ඉවුම් පිහුම් වලදී පාවිච්චි කරන කෙටි ක්‍රම
අපි හැමෝම කැමතියි කටට රසට කැමති කෑම වේලක් කන්න.
හැබැයි ඉතින් උයන්න ගිහාම තමා එපා වෙන්නේ.
ඒත් මම නම් කෑම උයන්න ආසයි.
ඉතින් මම හිතුව මේ වගේ උයන පිහන වෙලාවට මම පාවිච්චි කරන පොඩි පොඩි ක්‍රම කිහිපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න.
ගොඩක් දෙනෙක් මේවා ගැන දන්නවා ඇති.ඒ වගේම තමුන් දන්න දේවලුත් ෂෙයාර් කරගමු.
අපි දන්න විදිහට රසට උයාගමු.
# - කොළ පාට එළවලු තම්බන කොට සීනි හැන්දක් දැමීම - මේකෙන් එළවලු වල කොළ පාට ගතිය ටිකක් මතු වෙලා පේනවා.
# - හොද්දේ ලුණු වැඩි උනහම අල පෙත්තක් දැමීම - මේකෙන් ලුණු ගතිය ටිකක් අඩු වෙනවා.
# - කඩල තම්බන කොට සුද්ද කරපු පොල්කටු කෑල්ලක් දැමීම - කඩල ඉක්මනටම තැම්බෙනව.
# - බත් එක ඇට්ට කුනා උනහම කෙසෙල් කොළයකින් වහල තියනවා - බත් එකේ හුමාල ගතියෙන් අමු ඇට ටිකක් තැම්බෙනවා.
# - බාගෙට ගාපු පොල් අඩලේ වටේට ලුණු වතුර ගානවා - පොල් අඩලේ පහුවෙනිදා වෙනකන් නරක වෙන්නේ නෑ.
# - ගෙදර තේ කොළ ටින් එකට එනසාල් , කරාබු නැටි තුන හතරක් දාලා තියනවා - තේ සුවඳ වෙනවා.
# - කඩෙන් ගෙනාපු එළවලු විනාකිරි වතුරෙන් හෝදනවා - එළවලු වල මතුපිට තියෙන රසායන වර්ග ටිකක් අයින් වෙනවා ( ගෝව එහෙම කොළ ගලවල පෙඟේන්න දානවා)
# - කඩල, කව්පි, පරිප්පු වගේ ධාන්‍ය වර්ග අහුරලා තියද්දි රම්පා, කරපිංචා කොලයක් දාලා තියෙනවා - ගුල්ලෝ ගහන්නේ නෑ.
# - කරවල, මාළු වගේ දේවල් හාල් හෝදපු වතුරෙන් එක පාරක් හෝදලා නැවත හොඳ වතුරෙන් හෝදන්න - පිලී ගඳ යනවා.
තවත් තියෙනවා.මතක් වෙන එව්වා පස්සේ මේ නුලේම කොටන් යන්නම්.....ජය වේවා.