යට ඇඳුම මුත්‍රාවලින් තෙත් වෙනවනම් ටිකක් &#3512

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    යට ඇඳුම මුත්‍රාවලින් තෙත් වෙනවනම් ටිකක් &#3512

    සමහර වෙලාවට ඔබ ඔබගේ යට ඇඳුම් ඉවත්කරද්දි දකින්න ලැබෙනවා ඇති යට ඇඳුම් අසාමාන්‍ය විදිහට මුත්‍රාවලින් තෙත්වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් හෝ පිරිමියෙක් මුත්‍රා කිරීමෙන් පස්සේ මුත්‍රා බින්ඳුවක් දෙකක් මුත්‍රා මාර්ගයේ ඉතිරිව තිබිලා යට ඇඳුමට උරාගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්,

    ඒත් අසාමාන්‍ය විදිහට යට ඇඳුම් මුත්‍රාවලින් තෙත්ව තිබීමෙන් එය මුත්‍රා ආශ්‍රිතව හෝ වකුගඩු ආශ්‍රිත රෝගයක ලක්ෂණ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒ නිසාම ඒ ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. බොහෝවිට මේ විදිහට සිදුවෙන්න හේතුව තමයි යම් කෙනෙක් මුත්‍රා පිටකිරීම සිදුකරාට පස්සෙත් වරින් වර ඉතා සුළු සුළු ප්‍රමාණවලින් නොදැනීම මුත්‍රා මාර්ගය හරහා මුත්‍රා පිටවීම. එතනදි ස්වාභාවිකව සිදුවන මුත්‍රා මාර්ගය අවහිරවීම හෝ අප සිතාමතාම කරන අවහිර කරගැනීම සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා මුත්‍රා ඉබේම පිටවෙලා යට ඇඳුම් මුත්‍රාවලින් තෙත් වීම සිද්ධ වෙනවා.

    මෙහෙම වෙන්න හේතු කීපයක් තිබෙනවා කියලා වෛද්‍යවරු කියනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් හෝ තරුණ පුද්ගලයන් මේ වගේ ලක්ෂණ පෙන්වනවනම් ඇතැම්විට ඔවුන්ගේ වකුගඩුවේ බිත්තිවලට හානිවීමක් හෝ වකුගඩුවේ පිහිටීමේ ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් නැත්නම් මුත්‍රා මාර්ගයේ සිදුව ඇති ආසාදනයක් වුනත් මේකට හේතු වෙන්න පුළුවන්.

    ඒත් මැදි වයසේ හෝ වයෝවෘද්ධ පුද්ගලයන් මේ රෝග ලක්ෂණ පෙන්වනවනම් ඇතැම්විට වකුගඩු ක්‍රියාකාරිත්වයේ අඩපණවීමක්, මුත්‍රා මාර්ගයේ අාසාදනයක් හෝ මුත්‍රාගල් කියන රෝගී තත්වයේ ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ හැමදෙයින්ම කියන්නේ පූර්ව රෝග ලක්ෂණ පෙන්වනවනම් බලාගෙන ඉන්න එක එච්චර හොඳ නෑ කියන එක තමයි. මොකද මේ මුත්‍රා සම්බන්ධ රෝගී තත්වයන් ඉක්මණ් ප්‍රතිකාර ලැබිය යුතුම රෝගී තත්වයන් විදිහට හඳුනාගන්න පුළුවන් නිසයි.

    ඇතැම්විට මේ විදිහට යට ඇඳුම් මුත්‍රාවලින් අසාමාන්‍ය විදිහට තෙත්වීම දවසක් දෙකක් තිබිලා ඇරිලා යනවනම් එච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඒත් දිගින් දිගටම ඒ දෙය සිද්ධවෙනවනම් හොඳම දේ තමයි ඉක්මණින් වෛද්‍යවරයෙක් හමුවෙන එක. එතනදි මුත්‍රා රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක්ට යොමුකිරීම සිදුකරාවි. එහිදී සිදුකරන වැඩිදුර පර්යේෂණවලින් රෝගී තත්වයක් පවතිනවද, නැත්නම් මෙය සාමාන්‍ය ප්‍රතිකාර වලින් සමනය කරන්න පුළුවන් සාමාන්‍ය රෝගී තත්වයක්ද කියලා දැනගන්න පුළුවන්.

    ලෙඩ රෝගවල ලක්ෂණවලින් බයවෙලා ඉන්නවට වඩා ඉක්මණ් සහ නිවැරදි ප්‍රතිකාර සිදුකරන එක කෝකටත් හොඳයි. මොකද නීරෝගීකම කියන්නේ උතුම්ම සැපත නිසා.

    උපුටා ගැනීම - www.her.lk