ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම

    මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම


    image_981f1d4930.jpg

    image_e8d508dff4.jpg


    දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, ඉහළ කෝට්ටේ, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය හන්දිය, මහනුවර, ගෙලිඔය, ගම්පොළ, උලපනේ, නාවලපිටිය, නාවලපිටියේ සිට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.

    ඒ ඔබට හුරුපුරුදු හඬකි. ජීවිත ගමනේ බොහොමයක් මතකයන්ට පණ දෙන සොඳුරු දුම්රියේ ගමන කොළඹින් ඇරඹී අඹේපුස්සෙන් නොනැවතී දිගු ගමනක යෙදී ඇත.

    ඒ දිගු ගමනේදී නොයෙකුත් ගමන් බිමන් දුම්රියෙන් යනෙන ඔබ අපූරු මතක අහුරක් රැගෙන අතරමැදින් බැස යන විට දුම්රියේ ආරම්භක සහ අවසාන කාල සටහන ගැන හොඳින් දැන සිටියද අතීතයේදී දුම්රිය ලංකාවට ගොඩබැස්සුවේ කොතනින්ද යන්න දැන සිටියාද?


    පසුගිය කාලයේ අපි හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පස් පිඩැල්ල කපමින් ඇරඹි දුම්රිය ගමන, ඒ දුම්රිය මග ඉදිවීමේදී ඇති වූ ගැටලු, සිදු වූ ඛේදවාචක පිළිබඳ මෙන්ම ලංකාවට පැමිණි විශාලතම ගැරට් ඇන්ජිම පිළිබඳ අප ඔබ දැනුම්වත් ක​ෙළමු. එවැනි අපූරු කතා රැසකට අරුත් සැපයූ දුම්රිය ලංකාවට රැගෙන ආවේ කිනම් නැවකද?

    බරසාර දුම්රිය ඇන්ජිම මරදානට ගෙන ආවේ කොහොමද? ලංකාවට ගෙනා ප්‍රථම ඇන්ජිමේ වතගොත මොනවාද? වෙනස් වු කොළොම්තොට නොවෙනස් වු පළමු ස්ටේශමේ වගතුග සොයා ඉරිදා ලංකාදීප අපි අතීතයට පිය නැඟුවෙමු.

    දුම්රිය ගැන කතා කිරීමේදි කොළඹ යනු උපප්‍රධාන මාතෘකාවකි. අද මෙන් දියුණු නොවූ වටපිටාවකදී දුම්රිය සමග පිබිදුණු කොළඹ අද මෙන් සත් මහල් ප්‍රාසාද ඉදිවී තිබුණේ නැත.

    විනාඩියෙන් විනාඩිය ගමනේ යෙදවූ රේස් දුවන බස් සේවාවන් මෙන්ම අද මෙන් අස්සෙන් මුල්ලෙන් රිංගා මාර්ගය පුරා වෙට්ටු දාන ත්‍රිරෝද රථද නොවීය.

    ගමනාගමනය කෙතරම් දුෂ්කර වීද යත් පැවසුවහොත් එකල වතුකරයේ වැවෙන බෝග කොළඹට රැගෙන ආවේ බර කරත්ත මගිනි.

    image_37b52154e0.jpg
    එසේ බර කරත්තයකින් අස්වැන්න කොළඹට රැගෙන ඒම දින පහළොවක් දහ අටක් පමණ කාලයක් ගතවන වෙහෙසකර ක්‍රියාවලියකි.


    කාර්යාල, කර්මාන්ත, සීත කාමර, සුඛෝපභෝගී වාහන නොවූ වටපිටාවකදී ගැල් කරත්ත, අශ්ව කරත්ත මගින් මෙන්ම ගමනාගමනය සැතපුම් ගණන් ඇවිද යමින් සපුරා ගන්නා යුගයකි.

    ඉපැරණි සංරක්ෂිත පොත්පත්වල සඳහන්වන ආකාරයට එකල ​ෙකාළඹත් මහනුවරත් යා කරමින් ගමනාගමන පහසුකම් සැලසූ බර කරත්ත සංඛ්‍යාව හැත්තෑනවදහසකි (79000).

    කොළඹ නගරයේ වැදගත්ම සමය ලෙස බ්‍රිතාන්‍ය පාලන සමය හඳුන්වාදිය හැක.

    කොළඹ නගරයක් බවට පත්වන්නේ 1883 වර්ෂයේදීය. කොළොම්තොට නව පිබිදීමත් සමග කොළඹ කේන්ද්‍ර කරගත් මහාමාර්ග, දුම්රිය මාර්ග ජාලයක් බිහි වෙමින් පැවතුණ යුගයකි. 1820 වර්ෂයේ කොළඹ-මහනුවර මාර්ගය ඉදිවීමත් 1850 වර්ෂයේ කොළඹ-අඹේපුස්ස දුම්රිය මග ඉදිවීමත් සමග කොළඹ කේන්ඳ්‍ර කර ගත් වෙ​ෙළඳ රටාවක් වර්ධනය වන්නට විය.

    ඒ අනුව ධීවර වරායක් ලෙස තිබූ කොළඹ වරාය 1886 වර්ෂයේ දිවයිනේ ප්‍රධාන වරායක් ලෙස සංවර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් විසින් පියවර ගනු ලැබිණ.

    කොළඹ නාගරීකරණය වූ වර්ෂයන් හා සැසැඳීමේදී හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පළමු පස් පිඩැල්ල කපමින් කොළඹ සිට අඹේපුස්සට දුම්රිය මග ඉදිකිරීම අරඹන්නේ 1850 වර්ෂයේදීය. ප්‍රථම දුම්රිය ගමන සිදුවන්නේ 1864 වර්ෂයේදීය. එමෙන්ම කොළඹ පැවති ධීවර වෙ​ෙළ​​​​ඳ වරාය වැඩි පහසුකම් සහිත රටේ ප්‍රධාන වරායක් බවට පත් කිරීම කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමුවන්නේ 1886 වර්ෂයේදීය.

    කොළඹ තිබූ ධීවර වරාය ප්‍රධාන වරායක් ලෙස සංවර්ධනය ඇරඹෙනුයේ ප්‍රථම දුම්රිය ගමනට වසර 22කට පසුව නම් ලංකාවට ගෙනා ප්‍රථම දුම්රිය ඇන්ජිම වන ලියෝ පොල්ඩ් නො 1 එන්ජිම 1864 වර්ෂයේ කොළඹට ගොඩ බැස්සුවේ කොතැනින්ද?

    මේ සම්බන්ධයෙන් විවිධ අනුමාන විවිධ මත රාශියකි. නාගරීකකරණය නොවූ සමාජ වටපිටාවක් පැවතුණද ලක්රිවි කිරණ, ලක්මිණි පහන, ටයිම්ස් ඔෆ් සිලෝන් එවකට පළ වූ පුවත්පත් විය. ජාතික ලේඛනාරක්ෂක මණඩලයේ අදටත් ආරක්ෂිතව පවතින 1864 ජනවාරි 14 පළවූ සංරක්ෂිත පුවත්පත් වාර්තාවන්හි සටහන් පරිදි ප්‍රථම දුම්රිය එන්ජිම ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයේ ස්ටීවන්සන් ලෝකොමෝටිව් සමාගම විසින් නිෂ්පාදිත ලියෝ පොල්ඩ් නො 1 එන්ජිම මෙරටට ගොඩබස්සවා ඇත්තේ මෝදර මරිවැල්ල නම් ප්‍රදේශයෙනි. පාමුස්ටන් නම් නැවක පටවාගෙන විත් ඇති මෙම ඇංජිම මරි වැල්ලෙන් ගොඩබස්සවා අලි ඇතුන් හතරදෙනෙකු ලවා අද්දවමින් මරදානට රැගෙන ආ බව එහි සඳහන්ව ඇත.


    එදා මරිවැල්ල ලෙස හැඳින්වූ කොළඹ මෝදර ප්‍රදේශයේ ධීවර වරායේ කිසිදු සලකුණක් අද දක්නට නොමැති අතර අනුමාන වශයෙන් එදා මරිවැල්ල අද ඔබ හඳුනා ගන්නේ කොළඹ වරායේ විජය කුමාර ජැටිය ලෙස බව පැවසේ.

    අතීතයේ සොයා ගිය තොරතුරුවලින් අනුමාන සාධකයන්ට අනුව මෝදර මරිවැල්ලෙන් එන්ජිම ගොඩ බස්සවා ඇත්තේ ටොන් 40ක බරක් දැරිය හැකි පාරුවකට වන අතර එන්ජිමේ රෝද ගලවා බර අඩු කරමින් රැගෙන ආ බවද පැවසේ.

    අද මෙන් දියුණු වරාය පහසුකම් නොමැති වෙරළ මායිමට නැවක් ගෙන ඒම කළ නොහැකි පසුබිමකි. එහි තිබුණේ එවකට එතරම් බරසාර යන්ත්‍රයක් මුහුදු මගින් මෙරටට ගෙනා පළමු සහ එකම අවස්ථාව එම එන්ජිම ගොඩ බැස්ස වූ අවස්ථාව බවද සැලකේ.

    දුම්රිය එංජිම රැගෙන නැවකට ගොඩබිමට ඒමට නොහැකි පසුබිමකදී සුදු ආණ්ඩුකාරවරු එංජිම ආරක්ෂිතව ගෙඩට ගෙන ඒමේ ක්‍රමවේදයක් ලෙස එම පාරු ක්‍රමය යොදාගත් බව අනුමාන කෙරේ.

    image_8ca19cb9b2.jpg

    image_5a3fb00310.jpg


    එදා අද මෙන් දොඹකර හෝ නවීන ක්‍රමෝපායන් නොවීය. බර ඇදීමේ කාර්යයේ වැඩි දායකත්වයක් පැවතුණේ අලි ඇතුන් සතුවය. මරි වැල්ලෙන් ගොඩ බට දුම්රිය එන්ජිම මරදානට රැගෙන යා​ෙම් දුෂ්කරක්‍රියාව පහසුකරවීමට අලි ඇතුන් දායක වී ඇත.

    ස්ටීවන්සන් ලෝකොමෝටිව් සමාගම විසින් නිපදවා ඇති බව කියන 1263 වැනි එන්ජිම වන මෙම එන්ජිම හැඳින්නුවේ ලියෝ පෝල්ඩ් නොම්මර 1 ලෙසය.

    ඉදිරිපස රෝද හතරකුත් පසුපස රෝද හතරකුත් වන සේ රෝද අටකින් සමන්විත ඇන්ජිමේ ටොන් හතරහාමාරක ගල්අඟුරු ටෙන්ඩරයක් (වැගනයක්) දැකගත හැක.

    ඇන්ජිමේ මුළු දිග ආසන්න වශයෙන් අඩි විස්සකි. මෙහි රෝද සැකැස්ම සම්මත ක්‍රමයට සටහන් කරන විට 4-4-0 අාකාරයක් ගනී.

    එනම් ඉදිරිපස රෝද හෙවත් leading carrying wheels හතරකුත් එළවුම් රෝද හෙවත් Driving wheels හතරකුත් වශයෙනි. එන්ජිමේ මුළු රෝද සංඛ්‍යාව අටක් වන අතර එලවුම් රෝදයක විශ්කම්භය අඩි පහකි.
    මෙහි සිලින්ඩර දෙකක් පිහිටි අතර ඒවා වර්තමානයේ ඔබ දැක ඇති වාෂ්ප ඇන්ජින් මෙන් පිටතින් දැකිය නොහැක. එම සිලින්ඩර් බොයිලේරුවට පහළින් රෝදවලට ඇතුළතින් පිහිටා ඇත. සිලින්ඩර් පාලනයට මෙන්ම සිලින්ඩර්වලට ඇතුළු වන වාෂ්ප ප්‍රමාණය සහ ඇතුළුවන දිශාව පාලනයට ස්ටීවන්සන් වෑල් ගියර් පද්ධතියක් එහි සවිකොට ඇත.


    ඇන්ජිමේ බොයිලේරු පීඩනය වර්ග අඟලට රාත්තල් 120කි

    පිටතින් කප්ලින් රොඩ් දෙක පමණක් දක්නට තිබුණු අතර පසුපස දක්නට ඇති ටෙන්ඩරයේ (ගල් අඟුරු වැගනය) වෙන වෙනම දුනු යෙදූ (කම්පන අවශෝෂණයට) රෝද හයක් දක්නට ඇත. ගල් අඟුරු වැගනයේ ගල් අඟුරු ටොන් හතරක් රැගෙන යාමේ හැකියාව ඇති අතර වතුර ගැලුම් 2000ක ධාරිතාවක් ලියෝපෝල්ඩ් එන්ජිමේ තිබූ බවට විශ්වාස කළ හැක.

    මෙම ඇන්ජිම සතුව විදුලි පරිපථ නොමැති වූ අතර රාත්‍රියේදී ධාවන කටයුතු සඳහා කාබයිඩ් ලාම්පු සවි කර තිබී ඇත. මෙම ඇන්ජිමේ යයි ස්ථිරව සඳහන් කළ හැකි සේයා රූ ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් වන අතර එංගලන්තයේ ස්ටීවන්සන් දුම්රිය එන්ජින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කාණ්ඩ අංකය 1263 ලෙස සඳහන්ව ඇත.

    ලංකා දුම්රිය ගමන ආරම්භයේ සිට ධාවන කටයුතු සඳහා යෙදවුණ බව කියන මෙම එන්ජිම වර්ෂ 1864 සිට 1905 දක්වා පුරා අඩසිය වසකට ආසන්න කාලයක් සක්‍රීය සේවයේ ගමනාගමනයේ යෙදී ඇත.
    කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ රැජින ගිය පෙට්ටිය ලෙස අදත් ප්‍රදර්ශනයට තබා ඇති මැදිරි මෙන් රෝද හතරේ මැදිරි අටක් ඇදගෙන යාමේ හැකියාව මෙම ලියෝ පෝල්ඩ් ඇංජිමට ඇත.


    මෙහි ගල්අඟුරු දහන උදුනේ ක්‍රියාකාරිත්වය පාලනයට සහයකයකු යොදවා අති අතර ඔහුව වෘත්තීමය වශයෙන් හඳුන්වනුයේ Fire man (ගිනි මැළකරු) ලෙසය.

    එකල වාෂ්ප එංජිමෙන් ඉවත ලන දහනය වූ ගල් අඟුරු ඉවතලීම සිදු කිරීමට විශේෂිත ස්ථානයන්ද දුම්රිය මගෙහි සකසා තිබුණි.

    සිල්පර කොට යොදා සැකසුණ දුම්රිය මගෙහි එම අළු විසිරවීමෙන් ගිනි ගැනීමට හේතු සපයන්නකි. එබැවින් ඒ සඳහා යකඩ පතුරු යොදා සැකසූ දුම්රිය මාර්ග විශේෂිත ස්ථාන විය.

    අද ඔබ විවිධ නම්වලින් හඳුනා ගත් දුම්රියට අැතැමෙක් මෑත අතීතයේ යකඩ යකා ලෙස හඳුන්වනවිට ඇත අතීතයේ පැරැන්නන් දුම්රිය හැඳින්වූයේ ධූමරථය නමිනි. අඟුරු කකා වතුර බොමින් දුම් වලාවන් පිට කරන ධූමරථය යනෙන මග ධුමරථ මාර්ගය ලෙස හැඳින් වූ බව ලංකා ඉතිහාසය නමින් ලියැවුණු ඉපැරණි ලේඛනවල සඳහන්ව ඇත.

    ලංකා දුම්රිය ගමන ඇරඹීමත් සමග ලියෝපෝල්ඩ් එංජින් 2,3,4,5,6 යනුවෙන් අප දුම්රිය ගමනාගමනයට එක්විය.

    image_96a8297a33.jpg

    image_c95666a9c1.jpg

    image_0cd6d2e468.jpg


    දිනෙන් දින දියුණුවේ මංපෙත් සොයා ගමන් ඇරඹි දුම්රියේ ප්‍රථම නැවතුම්පොළ වූයේ අද ඔබ දුම්රිය ගමන් අරඹන කොටුව දුම්රිය ස්ථානය නොව එය වැඩි වූ දුම්රිය මගී ගමනාගමන පහසුකමට ඉඩ සලසමින් ඉදි වුවකි.
    ලංකාවේ ප්‍රථම දුම්රිය නැවතුම්පොළ පිහිටියේ කොළඹ ඕල්කට් මාවතේ කෙලවර මන්සන්ධිය වන ටෙක්නිකල් හන්දිය ලෙස හඳුන්වන මංසන්ධියේය.


    මරදාන ටෙක්නිකල් කොලීජියට ඉදිරිපසින් පිහිටි ප්‍රථම දුම්රිය නැවතුම්පොළ අද ඔබ හඳුනා ගැනෙන්නේ දුම්රිය කෞතුකාගාරය ලෙසය.
    එම ගොඩනැගිල්ල වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව 1858 වර්ෂයේ ඉදි වූවකි. වේදිකාවන් දෙකකින් සමන්විතය. දුම්රිය වේදිකාව මුල් අදියරේදී දිග මී. 5108ක් වූ අතර පසුව මීටර් 108.6 කින් එය දීර්ඝ කෙරුණි.
    වර්ෂ 1864 දෙසැම්බර් 27 දින අඹේපුස්ස දක්වා ලංකාවේ පළමු දුම්රිය ගමන ඇරඹුවේ මෙම දුම්රිය ස්ථානයේ සිටය. එවකට දුම්රිය මග ආරම්භ වන ස්ථානයේ මෙය පිහිටි නිසා පර්යන්ත දුම්රිය ස්ථානය යන අරුත ඇති Terminal Railway Station යන නම සුද්දෝ ඊට තැබූහ.


    මෙහි දුම්රිය වේදිකාවල පියස්ස යකඩ කුලුනුවලින් එසවුණු තට්ටු දෙකක වහලයකි. කුලුනුවල ශක්තිය ඉහළ නැංවීමට හරස් බාල්ක ලෙස යොදාගෙන ඇත්තේ ලෝහ ලියවැල් රටා සහිත ඉදිකිරීම්ය. අදටත් ඉතා ශක්තිමත් මෙම ගොඩනැගිල්ලට මේ වන විට වසර 160ක් පමණ පැරණිය. එය අලංකාර හුරුබුහුටි ගොඩනැගිල්ලකි.

    විශේෂ ස්තුතිය දුම්රිය! සාමාන්‍ය අධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ධාවනබල කීර්ති හේවාවිතාරණ මහතා, රත්මලාන වැඩබිමේ සාප්පු අංක විසි දෙකේ අධීක්ෂණ කළමනාකරු ලාල් රණසිංහ මහතා, මරදාන ස්ටේෂන් මාස්ටර්වරයකු වන නලීන් අබේසිංහ මහතා, යාන්ත්‍රික තාක්ෂණවේදී ආචාර්ය (මහහනුවර ත්‍රිත්ව විදුහල) සුභාෂ් ධනසේකර මහතා




    සටහන - ඡායාරූප
    රේඛා තරංගනී ​ෙෆාන්සේකා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    patta..
    fort wala railway mesuem ekata entrance tiyenne technical handiye laga pola gaawinda
    nattham fort station eka athulenda?
     

    Similar threads