සීමාවන් අතික්‍රමණය කල අත්දැකීම

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සීමාවන් අතික්‍රමණය කල අත්දැකීම

    සීමාවන් අතික්‍රමණය කල අත්දැකීම......

    සංචාරකයෙක් කියන්නේ ඕනෙම අවස්ථාවක ජීවිතේ නොහිතන අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන කෙනෙක්.
    ඒ අතරිනුත් කැලෑවක හරි, කන්දකදී හරි, නැත්තනම් දිය ඇල්ලක් ගාවදි හරි මුහුණ දෙන සමහර අත්දැකීම් නිසා
    කෙනෙකුට ජීවිතයෙන් උනත් වන්දි ගෙවන්න සිද්ද වුනු අවස්තාවන් අපි ගොඩක් දැකලා තියෙනවා.
    මගේ සංචාරයන් අතරින් මම ලබපු ලොකු අත්දැකීමක් තමයි '' ගැරඬි ඇල්ල '' තරණය.
    2016 අවුරුද්දේ මුල් කාර්තුවේ තද නියඟයකින් පස්සේ අරනායක නාය යාම්, කැළණි ගං ඉවුරු දෙගොඩතලා ගිහින්
    මහත් විනාශයක් උනා කට්ටියට මතක ඇති.
    ඉතින් මේ සංකීර්ණ කාල සීමාවෙන් පස්සේ ජුනි මාසේ අපි තීරණය කළා උඩුදුම්බර - කලුගල ගැරඬි ඇලි තරණය
    කරන්න.ලක්දසුන් එකේ ට්‍රිප් රිපෝර්ට් එකක් බලලා විස්තරත් දැනගෙන මහියංගන බස් එකේ උඩුදුම්බරට ඇවිත් කලුගල ගමෙන් බහිද්දී
    උදේ 8 විතර ඇති.
    ( මේක කියවන උන් හිතයිද දන්නේ නෑ මේ යකා උඩුදුම්බර - කලුගල විතරද ඇවිදලා තියෙන්නේ කියල.නෑ නෑ මේ තමයි මම ඔය පැත්තේ
    ඇවිද්ද පලවෙනි අවස්තාව)

    bsXq3G.jpg

    අපි හතර දෙනා බස් එක එනකම් ටිකක් දුර පයින් ගියා.

    T15txt.jpg

    මේ පුංචි ඇල පාර ගිහින් හසලක ඔයටම එකතු වෙනවා.

    cU4O3J.jpg

    මේ පින්තුරෙන් පෙන්නේ ගැරඬි ගල. හොඳට බැලුවොත් දියඇලි කිහිපයම පේනවා.

    HENTpq.jpg

    කෙහෙල්පත්දොරුවේගල

    09rLZT.jpg

    බලල්ගිර හා දුම්බානාගල

    ජුනි වෙද්දී ඔය පලාතට සැහෙන හුළඟ. වැස්ස නම් නැති ගානයි.
    මමත් එක්ක ගමේ යාළුවො 3 තමයි කණ්ඩායම.කලුගල දූලාපේ චූලාභය ඉස්කෝලේ ගාව ඉඳලා තවත් කිලෝමීටර් 3 විතර තියෙනවා කන්ද පාමුලට.
    අපි ඔහොම පයින් ඇවිදන් යද්දී ඉස්කෝලේ ලොකු සර් එහෙමත් හම්බු වුනා. බොහොම හොඳින් අපිත් එක්ක විස්තර කතා කරලා වටිනා කියන තොරතුරු එහෙමත් දුන්නා.උන්දා අපිට දුන්නේ එකම එක අවවාදයයි '' මයේ පුතාලා හුළං වලින් පරිස්සම් වෙන්න.මේ කාලේ ඝනවරේට හුළං.''
    ඉතින් ඒ අවවාදෙත් හිතේ තියාන අපි අපේ ගමන ගියා.

    Addmp5.jpg

    කැලෑ මංඩියට ඇතුල් වෙන තැනම තියෙන පුංචි දිය පාරක්. මෙතන පුංචි දිය කඳුරක් තියෙනවා.

    ගමේ කෙලවරේට වෙන්න තියෙන ගෙවල් වලින් උඩට යන පාරත් අහගෙන ඔහොම කැලෑ
    මංඩියට සේන්දු වෙලා බලද්දී උඩට යන්න කිසිම අඩි පාරක් නෑ කොහොම හරි සෑහෙන වටයක් ගහල අවසානේ ගමේ මිනිස්සු ලඟදි එලි කරපු මාන කෑල්ලක් මැදින් ගිහින් ලස්සන ගල් තලාවකට ආව.

    u17cdw.jpg

    මාන කැලේ මැදින් උඩටම

    EC6hHb.jpg

    TvKWty.jpg

    ගල් තලාව අපි මෙතන පොඩි විවේකයක් ගත්තා.

    2ZulNB.jpg

    මම දැකපු ලස්සන දර්ශනයක්.සශ්‍රීක බව ලස්සනට ගැබ් වෙලා තියෙනවා.

    මෙතැනදී වෙලාව දවල් 12 ට කිට්ටු කරලා තිබ්බේ.අපි මෙතැනදී තීරණයක් ගත්තා යම් විදිහකින් උඩ හුලං තදේටම තිබුනොත් මෙතන රෑ කෑම්ප් කරනවා කියල.නමුත් අපිට හීනෙකින් වත් හිතුනේ නෑ ඒ තීරණය තමයි අපිට අවසානයේ බලාපොරොත්තුවක් වෙන්නේ කියල.

    මෙතන ඉඳල තවත් ඉස්සරහට ගියාම ගැරඬි ගලේ පාමුලට තමා වැටෙන්නේ.
    ගැරඬි ඇලි දාමයක් තියෙනවා.ගමේ මිනිස්සු කියන්නේ හත්මාලේ ඇල්ල කියල.නමුත් මම දන්නා විදිහට මෙතන ඇලි 5ක් තමා තියෙන්නේ.

    SUDRS9.jpg


    D0Yk0n.jpg

    ගැරඬි ගලේ පාමුල

    කන්ද පාමුල ලස්සන වෙල්යායක හිටි මිනිස්සු අපිට නම් කිව්වේ උඩට යන එක නම් හරි අමාරුයි පුතාලා, කන්ද පුරාම ගල් පොත්ත.
    ගල් ඇන්දේ එල්ලී එල්ලී තමා යන්ට වෙන්නේ කියල.
    එත් දැන් ගමන මග අතාරින්ට බැරි නිසා අපි කිව්වා පුළුවන් දුරක් ගිහින් හරි එන්නම් කියල.
    එහෙම කියල අපි දෙයියනේ කියල ඉස්සරහට ඇදුනා. ඒත් ගැරඬි ගල සෑහෙන සීඝ්‍ර ආනතියකින් තියෙන්නේ.
    කිව්වා වගේම අපිට යන්න සිද්ධ වුනේ සිග් සැග් විදිහට. ඒ වගේම තමයි එක ගල් ඇන්දක් උඩට නැග්ගම තවත් එකක්.
    ඒ වෙනකොට අපේ මොරාල් එක පට්ටෙට අඩු වෙලා තිබුනේ.

    A3edft.jpg


    NAgeOR.jpg


    YirfPP.jpg

    මේ වගේ ආනතියකින් සහ ගල් ඇඳි නැගගෙන තමා උඩට යන්න තියෙන්නේ.


    කොහොමින් කොහොම හරි අපි උඩටම ඇදුනා.අපි ගියේ දිය ඇල්ලට ගොඩක් ඈතින්.එත් හුළං සැර කියන්නේ මීටර් 20,30 මෙපිටට හිරිකඩ පාර ගහනවා.
    නමුත් වතුර බොහොම පොඩ්ඩයි තිබුනේ.
    ඔය විදිහට බොහොම දුෂ්කර ගමනකින් පස්සේ අපිට පුළුවන් උනා ඇල්ලේ මුදුනේ ඉඳල දෙවෙනි මහල පාමුලට එන්න.
    වතුර නම් ගොඩක්ම අඩුයි.එත් සුන්දරත්වයේ නම් අඩුවක් දැක්කේ නෑ

    dcG1ND.jpg


    mZXrNK.jpg

    දෙවෙනි මහල

    DTcAWG.jpg


    jn6mcK.jpg

    Garandi ella Official Group selfie :P

    මෙතනට එද්දී වෙලාව හවස 3විතර ඇති. මේ වෙලාවේ මම අනිත් කට්ටිය තියල ඔය ඇල්ල අයිනේ මානා තලාව දිගේ උඩට ගිහින් බැලුව
    මුදුනට යන්න ලේසි විදිහක් බලන්න.
    නමුත් මගේ බලාපොරොත්තු ඔක්කොම සුනු විසුනු උනා දැක්ක දෙයින්.
    තවත් මීටර් 10,12 විතර උස තඩි ගල් පොත්තක්.අපි හිටපු මොරාල් එකේ තරම අනුව සහ කඹ නැතුව නම් මේක නගින්න ගියොත් එකෙක් හරි ලෙස්සල වැටෙන එක නම් ෂුවර්.එක නිසා මම පල්ලහට ඇවිත් කිව්වා උඩම ඇල්ලට යන්න බෑ , මේ වගේ තත්වයක් තමා තියෙන්නේ කියල.
    මෙන්න මේ වෙලාවේ තමයි අපිට උන් හිටි තැන් අමතක උනේ.
    අපිට ගන්න තිබුනේ තීරණ 2යි. එක්කෝ මෙතන නතර වෙනවා, නැත්තනම් පල්ලහට ගිහින් කලින් කතා වුනු තැන රෑ නතර වෙනවා.
    පලවෙනි තීරණය නුවනට සුදුසු උනේ නෑ. මොකද එච්චර උඩින් ටෙන්ට් එක අටවා ගත්තොත් හුළඟේ සැරට කැඩෙන්න තියෙන ඉඩ වැඩියි.
    අනික ඒ හරියේ තැනිතලා බිමක් තිබුනේ නෑ.
    ඉතින් අපි තීරණය කළා දෙවෙනි විසඳුමට යන්න. අන්න එතැනදී අපි ලොකු අමාරුවක වැටුනා.
    මොකද කිව්වොත් අපි එන මගේ නැගපු ගල් ඇඳි ආධාරක නැතුව බහින්න බෑ. කඹ නැත්තනම් වැඩේ අමාරු තත්වයක් තමා තිබුනේ.
    ඒ වෙලාවේ අපි තීරණ කළා දිය පාරට දකුණු පසින් නැග්ග අපි වම් පසින් බහින්න. මොකද ඒ පැත්තට වෙන්න දිගටම කටු පඳුරු විතරයි තිබුනේ.
    ලොකු ආනතියක්වත් ගල් වත් තිබුනේ නෑ.

    96i88J.jpg

    අපි දිය ඇල්ලට වම් පැත්තෙන් බහින්න ගත්තා.

    නමුත් මේ වෙලාවේ අපි තවත් ගැටලුවකට මුහුණ දුන්නා. ඒ තමා අපේ වතුර ඉවර උනා. එක නිසා බැහැගෙන එන ගමන් අපි ඇල්ලේ තුන් වෙනි මහලට කිට්ටු කළා, අපේ බෝතල් පුරවා ගන්න.ඒ ගමන ටිකක් අවධානම් වුනාට පොඩ්ඩක්වත් පාඩු උනේ නෑ. මොකද ඒ මහල කොටස් දෙකකට තමා කඩා වැටෙන්නේ.
    පුදුම ලස්සනක් තිබ්බේ.

    8gQlLz.jpg


    5mBE07.jpg


    r57Jeo.jpg

    ඒ කොටස ලස්සන නිසාම අපි ආයේ ඇල්ලේ අනික් පැත්තට ආව ඡායාරුපයක් ගන්න ඕනෙම නිසා.

    asSPQ7.jpg


    N2iaJL.jpg

    හතරවෙනි ඇල්ල ආරම්භක ස්ථානය. අපි මෙතන ඉඳලත් සෙල්ෆි එකක් ගැහුවා.

    CvVBZ1.jpg

    නැවතත් ගමනේ.....

    6jaejC.jpg

    පහලට බහිද්දීත් අපිට තරමක ගල් ඇන්දක් බහින්න වුනා. නමුත් නගිනකොට මුහණ දුන්නු එව්වා තරම් දරුණු වුනේ නෑ.මොකද ගස් අල්ලන් බහින්න හැකියාවක් තිබ්බ.


    කොහොම හරි කටුපඳුරු අස්සෙන්, කැලෑවක් අස්සෙන් ගිහින් අපේ අරමුණ උනේ අපිට මුලදීම හම්බ වුනු ගල් තලාව හොයාගෙන යන එක.
    මේ වෙනකොට ගල් තලාව තිබුනේ අපිට මුහුණලා වම් අතින්. කැලෑවක් ඇතුලෙදි ඉදිරියක් බලන්න ඕනේ නම් ගසක් මුදුනට නගින්න අවශ්‍යයි කියන සිද්ධාන්තය උපයෝගී කරගෙන කොහොම හරි කැලේ පීරාගෙන අපි හවස 6 පහු වෙනවත් එක්කම වගේ අපේ අරමුණට ලඟා වුනා.
    අන්න එතකොට තමයි අපිට සැනසීමෙන් හුස්ම ටිකක් ගන්න පුළුවන් උනේ වගේම දවල්ට කන්න මතක් උනෙත්.
    LbGB07.jpg

    අරමුණ කරා ලඟා වීමේ ප්‍රීතිය..


    ඊට පස්සේ අපි ටෙන්ට් එකත් අටවාගෙන හරිම අමාරුවෙන් ලිපක් පත්තු කර ගත්තා, උයන්න ඕනේ නිසා. අපි නූඩ්ල්ස් එකක් හදාගෙන ඉක්මනටම ලිප නිමුවා.මොකද අපිට බය හිතුනා හුළඟත් එක්ක ගිනි පුපුරු පැතිරෙයි කියල

    6h6Ljn.jpg

    ඇඟේ පතේ වෙහෙස නිවෙන්නත් එක්කම :P ....වගේම එදා දවස ගැන සමාලෝචනයක් කරන්නත් ඕනේ නිසා අපි හිතේ සන්තෝසෙට එක්ක ගැහුවා පොඩි අඩියක්.


    කොහොම හරි අමතක නොවෙන අත්දැකීමක් එක්ක සුන්දර රාත්‍රියක් ගෙවල පහුවෙනිදා අපි උදේ තිබ්බ සේරම අස් කරගෙන, උදේටත් කාලා ආපු පාරෙන්ම නැවත යහතින් ගෙවල් කරා ගියා.

    S5cxnd.jpg

    Morning Sunrise

    UZrT4T.jpg

    පුංචි නවාතැන

    Y61kAN.jpg

    උදේ කෑම පිළියෙළ කරමින්

    1r4Hby.jpg

    Morning Snap

    crPDu0.jpg

    මම නාපු තවත් සුන්දරම තැනක්

    wMZYQK.jpg

    නිල සමූහ ඡායාරුපය

    jOXGcg.jpg

    Getting ready to off

    jlbRI4.jpg

    නැවත ගමනේ.

    ExD1Sb.jpg


    HlCYyU.jpg

    ආයුබෝවන් ගැරඬි ගල....

    අපි කණ්ඩායමක් වශයෙන් ලබපු අත්දැකීම වගේම ඉගෙනගත්තු පාඩමක් තමයි, හැම වෙලේම දෙවෙනි විසඳුමක් තියා ගන්න අවශ්‍යයි.
    මොකද අපි නොහිතපු අවස්තාවක් එළඹුනොත් අන්න ඒ විසඳුම තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ.
    එහෙනම් කට්ටියටම ජයවේවා

    SnXPCM.jpg

    0tIyZ8.png

    මේ තියෙන්නේ අපි ගියපු පාර දල වශයෙන් සහ සිතියම

    පසු ලිවීම - මේ වගේ අත්දැකීමක් තියාගෙන තමයි රත්න ඇල්ල ගමනේදී අර වගේ මෝඩ තකතීරු වැඩක් කලේ.:angry::angry:


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට බන්

    කාන්තාරේ ඔටුවෝ වෙච්ච අපිට මෙව්ව් දකිද්දී නිකන් පිස්සු වගේ බන්:sorry::sorry::love::love:



    රේප් +16
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    පට්ට මචං
    ගැරඬි ඇල්ල තියන්නේ කළුගල ඉඳලා 25km විතර දුරින් නේද :confused:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    dodo mahattayooyala udata yanna try kalath yanna bari una neda ?
    a kiyanne yanna widiya aththema nedda ?
    good thread Rep++++
    yanna adahask aawa.. udata naginna asai. mokakda umbe opinion1 ?