දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත

    note-banner-diabetic1.jpg



    දියවැඩියාව සඳහා විවිධ අය විවිධ නම් භාවිතා කලද (මධුමේහ, බහුමුත්‍රතාව, diabetes, සීනී ලෙඬේ) සරල නාමය වූ දියවැඩියා නමින් මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වූ දිය+ වැඩියෙන් +යාම හෙවත් බොහෝ වාර ගනනක් මුත්‍රා යාම පෙන්නුම් කරයි. මෙම රොගයේ අනෙකුත් ලක්ෂණ ලෙස අධික පිපාසය අධික දහඩිය දැමීම හිස කරකැවිල්ල ඇස් බොද වීම ක්ලාන්තය රාත්‍රියට බොහෝ වාරගනනක් මුත්‍රා යාම ශරීරය කෘශ වීම මුත්‍රාශ දුර්ගන්ධය මුත්‍රා කල පසු එම මුත්‍රා වලට කූඹීන් වැසීම. යනාදිය දැක්විය හැක.. දියවැඩියාව නිසා ශරීරයේ තුන්දොස් සහ රස රක්තය මාංස මේදස් ඇට ඇටමිදුලු ශුක්‍ර හා ඕජස් යන ධාතු කොටස් මූත්‍රා මල දහඩිය යන ත්‍රිමල කොටස් දූෂණය වී ශරීරය කෘශ කර අතිශය භයානක තත්වයකට පත්වී ඇතැම් විට මරණය පවා සිදුවිය හැක..

    දියවැඩියාව සෑදීමේ හේතු ලෙස අධික පැණි රස කෑම බීම ගැනීම දහවල නිදාගැනීම ශරීරයට ව්‍යායාමය මදිවීම පිෂ්ඨය අධික ආහාර ගැනීම සැප පහසු ඇවතුම් පැවතුම් විහරණ තිබීම දැක්විය හැක.දියවැඩියාව සෑදුන පසු සිංහල වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර නොකඩවා ගැනීමෙන් නිට්ටාවටම සුවකරගත හැකි අතර වෛද්‍ය ප්‍රතිකාර අතරතුර මෙම රුධිරයේ සීනී මට්ටම පාලනයට උපදෙස් හා අත් බෙහෙත් මාලාවක් ඔබට තිලිණ කරන්නෙමු…

    අහිතකර ආහාර වර්ග ඉතා පිරිසිදු (100%) මීපැණි හැර අනෙකුත් සියලුම පැණිරස වර්ග අහිතකරවේ..ටොපි වර්ග චොකලට් කේක් සියලුම බිස්කට් වර්ග(පිටි සහිත නිසා) ක්ෂණික ආහාර සුදු බත් ජෑම් පාන් ඇතුලු පාන්පිටි යෙදූ සියලුම බේකරි නිෂ්පාදන කෘතිම රසකාරක යෙදූ ආහාර වර්ග යීස්ට් හා බේකින් පවුඩර් යෙදූ ආහාර, අධික රතු මිරිස් යෙදූ ආහාර, රතු මස් වර්ග බීට් අර්තාපල්, බතල ආදී අල වර්ග අහිතකරවේ .

    සුදුසු විහරණ

    1. උදෑසන ආහාරය ලෙස සිංහල පාරම්පරික රතු හාල්වලින් සෑදූ ආහාර (පිට්ටු ආප්ප රොටී ඉදිආප්ප) මුංඇට කඩල, කවුපි, මෙනෙරි, කුරක්කන් ආදී ධාන්‍ය වලින් සෑදූ ආහාර හෝ කොල කැද බොහොම අගෙයි.
    2. දහවල ආහාරය තම්බාපු රතු හාල් බත් හා එමෙන් දෙගුණයක් එලවලු/කොල මැල්ලුම/කොල සම්බොල (නිර්මාංශ වීම බොහොම ගුණදායක වේ) රාත්‍රී ආහාරය බර අඩු සැහැල්ලු ගුණ ඇති ආහාර, පිට්ටු ආප්ප ඉදිආප්ප ආදී රතු සහලින් කල ආහාර හෝ බත් කැද, කුරක්කන් කැද, ධාන්‍ය කැද, කුරක්කන් රොටී වැනි සරල දෙයක් සුදුසුවේ.
    3. සීත ආහාර වැටකොලු කැකිරි පතොල ආදී පිෂ්ටය රහිත එලවලු වර්ග වඩාත් ගුණදායකවේ සියලුම කොල වර්ග සුදුසුවේ.
    4. කොවක්කා කොල මැල්ලුම, රණවරා මැල්ලුම්, ගොටුකොල මැල්ලුම, මදටිය කොල මැල්ලුම, තෙබු කොල සම්බෝලය සතියකට දෙවරක්


    දියවැඩියා රෝගීන් සදහා සුදුසු අත් බෙහෙත් ක්‍රම කිහිපයක් පහත දැක්වේ….

    1. රනවරා කොල කැද, නීරමුල්ලිය කොල කැද, කෝවක්කා කොල කැද, බෙලිකොල කැද, සතියකට එකවර්ගයක්වත් බීම බීම සුදුසුවේ
    2. රනවරා කොල මල් මුල් ඇට පොතු සම සමව වේලා කුඩුකර කලවම් කර තේහැදි 1ක් බැගින් උණු වතුර කෝප්ප 1කට දමා නිමුන පසු බීම උදේ සවස..
    3. ඉදුනු වරකා, කොස්කොල 10පමණ තම්බා බීම
    4. මාදම් පොතු කුබුක්පොතු තම්බා බීම
    5. අට්ටික්කා පොතු තම්බා බීම
    6. බෙලිමුල් තම්බා බීම
    7. මුකුනුවැන්න කොටා වන්ඩුවේ තම්බා මිරිකා බීම
    8. මාදම් පොතු, කුබුක් පොතු, මාදම් ඇට කොටා කුඩු කර වත්කර බීම
    9. කොටදිබුලා ගෙඩි මාලුව උයා කෑම
    10. අට්ටික්කා ගෙඩි මාලුව උයා කෑම
    11. කුරුඳු පොතු, කුඩු ආහාර වලට එක්කර ගැනීම
    12. මුරුංගා කොල හෝ කුඩු දිනපතා බීමට ගැනීම හෝ ආහාර වලට එක්කර ගැනීම


    මෙම අත් බෙහෙත් භාවිතා කිරිමෙන් දියවැඩියාව පාලනය වන අතර දිනපතා හොදින් ව්‍යායාම කිරීම සුදුසු වේ…
    තවද යෝග ව්‍යායාම වඩාත් සුදුසු වේ…දියවැඩියාව සඳහා නිරතුරුවම වෛද්‍ය උපදෙස් ගැනීමෙන් සුවදායී ලෙස ජීවිතය ගතකල හැක…



    අන්තර් ජාලයෙන් උපුටාගන්නා ලදී.