්ලාම් භක්තිකයන් කටයුතු කර ඇත. වගකිවයුතු රාජ්‍ය ආයතන දේශපාලන හස්තයන්ගේ මැදිහත් වීම හේතුවෙන් පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව “බකන් නිලාගෙන” සිටීමට සිදුව ඇත.

    cover.jpg



    පුරාවිද්‍යා භුමියේ ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට අධිකරණ නියෝග ලැබුනද බලධාරීන්ට හැකියාව ලැබුනේ අනවසර වෙළඳ සැල් කිහිපයක් ඉවත් කිරීමට පමණි. පුරාවිද්‍යා භුමිය තුල ඇති මුස්ලිම් පල්ලිය අදටත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ නීතියට ඉහලිනි.

    කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ පිහිටි මුස්ලිම් පල්ලිය හඳුන්වන්නේ “දත්තා ජෙයිලානි” (Dafther Jeylany) නමිනි. පල්ලිය පාලනය කරන්නේ “භාරකාර මණ්ඩලයක්” මගිනි. එම මුස්ලිම් ජාතිකයන් විසින්, කූරගල ඉතිහාසය පිළිබඳ කලක සිටම ලෝක වාසී ජනතාව නොමග හැරීමට උත්සහ කරමින් සිටියි. ඒ සඳහා ඔවුන් ‘ව්‍යාජ සෙල් ලිපියක්’, නැවත වතාවක් විකෘතිකර (ප‍්‍රති නිර්මාණයකර) ඉදිරිපත්කර තිබේ. ඔවුන් ඉන් කියන්නට උත්සාහ ගෙන ඇත්තේ, ඉපැරණි කූරගලට මුස්ලිම් අයිතියක් ද ඇති බව ය. මෙය ඉතිහාසය විකෘති කිරීමක් බව නොරහසකි.

    අබ්දුල් කාදර් කූරගලින් ස්වර්ගයට ගිහින්

    IMG_4349-1024x683.jpg

    ආක්‍රමණයට ලක්වූ කූරගල විහාර පිවිසුම් මාර්ගය


    ‘මුස්ලිම් ජාතිකයන් විසින් මෙම ස්ථානය හඳුන්වන්නේ “දස්තර්” (Dastur) හෝ “ඩක්මර් සෙයිලාන්” (Dukmar seylan) නමින් ය. එහෙත් ලංකාවේ කිසිම මූලාශ‍්‍රයක මේ ඉතිහාසය ගැන කිසිම සඳහනක් දැක ගන්නට නැත. කෙසේ වෙතත් “අබ්දුල් කාදර්” නමින් හඳුන්වනු ලබන අරාබි ශාන්තුවරයෙක් මිත්‍යා විශ්වාසයකින් කලකට පෙර මෙම ස්ථානයේ සිටියේ යයි දැන ගන්නට ඇත. ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ මෙතන යයි පවසමින් ඔහු මෙහි වාසයකර ඇත. මුස්ලිම් ජාතිකයන්ට අනුව ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ මැද තිබෙන ගුහාවට දකුණු පසිනි. ඉතාමත් පටු සහ පැතලි මාර්ගයක් ඔස්සේ එතනට යා යුතු වන්නේ යාර 20ක් 30ක් පමණ අන්ධකාරයේ බඩගා ගෙන ය.

    ගුහාවට සම්බන්ධ කතා පුවත සිත් ගන්නා සුළු ය. ඔවුන්ගේ විශ්වාසය අනුව මෙතනින් මක්කමට හෝ ස්වර්ගයට යා හැකි ය. අබ්දුල් කාදර් මෙතනින් ස්වර්ගයට යන මාර්ගය සොයා ගත්තේ යයි මුස්ලිම් ජාතිකයන් තුල විශ්වාසයක් ඇත. ඔවුන්ට අනුව එක්තරා දිනයක ඔහු ගලට සිය අත්ල තබා, එතැන තිබූ විවරයකින් ඇතුළට ගොස් ඇති අතර, පසුව විවරය ගලකින් වැසී ගොස් ඇත. ඔහු නැවත කිසිදාක පැමිණ නැත. මුස්ලිම් වන්දනාකරුවන්ගේ විශ්වාසය වනුයේ ඔහු ස්වර්ගයට ගිය බවයි. මුස්ලිම් බැතිමතුන් ගල මත සිය අත්ලේ සටහන තබන්නේ ශුද්ධ වූ ස්ථානයෙන් ස්වර්ගයට යාමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

    මිනී මරු අලි මස්තාන් අල්ලා දෙවියන් වෙනුවෙන් ස්වර්ගයට මාර්ගය පෙන්වීම

    ආර්. බී. හෙලින්ස් මහතාගේ දින සටහනෙහි එන, පියා මරා දමා කූරගල ගල්ලෙනෙහි පදිංචිවූ පුද්ගලයා, ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබුයේ ‘අලි මස්තාන්’ නමිනි. ඔහු ගංජා සහ දඩ මස් වෙළෙඳාම් කළ බව ප‍්‍රකට ය. කූරගල හරහා යන-එන අරාබි ජාතිකයන්ට අමතරව, මස්තාන් හමුවී ගංජා සහ දඩ මස් ගෙන යාමට බලංගොඩ ප‍්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් ද කූරගලට යන්නට එන්නට වූහ. ඉන්දීය ජාතික අලි මස්තාන් මේ අතර තුර තවත් ව්‍යාපාරයකට අත ගැසුවේය. ඒ තමන් නතරව සිටි ගල් ලෙනෙහි අල්ලා දෙවියන් වෙනුවෙන් පිං කැටයක් තබා ආධාර එකතු කිරීමට පටන් ගැනීමයි. ඉන් නො නැවතී, ස්වර්ගයට මාර්ගය මෙම ස්ථානයේ දී දැක ගන්නට හැකි යයි ප‍්‍රචාරයක් ද ගෙන ගියේ ය. ඔහුගේ ව්‍යාපාරය කොතරම් ජනප‍්‍රිය වූයේ ද යත්, ස්වර්ගයට යන මාර්ගය දැක බලා ගැනීම පිණිස දේශීය මෙන්ම විදේශීය මුස්ලිම් ජාතිකයන් විහාල ලෙස කූරගලට ඇදී එන්නට වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහුගේ පිං කැටය පිරී ඉතිරී, කූරගල ලෙන් ඔවුන්ගේ ආගමික ස්ථානයක් බවට පත් වීමයි! එයට ප‍්‍රධාන හේතුවක් වූයේ, හම්බන්තොට සිට රට මැදට යාමට එකල තිබූ ප‍්‍රධාන මාර්ගය, වලවේ නිම්නය ඔස්සේ කූරගල හරහා වැටී තිබීමෙයි.


    IMG_4384-1024x683.jpg

    පුරාවිද්‍යා භුමියේ ඇති පල්ලිය


    මේ අතර, අලි මස්තාන්ගේ ක‍්‍රියා කලාපය ගැන තවත් පුද්ගලයෙක් විමසිල්ලෙන් සිටියේ ය. ඔහු නම්, බලංගොඩ පදිංචි ‘මරික්කාර්’ නම් ව්‍යාපාරිකයා ය. කූරගල වන්දනාමාන කිරීමට එන පුද්ගලයන් ගෙන් අලි මස්තාන්ගේ ‘පිං පෙට්ටිය’ පිරී ඉතිරී යන බව දැක, ඔහුට කිසියම් ලෝබ සිතිවිල්ලක් ඇති විය. මේ ස්ථානය තමන්ට අයිතිකර ගත හොත් විශාල ආදායමක් ගත හැකි බව ද ඔහු තේරුම් ගත්තේ ය. ඔහු ඒ සඳහා හීන් සීරුවේම පිඹුරුපත් සැකසීය.

    මෙම ස්ථානයේ අයිතිය ඇත්තේ දකුණු ඉන්දියාවෙන් පැමිණ සැඟවී සිටින අයකුට නොව, බලංගොඩ සිටින තමන්ට බව පවසමින් හෙතෙම අරගල කරන්නට විය. මේ අයිතිවාසිකම් සඳහා මරික්කාර්ගේ සහෝදරයන් කිහිප දෙනෙක් සහ ඥාතීන් කිහිප දෙනෙක් ද සහයෝගය දැක් වූහ. පසුව එය ගැටුම්කාරි තත්ත්වයක් දක්වා වර්ධනය විය. එහි දී මරික්කාර්ට මෙන්ම අලි මස්තාන්ට ද පක්‍ෂව පිරිස් ගොනු වූහ. ගැටුම්කාරි තත්ත්වය කොතෙක් දුරදිග ගියා ද යත්, අලි මස්තාන් විසින් බලංගොඩ මරික්කාර්ගේ කල්ලියේ සාමාජිකයකු වූ, සෙයියදු බුහාරි මව්ලානා නම් අයකුට පහර දී, ඔහුගේ කකුලක් ද කඩා දැමුවේ ය. මේ හේතුවෙන්, ඉන්දියාවෙන් පැමිණි අලි මස්තාන් හෙවත් එස්. එම්. කේ. මොහොමඩ් අලි මස්තාන් සාහිබු යන අයට විරුද්ධව 1922 වසරේ දී පොලිස් උසාවියේ අංක 22494 යටතේ නඩුවක් ගොණු කෙරිණි.

    එයට අමතරව, ගල් ලෙනේ අයිතිය පිණිස සහ එම සිද්ධස්ථානයට පැමිණෙන බැතිමතුන් ගෙන් විදේශිකයෙකු මුදල් අය කරන බව සඳහන් කරමින්, සී. එල්. එම්. අබ්බාස් මරික්කාර් යන අය, එස්. එම්. කේ. මොහොමඞ් අලි මස්තාන් සාහිබු යන අයට එරෙහිව 1922 වසරේ දී තවත් නඩුවක් ද ගොණු කරන ලදී. අලි මස්තාන්ට විරුද්ධව බලංගොඩ පාර්ශවයෙන් සී. එල්. එම්. අබ්බාස් මරික්කාර්, ඕ. එල්. එම්. අබ්දුල් ලෙබ්බේ, සහ ඒ. එල්. ඒ. මජිඞ්, ඇතුළු තවත් පිරිසකි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එම්. ඒ. ඩබ්ලිව්. ගුණසේකර මහතා ය. රත්නපුර දිස්ත‍්‍රික් උසාවියේ විභාග කරන ලද නඩුව අංක zD.C.56/35’ බව සඳහන් වේ.

    මුස්ලිම් මස්ජිඩය සහිත ගල්ලෙනෙහි හිමිකම සම්බන්ධයෙන් 1922 පවරන ලද නඩුවේ, තීන්දුව ප‍්‍රකාශයට පත්කර ඇත්තේ 1936 වසරේ සැප්තැම්බර් මාසයේ ය. එම වසර 14ක පමණ කාලය තුළ පැවති අධිකරණ ක‍්‍රියා කලාපය නිසා, කූරගල පරිශ‍්‍රයේ කිසිදු ඉදි කිරීමක් නො කෙරිණි. ඇත්තටම සියලූ ඉදිකිරීම් ආරම්භකර ඇත්තේ 1936 වසරෙන් පසුව ය. එසේ වුව ද, සී. එල්. එම්. ඒ. මරික්කාර් විසින්, 1922 වසරේ සිටම මෙහි ගොඩනැඟිලි ඉදි කළ බවට නාම පුවරු සවිකර ඇත. එය ඔහු තමන්ගේ අයිතිය තවදුරටත් තහවුරුකර ගැනීම සඳහා ගත් ක‍්‍රියාමාර්ගයකි.

    IMG_4447-1024x683.jpg

    විනාශ කර දමන ලද ඉපැරණි චෛත්‍ය


    ඒ සඳහා හොඳම සාධක සපයන්නේ, පූජ්‍ය විකිළියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේ සඳහන් කරන ආකාරයට, තමන් වහන්සේ පළමු වරට කූරගලට වැඩම කරවා ඇත්තේ 1925 වසරේ ය. එම අවධියේ එහි යාම ඉතාමත් දුෂ්කර කාර්යයක්වූ බව උන් වහන්සේ සඳහන් කරති. බලංගොඩ සිට බෝවත්ත දක්වා යාමට කරත්ත පාරක් තිබුණ අතර, එය ද යා යුත්තේ නිතර අලි, කොටි, වලස්සු වැනි නපුරු සතුන් ගැවසුන මාර්ගයක බවත්, උන් වහන්සේ සඳහන් කරති. උන් වහන්සේ තවදුරටත් කියන්නේ බෝවත්තෙන් එහාට දෙනිපිටිය හරහා කුඩා අඩි පාරකින් තන්ජමට හා එතැනින් කූරගලට යා යුතු බවයි. 1925 වසරේ කූරගලට වැඩම කළ අවස්ථාවේ, එම කඳු මුඳුනේ පේසා වළලූ තුනකින් සමන්විත, බඹ එක් හමාරක් (අඩි 09ක්) පමණ උස දාගැබක් පැවති බව සඳහන් කරති. හිටුවන්ගලටත්, ඒ අසලින් ගලා යන කුඩා දොළ පාරත් අතර කොටසේ, අඩි 35ක් පමණ දිගින් යුතු පෞරාණික ගොඩනැඟිල්ලක අත්තිවාරමක් දැක ගන්නට ලැබුණු අතර, හිටුවන්ගල ගල්ලෙන් විහාරය ඇතුළත පැරණි කුඩා බුද්ධ ප‍්‍රතිමාවක් ද තිබුණ බව වැඩි දුරටත් සඳහන් කරති. උන් වහන්සේ නැවත 1938 වසරේ දී කූරගලට වැඩමකර ඇත. එවර පළමු වරට දුටු දාගැබ, පැරණි ගොඩනැඟිලි අත්තිවාරම පමණක් නොව, ගල් ලෙන තුළ තිබූ බුද්ධ ප‍්‍රතිමාව ද දැක ගන්නට නො ලැබුණ බව සඳහන් කරති. 1925 දී බඹ එක හමාරක පමණ උසට තිබූ පැරණි දාගැබේ එකදු ගඩොල් කෑල්ලක්වත් දැක ගන්නට නො ලැබුණු අතර, හිටුවන්ගල විහාරය පැවති තැන මුස්ලිම් පල්ලියක් ගොඩ නඟා තිබුණු බවත් උන් වහන්සේ සඳහන්කර ඇත.

    පූජ්‍ය විකිලියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ සඳහන් කරන ආකාරයට, 1925 වසර වන විට මුස්ලිම් ජාතිකයන් කූරගල ගල්ලෙන් ආශ‍්‍රිතව යම් යම් දේ ඉදිකර ඇත. එම කාල වකවානුවේ ප‍්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතුකර ඇත්තේ, මුල්ගම කෝරළේ මහත්තයා වන අතර, කූරගල ගම අයිති වූයේ කල්තොට ගම්මුලාදෑනි වසමට ය. එහි ගම්මුලාදෑනි වශයෙන් කටයුතුකර ඇත්තේ, එම්. ජී. බ‍්‍රාහ්මණහාමි නම් නැමති අයයි.

    ඔහු සිය ගම්මුලාදෑනි වසමේ සංචාරයේ යෙදෙන අවස්ථාවක දැක ඇත්තේ, මෙහි පදිංචි මුස්ලිම් ජාතිකයන් ගල් ලෙන්වල තිබූ බුදු පිළිම කඩා දමමින් සිටින ආකාරයයි. ඔහු මේ පිළිබඳ සිය ඉහළ නිලධාරියා වූ මුල්ගම කෝරළේ මහතාට දැණුම් දී ඇති අතර, කෝරළේ මහතා නියෝගකර ඇත්තේ, අලි මස්තාන් විසින කූරගල අලූතෙන් ඉදි කරන ලද පැල නොහොත් ‘ගේ’ වහාම කඩා, එය කළ බවට නැවත වාර්තා කරන ලෙසයි. අලි මස්තාන් විසින් ඉදි කරනු ලැබූ නිවාසය ඉහත නියෝගය අනුව කඩා ඉවත්කර ඇති අතර, කෙසේ වුව ද 1930 දශකයේ දී නැවතත් මෙහි ගොඩනැගිලි තනා ඇති බව පෙනේ.


    IMG_4372-1-1024x707.jpg



    රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමීන් වහන්සේ ද කූරගල ගවේෂණය කළ තවත් විද්වතෙකි. උන් වහන්සේ ද කූරගල ගැන සපයා ඇති තොරතුරු ඉතාමත් වැදගත් ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක් සමග උන්වහන්සේ ද වරක් මෙහි ඇති පැරණි ලෙන් ලිපිවල ස්පර්ශ මුද්‍රා (පිටපත්කර) ගැනීමට ගිය අවස්ථාවක, එම කටයුතුවලට බාධාකර තිබේ. එකල එහි ප‍්‍රධාන භාරකරු වශයෙන් කටයුතු කළ සී. එල්. එම්. මරික්කාර් ගේ පුත‍්‍රයකු වන එම්. එල්. එම්. අබුසාලි ප‍්‍රමුඛ අනුගාමිකයන් පිරිසක් එම නිලධාරීන්ට සිය රාජකාරිය ඉටු කිරීමට නොදී, කලහකාරි ලෙස හැසිරුණු බව උන් වහන්සේ සඳහන්කර ඇත.

    මෙම ස්ථානය ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වෙනුවෙන් කැපකර ඇති නිසා, සෙල් ලිපි පිටපත්කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීය නො හැකි බව ඔවුන් පවසා තිබේ. ඔවුන් තවදුරටත් සඳහන්කර ඇත්තේ, ගල් ලෙන්වල කොටා ඇත්තේ පැරණි අරාබි අක්‍ෂර මිස, පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂර නො වන බවයි. පසුව අබුසාලි ඇතුළු පාර්ශවය, පුරාවිද්‍යා නිලධාරි පිරිස කඩු, කිනිසි, තුවක්කු ආදිය රැගෙන මුස්ලිම් සංහාරයකට හෝ කැරළි කෝලාහලයකට පැමිණි බවට බලංගොඩ පොලිසියේ පැමිණිල්ලක්කර ඇත. පැමිණිල්ල විභාග කිරීමට බලංගොඩ පොලිසියේ නිලධාරීන් පැමිණ ඇති අතර, ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමෙන් පසු, එය බෞද්ධයන් බිය ගැන්වීම සඳහා අබුසාලි විසින් කරන ලද බොරු පැමිණිල්ලක් බව තීරණයකර ඇත.


    IMG_4361-200x300.jpg



    අහසින් පාත්වූ අරාබි අක්ෂර සහිත සෙල් ලිපි

    කූරගල සෙල් ලිපි පළමුවරට පිටපත් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ, රත්නපුර දිසාපති වශයෙන් කටයුතු කළ සී. එච්. කොලින්ස් මහතාට ය. ඒ මහතා 1924.06.25 වැනි දින කූරගල ප‍්‍රදේශයේ පැරණි ස්මාරක සම්බන්‍ධයයෙන් ගවේෂණයක් කර, සෙල් ලිපි පිටපත්කර ඇති අතර, එම ගවේෂණය අළලා 1932 වසරේ රාජකීය ආසියාතික සංගමයේ වාර්ෂික සඟරාවේ 85 වැනි කලාපයෙහි ( J.R.A.S [ Ceylon ] Vol: xxxii/85 ) The Archaeology of the Sabaragamuwa Bintenna : නමින් ඉතාමත් සාරගර්භ ලිපියක් පළකර ඇත. ලිපියේ කූරගල සෙල් ලිපි ගැන ද සඳහන්කර ඇත. එහෙත් එම ලිපියේ, අරාබි අක්‍ෂර සහිත සෙල් ලිපියක් හෝ ලිපි කිහිපයක් තිබුණු බවක් සඳහන් නොවේ.

    ‘දත්තගේ පර්වතය’ යනුවෙන් හඳුන්වනු ලබන කන්ද පාමුල ඇති ක‍්‍රි: පූ: 02 – 01 සියවස්වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගෙන් යුත් සෙල් ලිපි 03ක් ඇති බව පෙර සඳහන් කළෙමි. එම ලෙන් ලිපි, අද මුස්ලිම්වරුන් විසින් සිය අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා ව්‍යාජ ලෙස යොදවා ගෙන ඇත. එහි සඳහන් ‘දත්ත’ යන නම ඔවුන් විසින් පරිවර්තනය කර ගෙන ඇත්තේ ‘ඩැෆ්ටර්’ (දෆ්තර් -Dafther)වශයෙනි. ඔවුන් කියන්නේ ඒවා අරාබි අක්ෂර සහිත සෙල් ලිපි බව ය.

    පුරාවිද්‍යා නිලධාරීන් කූරගල සෙල් ලිපි පිටපත්කර ඇත්තේ 1961 වසරේ දී ය. එම අවස්ථාවේ, ඉහත අරාබි අක්‍ෂරයෙන් යුත් සෙල් ලිපි තිබුණේ් නම් ඒවා පිටපත් නො කර සිටින්නේ නැත. මෙම අරාබි සෙල් ලිපි පිටපත්කර ඇත්තේ එයින් දශ වර්ෂයකට පමණ පසවු හෙවත්, 1971 සහ 1972 යන වසරවල ය. එයින් පැහැදිලි වන්නේ, සෙල් ලිපි දෙකම ‘කොටා’ ඇත්තේ එම දස වසරක කාලය ඇතුළත දී බව ය.

    IMG_4388-1024x683.jpg


    කූරගල මුස්ලිම් පල්ලියට ඉහළින් ඇති ගල් ලෙනක් පාමුල, කැඩුණු ගල් කැබැල්ලක අරාබි බසින් කොටන ලදැයි කියන එක් සෙල් ලිපියක් තිබේ. ‘දර්වේෂ් මුහියාදීන් 715 යන පාඨය එහි සඳහන් බව කියති. දර්වේෂ් මුහියාදීන් යනු, ඉස්ලාමීය අනාගත වක්තෲන් කෙනෙකි. එයට අමතරව එහි අන් දෙයක් පැහැදිලි නො වීය. අනෙක් සෙල් ලිපිය පිහිටා ඇත්තේ කූරගලට යන මාර්ගයේ, ඔවුන් විසින් ‘ජින් මලෙයි” (යක්‍ෂයාගේ කන්ද) යනුවෙන් හඳුන්වන ගල් තලාවේ සවිකර ඇති සෙල් පුවරුවේ ය. එහි ‘යා අල්ලාහ් 300” (මෙහි අර්ථය ක‍්‍රි: ව: 907 යනු යි) නමින් පාඨයක් කොටා ඇති බව සඳහන් වේ. පුරාවිද්‍යා නිලධාරීන් 1971.07.30 වන දින සහ 1972.03.15 දිනවල මෙම සෙල් ලිපි දෙක ද පිටපත් කළ බවත්, එවා පැරණි නො වන බවත්, පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ දක්වා තිබේ.

    ඉතිහාසය යළි මතු කිරීම

    කූරගල ජෙයිලානි මුස්ලිම් දේවස්ථානයේ ආගමික වතාවත් කිරීමට පැමිණෙන්නේ කල්මුණේ, මඩකළපුව, අක්කරෙයිපත්තුව වැනි ඈත ප‍්‍රදේශවල මුස්ලිම් ජනතාවයි. ආගමේ නාමයෙන් මෙහි දී කරන සත්ත්ව ඝාතන නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත් අතර, බෞද්ධ මෙන්ම තවත් සමාජ සත්කාරක ආයතන ද සත්ත්ව ඝාතනවලට විරුද්ධව හඬ නැගූහ. එසේම බෞද්ධ බලවේග ද කූරගල මුස්ලිම් දේවස්ථානය එතනින් ඉවත් කරන ලෙස ප‍්‍රබල ඉල්ලීම් කරන්නට වූහ. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණ ක‍්‍රියාමාර්ග ගත්තේ ය. එහි දී පුරාවිද්‍යා රක්‍ෂිතයේ ඉදිකර තිබූ පෞද්ගලික නිවාස 04ක් ඉවත් කරන ලෙසට බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ ය. පල්ලියේ භාරකරුවන්ගේ උපදෙස් පරිදි, තීන්දුවට එරෙහිව කඩ හිමියන් මහාධිකරණයට නඩු ගොණු කළත්, මහාධිකරණ තීන්දුව වූයේ ද පෙර තීන්දු බලාත්ත්මක කිරීම ය.


    IMG_4463-300x200.jpg

    IMG_4380-300x200.jpg

    පුරාවිද්‍යා භුමියේ ඇති මුස්ලිම් ජාතිකයන්ගේ සොහොන්


    හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ද කූරගල ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ කළේ ය. ඔහු, මුස්ලිම් දේවස්ථානයේ ඉදිකර ඇති ගොඩනැගිිලි ඉවත්කර, වෙනම ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා පුරාවිද්‍යා රක්‍ෂිතයට යාව හෙක්ටයාර් 11.309ක භූමියක් මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩලයට බදු පදනමක් මත දුන්නේ 1990.03.25 දින ය. එහෙත් අබුසාලි ප‍්‍රමුඛ මුස්ලිම් භාරකාර මණ්ඩලය එම ගොඩනැගිලි ඉවත් නො කිරීම නිසා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යළිත් අධිකරණයට යාමට සිදු විය. ඒ අනුව පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ පිහිටි පෞද්ගලික වෙළඳසැල් 04ක් ඉවත් කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයක් ලැබිණි.

    IMG_4367-1024x931.jpg



    මේ වන විට, කූරගල මුස්ලිම් දේවස්ථානය පැවති ස්ථානයේ මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකුගේ සොහොන් කොත් කිහිපයක් හැරෙන්නට අනෙක් සියළුම ගොඩනැගිලි ඉවත්කර ඇත. දැන් ස්ථානය වන්දනාමාන කිරීමට සහ නැරඹීමට පැමිණෙන ජනතාවට දැක ගන්නට ඇත්තේ මුස්ලිම් පල්ලියක් සහ සොහොන් භූමියකි. එම නිසා පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඉතුරුකර ඇති පල්ලිය සහ සොහොන් ද ඉවත් කිරීමට පුරාවිද්‍යා බලධාරීන් කටයුතු කළ යුතු ය. ඇත්ත තිත්ත වුණත් කිව යුත්තේ, පුරාවිද්‍යා බලධාරීන් කූරගල අනවශ්‍ය ඉදි කිරීම් ඉවත් කිරීමට ශක්තියක් නොමැති බවය.


    ‘දිවා ගුහාව’ පිහිටියේ ද මෙම ස්ථානයේයි


    බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළ ‘දිවා ගුහාව’ පිහිටියේ ද මෙම ස්ථානයේ බවටත්, තෙ ලොවටම අධිපතිව විසූ මහා රාවණාවන්ගේ ඉන්ද්‍රගිරි රාජධානිය මෙහි පිහිටා තිබුණු බවටත්, පූජ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ විසින් තර්කානුකූල මතයක් ද ඉදිරිපත්කර ඇත.

    මෙම පුණ්‍ය භූමියේ ඇති ගල්ලෙන් ආශ‍්‍රිතව බොහෝ දුරට බුදු පිළිම වැනි දේ නො තිබෙන්නට ඇතැයි ද උපකල්පනය කළ හැකි ය. කූරගල ආසන්නයෙහි කුරුදියවල විහාරාරාම සංකීර්ණය සහ බුදුගල, වැනි ස්ථානවල තවත් බුදු පිළිම සහිත බෞද්ධ සිද්ධස්ථාන පැවති බැවින්, කූරගල ලෙන්වල බුදු පිළිම ඉදි නොකර, එහි සියලූම ගල්ලෙන් භාවනා කටයුතු සඳහා යොදවා ගන්නට ඇත! එමෙන්ම බෞද්ධ සංකේතයක් වශයෙන්, ‘කුහරගල’ මස්ථකයේ චෛත්‍යයක් පමණක් ඉදි කරන්නට ඇත. භාවනා කටයුතුවල යෙදිය හැකි පැරණි ගල්ලෙන් 20කට ආසන්න සංඛ්‍යාවක්, කූරගල, පබ්බත සහ බුදුගල ආශ‍්‍රිත කලාපයෙන් සොයා ගැනීමට හැකිවී ඇත.

    කූරගල අයත් වන්නේ, රත්නපුර දිස්ත‍්‍රික්කයට ය. එහි බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයේ, කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවේ, කූරගල ගමෙහි මෙම වන්දනීය පින්බිම පිහිටා ඇත. බලංගොඩ-කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කණුවට නුදුරින් හෙවත්, තංජන්තැන්න මංගර දේවාලය ඉදිරි පිටින් ඇති අතුරු මාර්ගයක් ඔස්සේ, තවත් කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු කූරගල පුදබිම හමුවේ.


    IMG_4402-1024x683.jpg

    ඉපැරණි පියගැටපෙළ

    කූරගල ගල්ලෙන් පිළිබඳව අධ්‍යයනයේ දී පැහැදිලි වන්නේ, මුල් අනුරාධපුර යුගයටත් වඩා ඈතට දිවෙන ඉතිහාසයක් එහි ඇති බව ය. ඒ අනුව කූරගල ලෙන් සංකීර්නයේ මානව ජනාවාස ආරම්භ කරන්නේ, මධ්‍ය ශිලා යුගයට අයත් ‘ප‍්‍රාග් මානවයා’ (Homo sapiens sapiens Balangodensis) හෙවත් ‘බලංගොඩ මානවයා’ ය. ඔවුන් එහි විසූ බවට සාධක, මෑතක මේ ගල් ලෙන්වල කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය විය. එය වැදගත් කරුණකි. ගල් ලෙන්වලට අමතරව ඔවුන් එළිමහන් ප‍්‍රදේශවල ද ජනාවාස පිහිටුවා ගෙන තිබූ බවට පැහැදිලි සාක්‍ෂි අනාවරණයකර ගැනීමට හැකි වූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ කළ ගවේෂණ සහ කැණීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ඉකුත් 2013 වසරේ, කූරගල මුස්ලිම් පල්ලියට යාබද ගල් ලෙනෙහි කළ පර්යේෂණ කැණීමන්, එහි මානව ජනාවාසය අදින් වසර 6000 සිට 16,000 දක්වා කාලයක් පැරණි බව වාර්තා විය.

    ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු කූරගල ගැන තොරතුරු සඳහන් වන්නේ මුල් අනුරාධපුර යුගයේ සිටම ය. කටාරම් කෙටූ ගල්ලෙන් සහ පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරයෙන් යුත් සෙල් ලිපි මගින් ඒ ඉතිහාසය ගොඩ නැගෙයි. පැරණි සෙල් ලිපි 03ක් මෙහි දී දැකගත හැකි ය. ඒවායින් පැහැදිලි වන්නේ, භාවනායෝගි බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා එකල මෙහි ගල්ලෙන්වල වැඩ සිටි බවයි.


    IMG_4386-1024x741.jpg


    කූරගල ඇති ලෙන් ලිපි සියල්ලම ඉතා කෙටි ලිපි වේ. එය විශේෂත්වයකි. එමෙන්ම බොහෝ ලෙන් ලිපිවල, ‘අගත අනගත චතු දිශ ශගස දිනේ’ (අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූද, නො පැමිණියා වූද, භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි) යනුවෙන් සඳහන්කර තිබේ. කූරගල කඳුවැටිය සහ තදාශ‍්‍රිත කලාපයේ තවත් පැරණි ගල් ලෙන් කිහිපයක්ම වෙයි. ඒවායෙහි ඇති ලෙන් ලිපිවල එබඳු සඳහනක් නැත. ඊට හේතුව විය හැක්කේ, එම ස්ථාන ‘ලෙන් ආරාම’ සකස් කිරීමේ ප‍්‍රාථමික අවධියට අයත් ස්ථානයන් නිසා වන්නට පුළුවන. පූජ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ, මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට ප‍්‍රථම හෙවත්, ප‍්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන්, යම් යම් ප‍්‍රදේශාධිපතීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඇති බවයි. එම නිසා ඒවායෙහි ‘අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූද, නො පැමිණියා වූද භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි’ යනුවෙන් සඳහන් නො කරන්නට ඇති බව උන් වහන්සේගේ අදහසයි.

    (විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරි එච්. එම්. ජයන්ත විජේරත්න මහතාගේ , “මානව පරිණාමයේ රත්නපුර ලකුණ” නම් ග‍්‍රන්‍ථය ඇසුරෙනි)




    උපුටාගැනීම colombotoday.com වෙබ්අඩවියෙනි


    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න


    .
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මිනී මරු අලි මස්තාන් අල්ලා දෙවියන් වෙනුවෙන් ස්වර්ගයට මාර්ගය පෙන්වීම :angry::cool:;)
     
    • Like
    Reactions: Oli_Vili

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    සහජීවනේ උන් මුස්ලිම් උන්ට ඔක්කොම දෙනව කියමුකෝ.. ඇයි බං මහින්ද මහත්තයයි ගෝටයි රට රන් කරපු කාලේ ඕකුන් ටිකට ගේමක් දීල ඕක අත්පත් කර ගන්න බැරි උනේ.. මට තියන දැවෙන ප්‍රස්න ඔන්න ඕවා..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි බන් මිනිස්සු එක එක පොන්නයෝ හිටියයි කියපු තැන් වලට ගහා මරාගන්නේ.. ඒ පොන්නයෝ කිව්වේ මොනාද කියලවත් දන්නේ නැති මේ පොන්නයෝ, ඒ පොන්නයෝ හිටිය තැන් ආරක්ෂා කරන්න කියා කියා මරා ගන්නවා.. ජෙරුසෙලම, මක්කම, දබදිව, මොන හුකන මෝඩයෝද බන්..
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න සින්හල බෞද්දයෝ, තවත් බොදු බල සේනාවටයි මහසොහොන් බලකායටයි බෑන බෑන ඈස් කන් වහගෙන සහජීවනේ ඔලුව උඩ තියාගෙන ඉදපල්ලා නිවටයෝ වගේ. කවදාහරි උබලාගේ ලමයින්ට අදහන්න ආගමක්, වදින්න පන්සලක්වත් නෑතිවෙනවා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොන්න සින්හල බෞද්දයෝ, තවත් බොදු බල සේනාවටයි මහසොහොන් බලකායටයි බෑන බෑන ඈස් කන් වහගෙන සහජීවනේ ඔලුව උඩ තියාගෙන ඉදපල්ලා නිවටයෝ වගේ. කවදාහරි උබලාගේ ලමයින්ට අදහන්න ආගමක්, වදින්න පන්සලක්වත් නෑතිවෙනවා.
    ඇයි බන්, අපේ ළමයි පන්සල් යන්නේ.. උන්ට ගෙවල් හදලා තියනවනේ.. උන් පන්සල්වල තියන්න මගේ නම් බලාපොරොත්තුවක් න.. එහෙම අදහන්න ආගමක් ළමයෙකුට තියෙන්නම ඕනද.. ඒක තිබ්බම ඇතිද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සහජීවනේ උන් මුස්ලිම් උන්ට ඔක්කොම දෙනව කියමුකෝ.. ඇයි බං මහින්ද මහත්තයයි ගෝටයි රට රන් කරපු කාලේ ඕකුන් ටිකට ගේමක් දීල ඕක අත්පත් කර ගන්න බැරි උනේ.. මට තියන දැවෙන ප්‍රස්න ඔන්න ඕවා..

    මහින්ද තරම් හම්බයන්ට වෙන කවුද උදව් කලේ :rofl:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,321
    1,050
    113
    නොදනි(Unknown)
    සහජීවනේ උන් මුස්ලිම් උන්ට ඔක්කොම දෙනව කියමුකෝ.. ඇයි බං මහින්ද මහත්තයයි ගෝටයි රට රන් කරපු කාලේ ඕකුන් ටිකට ගේමක් දීල ඕක අත්පත් කර ගන්න බැරි උනේ.. මට තියන දැවෙන ප්‍රස්න ඔන්න ඕවා..

    hmbayata nikan awata giyata gahanna ba bn.
    sinhala un inne lankawe withari,hmbayo nta balwath ratawal thiyanwa.
    molen gema denna ona.gota lawat wad patan gathata hari giye na.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේව කාටද පේන්නේ කියපල්ලකෝ..

    මහින්ද හොදයි හොදයි කියන දේශප්‍රෙමියෝ උඹලගෙන් අහන්නේ මහින්ද ඇරියනේ ඉස්සර වෙල...
    රනිලා මේවා විකුණන එකෙක් කියන නිසා උගෙ ආණ්ඩුවකින් මොනා බලාපොරොත්තු වෙන්නද...

    ඇත්ත කතාව පාර්ලිමේන්තුවේ බහුතර මල් සොන්නයින් පුප දෙන්නේ නන් සින්හලීස් ලට... සින්හලු ඉතින් පක්ෂ බදාගෙනනේ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේව කාටද පේන්නේ කියපල්ලකෝ..

    මහින්ද හොදයි හොදයි කියන දේශප්‍රෙමියෝ උඹලගෙන් අහන්නේ මහින්ද ඇරියනේ ඉස්සර වෙල...
    රනිලා මේවා විකුණන එකෙක් කියන නිසා උගෙ ආණ්ඩුවකින් මොනා බලාපොරොත්තු වෙන්නද...

    ඇත්ත කතාව පාර්ලිමේන්තුවේ බහුතර මල් සොන්නයින් පුප දෙන්නේ නන් සින්හලීස් ලට... සින්හලු ඉතින් පක්ෂ බදාගෙනනේ

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගෝටා ගැන දන්නවා... මහින්ද ගැනත් දැනගෙන හිටියා... මහින්ද ට්‍රාන්ස්ෆෝම් උනානේ... අන්තිමට රිෂාඩ්ට පුප දූන්නනේ... ගෝටාටත් වට වෙලා සෙට් වෙන්නෙ මහින්දව යූස් කරගෙන පෞද්ගලික ඕනෑ එපාකම් කරගෙන රටට මහ ජරා දේශපාලන සන්ස්කෘතියක් බිහිකරපු උන් මයි...

    ගෝටා ඒ වලට නොවැටේවා කියලා හිතමු..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගෝටා ගැන දන්නවා... මහින්ද ගැනත් දැනගෙන හිටියා... මහින්ද ට්‍රාන්ස්ෆෝම් උනානේ... අන්තිමට රිෂාඩ්ට පුප දූන්නනේ... ගෝටාටත් වට වෙලා සෙට් වෙන්නෙ මහින්දව යූස් කරගෙන පෞද්ගලික ඕනෑ එපාකම් කරගෙන රටට මහ ජරා දේශපාලන සන්ස්කෘතියක් බිහිකරපු උන් මයි...

    ගෝටා ඒ වලට නොවැටේවා කියලා හිතමු..

    මොකා ආවත් සිස්ටම් එක නම් වෙනසක් වෙන එකක් නැහැ බන්..
    ඒත් පොඩි හරි හැගීමක් වචනයක් කතා කරන්න ඉන්නෙ සිංහල උන් වෙනුවන් ඔය යකා විතරයි අනිත් උන් එක්ක කම්පෙයා කරාම..

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකා ආවත් සිස්ටම් එක නම් වෙනසක් වෙන එකක් නැහැ බන්..
    ඒත් පොඩි හරි හැගීමක් වචනයක් කතා කරන්න ඉන්නෙ සිංහල උන් වෙනුවන් ඔය යකා විතරයි අනිත් උන් එක්ක කම්පෙයා කරාම..


    සිස්ටම් හැදෙන්නේ නැත්නම් තවත් තාවකාලික සැපයක් තමා :(