ප්‍රථම ප්‍රේමයේ වියෝවෙන් උපන් ‘දම්පාටින්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්‍රථම ප්‍රේමයේ වියෝවෙන් උපන් ‘දම්පාටින්

    ප්‍රථම ප්‍රේමයේ වියෝවෙන් උපන් ‘දම්පාටින් ලා සඳ බැස යනවා’


    දම්පාටින් ළා සඳ බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මො​ෙහාතයි
    නොදොඩා ඉන්නෙ ඇයි
    දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා
    වෙන්වී යන මො​ෙහාතක් නෑඟේ
    දෑසට ළංව තවත් මේ මොහොතේ
    ගොළු වී ඉන්නම් මං
    සෙවණැලි නොමැකේ නම්
    එළිය කළු නොවේ නම්
    බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
    තනිය මකා ගන්නයි
    එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා
    රෑ කල දිගුවේ නම් ළා සඳ නොමැකේ නම්
    නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ
    ළමැද තලා යහනේ ඉන්නම්
    පමාවෙලා හිරු නැගෙන තුරා



    image_5bf66c68c2.jpg
    ළමා වියත් යොවුන් වියත් අතර මල් මෙන් පියකරු කුරුල්ලන් මෙන් නිදහස් ජීවිතය රසබරය. විචිත්‍රවත්ය. වර්ණවත්ය.


    මේ රසවත් වූත් වර්ණවත් වූත් ජීවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් ද අනුරාගයෙන්ද පෝෂිත වූ ළපටි සිතක පහළ වෙන රසවත් හැඟීම් මුළු ජීවිත කාලයේම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත්ව හා ස්ථිරව පැළ පදියම් වීම ස්වභාවික න්‍යායයකි.

    කරුණාසේන ජයලත් මීට වසර 55කට පමණ පෙර ප්‍රථම ප්‍රේමය ගැන ‘ගොළු හදවත’ නවකතාවෙන් විවරණය කළේ එලෙසය.

    ළමාවිය ගෙවා යොවුන් වියේ දොරටුව අසලදී හමුවූ මෙවැනි විවිධ වූ හැඟීම් මාලාවක සුගත් හා දමයන්ති මුළාවට පත්වූ අයුරු ගොළු හදවතින් විදහා පෑවේය. ඉන්දීය අගමැතිව සිටි ජවහර්ලාල් නේරු වරක් පවසා තිබුණේ ප්‍රථම ප්‍රේමය අභිරහසක් බවය. ප්‍රථම ප්‍රේමය හා එහි වියෝව ගැන එදා මෙදා අතර ගේය පද රචකයෝ ගීත රැසක් ලියූහ.


    මීට කලකට ඉහත ලූෂන් බුලත්සිංහල රචනා කළ ‘දම් පාටින් ලා සඳ බැස යනවා’ ගීතයට පසුබිම් වූයේ ද සිය ප්‍රථම ප්‍රේමය ගැන අපූරු අත්දැකීමකි. මෙය මාලිනී බුලත්සිංහල හා ගුණදාස කපුගේ විසින් ගැයූ අතර එහි සංගීතය නිර්මාණය කළේ ඔස්ටින් මුණසිංහ විසිනි. ගීයෙහි පසුබිම ගැන ලූෂන් බුලත්සිංහල කියන අතීත කතාවයි මේ.

    “1970 දශකයේ මුල මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළේ. මුලදී නිවේදකයකු ලෙස. පසුව වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස. දිනක් ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නායකයාව සිටි ඔස්ටින් මුණසිංහ ගුවන් විදුලියේ කොරිඩෝව දිගේ ඇවිද ගෙන එන අතරමග නැවතී ඒ අසල සිටි මා දැක මෙසේ කිව්වා.

    ‘ලූෂන්, අනුලගෙ සරල ගී වැඩ සටහනක් තියෙනවා ලබන සතියේ. සින්දුවක් ලියා ගන්න ඕනෑ.’

    ‘මම උත්සාහ කරන්නම්.’

    මේක යුග ගීතයක්. මමයි අනුලයි (අනුලා මෙන්ඩිස්) කියන්නේ.”

    ලූෂන් ගීතය ලිවීමට තේමාවක් සිතුවේය. ඔහුගේ සිතට ආවේ තම ප්‍රථම ප්‍රේමය ගැනය. ඒ ඇසුරෙන් ඔහු ගීතයක් රචනය කළේය. මේ ගීතය අනුලා මෙන්ඩිස් (පසුව බුලත්සිංහල) හා ඔස්ටින් මුණසිංහ සමග සරල ගී වැඩසටහන සඳහා පටිගත කළේ එවකට ගුවන් විදුලියේ සිටි විශිෂ්ටතම ශබ්ද පරිපාලකවරයකු වූ ගුණදාස කපුගේය. එකල සරල ගීතයක් පටිගත වූ පසු ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුවත් එය තැටියට ගැනීමට නම් නීරීක්ෂණ මණ්ඩලයකින් අනුමැතිය ලබාගත යුතුය. ගුවන් විදුලියේ නිරීක්ෂණ මණ්ඩලය මේ ගීතය ශ්‍රවණය කොට තැටිගත කිරීමට නුසුදුසු යැයි තීරණය කළහ.

    මේ වනවිට ගුවන් විදුලියේ ශබ්ද පරිපාලක ලෙස ඒ ගීතය පටිගත කළ ගුණදාස කපුගේ සංගීත විශාරද විභාගයෙන් සමත්ව සිටියේය. කපුගේ මේ ගීතයට අතිශයින්ම ප්‍රිය කළේය. දිනක් ඔස්ටින් මුණසිංහ හමුවූ කපුගේ මෙසේ ඇසුවේය.

    ‘ඔස්ටින් මේ ගීතය මටයි මාලනී බුලත්සිංහලටයි කියන්න අවසර දෙනවද?’

    ‘ගීතය ලිව්වේ ලූෂන්නේ. එයාගෙනුත් අහල ගන්න. මගෙන් අවසරයක් ඕනෑ නෑ.’ ඔස්ටින් තම හිතවත් මිතුරා කපුගේට කියා ඇත.

    ඔස්ටින් මුණසිංහ හා අනුලා බුලත්සිංහල මුලින්ම ගැයූ මේ ගීය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණාම ඒක ගී තැටියකට ගන්න අනුමත වුණේ නෑ. ඉන්පසුව කපුගේ මේක ආයෙ මාලිනී එක්ක ගැයුවා.


    image_bcbcff3e50.jpg


    කපුගේ හා මාලිනී බුලත්සිංහල ගැයූ ඒ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය.

    මේ ගීතය ජනප්‍රිය වූ පසු ලූෂන්ගෙන් බොහෝ දෙනෙක් අසා ඇත්තේ දම්පාටින් හඳක් දකින්නේ කොහොමද කියාය. අපි මේ ගැන ලූෂන්ගෙන් ඇසුවෙමු.

    “මම දම්පාටින් හඳක් දැකල තියෙනවා. මගේ ප්‍රථම පෙම්වතියත් ඇගේ ඥාතීන් හිතවතුන් සමග අපි එළිවෙනතුරු වෙසක් බලලා පාන්දර අපි මුහුදු වෙරළකට ඇවිදින්න ගියා. එදා මම දැක්කා සිතිජයේ බැස යන හඳක්. එ්ක දම්පාටයි. එතකොට අහස මම දැක්කේ රත්තරන් පාටට. මේ ගීතයට වස්තු විෂය වුණේ මගේ ප්‍රථම ප්‍රේමයේ වියෝව. මගේ නිවස තිබුණේ පාමංකඩ. ඇය සිටියේ අපේ ගෙදරට යාබද හරස් පාරක. අපි පුංචි කාලේ ඉඳලම යාළුයි. අපි හැදුණේ වැඩුණේ එකට. පසු කලෙක අපි වෙන් වෙනවා. කලක් මම පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාව කළා. ඒ අතරෙම පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ උපාධියත් කළා. මම නිතරම දැක්කේ සරසවි සිසුවියන් ඔවුන් ප්‍රේම කරනවා. වෙන් වෙනවා. එ් අත්දැකීම් හා මගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම් එකතු කරලා මේ ගීතය ලියැවුණේ.”

    ලූෂන් 70 දශකයේ ගුවන් විදුලියෙන් නිෂ්පාදනයකොට ඉදිරිපත් කළ ‘සඳැල්ල’ වැඩසටහන එදා ශ්‍රාවක රසඥතාව උසස් තලයකට නැංවූ අයුරු අපට මතකය. සම්මාන ලැබූ වේදිකා නාට්‍ය නළුවකු රචකයකු නිෂ්පාදකවරයකු වූ ලූෂන් ලියූ ගේය පද අතර පිපුණු මලේ රුව, නුඹත් රජෙකි පුතුනේ, පිණි බර යාමේ, සුසුම් හෙළන රෑ, බාල බොළඳ පුතු​නේ, සැන්දෑ අහස වගේ. මිණි මිණි පොදේ, කදුළු මල් විලේ, දඟකාරී මං මද්දුම දෝණි, මරණ තුනක් ඇති මිනිහෙක් යන ගීත සුවිශේෂිතය.

    දම්පාටින් ගීතයේ සංගීත නිර්මාණය කළ ඔස්ටින් මුණසිංහ විශිෂ්ට සංගීතවේදියෙකි. මේ ගීත නිර්මාණය කිරීමේදී තම පියා නියමිත සංගීත රාගයක් පාදක කර ගෙන නැතත් ජන සංගීතය ඇසු​රෙන් නාද රටාව මිශ්‍ර කරගෙන ඇති බව ඔස්ටින්ගේ පුත්‍ර සංගීතවේදී තරුපති මුණසිංහ අපට කීය.

    මේ ගීතය ගැයූ ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල හා සංගීත නිර්මාණය කළ ඔස්ටින් මුණසිංහ ද ජීවිතයෙන් සමුගෙනය.






    ඒ.ඩී. රන්ජිත් කුමාර
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ඉතාමත් අලංකාර ගීතයක්, අද ෙමවැනි ගීත අප අතෙර් අළුතින් ලියෙවන්ෙන් නැති එක ෙලාකු පාඩුවක්. Rep +
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    හ්ම් ප්‍රතම ප්‍රේමය නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. :dull: ඒක මහ පුදුම දෙයක්
    පිරිමි අපිට නම් එහෙමයි. ඒක කෙල්ලන්ටත් එහෙමද නැද්ද කියල දන්නෙ නෑ.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    මාලනී බුලත්සිංහල
    අනුලා බුලත්සිංහල

    me scene eka mokakda?