Elakiri Tug of War 2018 - Team Leaders

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි මහා කඹ ඇදීම 2018 - කණ්ඩායම් නායකයින් හඳුන්වාදීම.
    MENgZvM.png


    හැමෝම මේ වෙනකොටත් දන්න විදිහට වාර්ෂිකව පැවැත්වෙන එළකිරි මහා කඹ ඇදීමේ තරඟය මෙවරත් බොහොම ඉහලින් පවත්වන්න සියළු කටයුතු සුදානම් කරලයි තියෙන්නේ. අවුරුදු දවස් දෙක නිදහසේ ගත කරන්න ඉඩ දෙන්න අපි කඹ ඇදීම ටිකක් කලින් පවත්වල ඉවරයක් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ අනුව මෙවර කඹ ඇදීම අප්‍රේල් 8 වෙනිදා සවස 7 සිට අප්‍රේල් 12 වෙනිදා සවස 7 තෙක් පුරා දින හතරක් පැවැත්වෙනවා ඇති.

    හැමෝම උනන්දුවෙන් බලන් ඉන්නේ මේ පාර කඹ අදින්න ඉදිරිපත්වෙන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්න කවුද කියල නෙ. හොඳ හුස්මක් එහෙම අරගෙන පහලට ගිහින්ම බලන්නකෝ කවුද මේ දෙන්න කියල.
















    wNES93N.png


    අපේ සචිත් කොලුවයි Executer කොලුවයි ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ නෙ. දෙන්නම එළකිරියේ අතිශය ජනප්‍රිය, කාලයක් තිස්සේ එළකිරියේ ක්‍රියාකාරිව ඉන්න, එලකිරියට සෑහෙන සේවයක් කරලා තියෙන අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ දෙන්නෙක්. ඒ හින්දම කාලෙකට පස්සේ එළකිරියේ පැවැත්වෙන උණුසුම්ම කඹය මේක වෙන බවට නං සැකයක් නෑ. දෙන්නටම වලතර දෙයියන්ගේ ආශිර්වාදයෙන් මේ පාර කඹේ ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.

    අප්‍රේල් 8 වෙනිදා හවස හතේ ඉඳන් මේ නායකයෝ දෙන්නගෙන් කැමති කෙනෙක්ට ඔබේ මනාපය අපි ආරම්භ කරන public poll එකේදී පලකරන්න පුළුවන්. සාමාන්‍ය එළකිරි සාමාජිකයෙක්ගේ මනාපයක වටිනාකම ලකුණු 1යි. මනාපය වලංගු මනාපයක් වෙන්න නම් ඔබ අවම වශයෙන් එළකිරි අඩවියේ 2018 ජනවාරි 1 වෙනිදාට පෙර ලියාපදිංචි වූ, ධන reputation අගයක් සහිත ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වෙන්න ඕනේ.

    මීට අමතරව මනාපයකට ලකුණු දහයක වටිනාකමක් තියෙන සාමාජිකයින් පස් දෙනා බැගින් දහදෙනෙක් නායකයින් දෙන්නට කැමති පරිදි තෝරගන්න පුළුවන්. තවත් එවැනිම සාමාජිකයින් 50 දෙනෙක් අද රාත්‍රී අටට දාන සාමාජිකයි බඳවා ගැනීමේ නූලට මුලින්ම පිළිතුරු සපයන පිළිවෙලට තෝරාගන්නවා. මේ විශේෂ සාමාජිකයින් 50 දෙනා අතරට ඇතුල් වෙන්න සුදුසුකම් ලබන්න නම් ඔබ කොටු එකොළහ සම්පුර්ණ කල පෝස්ට් 1000 කට වඩා දැමු එළකිරි සාමාජිකයෙක් වෙන්න ඕනේ. සුදුසුකම් ලැබූ සාමාජිකයින්ව තෝරාගත් පිළිවෙලට ඔත්තේ සහ ඉරට්ටේ වශයෙන් කොටස් දෙකකට කඩල කණ්ඩායම් දෙකට යොමු කරනවා. හැබැයි ඔවුන්ට තමන් කැමති කණ්ඩායමකට මනාපය පල කරන්න බාධාවක් නෑ. යම්කිසි සාමාජිකයෙක් කඹය ආරම්භ වෙලා පලවෙනි පැය විසිහතර ඇතුලත කඹයට සහභාගී නොවුනොත් අදාළ කණ්ඩායමේ නායකයගේ ඉල්ලීම මත ඔහුව ඉවත් කරලා ලැයිස්තුවේ ඊළඟ සාමාජිකයාට අවස්ථාව ලබා දෙනවා.

    කඹ ඇදීම අවසානයේදී සාමාන්‍ය සාමාජිකයින්ගේ මනාප වලින් සහ විශේෂ සාමාජිකයින්ගේ මනාප වලින් ලැබෙන මුළු ලකුණු වැඩිම ප්‍රමාණය ලබාගත් කණ්ඩායම ජයග්‍රාහි කණ්ඩායම විදිහට 12 වෙනිදා රාත්‍රී 7 න් පසුව ප්‍රකාශයට පත් කරනවා. ඕනෑම ගැටළුකාරී අවස්ථාවක නායකයින් දෙදෙනාගේ අදහස් විමසීමෙන් පසු අවසන් තීරණය ගැනීමේ බලය සංවිධායක මණ්ඩලය සතුයි.


    සංවිධායක මණ්ඩලය
    avatar293474_45.gif
    avatar546449_71.gif




    නැවතත් කරන විශේෂ මතක් කිරීම
    කඹ ඇදීම සඳහා කණ්ඩායම් වලට සාමාජිකයින් බඳවා ගැනීම අද රාත්‍රී 8 ට ආරම්භ වේ.