Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

    මෙහි පල වෙන සියලු කතා අන්තර්ජාලයෙන් උපුටා ගනු ලබුවන්ය.:yes: එම නිසා ඔහුනේගේ අයිතිය රැකෙන පරිදි නම හෝ සයිට් එක කතාවට යටින් ඉදිරිපත් කර ඇත.;)



    මේක මගෙ පුද්ගලික අද්දැකීමක්. සිද්ධ උනෙ 2016 වසරේ. මගෙ අම්ම හිටි හැටියෙම ලෙඩ උනා. මොකුත්ම කන්න බොන්න බැරි උනා. අපි හිතුවෙ ගැස්ට්රයිටිස් කියල. අන්තිමට රාගම රෝහලේ නතර කලා අම්මව. ගොඩාක් ටෙස්ට් කරත් ඩොක්ටර්ස්ලා ලිව්වෙ කිසිම ලෙඩක් නෑ කියලා. ඒත් එ වෙද්දී මගෙ අම්මා මාස ගානක් කාල තිබ්බෙ නෑ. අපිට සාමාන්යයෙන් එක වේලක් බැරි උනත් ඉන්න අමාරුයිනේ. ඒත් අම්මා එ වෙද්දී මාස ගානක් කාල නෑ. එ උනට ටිකක් වත් කෙට්ටු උනෙත් නෑ. අඩුම තරමෙ කලන්තයක් වත් හැදුනෙ නෑ. ඒත් අම්මා වතුර උගුරක් බිව්වත් ඒකත් ආයෙ උඩට එනවා. වෙලාවකට අම්මා කියනවා මුලු ඇඟම ගිනි ගන්නවා වගේ යනවලූ. තද හිසරදයකුත් තිබ්බා අම්මට. වෙලාවකට කියනවා පුතේ ඇඟ පුදුම විදිහට බරයි කියලා. නිකන් කවුරු හරි කර උඩ ඉන්නවා වගේ කියලා.
    අපි එච්චර හිතුවෙ නෑ. අම්මට බෙහෙත් අරන් දුන්නා ගොඩක් තැන් වලින්. චැනල් කරලත් බැලුවා. එත් කිසිම හොදක් උනෙ නෑ. අපි ඔක්කොම කියන්න බැරි තරම් වේදනාවෙන් හිටියේ. බත් කටක් කන්න ගත්තත් කන්න තරම් හිතක් නෑ.
    එ අතරේ මගෙ මාමා හදිසියෙම තැනකින් අහලා තිබ්බා අම්මා ගැන. එතනින් කියලා තිබ්බා අපේ අම්මාට කවුරු හරි විසක් දීලා බන්ධනයක් කරලා කියලා. ඒ ප්රේත බලපෑම තම්යි අම්මට තියෙන්නෙ කියලා. මම එ වගේ දෙවල් විස්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මෙ වෙන දෙවල් දැක්කම විස්වාස කරන්න උනා. මාස ගානක් නොකා හිටියත් අම්මට පිටින් පේන ලෙඩක් නෑ. අපි විතරයි දන්නෙ අපෙ අම්මා මාස ගානක් කාල නෑ කියලා.
    දවසින් දවස අම්ම වෙනස් වෙන්න ගත්තා. අම්මට තිබ්බ ලස්සන මූනට උඩින් මහා නපුරු පෙනුමක් ආවා. කතා කරෙත් ගොඩක් කෙන්තියෙන්. බුදු පහන පැත්තටවත් යන්නෙ නෑ. සිවුරක් දැක්කම දුවලා ගිහින් හැන්ගෙනවා. හරි දුකයි අපිට. වෙනදා අපිටත් වඩා ආසවෙන් පහන තිබ්බ අම්මා වෙනස් වෙලා ඉන්නවා දැක්කාම.
    දවසක් මම අම්මත් එක්ක එලියට වෙලා හිටියා. අල්ලපු ගෙදර පහන තියලා. එ හදුන්කූරු සුවඳ අවා. එ සුවඳ ආවා විතරයි නිකන් දුම්මල ගැහුවා වගේ අම්මා කාමරෙට දුවලා ගිහින් දොර වහගත්තා. මට දැන් හොදට දැනෙනවා සිද්ධ වෙන දේ. මේ නම් ඉන්නෙ මගෙ අම්මා නෙවෙයි කියලා මට දැන් තෙරෙනවා.
    මම කාමරෙට ගිහින් අම්මගෙ ඔලුවට අත තියලා බුදුගුන සිහිකරා. කටින් වචනයක් වත් කිව්වේ නෑ. හිතින් හිතලා බුදු ගුන බලයෙන් මගේ අම්මා සුවපත් වේවා කියලා හිතින් ආශීර්වාද කලා. එක පාරම අම්මා මගෙ අත ගසා දාල ඕවා කියන්න එපා කියලා කෑ ගහුවා. මම බය වෙලා පස්සට පැන්නා. ම්ම් මොකුත් කියන්නෙත් නැතුව අම්මට කොහොමද ඒක ඇහුනෙ කියලා.
    අම්මගෙ අඟේ ඉන්න ප්රේතයට කිව්වෙ නැති උනාට මම අම්මගෙ ඔලුවට අත තියලා කරපු බුදුගුන ශාන්තිය දනුනා. ඉතින් ඉන්න බැරි තැන තමයි මාව එලව ගත්තේ. බුදු ගුන බලය එ තරම් බලවත්. ඒ උතුම් බලයට නමස්කාර වේවා.
    අපිට ඕනි උනේ ඉක්මනට මෙ ප්රේත බලපෑම අම්මගෙන් අයින් කරලා අම්මව සනීප කර ගන්න.
    ප්රේතයො කියන්නෙ ගොඩක් පව් කරලා දුක් විදින පිරිසක්. ඉතින් ඒ වගේ ප්රේතයෙක් බන්ධනය උනාම ඒ බන්ධනය උනු කෙනත් එහා සමානව වේදනා ව්දිනවා. ඒකයි ගුරුකම් වලින් වෙන්නෙ. මිනිස්සු එකයි හතුරන්ගෙන් පලිගන්න ඒ වගෙ බන්ධන කරන්නෙ.
    අම්මව සනීප කරන්න ලේසි උනේ නෑ. ගෙදරට බන්ධනයක් කරලා අම්මට ඉනාවක් දීලා අපේම නෑදෑයෝ. ගෙදර ඉද්දී අම්මට බලපෑම වැඩීයී කිවුවා. අපි අම්මව වෙන තැනක නතර කලා ගෙදර පිලිවෙත් කරන කල්.
    අපි හැමදේම ලෑස්තී කරලා වෙද මහත්තයා එක්කන් අවා. වෙද මහත්තයා ගෙදරට අවා විතරයී අම්මට එහේ ඉඳන් ගොඩක් අමාරු වෙලා. අම්මගෙ ඇඟ දරදඩු වෙලා “ මට ගෙදර යන්න ඕනී” කියලා කෑ ගහලා.
    එහෙ කවුරුත් දන්නෙ නෑ වෙද මහත්තයා ඇවිත් කියලා. කොහොම හරි අපි ගෙදර වැඩ ටික ඉවර කරලා අම්මව ගෙන්න ගත්තා ගෙදරට. එ එද්දිත් ගොඩාක් කරදර කරලා අම්මට.
    වෙද මහත්තයා පුහුල් මතුරලා අම්මගෙ ඇඟට තියලා මැතිරුවා. අම්ම දැන් ගැහෙනවා හරියට ෆිට් එක හැදිලා වගේ. මගේ ඉහ මොල රත් වෙලා. මගෙ අම්මට මොකුත් උනොත් මට ඉඳලා වැඩක් නැති නිසා.
    ඒට පස්සේ ඒ පුහුල අරන් එලියෙ ගිනි ගොඩක් ගහලා පිච්චුවා. එතකොටම අම්මා ගේ ඇතුලෙ ඉඳන් කෑ ගහන්වා මාව පුච්චන්න එපෝ කියලා. කොහොම හරි පුහුල පිච්චුනාට පස්සේ අම්මට නින්ද ගියා. දන් ගෙදර තිබ්බ දොශත් අයින් කරා. අම්මගෙ ඇඟෙ හිටිය ප්රේතයත් අයින් කරා. ඒත් මගේ හිතට හරි මදී. තව මොකක් හරි අඩුවක් තියනවා කියලා මට හිතුනා. එක පාරම අම්මා ආයෙත් ඇහරුනා. අම්මා හුස්ම ගත්තේ හරි අමාරුවෙන්. මොකක් හරි දෙයක් අම්මගෙ උගුරෙ හිර වෙලා. අම්මා දගල දගල පන අදිනවා. මට බුදුන් සිහිඋනා. වෙද මහත්තයත් හොඳටම බය වෙලා. කාටවත් මොකුත් කර ගන්න බෑ. මගෙ අම්මගෙ පෙර පිනකට වෙද මහත්තයා දෙහි කපනකොට ඒ උගුරෙ තිබ්බ දේ ආයෙත් පහලට ගියා. දෙහි කපලා තැඹිලි මතුරලා දුන්නට පස්සේ තම්යි අම්මට ටිකක් අඩු උනේ.
    මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලාවේ තමයි. තව එක තප්පරයක් මිස් උනා නම් මගෙ අම්මව මට සදහටම නැති වෙලා යන්න තිබ්බා. එදා රෑ එලි වෙනකල් අම්මව තුරුල් කරන් හිටියා මම.මාස ගානක් අපෙන් ඈත් වෙලා ඉදලා ආයෙත් මගෙ අම්මා ඇවිල්ලා වගේ දනුනෙ මට. නපුරු පෙනුම නැති වෙලා කලින් තිබ්බ ලස්සන මූන අම්මට ඇවිල්ලා. හරි සතුටුයි අපිට.

    ඇත්තටම වෙලා තිබ්බේ ගෙදර දෝශ අයින් උනාට අම්මගෙ ඇඟේ තිබ්බ විස අයින් වෙලා නෑ. ඒ විස තමයි ගුලියක් වගේ ඇවිත් උගුරේ හිර උනේ. අර වෙලවේ හදීසියට දෙහි කපලා යටපත් කරාට අනිත් පහුවදා බෙහෙත් දීලා ඒ විස ගොඩාක් දුරට අයින් කරා. ඊට පස්සෙ අම්මට ගොඩාක් සනීප උනා.
    ඒත් ටික කාලෙකට පස්සෙ අම්මට ආයෙත් ටික ටික ලෙඩ වෙන්න ගත්තා. මගෙ හිතට හරි මදි. අපේ සීයා කෙනෙක්. අම්මට කලින්ම අසනීප උනු වෙලේ අම්මට මම මතක් කරා. ඒත් අම්මා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඒ අර බලපෑම නිසා වෙන්නැතී. ඒත් මේ පාර නම් එ සීයා කොහොම හරි ගෙන්න ගත්තා. ඒත් ගොඩාක් අමාරුවෙන් තමයි ගෙන්න ගත්තේ. අපි කතා කරපු දවසෙ ඉදන් ඒ සීයට ගොඩාක් කරදර බාධා ආවා. ඒත් සීයා එනකල් ආරක්ශාව දාල තිබ්බේ.
    මට තව දෙයක් කල්පනා උනා. කෙනෙක්ගෙ අපල කාලයක් නම් තියෙන්නේ මේ වගේ අමනුශ්ය බලපෑම වැඩීයි. ඒකයි ගුරුකමක් උනත් ප්රතිපල පෙන්නන්න කල් යන්නේ. බන්ධනයක් කලත් එ කෙනාගේ හොඳ කාලයක් නම් ගෙවෙන්නේ ඒ බන්ධනය උනු ආත්මය අවස්තාවක් එනකල් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි දෝශයක් අයින් කරන්න ගියත්, අපල කාලෙ ගෙවිලා ඉවරවෙනකල්ම අල්ලන් ඉන්නවා. මගෙ අම්මටත් උනේ ඒ දේමයි. ඒකයි හරිම ප්රතිකර්මය කරන්න ගොඩාක් කල් ගියේ.
    අපේ සීයා ගැන දෙයක් කියන්න ඕනී. හරිම විදිහට ප්රතිපත්ති රැක ගෙන ඉන්න කෙනෙක්. දේව වරමින් පිලිවෙත් කරන්නේ. සීයා හරි අහිංසක මනුස්සයෙක්. ඒත් දිශ්ටිය ආපු වෙලාවට ටිකක් සැරයි. මට තේරෙන විදිහට සීයගෙ සීයා තමයි දිශ්ටියක් විදිහට එන්නේ. ඒත් ඒකත් විටෙන් විටේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ වෙලාවට අර සීයට ඉන්න දිශ්ටිය වරම් ගන්න දේවතාව අනුව වෙනස් වෙනවාලු. අර දිශ්ටිය පත්තිනි මෑනියන්ගෙන් වරම් ගත්තොත් බොහොම තැන්පත් විදිහට ඉන්නේ. ඊට වඩා දරුනු කෙනෙක්ගෙන් වරම් බලය ගත්තොත් ටිකක් සැර විදිහට ඉන්නේ. නමුත් කවුරු ආවත් කරන්නේ යහපතක්ම තමයි.
    අපේ ගෙදර තිබ්බ දෝශ හරියට අයින් වෙලා නෑ. ඒකයි අම්මට ආයෙත් අමාරු උනේ. ඒකට හේතුවත් සියා කිව්වා. කලින් අආපු කෙනා හොඳයි නමුත් බලය මදී. සීයා ආයිත් තටුවක් හදලා ඒ පිලිවෙත් කරලා ගෙදරත් ආරක්ශා කරලා දුන්නා.
    දිශ්ටිය ආවට පස්සේ සීයා වෙනම කෙනෙක්. දෙමල වචනයක් බැරි සීයා ගොඩාක් කතා කරේ දෙමලෙන්. කිව්වෙත් දෙමලට හුරු මන්තර. සිංහලෙන් කතා කරත් කතා කරේ ගොඩාක් පරන වචන. එයා කුකුළට කිව්වේ සැවුලා කියලා. සාමාන්යයෙන් සීයා එහෙම කතා කරන්නේ නෑ.
    මට එ වෙලාවේ හිතුනා මේ වගේ ලෝක සත්වයාට යහපතක් කරන බලවේගත් තියෙන එක කොයි තරම් දෙයක්ද කියලා. අනික ඒ කරපු ගොඩාක් දේවල් බුදුන්වහන්සේ පූර්ව කොට කරපු දේවල්. ඒකයි ගොඩක් බලවත්. ඒ දෙවි දේවතාවන්ටත් පින් සිදු වේවා.

    දැන් මගේ අම්මා සනීපෙන් ඉන්නවා උදව් කරපු හැමෝටම පින් සිද්ද වෙන්න. මේ කතාව ලියන්න හිතුවෙත් අපි කාට හරි මේ වගේ දෙයක් අත්විදින්න ලැබුනොත් පොඩි හරි මග පෙන්වීමක් වෙයි කියලා හිතිලා. විස්වාස කරන නොකරන එක ඒ ඒ කෙනා මත තීරණය වෙයි. ඒත් කවදා හරි දවසක අපි ආදරය කරන කෙනෙක්ට මේ වගේ අවාසනාවන්ත දෙයක් උනොත් කරන නොකරන දේ තීරණය කරන්න මේ ලියපු දේවල් උපකාර වේවා කියල ප්රාර්ථනා කරන්වා. ඒ අනන්ත බුදු ගුන බලයෙන් සැමට සෙත් වේවා.

    Nadusanka Hennayake
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    තෙලබෝ_කන්දේ_විලාපය



    මට මතකෙ හැටියට ඒ 2009 හරි 2008 අවුරුද්ද...ඔයාලට මතක ඇති ඒ කාලෙ තමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් මුළු රටම ඇළලී ගියේ....ඒ කාලේ ලoකාවේ ගොඩක් මායිම් ගම්මානවලට කොටි ත්‍රස්තවාදී ගැටලුව තිබුණා...අපේ ගමටත් එහෙමයි.යාල කැළේට මායිම් වෙලා තියෙන නිසා ගමේ හැමෝම වගේ ටිකක් බයෙන් සැකෙන් තමයි ජීවත් වුණේ...

    මට කියන්න අමතක වුණානේ...මගේ ගම තමයි මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය කියන ගම.ගමේ ගොඩක් මිනිස්සු ගොවිතැන් කරලා තමයි ජීවත් වුණේ..කොටි කළබලත් එක්ක මිනිස්සු හේන්වල ජීවත් වුණේ ගොඩක් ලොකු බයකින්...මම මේ කියන්න හදන ගොඩක් සoවේදී වගේම සත්‍යම කතාවක්..

    " මාලිගාවිල, ඔක්කම්පිටිය හෙළගම හරහා බුත්තලට ධාවනය වන ලoගම බස් රථයට එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදී ප්‍රහාරයක්..."

    ඉස්කෝලේ දවසක් වුණත් මොකක් හරි හේතුවකට එදා මට ඉස්කෝලෙට යන්න බැරි වුණා..උදේට කන ගමන් TV එක බලපු මම හදිසි පුවත් යටතේ ගියපු සිරස්තලේ දැකලා ඉන්න තැනත් අමතක වුණා...මොකද මගේ සමහර යාලුවොත් ඒ බස් එකෙන් බුත්තල ජාතික පාසලට ගියපු නිසා..මේ සිදුවීම වුණේ ජනවාරි 16 වැනිදා...උදේ 7.30ට විතර.බුත්තලට යන බස් එක හෙළගම කියන ගමේදී තෙලබෝ කන්ද කියන ප්‍රදේශයේ දී තමයි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වෙලා තිබුණේ.....

    එදා මුළු ගමම එකම මළගෙයක්...ගමේම ජීවත් වුණු අහිංසක මිනිස්සු 25කට වැඩි ප්‍රමාණයක්ගේ ජීවිතය කුරිරු ත්‍රස්තයින් බිලි අරගෙන කියලා දවල් වෙද්දී ආරoචි වුණා....ඒ විතරක් නෙවෙයි ඒ අවට යාල කැලේට මායිම්ව හේන් වගාවේ නිරතවෙලා හිටපු අහිංසක ගොවියා කිහිප දෙනෙක්ගෙම ජීවිත කොටි ත්‍රස්තවාදීන් අරගෙන ගිහින් තිබුණා...මේ තෙලබෝ කන්ද කියන තැන ලොකු කැළවක් එක්ක පාළුවට ගිහින් තිබුණ හරියක්...ඒ නිසා කොටි බෝම්බේ තියන්න එතනම තෝරගෙන තිබුණා..මේ නිසා මේ බෝම්බය පුපුරපු හරියේ ගෙවල්වල මිනිස්සුත් එකා දෙන්නා ඒ හරියෙන් යන්න ගියා...එතන පාලුවට ගිහින් තිබුණා....

    කොහොමෙන් කොහොම හරි අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් මම කැම්පස් ආවා...යුද්ධය ඉවරවුණා...මිනිස්සුන්ගේ හිත් වල බය සැක අඩු වුණා...ඒත් සමහර කුරිරු මතකයන් හැමෝගෙම හිත්වල ඉතිරි වෙලා තිබුණා..කාලයත් එක්ක ගමට යන වෙලාව සීමා වුණු නිසා මගේ මතකයෙනුත් මේ සිදුවීම් ඈත් වෙලා ගියා..ඒත් මේ බෝම්බය පිපුරුණ හරියේ එක එක සද්ද ඇහෙනවා,හොල්මන් වෙනවා කියලා ගමේ සමහර අයගෙන් එක එක කටකතා නම් නිවාඩුවට ගෙදර ගියාම අහන්න ලැබුණා....ඒත් මම ඒවා විස්වාස කරන්න ගියේ නෑ....

    දවසක් මම කැම්පස් ඉදලා ගෙදර යද්දි බස් එක කැඩිලා ගොඩක් රෑ වුණා ගෙදර යන්න...කුඹුක්කන පැත්තෙන් යන්න වාහන නැති නිසා මම යාලුවෙක්ට කිව්වා...හෙළගම පැත්තෙන් බුත්තලට එන්න කියලා...ඌ කොහොමහරි රෑ. 11.30 ට වගේ බුත්තලට ආවා. එදා හොදටම වැස්ස..වැස්සෙම තෙමීගෙන අපි දෙන්නා බයික් එකේ ගෙදරට එන්න පිටත් වුණා....ඔහොම එද්දී බෝම්බේ ගහපු තෙලබෝ කන්ද පටන් ගන්න හරියෙන් මහ අමුතු සද්දයක් ඇහෙනවා වගේ මට දැනුනා...මම යාලුවට කිව්වා කවුරුහරි කෑ ගහනවා ,පොඩ්ඩක් නතරකරපන් කියලා.......
    බයික් එක නතර කරලා බැලුවා...කිසි සද්දයක් නෑ...හෙල්මට් එක දාගෙන හිටියත් මහම මහ හයියෙන් ඒ සද්දේ කන්ද පැත්තෙන් තමයි ඇහුණේ....

    මගේ යාලුවා කිව්වා,ඒ සද්දේ ගොඩක් අයට ඇහිලා තියෙනවා කියලා..දවසක් ඌ තනියෙන් ඒ පාරේ රෑවෙලා යද්දී ගෑණු කෙනෙක් හයියෙන් කෑ ගහලා අඩනවා වගේ ඇහුණලු....මම ගෙදර ගිහින් අම්මට මේ කතාව කිව්වා...අපේ ගමේම පැල්වත්ත සීනි කර්මාන්තයට වැඩට යන මාමා කෙනෙක්ටත් ඒ සද්දේ ඇහිලා බයික් එක නතර කරලා බලද්දී කලුපාට බල්ලෙක් පාර මැද හිටගෙන පාර පුරා වැටිලා තියෙන ලේ බොනවා දැකලලු...පාර හැම තැනම ලේ හැලිලලු.ගොඩක් අය එක එක විදියට බයවෙලා තියෙනවා කියලා අම්මා මට කිව්වා....

    දවල් කාලෙට ගියත් රෑවෙලා ඒ පාරෙන් ගමන් එපා කියලා අම්මා මට කිව්වා....ඒ හරිය රෑට විතරක් නෙවෙයි,දවල්ටත් හරිම පාලුයි..මිනිස්සු ගෙවල් අතහැරලා ගිහිල්ලා නිසා....ඔයාලත් දවසක බුත්තල - හෙළගම හරහා මාලිගාවිලට යන්න මේ පාරෙන් ආවොත් ලොකු වoගුවකුත් එක්ක ඒ තෙලබෝකන්ද දකින්න ලැබෙයි.....ඒ කන්දෙන් ඇහෙන්නේ විලාපයක්ද,නැත්තම් සුළං සද්දෙද කියලා මම දන්නේ නෑ...ඒත් අහිංසක ජීවිත රාශියක් බිලිගත්තු මිලේච්ඡ ත්‍රස්තයින්ගේ රුදුරු කතාවක් තෙලබෝ කන්ද අපට මුමුණනවා වෙන්න ඇති......


    සුමේධ හෙට්ටිආරච්චි
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    මේක සත්‍ය කතාවක්. තාත්තිගෙ අත්දැකීමක් වෙන මේ කතාව එයා කියනකොට මට අවුරැදු 10ක් විතර ඇති. ඒ කාලෙ එයා වැඩ කළේ මොරටුව ජර්මන් ටෙක් එකේ. බදුල්ල පැත්තෙ එයාගෙ යාලුවෙක් ටෙක් එකේ එකට වැඩ කරල තියෙනව. දවසක් ඒ යාලුවගෙ තාත්තට අසනීපයි කියල ටැලිග්‍රෑම් එකක් ටෙක් එකට ආවලු. තාත්ත අසනීපෙන් නිසා එයා බදුලු යන්න පිටත් වුනාලු. කෝච්චියෙදි තමයි මේක සිද්දවෙලා තියෙන්නෙ. බදුලු කෝච්චියෙ යන අතරතුර සුදු ඇඳගත් හි⁣සකෙස් පවා සුදු වෙච්ච වයසක මිනිහෙක් ඇවිත් එයා එක්ක කතාවට වැටිල තියෙනව. යන්නෙත් දුර ගමනක් නිසා දෙන්න විස්තර කිය කිය ඉඳල තියෙනව. තාත්ත අසනීපෙන් නිසා ගමට යන බවත්, ගම ගැන විස්තරත්, ගමට යන විදිය ගැනත්, පවුලෙ විස්තරත් යාලුව අර මිනිහට කියල තියෙනව. පස්සෙ ඒ මිනිහ ටික වෙලාවකින් නැගිටල සෙනග අතරින් නොපෙනී ගියාලු. පැයකට විතර පස්සෙ ආපහු ආවලු ගොඩාක් මහන්සි පෙනුමකින්. දහඩිය පෙරාගෙන, ඇඳුම් පවා කිලිටි කරගෙන සෙනග අතරින් මතුවුනාලු. එකසැරේම කිව්වලු " හිත කලබල කරගන්න එපා. ඔයා යද්දි ප්‍රමාද වැඩියි. ඔයාගෙ තාත්ත මැරිල. මේ වෙද්දි මළගෙදර වැඩත් සූදානම් කරල ඉවරයි. ඒ නිසා හිත හදාගෙන ගිහින් ඉතිරි වැඩ ටික කරගන්න." කියල. යාලුව එකසැරේම කලබල වුනාලු. මේ මිනිහ පිස්සෙක් වෙන්න ඇති කියල හිතල අන්තිමට ඒක අමතක කරල දැම්මලු. හැබැයි කෝච්චියෙන් බැහැල ගෙදර ගිහින් බලද්දි ඇත්තටම තාත්ත මැරිලලු. කොහොමහරි මළ ගෙදර වැඩ ඉවරවෙලා දවස් දහයකට විතර පස්සෙ ආපහු කොළඹ එන්න ලෑස්ති වුනාලු. ඒ වෙලාවෙ අර කෝච්චියෙදි හම්බුන මිනිහවයි ඒ මිනිහ කිව්ව කතාවයි මතක්වුනාලු. ගෙදර ඒ වෙලාවෙ හිටිය හැමෝටම මෙයා ඒ සිද්දිය කිව්වලු ගෙදර අය ගල් ගැහිල වගේලු ඒක අහගෙන හිටියෙ. ඒ මිනිහ කෝච්චියෙදි නැගිටල ගිහින් ආපහු සෙනග අතරින් මතුවුන වෙලාව අතරතුර ගතවුන කාලයට සමාන කාලයකදි ඒ වගේම හැඩරැව තියෙන මිනිහෙක් මළ ගෙදරට ඇවිත් මිනිය දිහා නිසොල්මන්ව බලන් ඉඳල තියෙනව. ⁣ගෙදර අයවත් කිසිම කෙනෙක්වත් ඒ මිනිහව අඳුනගෙන නැහැ. ආපහු යන්න කලින් වතුර එකකුත් ඉල්ලගෙන බීලලු ගිහින් තියෙන්නෙ. මේක අහනකොට යාලුවට අහදගන්න බැරිවුනාලු. ප්‍රශ්නෙ මේකයි. නොනවත්වා ධාවනයවෙන කෝච්චියක සෙනග අතර නොපෙනී යන කෙනෙක් ඊට සැතපුම් ගානක් ඈතින් තියෙන මළ ගෙදරකට ගිහින් ආපහු අර කලින් හිටපු කෝච්චියෙ සෙනග අතරින් මතුවෙන්නෙ කොහොමද? කියන එකයි. මේ මිනිහ මනස දියුණු කරපු කෙනෙක්ද? මනෝකාය වෙනත් තැනකට යවන්න පුලුවන් කෙනෙක්ද? එහෙම නැත්නම් හොල්මනක්ද? කියන එක අදටත් ප්‍රශ්නයක්..
    Indika Prabhath Wickramasinghe​
     
    • Like
    Reactions: san** and NRTG

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    මල් ශාලාවේ රැකියාව කළ වසන්තගේ කාර්ය වූයේ අවමංගල්‍ය රථයෙන් මල මිනිය නිවසට ගෙන ගොස් බාරදීමය.බෝහෝ විට රොහල්වල මියගිය අයගේ මෘත ශරීර ලබාගත හැක්කේ සවස් වරුවේදීය.ඉන්පසු මල්ශාලාවලට ගෙනවිත් පිරිසිදු කර,එම්බාම් කොට සියලු කටයුතු අවසන් කරන්නට පැය දෙක තුනක කාලයක් ගතවේ.

    මේ සියලු කටයුතු නිමවන විට අන්ධකාරය විසින් ලෝකය වසාගෙන තිබිණි.වසන්තගේ දුරකතනය නාදවන්නට ගත්තේය.

    "මහත්තයා මේ එන්න තමයි ලැහැස්ති වෙන්නේ.මං තව විනාඩි දහයකින් දොළහකින් සාප්පුවේ"වසන්‍ත කීවේය.

    "හොදයි වසන්ත.හදිස්සියක් නැහැ.මිනියෙ වැඩ ඉවර හන්දයි කතා කළේ"

    මිනීපෙට්ටි සාප්පු හිමියා ඉතා කරුණාවන්ත කෙනෙකි.තමන්ගේ සේවකයින් ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණි.වසන්ත පසුම්බිය දිග හැර හැදුනුම්පත්,‍රියදුරු බලපත්‍රය තිබේදැයි පාරික්ෂා කොට යළිත් කලිසම් සාක්කුවේ රුවා ගත්තේය.ඉන්පසු යතුරු පැදියට නැගී වසන්ත එන්ජිම ක්‍රියාත්මක කළේය.ඔහු මල්ශාලාවලට එනවිට අවමංගල්‍ය රථයට සියලු අම්පාන්න හා මිනීපෙට්ටිය දමා තිබිණි.

    "වසන්ත අද නම් තනියම තමා යන්න වෙන්නේ.ෂෙල්ටන් හදිස්සියකට කියලා සල්ලි ටිකකුත් ඉල්ලගෙන ඊයේ ගිය ගමන් තාම නැහැ.මිනිහාගේ ෆෝන් එකටත් දැන් කිහිප පාරක්ම කතා කළා.මිනිහාගේ ගෙවල් තියෙන්නේත් මේ මළ ගෙදර තියෙන පාරෙමයි."

    "මට තනියක් නෑ මහත්තයා.මේක ඉතින් පුරුදුයිනේ"වසන්ත සිනාසුණේය.

    "තෙල් ටිකක් ගහගන්න.මෙතන සල්ලි තියෙනවා."

    මල් ශාලාවෙන් අවමංගල රථය පාරට ගන්නා විට රාත්‍රී දහයත් පසුවී තිබිණි.ඉන්ධන පිරවුම් හලින් ඉන්ධන ලබාගත් වසන්ත,සෝඩා කලවම් කර තිබූ බාගේ බෝතලයෙන් උගුරු දෙකක් දමා ගත්තේ සීතල යන්නත් එක්කය.මළ මිනීයක් ගෙනියන විට අරක්කු ටිකක් පානය කිරීම වසන්තගේ සිරිතකි.අන්ධකාර රාත්‍රියේ මළ මිනියක් සමග තනිවම ගමන් කිරීම මොනතරම් බියජනකද?එහෙත් වසන්තට අරුමයක් නොවේ.ජිවත්වෙන මිනිසුන්ට වඩා මැරුණු මිනිස්සු හොදයි.වසන්‍ත කිව්වේ එහෙමයි.පාරවල් වල ගස් හිටවන්න තරමේ වලවල්.ඒ හින්දා වසන්ත ගියේ බොහොම සීරුවට.ගමනට වැඩි වේලාවක් ගියා.

    වසන්ත හිමින් සීරුවේ බාගේ බොතලේ අරගෙන තවත් උගුරු දෙක තුනක් හලාගත්තා.ඊට පස්සේ දුම් වැටියකුත් දල්වාගෙන අතුරු පාරකට හැරෙව්වා.ඒ පාරේ මීටර් දෙසීයක් විතර යද්දී,පාර ඉවරයි.වසන්ත ආයෙමත් රිවස් එකේම පාරට ආවා.

    'දකුණට හැරෙන්න කියලානේ කිව්වේ,මහාත්තයාට වැරදුණාවත්ද?බලමු තව ටිකක් ඉස්සරහට ගිහින්.'

    තවත් යාර සීයක් යනකොට දකුණට හැරෙන්න අතුරු පාරක් තිබුණා.වසන්ත ඒ පාරට හරවලා ටිකක් දුර ගියා.මිනිස් වාසයක් ඇත්තෙම නැහැ.ගෙයක් දොරක් පේන්න නැහැ.පාර ටික ටික කුඩා වෙනවා.ඉස්සරට යන්න තියෙන්නේ පොඩි අතුරු පාරක.එක පාරටම වාහනේ නතර වුණා.කවදාවත් නැතිව වසන්තගේ හිතට අමුතතක් දැනෙන්න ගත්තා.වසන්ත ආයෙත් යතුර කරකවලා වාහනේ පණ ගන්වා ගත්තා.රිවස් එකට දාගත්‍තා.කළු තඩි බල්ලෙක් එකපාරටම කැලේ අස්සෙන් පාරට පැනලා වාහනේට බුරන්න ගත්තා.ඌගේ ඇස් ගෙඩි දෙක රතු පාටයි,දිලිසෙනවා.දිව අගල් හත අටක් එළියට දාගෙන රතු පාටින් ලේ බින්දු වැක්කෙරනවා.

    වසන්ත කුරුසයේ ලකුණ ඇදගෙන අවමංගල රථය පාරට ඇරගෙන ආවේ රිවස් එකෙමයි.වලවල්වල වැටි වැටී එද්දි මිනි පෙට්ටිය හෙළවිලා හෙළවිලා පියන ඇරුණා.ඇතුලේ තිබුණු පිත්තල පහන් ටිකත් දඩ බඩ ගගා බිම පෙරලුණා.

    වසන්ත ඒ ගැන හිතන්නේවත් නැතිව වාහනේ පාරට ගෙනැවිත්,පාර මැද්දෙම නැවැත්තුවා.

    මේ වගේ දෙයක් කිසිම දවසක වේලා තිබුණේ නැහැ.බයක් හිතන්නැතිව වසන්ත හිත දැඩි කරගත්තා.වහනයෙන් බැස ගත් වසන්ත ඊට පස්සේ මහත්තයාගේ ෆෝන් නොම්මරේට කතා කළා තැන අහගන්න.වෙලාව කියන්නේ මහාත්තයා ෆෝන් එක ක්‍රියාවිරහිත කරළා.

    "හැම දෙයක්ම වෙන්නේ හොදට කිව්වාලු.වෙනදාටනම් පොඩි වෙරියක් තියෙනවා.අද එකත් හිදිලා."

    වසන්ත බාගේ බෝතලේ අරගෙන අන්තිම උගුරට යනකම් එක හුස්මට බිව්වා.ඊට පස්සේ රියදුරු අසුන පැත්තෙන් දොර ඇරලා වාහනයට ගොඩවෙලා සිගරට්ටුව පත්තු කරගන්න ගිනිකූරක් ගැහැව්වා.

    "මට ගින්දර ටිකක් දියන් "

    වාහනය ඇතුලෙන්මයි වසන්තට ඇහුණේ.

    "ගින්දර"

    ඔහු එක්වරම පසුපස බැලුවා.මිනිය නැගිටලා පෙට්ටිය ඇතුලේ ඉදගෙන වසන්ත දිහාවට අත දික්කරන් ඉන්නවා.වසන්ත වාහනෙන් එළියට පැන්නා.ඒ පැන්න විදිහට වසන්ත බිම ඇදගෙන වැටුනා.ඔහු පපුවේ තිබුණු කුරුසය අල්ලාගෙන ඔරසන් කිව්වා.තුන් මුණින් දාඩිය වැක්කෙරනවා.ඔහු දෑත් ඇගිලි එකපිට එක කැරෙකෙව්වා.කම්මුල් දඩ දඩ ගාලා ගැහෙනවා.දත් පූට්‍ටුවෙලා.ඇස් උඩ ගිහින් කාටද කියන්නේ.මොකක්ද කරන්නේ.කිසි දෙයක් හිතා ගන්න බැහැ.ශරීරයම ගැහෙනවා.මුත්‍රා බරකුත් හැදුණා.වසන්ත උන් තැනම මුත්‍රා කළා.ඊට පස්සේ ආයෙමත් ගිනි කූරක් ගහලා සිගරට් එකක් පත්තු කරගත්තා.ඒ ගමන්ම ගිනිකූරු එළියෙන් වාහනය ඇතුල බැලුවා.අමුතු දෙයක් පෙනෙන්න නැහැ.පාරේ ඉදිරියෙන් එන විදුලි පන්දම් එළියක් දැකලා වසන්තගේ හිතට ලොකු සැනසිල්ලක් ලැබුණා.ඒ එළිය ටික ටික ළංවුණා.බයිසිකලයක් පැදගෙන ආව තරුණයෙක්,වාහනය දැකලා නැවැත්තුවා.

    "අනේ අයියේ මල ගෙදරටද යන්නේ.පාර හොයාගන්න බැරුව අතරමං වුණා.මල ගෙදර තියෙන තැන දන්නවාද ?"වසන්ත ඇහුවා.

    "මල ගෙදර පහුකරගෙන තමයි ඇවිත් තියෙන්නේ.හරවලා ගන්නකෝ.මං ගේ පෙන්නන්නම්."

    අමුත්තා කිව්වා.වසන්ත ඉඩ තියෙන හැටියට වාහනේ ආපහු හරවලා ගත්තා.

    "බයිසිකලෙට මොකද කරන්නේ"

    "ඒක මේතන දාලා යන් කවුරුත් ගන්නේ නැහැ"

    බයිසිකලය පාර අයිනට දැමු අමුත්තා අවමංගල රථයට ගොඩ වුණා.ඔහුගේ මග පෙන්වීම අනුව ආපහු ඇවිත් අතුරු පාරකට වාහනේ දැම්මා.වල ගොඩැලි පිරිලා.එක රෝදය්ක් වලකින් ගොඩ එන විට අනෙක් රෝදය වලකට වැටෙනවා.ඒත් එක්කම ආයෙමත් මිනී පෙට්ටිය පැද්දිලා පැද්දිලා පියන බිමට වැටුණා.හද එළියට වසන්ත දැක්කා මළ මිනිය ආයෙමත් නැගිටලා පෙට්ටිය ඇතුලේ වාඩිවෙනවා.ඒ එක්කම අයිස් කැටයක් අතට ගත්‍තා වගේ සීතලක් දැනුණා.වසන්ත ආයෙමත් ගැහෙන්න ගත්තා.දත් ඇදි දෙක සට සට ගාලා ගැහෙන සද්දේ ඔහුටම ඇහුණා.වසන්ත අමුත්තා දිහා බැලුවා.ඔහු පිටිපස්ස හැරුණා.

    "දැන් ඕක නවත්තනවා.මාත් එක්ක සෙල්ලම් කරන්න බැහැ.දැන් නිදාගන්න්වා.පෙට්ටියේ පියනත් වහගන්නවා"

    අමුත්තා කතා කළේ මහා ගොරෝසු හඩකින්.ඔහු කීදේ මල මිනිය ඇහුවා.හෙමිහිට පෙට්ටියේ නිදාගෙන පෙට්ටි පියනෙන් වහාගත්‍තා.වසන්තගේ උගුර කට වේලිලා.කෙල තලියක් ගුඩුස් ගාලා ගිල්ල වසන්ත වටපිට බැලුවෙ ගෙයක් දොරක්වත් තියෙනවාද කියලා දැනගන්නයි.

    ගෙයක් දොරක් පේන්න නැති තැන වසන්ත අමුත්තාගේ මුහුණ බැලුවා.අන්දකාරයට මුහුණ හරියට පෙන්නේ නැහැ.ඒ එක්කම වාහනේ ඇතුලෙන් මහා කුණු ගදක් දැනුණා.වසන්ත දෙතුන් වරක්ම හුස්ම ඉහළට පහළට ඇදලා බැලුවා.ඒ ගද ආවේ අමුත්තා ළගින්.

    'මොන මල දානයක් කාලා ආපු එකෙක්ද දන්නේ නැහැ.'

    වසන්තට හිතුණා.එක් වරම බල්ලෙක් බුරන හඩින් වසන්තගේ අවධානය කැඩුණා.ඔහු පාර දෙස බැලුවා.ඉස්සෙල්ලා අතුරු පාරෙන් හමුවුණු බලු තඩියා වාහනේට පැන පැන බුරුනවා.ඌගේ ඇස් දෙකින්‍ රතු පාට දිලිසෙනවා.දිව අඩියක් විතර බිමට එල්ලෙනවා.වසන්තයේ දෑත් දෑත් පවා වෙවුලන්න ගත්තා. ගිඩි ගිඩි ගාලා වසන්තව ගැහෙනවා. කොච්චර බය වුණත් හිත දැඩි කරගන්න වසන්ත හිතා ගත්තා.

    "තව හුගක් දුරද?"

    යනවා යනවා ඉවරයක් නැති තැන වසන්ත අමුත්තාගෙන් ඇහුවා.

    "දැන්නම් වැඩි දුරක් නැහැ"

    ඔහු කිව්වා.කතා කරද්දී කුණු ගද තවත් වැඩියෙන් දැනුණා.වසන්ත ඔහු දිහා බැලුවා.ඔහුගේ කට දෙපැත්තේන් සෙම වගේ මොනවද වැක්කෙරනවා.

    'අනේ දෙයියනේ,මං ඉවසගෙන හිටියට...මේවා දකින්න දකින්න බය හිතෙනවා.'

    වසන්තට එහෙම කියවුණා.දැන් වසන්තගේ ඇස් පාර දෙසටත්,අමුත්තා දෙසටත්,මිනීපෙට්ටිය දෙසටත් වරින් වර එහා මෙහා ගියා.එකපාරටම නරි රංචුවක් පාරට පැන්නා.වසන්තට වාහනේ නතර කරගන්න සිද්ධ වුණා.නරි රංචුව පේළියකට වගේ ඉදන් වාහනය දෙසට හැරිලා එක දිගට හූ කියන්න ගත්තා.

    වසන්ත වාහනයේ නලාව එක දිගට ශබ්ද කරන්න ගත්තා.ඔහු එහෙම කළේ නරින්ට යන්න විතරක් නෙවෙයි.ඒ ශබ්දය ඇහුණු කව්රු හරි පාරට ආවොත් උදව් ඉල්ලන්න පුලුවන් හින්දා.

    "ඕක නවත්තනවා.මළ කරදරේ"

    අමුත්තා එක්වරම වසන්ත දිහා බලලා කේන්තියෙන් කෑගැහුවා.වසන්ත අමුත්තාගේ මුහුණ හරියටම දැක්කා.ඒ මුහුණ සුදුමැලි වෙලා.දත් කහපාට වේලා.ඒ දත් පේළි දෙක හරියට සතෙකුගේ වගේ.ඇස්වලින් පෙණ පෙණ වැගිරෙනවා.නාස්පුඩුවලිනුත් එහෙමයි.වසන්තට හිතුණා මේ තමයි ජිවිතයේ අවසන් දවස කියලා.ඔහුට තිබුණු එකම ශක්තිය කරේ එල්ලුණු කුරුසය පමණයි.වසන්ත කුරුසය ගැන තිබු විශ්වාසය නැති කරගත්තේ නැහැ.

    "මේ ගෙදර තියෙන්නේ කොහෙද"

    වසන්ත කෑගැහැව්වා.ඔහුගෙ ඇදුම්වලින් දාඩිය වැක්කෙරනවා.

    "ඔය ඉස්සරහා වෙලක් තියෙනවා.වෙල පහුකරාම තියෙන ගෙදර "

    අමුත්තා කිව්වා.ඊට පස්සේ වාහනයෙන් බිමට බැස්සා.

    "බහින්න එපා මනුස්සයෝ,නරි තමුසේව කයි.බලාගෙන"

    එත් අමුත්තා නරි රංචුව මැද්දට ගියේ තමන්ගේ නිවසේ ඇති කරන සතුන් ළගට යනවා වාගේ.ඊට පස්සේ ඔහු ලදු කැලෑව අතරින් රිංගා නොපෙනි ගියා.ඒ පසුපසින් හූ කියමින් නරි රංචුව දිව්වා.වසන්ත ඉක්මනට වාහනය පණ ගන්වාගෙන ඉදිරියට ඇදුණා.වෙල පහුවෙද්දි පැට්‍ රෝ මැක්ස් ලාම්පුවක් එල්ලූ මල ගෙදර තියෙන නිවස තිබුණා.ඔහු වාහනය ගේ ළගට රිවස් කළා.

    "මේ රෑ තනියමද ආවේ"

    වසන්ත ළගට පැමිණි තරුණයෙක් ඇහුවා.

    "තනියම නෙවේ.මගදි බයිසිකල් කාරයෙක් හම්බුණා.මිනිහා තමයි මට මෙතෙන්ට එන්න පාර කිව්වේ."

    "බයිසිකල්කාරයෙක්"තරුණයින් පිරිස මුහුණට මුහුණ බලාගත්තා.

    "කෝ මිනිහා"

    "වෙලට ඉස්සරහින් බැහැලා කැලේට ගියා"

    වසන්ත එහෙම කියනවත් එක්කම සිහිසුන්ව බිම ඇද වැටුණා.මුහුණට දිය ඉහළා මිනිස්සු ඇප නුලකුත් බැන්දෙව්වා.

    "මාසෙකට විතර කලින් ඒ මිනිහා බයිසිකලෙන් යද්දී ලොරියකට යටවෙලා මැරිලා තියෙනවා.එදා ඉදලා මිනිහාගේ අවතාරේ කිහිපදෙනෙකුටම හම්බවෙලා තියෙනවා.හැබැයි කාටවත් කරදරයක් කරලා නැහැ."

    මල ගෙදර සිටි අය වසන්තට කිව්වා.

    Sandaru Nimsara​
     
    • Like
    Reactions: NRTG

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    මේක ඇත්ත සිද්දියක් මටනම් තවම හිතාගන්න බෑ එදා හරියටම සිද්ද උනේ මොකද්ද කියලා මේ සිද්දිය වෙලා දැනට අවුරුදු 2-3 ක් වෙනවා කොහොමින් කොහොම හරි කතාව පටන් ගන්නේ මෙහෙමයි මම දවසක් අපේ නැන්දගේ ගෙදරගියා එහෙ තිබුන පාටියකට උරුමස්-කුකුල් මස් දෙකෙන්ම BBQ දාලා තිබුනා පෙරේත කමට බඩපිරෙන්න කාලා පොඩි බජවුවක් දාලා ගෙදර යන්න වෙලාව බලනකොට 1 ට කිට්ටුයි මාමා මගට ගෙනත් දාන්න හැදුවත් මම ඕන නෑ කියලා මාමාගෙන් ටෝච් එකක් ඉල්ලා ගෙන තනියම යන්න පිටත් උනා එයාලගේ ගෙදර ඉදලා අපේ ගෙදරට 1කි.මි විතර තියෙනවා ඔය පාරේ මීටර් 500 ක් විතර යනකොට තියෙනවා පුංචි දොලපාරක් මේ දොලෙන් එගොඩ වෙලා කුබුර මැදින් ගියාම ගෙදරට ටිකක් ලගයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ අර කලින් කියපු කුබුර ඉවර වෙන තැනම තියෙනවා පරණ වලවුවක් වගේ ගෙදරක් මම දන්නා කාලෙක ඉදලම ඔය ගේදර කවුරුවත් නෑ ඒ ගෙට පිටිපස්සේ තියෙන්නේ පොල්වත්තක් මේ පොල්වත්ත මැදින් තමා යන්න තියෙන්නේ

    හිතට පොඩි බයක් වගේ දැනුනත් එක වැඩිය ගණන් ගන්නේ නැතුව මම අර ගෙදර පහුකරගෙන පොල්වත්ත මැදින් යනකොට ටෝච් එලිය පේනවා ඈතින් කවුදෝ එනවා කකුලක් නොන්ඩි වගේ ඒ කකුල බිම දිගේ ඇදගෙන එන්නේ කිසිම සද්දයක් නෑ ඇදන් හිටියේ සුදු ගවුමක් (ළමයි හම්බෙන්න ඉන්න අම්මලා අදිනවා වගේ) හිතට පොඩි චකිතයක් වගේ තිබුනත් මම මගේ පාඩුවේ ඉස්සරහට ගියා ලගට එනකොට මම ශේප් එකේ මුණ බැලුවා පැහැදිලිව පෙන්නේ නෑ කොන්ඩේ මුනට වැටිලා මිනිහෙක්ගේ මුනට ටෝච්එක අල්ලන්න බෑනේ මම පාඩුවේ එයාව පහුකරගෙන ගියා පොඩ්ඩ දුරක් ගිහින් මම නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා මෙකි නෑ...........

    ඔන්න දැන්නම් පුතෝ චුයන්න වගේ කෝකටත් කියලා ලාවට දුවන කොට පේනවා අර කලින් සින් එකම අර ගෑනි ආයේ එනවා මම ආයේ ඒකිව පහුවනවත් එක්කම වගේ පිටිපස හැරිලා බැලුවා අර ගෑනි අඩි 10 ක් විතර ගිහින් මගේ පැත්තට හැරුනා පුදුමේ කියන්නේ හැරුනේ මුළු ඇගෙන්ම නිකන් පාවෙලා වගේ එහෙම හැරිලා ඔලුව උස්සලා මන් දිහා බලලා අර පාලු ගෙදර පැත්තට ඇත දික්කරලා මහා හයියෙන් හිනාවෙනවා මන් ඉබේටම වගේ ටෝච් එක මුනට ඇල්ලුවා කට කළුම කලුයි කට දෙපැත්තෙන් කලුපාට බේරිලා ඇස දෙක එලියට පැනලා වගේ මාර ලොකුයි බය උණු තරම කියන්නේ මම දුවන්න පටන්ගත්තා දුවපු දිවිල්ලට මම නැවතුනේ ගෙදර සාලේ ඊටපස්සේ එකපාරටම කරකැවිල්ල හැදුනා මට සිහිය එනකොට ගොඩදෙනෙක් වටවෙලා ගුරුන්වාන්සේ කෙනෙකුත් ඉන්නවා සිහිය ආපු ගමන් කහ ගාලා තියෙන ගැට 9 ක් ගහපු නුලක් කරට දැම්මා මම කට්ටියටම උනදේ පැහැදිලිව කිවුවා
    කවුරුවත් සද්දයක් නෑ හැමෝම බයවෙලා ගුරුන්නාසේ මාමා කිවුවා ආයේ ඔය පාරෙන් එන්න එපා කියලා

    මම ඔය සිද්දිය වෙලා මාස 3-4 කට පස්සේ මම නිකමට වගේ ගෙදරි ඇහුවා මට එදා මොකද උනේ කියලා අම්මා තමා සිද්දිය කිවුවේ අර පාලු ගෙදර බඩ දරු අම්ම කෙනෙක්ට ගහලා කකුල කැඩෙනකන් ගහලා බඩ කපලා මරලා කරලා තින්නේ ඒ ගෙදර හාමු කියලා හිටපු එකෙක් ඒ මිනිහත් මැරිලා අර ගෑනිගේ හොල්මනලු ඔය පොල් වත්තේ වටේ යනවා කියන්නේ


    Dissanayaka Tharindu​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    Me maha radana ewada aise :love:

    අනිවා අනිවා. කළුවරට මිනිස්සු බයයිනේ :yes:

    Dan itin nida ganinko mewa kiyawala
    Rep+
    එකක් මතක් කර ගෙන නිදා ගනින්. :eek:මම කලින් Krishna Cottage එක බලල බයට ගෙදර බිත්ති ටික Check කර කර හිටිය එකෙක් :D

    welawata meka ude beluwe

    අපරාදේ :P
     
    • Like
    Reactions: 7204

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    මම හොල්මන් අදුශ්‍යමාන දේවල් විස්වාස කරාට ඊයෙ රාත්‍රිය වෙනකම් මට ඒ වගේ සිදුවීම් අත්දකින්න ලැබිලා තිබුනේ නැහැ...වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු

    ඊයෙ මම maths cls ගිහින් ගෙදර එත්දි රෑ අටට විතර ඇති.ආපු ගමන්ම පුරුද්දක් විදිහට මම wash එකක් දාගෙන කෑම කනවා එදා රෑ උයලා තිබුනෙ chicken මම කාලා ඉවර උනාම අම්මා කිව්වා ලොකු අම්මලාගෙ දිහාට මේ මස් භාජනේ ගිහින් දෙන්න යන්න එන්න කියලා...

    මම ඉතින් ඕක ගෙනියන්න දෙන්නෙක් ඕනෙ නෑනෙ මම ඕක ගිහින් දීලා එන්නම් කියලා භාජනේ අතට ගත්තේ මම හොල්මන් එච්චර care කරන්නෙ නැති නිසා😏.අම්මා කීප සැරයක්ම එන්න ඇහුවත් මම ඕනෙ නෑ කියලා කිව්වා...😏

    මම ඉන්න පැත්ත ටිකක් ග්‍රාමීයයි ලඟ ලඟ ගෙවල් පිහිටන්නෙ නෑ.ලොකු අම්මලාගෙ ගෙදරට 500m විතර යන්න ඕනෙ...අර භාජනෙත් අරගෙන බයික් එකේ යන්න බැරි නිසා ඔන්න ඔහෙ පයින්ම යන්න තීරනය කලා...අනික phone එකත් ඔබ ඔබාම යන්න පුලුවන්නේ එ්කයි😂

    අම්මා කීවා ඕක ඔ⁣හොම අරන් යන්න එපා අඟුරු කෑල්ලක් වත් අරන් යන්න කියලා...gas cooker එකේ අඟුරු නෑනෙ ඉතින්😂 මම නිකම්ම phone එකත් අරන් පාරට බැස්සා flash එක ඕනෙත් නෑ වගේ එලිය තිබුනා පාර පේන ගානට...

    ඕක අරගෙන මීටර් 100ක් විතර යද්දි මට නිකන් අමුත්තක් වගේ දැන් දැනෙනවා...මම යන ගමනුත් මේ group එකේ post ඇපෘ කර කර තමා ගියේ😂...ඒ පාර හරිම මූසල පාටයි බල්ලොත් උඩුබුරනවා දැන් අර දැනිච්ච අමුත්ත ටිකක් තදට දැනෙනවා

    මම phone එකේ flash එකත් දාගත්තා ඒ වෙලාවෙ එහා පැත්ත හැරිලා බලන්න හදලත් ම්ම්ම් පස්සෙ හිතුනා ඕනෙ නෑ කියලා...දැන් ලොකු අම්මලාගෙ ගෙදරට 200m වගේ ඇති දැව් මට තේරෙනා හොඳටම ටිකක් විසාල එකෙක් පිටිපස්සෙන් එනවම තමා කියලා...😨

    මොනා කරන්නද ඉතින් දුවන්නත් බෑනෙ😂 ම් ඒ වෙලාවේ මරු කතරට දිය බිඳක්සේ නුවණ පහල උනා...මම නැවතුනා හිතට හයිය අරන් එහා පැත්ත හැරුනා...අම්මට සිරි මම දැක්ක දේ....මුකුත් නෑ😂😂😂

    මනෝ විකාර කියලා යන්න ගියා...තවත් අඩි දෙක තුනක් යද්දි අඩි සද්දෙ ලඟ ලඟම ඇහෙනවා😵 දැන් නම් හොඳටම සුවර් මොකෙක් හරි පසුපස එනවම තමා කියලා...

    ඒත් මම ශරීර ආරක්ශාවක් කරගෙන හිටපු නිසා එච්චර බයක් නම් දැනුනේ නෑ...එහෙම උනත් ඇවිදිද්දි අඩි සද්දෙ ඇහෙන්න තරම් බලවත් එකෙක් පස්සෙන් එනකොට උගෙ අදහස මාව බිලිගන්න එක මිසක් මගෙ ඇගට රිංගන එක නොවේනේ😢

    මම නැවතිලා මස් එක බිමින් තියලා වෙසමුනි දැහැන මතුරන ගමන් ම⁣ගෙ වටේට වලල්ලක් ඇඳගත්තා මට දැන් විස්වාසයි මේකෙ ඇතුලෙ මට කරදරයක් නෑ කියලා😎

    ඊට පස්සෙ මූ ඇතුලට නාවට එතනින් යන්නෙ නෑ කියලා පරිසරයේ අමුත්තෙන් මට තේරුනා...අම්මට සිරි අවාරෙට පොල්වැටෙනවා වගේ වාහන යන මේ පාරෙ මගෙ වාසනාවටද මන්දා බයික් එකක් එනවා😁

    බයික් එක ඇවිත් නැවැත්තුවා බැලින්නම් ලොකු අම්මගෙ පුතා😃 මම අර මස් භාජනෙත් අරගෙන බයික් එකට නැගලා යන ගමනුත් වෙච්ච සිද්ධිය ගැන හිත හිතයි ගියේ😕

    ඔය වගේ සිද්ධියක් වෙච්ච පලවෙනි වතාව.ඒත් ගෙදර කාටවත් කීවෙ නෑ😄 කියන්නෙ කෝමද අම්මා සිය සැරයක් විතර කීවනෙ තනියම යන්ඩ එපා කියලත්😂

    හැබැයි ඉතින් කෝම උනත් මම තාමත් care කරන්නෑ වැඩිය...

    Dewmina Wathsana Randunu​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    වෙලාව හරියටම රාත්‍රී දොලහේ කනිසමට ළගා වූවා පමණි..

    හැමදාමත් දකින ඒ හීනයයෙන් මා තිගැස්සී ඇහැරුනෙමි.. කාමරයේ විදුලි ආලෝකයද නොදැල්වූ මා එකවරම මේසය උඩ තිබූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බීගෙන යන ලදි..

    මෙම සිදුවීම් මා හට ආගන්තුක නොවේ.. කලක පටන් මේ ලෙස මාගේ නින්ද විනාශ කරන හීනයක් ඇත..

    එය එකම ආකාරයේ හීනයකි..

    ඒ ඉතා රූමත් යුවතියකි. ඇගේ මුහුණ හරි හැටි පැහැදිලි නැත.ඈ මා හට පෙනෙන නොපෙන මානයෙන් ගමන් කරමින් මා ඇය පසු පස හඹා යෑමට සලස්වයි.ඒ ඉතා පාළු අදුරු වූ වෘක්ෂයන්ගෙන් පිරි මාවතක් ඔස්සේය.නමුත් ඒ ගමනේ අවසානයක් නොමැත.ඒ මග කෙලවරක ඇති ගරා වැටුණු ලී ගේට්ටුවක් අසල ඇය මා තනිකර නොපෙනී යයි.

    මා නැවතත් සිහියට පැමිණෙන්නේ එවිටය. සෑම දිනකම එකම වෙලාවක දකින මෙම සිදුවීම මා හට ඉතා මානසික වදයක් විය..

    මෙසේ කාලය ගතවිය..

    මිහිනදී ඇයි දැන් මට ලියන්නේ නැත්තේ..

    " මිහිනදී නැති වුන දවසෙ ඉදලා තමයි මේ ඔක්කොම මනස්ගාත මට පේන්නේ.."

    මා මටම කියා ගත්තෙමි...

    මිහිනදී යනු මා කිසි දිනක දැක නොමැති,ඉතා සුන්දර අදහස් හා සිතුවිලි ඇති මාගේ පෑනේ මිතුරියයි..

    එහෙත් දැනට ටික කාලයකට පෙර ඇය මා හට ලිවීම නතර කෙරෙණි. එක වරම එසේ වූයේ ඇයි දැයි මට ද අදහාගත නොහැකි දෙයකි.

    මිහිනදී මට හමු වන්නේ මීට වසර හතරකට පමණ ඉහත මා පාසලේ උසස් පෙළ හදාරන සමයේ දීය. කොතෙකුත් 'නම්' පෑනේ මිතුරු පිටුවෙහි තිබුණද මාගේ සිත ඇදී ගියේ මිහිනදී කියන නමටයි. තවද මා මගේ රටේ වඩාත්ම ආදරය කරන පරිසරක ඇය ජීව්ත් වීමද මා ඇයට ලියන්නට හේතු විය. මිහිනදී ජීවත් වූයේ මහනුවර නගරයට ආසන්න සුන්දට පෙදෙසකය.

    මෙසේ ආරම්භ වුනු අපේ මිතුදම ඉතා සුන්දර විය.මා මගේ ගැනද ඇය ඇගේ ගැනද සියළු දේ අපි නිතර ලියන්නට විය.

    "" විහග මට වෙලාවකට හිතෙනවා අපේ ජීවිත හරි පුදුමයි කියලා..

    මට වෙලාවකට හිතෙනවා ඔයා වගේ මෝඩ කොල්ලෙක්ට ඇයි මන් මේ පණ දාගෙන ලියන්නේ කියලත්..

    ඒත් නොලිය ඉන්න හිතෙන්නෙම නෑ...

    හැමදාමත් පාර දිහා බලන් ඉන්නේ ඔයාගෙන් ලියුමක් එනකම්..

    මේ මිස්ටර් විහග.. ඔයා ලගකදි ඉදන් ටිකක් පණ්ඩිත වෙලා කියල පේනවා මට..

    දැන් එවන ලිවුම් වල කවි කෑලියි.. සිංදු කෑලී වැඩී.. මොකද ඒ.. පිස්සු හැදී ගෙනවත් එනව ද.. අදම අම්මා එක්ක ගිහින් බෙහෙත් ගන්න හොදද..ඩොක්ටර් මොකද කිව්වේ කියලා ලියලා එවන්නකෝ මට.. පිස්සා..

    ඒ මිහිනදී මට එවන ලද අවසන් ලිපියේ කොටසකි. මා ඉන් පසු කොතෙක් ලිපි යැව්වද ඇයගෙන් කිසිදු පිළිතුරු ලිපියක් නොවිය.මා අවසන් වරට යැවූ ලිපියක ඇයව මුණගැසිය යුතු බව සදහන් කර යැවූ බැවින් ඇය මා ගැන වැරදි ලෙස සිතුවාද කියාත් විටක මට සිතිණි.

    කිසි දිනක දැක නැති සිතුවමකින් පමණක් මා මවා ගත් ඇයගේ මෙම නිෂ්ශබ්දතාවය මගේ හිතට ඉතා තදින් දැනෙන්නට විය.මගේ හිතට කියා ගත නොහැකි පාළුවක් තනි කමක් දැනෙන්නට විය.මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු කමක් මට මිහිනදී ගැන තිබිණි. එය මා මිහිනදීට කෙතරම් හැගවීමට උත්සහ කරද මිහිනදීට එය තේරුම් ගැනීමට උත්සහ නොගත් බවක් පෙනුණි.

    මෙසේ කලය ගෙවී ගියද මිහිනදීගෙන් මා හට කිසිදු පිළිතුරක් නොවීය..දිනෙන් දින මගේ හිතට දැනෙන මෙම වේදනාවත් රාත්‍රීයේ මා හට සිදුවන මෙම සිදුවීම් නිසාත් මා ඉතා කලකිරීමෙන් කාලය ගත කෙරිණි.

    මා හට හරි හැටි රාජකාරි කටයුතු කිරීමටවත් නොහැකි තත්වයක් උදා වී තිබිණි.

    මා පෞද්ගලික ආයතනයක කළමණාකරුවෙකු ලෙස සේවය කරන කරයි..උසස් පෙළ ප්‍රතිඵල ලැබීමත් සමඟ මා හට ලැබුණු රැකියාව පිළිබඳව මිහිනදී ද සිටියේ ඉතා සතුටකින්‍ ය.ඇය ද උසස් පෙළ ඉහළින් සමත්ව සිටි අතර රැකියාවක් සිදු නොකරන ලදි.එබැවින් මා ඇයට යැවූ සෑම ලිපියකම වාගේ කියා සිටියේ ඉගන ගත්ත දේ අපතේ නොයවා සුදුසු රැකියාවකට ඉල්ලුම් කරන ලෙසටය..එහෙත් ඇයට එතරම් උනන්දුවක් නොවීය.

    සෑම දිනකම රැකියාවකට ගොස් මා නැවත නිවසට පැමිණෙන්නේ පාළුවත් තනිකමත් හිතේ දරා ගෙනය. සෑම දිනකම රාත්‍රී නින්දට යාමට පෙර මිහිනදී මට එවූ ලියුම් කියවමින් කාලය ගත කිරීම මාගේ පුරුද්දක් විය..

    කවදාක හෝ ඇයගෙන් ලිපියක් බලාපොරොත්තුවෙන් කාලය ගෙවුන ද එය සිහිනයක් බදු විය..මම ඇයට මෙතරම් ආදරය කරන බව මා දැන සිටියේ නැත.

    " මා මිහිනදී සොයා ගත යුතුයි.."

    දිනක රාත්‍රීයේ ඈ ගැන සිතමින් සිටින මොහොතක පැමිණි සිතුවිල්ලකි.මා ඇයට මෙතරම් ආදරය කරන බව ඇයට කිව යුතුයි..

    මෙසේ සිත්මින් මිහිනදී හමුවේවි යන බලාපොරොත්තුව මත මා එදින නින්දට යන ලදි..

    පසු දින සති අන්තයේ නිවාඩු දිනයක් වුවද වෙනාදාටත් වඩා උදෑසනින් මා නින්දෙන් ඇහුරුණි. ඒ මිහිනදී ගැන රාත්‍රීය පුරාම සිතෙහි වද දුන් සිතුවිලිත් සමඟය. එදින සති අන්තයේ දිනයක් පමණක් නොව මාසේ පෝය දිනයක් වූ බැවින් ගෙදර සියළු දෙනාටම විවේකී දිනයකි.

    උදෑසනම සිල් සමාදන් වීමට යාම සදහා සූදනම් වූ මාගේ මව උදෑසන ආහර පිළියෙල කර ඇති බව පැවසුවේ මා හට උදෑසන තේ කෝප්පය රැගෙන එන අතරේය.

    "මොකද පුතේ ඔයාගේ හැටි ඊයේ රෑ නිදාගත්තේ නැද්ද..මූණ හරිම මහන්සි පාටයිනේ අසනීපයක්වත් ද.."

    "නෑ නෑ.. අම්මේ මට ටිකක් හිසරදේ වගේ.. ඒකයි.. ඒක හරියයි.."

    "ආ අම්මේ ඒක නෙවෙයි මම අද ටිකක් එළියට යනවා මගේ යාළුවෙක්ගේ ගෙදර..

    එන්න ටිකක් රෑ වෙයි..රෑට කෑම තියන්න එපා..

    හ්ම් හ්ම්ම් පරිස්සමින්..

    එපමණක් පැවසූ මව කඩි මුඩියේම සූදානම් වී පන්සලට පිටව ගියේය.

    පිළියෙල කර තිබූ උදෑසන ආහාරයද රැගත් මා ඉක්මනින්ම සූදනම් වූයේ මිහිනදී සොයා ගැනීමේ ගමන ආරම්භ කිරීමටය..

    කෙතරම් වේදනාවක් හිත තුළ තිබුණද වෙනදාට වඩා හිත තුළ අමුතු සතුටක් අතැති බලාපොරොත්තුවක් එදින තිබිණි.ඒ මිහිනදී හමුවේවි යන සිතුවිල්ලයි. පසුව ඉක්මනින් ලක ලැහැස්ති වූ මා මාගේ මෝටර් රථය පනගන්වන ලද්දේ කෙසේ හෝ මිහිනදී සොයා ගන්නවාමය යන අධිෂ්ඨානය සහිතවය.

    මා ජීවත්වූයේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේය. එබැවින් මහනුවර බලා යාම ටිකක් දිගු ගමනකි. එහෙත් එය කොතරම් දිගු ගමනක් වුවද එය මගේ ජීවිත ගමනේ කොටසක් බැවින් එය යා යුතුවමය. දහවල් ආහාරයද අතර මග කඩයකින් ලබා ගත් මා සවස තුන පමණ වන විට මහනුවර නගරයට ලගා විය.සවස් වීමට ආසන්න වුවද දළදා මාළිගාවට ගොස් වැද පුදා ගැනීමට මා සිත් විය.පෝය දිනක් බැවින් මාළිගාව ජනයාගෙන් පිරි ගොස් තිබුණි.

    නැවතත් රථයට නැගි මා ගමන යාමට පිටත් විය. මද දුරක් ගමන් ගත් මා අසල පිහිටි කඩයක් ආසන්නයේ රථය නතර කරන ලදි. එහි සිටි මැදිවයසේ පුද්ගලයන් කිහිපදෙනෙකි. මා සතුව මිහිනදී සොයාගැනීමට ඇති එකම සාක්ෂිය ඇයගේ ලිපිනය පමණි.

    "සමාවන්න මහත්මයා..මම විහග.. ගාල්ලේ ඉදලා එන්නේ.. මට කියන්න පුළුවන්ද මෙන්න මේ Address එක කොහේද කියලා.."

    "ආ කෝ බලන්න මහත්තයෝ.."

    "මහත්තයෝ ඔන්න ඔහොම තව හැතපුම් දහක් විතර යනකොට ලොකු තුංමන්හන්දියක් හම්බවෙනවා.. ආන් එත්නින් වම් පැත්තට හරෝලා හැතැප්ම විස්සක් විතර යන්න..

    ඒ හරියේ ටිකක් අබලන් වෙච්ච පාළමක් එහෙමත් තියනවා..ආන් ඒ හරියේ තමයි මහත්තයෝ ඔය කියන ඇඩ්රොස් ඒකේ හැටියට තැන තියෙන්න ඕන..

    "රෑ බෝ වෙයි මයි හිතේ.. ඒ හරියේ හරියොට එළියක් වත් නැහැ මූකලාන දෙපැත්තෙම.. හද එළියේ පිහිට තමා.."

    "අනේ බොහොම ස්තූතීයි මාමේ.."

    "වාහනේ නේ යන්නේ කමක් නෑ.."

    "හොදා හොදා මහත්තයට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි එහෙනම්.."

    ඇදිරි වැටීමට තවත් හෝරා දෙක තුනක් පමණ තිබුණි. ඔවුන් කියූ පරිදි මා මෙහි යාමේදී නිසැකවම රෑ බෝ වනු ඇත.. කෙසේ නමුත් මිහිනදී සොයාගෙන මිස ආපසු යෑමට නොහැකිය.. කෙසේ හෝ ඇය සොයා ගත යුතුය.

    රථය පණ ගැන්වූ මා වේගයෙන් ගමන ආරම්භ කරන ලදි. මාගේ එකම අභිප්‍රාය වූයේ මිහිනදී දැක ගැනීමය.. ඇදිරි වැටීමට ආසන්න වීමත් සමඟ මා පෙර කියූ තුංමන්හන්දිය පසු කර වමට ඇති ගමන් මාර්ගයට පැමිණෙන ලදි..
    එය ටිකක් අබලන්ව ගිය කදු පල්ලම් සහිත මාර්ගයක් බැවින් යාමට මදක් අසීරු විය.. රෑ බෝ වී ඇති බැවින් පරිසරය ද පාළු ගතියක් ගෙන තිබුණි..

    මා මෙය කුඩා කල සිට ඇළුම් කර පරිසරයක් වුවත් එදින මා හිතට යම් චකිතයක් දනවන්නක් විය. මිහිනදී සොයාගත හැකි වේද නැද්ද යන ප්‍රශ්නාර්ථය ද නිතර හිතේ දෝංකාරය දෙන්නට විය..
    ••••••••••••••••••
    එකවරම පාර හරහා පැන ගිය සතෙකු නිසාවෙන් මා තිගැස්සී ගොස් වේගයෙන් පැද ආ මෝටර් රථය නතර කර ගතිමි... නිසැකවම ඒ සතා වාහනේට අහුවුනා මා සිත්න්නට විය. ඉක්මනින් රථයෙන් බැස ගත් මා රථයේ ඉදිරි පසට ගොස් සිදුවූයේ කුමක් ද යන්න නිරීක්ෂණය කරන්නට විය. මා සිතුවා නිවැරදි රථයේ ඉදිරි පස වම් පසට වන්න ඉතා විශාල ලේ පැල්ලමක් දක්නට ලැබුණි.. එය දැක මා පුදුමයට පත් විය මෙය කුඩා සතෙකුගේ විය හැකිද යන්නද මට සිතෙන්නට විය. ඒ ගැන හොදින්ම නිරීක්ෂණය කිරීමට මා එයට ලං වී බලන්නට විය.එහෙත් පුදුමයකි. ලේ පැල්ලමක් හැරෙන්නට කිසිම සතෙකු එහි නොවීය.

    එහෙත් මෙහි ඇති ආකාරයට නිසැකවම මෙහි වැදුණු සතා මිය යා යුතුය.. එහෙත් එහි සතෙකු ගිය සළකුනක් වත් නොවීය..

    "එතකොට මම දැක්කේ කවුද..???

    මේ ලේ පැල්ලම්...

    මෙය කලින් සිදු වූ වක්ද..???

    මාගේ හිත නොසන්සුන් විය.. මුළු පරිසරයම නිහඩතාවයෙන් වෙලා ගෙනය.. මා ඉක්මනින්ම නැවත රථය තුලට නැග එය පණ ගන්වන්නට විය. නමුත් අවාසනාවකට මෙන් මෙතෙක් වේලා කිසිදු දෝශයක් නොතිබූ මෝටර් රථය පණගැන්විය නොහැකි විය.

    මෙය මෙසේ අක්‍රීය වීම මා හට අදහාගත නොහැකි විය.. මේ රෑ මෙය කෙසේ සාදාගන්නද මිනිස් පුළුටක් පෙනෙන මානයක නොවීය.. පිරිමි හිතක් වුද මාගේ සිතට යම් චකිතයක් මේ පාළු පරිසරය තුළින් දැනෙන්නට විය.

    "කෙසේ හෝ මෙය පණ ගන්වා ගත යුතුය.."

    නැතහොත් මා කෙසේ මිහිනදී සොයා ගන්නද.. මා දැන් පෙර කී මාර්ගයේ ගොඩ දුරක් පැමිණ ඇති බැවින් මා දැන් සිටිය යුත්තේ මිහිනදීගේ නිවසට ආසන්නයේම විය යුතුයි..

    නැවතත් රථයෙන් බැස ගත් මා රථය පණ ගන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්නට විය..

    කාත් කවුරුවත් නොමැති මෙම පාළු පරිසරය මගේ සිතේ බිය එන්න එන්නම වැඩි කරන්නක් විය..මාගේ දුරකථනයේද සංඥා අවහිර වීම නිසාවෙන් නිවසට හෝ ඇමතුමක් ගෙන මේ පිළිබඳව දැනුම් දීමටද නොහැකි වී තිබිණි.

    රථයෙන් බැස ගත් මා කිසි වෙකු හෝ හමුවේ යන බලාපොරොත්තුව මත ඉදිරියට ඇවිද යන්නට විය..ටික දුරක් ඇවිද ගිය තැන මා හට අබලන් වී ගිය යකඩ පාලමක් හමු විය.

    "මේය ඉහත මා පාර අසන ලද කඩ පිලෙහි සිටි පුද්ගලයා කියූ පාලම විය යුතුයි."

    ඒ අනුව මා දැන් සිටින්නේ මිහිනදීගේ නිවස අසලම විය යුතුයි..මට සිතිණි..පාලම පසු කරනවාත් සමඟ ඊට යාබදව ගරා වැටී ගිය කුඩා බස් නැවතුම් පළක් වන් ස්ථානයක් ද ඒ ආසන්නයේ කිසිවෙකු හෝ ගමන් කරන චායාවක් එකවර මා නෙත ගැටිණි.

    මා මේ මොහොතේ පත්ව සිටින අසරණ තත්වය සමඟ මගේ සිතට මෙය සැනසීමක් ගෙන දෙන්නක් විය.ඒ කුමන හෝ තොරතුරක් හෝ උපකාරයක් ලබා ගැනීමට හැකි වේ යන නිසාවෙනි.එසේ වුවද එය මොහොතකට අඩපන වූයේ එම ස්ථානයේ ගමන් කරමින් සිටින්නේ කාන්තාවක් බව දුටු නිසාවෙනි.

    මෙතෙක් වේලා කිසිවෙකුත් නොගැවසුනු මෙම පාළු පරිසරයේ මෙතරම් රෑ බෝ වී ඇති වේලාවක කාන්තාවක් තනිවම සිටිනු දැකීම මගේ ඇසට අදහාගත නොහැකි හා සිතට චකිතය වැඩි කරන්නක්‍ විය.

    මගේ අනුමානය අනුව ඇය ඉතා රූමත් විය යුතුයි.සුදු පැහැයට හුරු දිග ගව්මක් ඇද සිටි ඇය ඇගේ දිගු වරලසින් මුහුණේ පැත්තක් වසා ගෙන මෙන් සිටින්නට විය. ඇය කලබලයකින් තොරව ඉතා ශාන්ත ලීලාවෙන් ඉදිරියට ගමන් කරමින් සිටින්නට විය. හද එළිය නිසා ඇය ඉතා දීප්තිමත්ව මට පෙනුණි.

    මා ටිකෙන් ටික ඈ සමීපයට ළං වුවද ඇය කිසිත් නොදැනෙන්නාක් මෙන් ඇයගේ ගමන යන බවක් මා හට හැගුණි.

    " මට සමාවෙන්න.."

    ඇය අසලට ළඟා වෙත්ම මා අමන්තන්නට විය.. ගමන් ගත් ශාන්ත ලීලාවෙන්ම ඈ ගමන නතර කරන්නට විය. ඈ මා ඉදිරියෙන් මට පිටුපා සිටින බැවින් ඇගේ මුහුණ හරි හැටි නොපෙනෙයි..

    "සමාවෙන්න.. මම මේ ලොකු කරදරයක වැටිලා ඉන්නේ.."

    " මම කෙනෙක්ව හොයන ගමන්.. මම ආපු කාර් එක කැඩුණා එකපාරටම.. අන්න අතනදී.."

    " Pls මට මෙන්න මේ Address එක තියෙන්නේ කොහේද කියලා කියන්න පුළුවන්ද..?"

    මා ලග ඇති මිහිනදීගේ ලිපිනය සහිත කොල කැබැල්ල අතට ගන්න අතරම සිදු වූ සියල්ල සාරාංශ ගත කොට ඇයට පවසන්නට විය.

    කිසිවක් නොපැවසූ ඇය ඇගේ අත මා සිටින දෙසට දිගු කර එම ලිපිනය සදහන් කොල කැබැල්ල ඉල්ලන්නාක් මෙන් අගවන්නට විය.. මා ද කිසිත් නොපවසා එම ලිපිනය ඇය දෙසට දිගු කර අතර එය අතට ගත ඇය ඒ දෙස නිහඩව බලන්නට විය..

    ඇය සිටින්නේ මට පිටු පාගෙනය.. මොහොතකට පසු මා හට ඇගේ හැසිරීම අමුත්තක් ගෙන දෙන්නක් විය.. ඒ මා දුන් ලිපිනය සහිත කොල කැබැල්ල දෙස මුහුණ යොමා සිටි ඇය ඒ දෙස බලමින් කල්පනා කරන්නට විය..

    "ඇයි මොනව හරි ප්‍රශ්නයක්ද...?? ඔයා ඔය තැන දන්නවද..?"

    මා ඇගෙන් අසන්නට විය.. ..

    "ඔව්... මොකද මම නොදන්නේ..මමත් යන්නේ ඒ කිට්ටුවට..යමු මාත් එක්ක මම පාර පෙන්නන්නම්.."

    ලෙස ඇය ඉතා ගැඹුරු ස්වරයකින් අමතන්නට මා අමතන්නට විය.. ඒත් සමග එකවර තිගැස්සී ගිය මා ඇයට

    "බොහොම ස්තූතියි..මං එන්නම්.."

    ලෙස ඇයට පවසන්නට වූයේ සිතෙහි ඇති වූ බිය සහ ඇගේ මෙම හැසිරීම නිසා ඇති වූ අමුත්තත් සමඟය.ඒත් සමඟ නැවතත් ගමන් ඇරඹූ ඈ පිටුපසින් මාද ගමන් කරන්නට විය.

    "ඔයා මේ පළාතෙද...? "

    ඉදිරියෙන් ගමන් කරන ඈගෙන් මා විමසීය..

    " ඔව්.."

    ඇයගේ පිළිතුර එපමණකි..

    "මම මෙහෙම ඇහුවට වැරැද්දක් හිතන්න එපා.

    "ඇයි මේ රෑ වෙලා මේ පාළු පාරක තනියම යන්නේ.."

    "මගේ බස් එක වැරදුනා.. මම මේ පයින්ම යනවා.."

    "අයියෝ එහෙමද..?? මම මේ කෙනෙක් හොයනවා..( මිහිනදී )කියලා.. දැන් ගොඩ කාලෙක ඉදන් එයාගෙ ආරංචියක් නෑ.. මේ Address එක විතරයි මම ගාව තිබුණේ.."

    "ඔයා එහෙම කෙනෙක් දන්නවද..?"

    "අහල තියනවද..?? නෑ මම මේ නිකමට ඇහුවේ..සමාවෙන්න.."

    ඒ මොහොතේ මගේ සිතට ඇති වූ චකිතයත් බියත් නිසාම මා මෙලෙස යම් යම් දේවල් ඇයගෙන් අසන්නට විය. එහෙත් ඇය නිහඩවම ඉදිරියට ඇදෙන්නට විය.

    කෙමෙන් කෙම්න් ඉදිරියට යත්ම මාර්ගය අදුරු ගතිය වැඩි වන අතර වෘක්ෂලතාවන් ගෙන් දෙපස වෙලා ගෙන තිබුණි. ගස් අතරින් වැටෙන හද එළිය හැරෙන්නට කිසිදු අලෝකයක් නොවීය..මිහිනදී සොයා ගැනීම කෙසේ වුවද එන්න එන්නම මගේ හිතේ චකිතය වැඩි වන්නට විය.

    එකවරම මෙම පරිසරය මා හට යම් හුරුවක් ගෙන දෙන්නට විය..

    "මම හැමදාම දකින හීනය.."

    මම මටම කියා ගත්තේය.ඒත් සමඟ මගේ හෘද ස්පන්දන වේගයද කෙමෙන් කෙමෙන් වැඩි වන බව මට වැටහිණි...

    ටික කාලයක සිට මාගේ රාත්‍රී නින්දට බාධා කර එම සිහිනයේ චරිතයන් හා පරිසරය මා ඇස් ඉදිරිපිටම විකාශනය වන්නාක් මෙන් මා සිතට දැනිණි.මගේ මුළු ශරීරයම බියෙන් වෙව්ලන්නාක් විය. මා දැන් නිරායාසයෙන්ම ඇය පසු පස ගමන් කරමි.. ගමන නැවැත් වීමට වෑයම් කරද මාගේ ශරීරය මාගේ පාලනයෙන් තොරවන්නාක් මෙන් දැනිණි.

    මේ..මේ..මේ තව කොච්චර දුරද..?

    මාගේ මුවින් ඉතා පැටළිලි සහගතව වචන කිපයක් පිටවිය..ඒත් සමඟ එකවරම ඇය ඇගේ ගමන නතර කරන ලදි.. එයින් තිගැස්සුනු මා ද එතනම නතර විය.. ඈ සිටින්නේ මාගේ සිට අඩි කිහිපයක් දුරින්යi.

    එසේ නැවති ඈ එකවරම මා දෙස හැරී බලන්නට විය..සඳ එළියත් සමඟ මා ඇයගේ මුහුණ පැහැදිලිවම දුටුවේ එවිටය.. ඇය ඉතා රූමත්ය. නමුත් ඇගේ මුහුණ ඉතා විඩාබර හා ශෝකාකූල විය..

    "අර පේන්නේ ඔය හොයන ගෙදර.."

    අසල වූ ගුරු පාරක කෙලවරක පිහිටි නිවසක් දෙසට අත දිගු කරමින් ඇය පැවසීය.

    "ගොඩක් ස්තූතියි ඔයාට.."

    "මම එහෙනම් යනවා මට තව ගොඩක් දුර යන්න තියනවා.."

    කියමින් ඇය යන්නට විය.. මා ගුරු පාර දෙස හැරී බලා නැවත ඇය දෙස බලන මොහොතට ඇය නොපෙනී ගොස්ය..එතරම් ඉක්මනට කොහොමද ඇය නොපෙනී ගියේ යන්න.. ගුරු පාර දෙසට ඇවිද යන ගමන් මා කල්පනා කරන්නට විය.

    වේලාව රාත්‍රී දහයට පමණ ආසන්නව තිබූ හෙයින් එම නිවසේ දල්වා ඇති එක විදුලි බුබුලක් හැරෙන්නට මුළු නිවසම අදුරු ස්වභාවයක් ගන්නා ලදි. නිවස ඉදිරි පිට ලී ගේට්ටුවකි.. එය තරමක පැරණි නිවසක්ය.. ලී ගේට්ටුව පහසුවෙන් විවෘත කර මා නිවසේ ඉදිරි පස දොරටුව අසලට ලගා විය.

    "ගෙදර කව්ද..? ගෙදර කව්ද..?

    මා නිවසේ ඉදිරි පස දොරට තට්ටු කරන්නට විය..

    මිහිනදී මට කියා ඇති පරිද්දෙන් ඇයට සිටින්නේ ඇගේ අම්මා සහ ආත්තම්මා පමණි. තාත්තා කුඩා කාලයේ දීම ඔවුන හැර දමා ගොස් තිබුණි.එබැවින් පවුලේ එකම දරුවා වූ මිහිනදී කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ අම්මා හා ආත්තම්මා සමඟය.

    එකවරම නිවස ඇතුලත ආලෝකයක් දැල්වුණු අතර දොරෙහි අගුලු විවෘත කරන්නාක් මෙන් ඇසිණි.. ඉන් ඉවතට පැමිණියේ මැදි වයසේ පසු වූ කාන්තාවකි..

    "කව්ද ඔය.. දොර කඩන්න හදන්නේ මේ මහ රෑ.."

    " අනේ මට සමාවෙන්න...මම විහග..ගොඩක් දුර ඉදන් ආවේ.."

    "මේ මගෙ මිහිනදීගේ අම්මා වෙන්න ඇති.. මම මිහිනදීගේ යාළුවෙක්.."

    ''විහග'' ඇය කල්පනා කරන්නට විය.

    "මම තමයි මිහිනදීගේ අම්මා.."

    "එන්න ඇතුලට ඇවිත් වාඩි වෙන්න..."

    "බොහොම ස්තූතියි අම්මේ.."

    "මම පුතාව දන්නවා.. මට දුව කියලා තියනවා.."

    "කෝ අම්මේ මිහිනදී ඉන්නවද..??"

    "" මගේ දුව....""

    එක වරම මිහිනදීගෙ මව කදුළු සලන්නට විය..

    " අම්මේ.. ඇයි අම්මේ මේ.. මිහිනදී කොහේ හරි ගිහින්ද මෙහේ නැද්ද.."

    මිහිනදීගේ මව අසල තිබූ පුටුවක වාඩි කරන ගමන් මා ඇයගෙන් ඇසීය..

    "පුතේ මිහිනදී මෙහේ නෑ එයා ගිහින් පුතේ..."

    "එයා ආයි නොයෙන්නම ගිහින් අපි ඔක්කොම දාල අනේ මගේ දුව..අහිංසකී..."

    "මොනවා.."අම්මේ කියන්න ඇත්තමද "

    මා මිහිනදීගේ මව අසලම වාඩි ගතිමි.. මාගේ හිත එකවරම කඩා වැටෙන්නාක් මෙන් මට හැගිනි...ඇය කිසි දිනෙක මා නොදැක ඇති නමුත් මා ඇයට බෙහෙවින් ආදරය කර ඇති බව මා හට දැනුණේ එවිටය.. මගේ ඇස් වලින් කදුළු වැටෙන්නට විය.. ඒත් සමඟම මාගේ ඇස පුදුම කරවන්නක් විය.. ඒ නිවසේ බිත්තියක එල්ලා ඇති පින්තූරයක් දුටු නිසාවෙන්‍ ය.

    "අම්මේ අර පින්තූරේ කාගෙද.?"

    "ඇයි පුතේ ඒ තමයි මිහිනදී.."

    "මොනවා... ඒක වෙන්න බෑ ඒ මිහිනදී වෙන්නේ කොහොමද.?"

    මා එකවර කලබලයෙන් මෙන් පවසන්නට විය.. ඒ පින්තූරයේ සිටින්නේ මා මෙතනට රැගෙන ආ යුවතියයි.. මා මෙය කෙසේ විශ්වාස කරන්න ද..

    "අම්මේ මේ මිහිනදී නම් එයා කොහොමද මට දැන් හම්බවුනේ.. මට මේ ගෙදරට එන්න පාර පෙන්නුවෙත් එයා.."

    "මා එක්ක කථාත් කරා මේක වෙන්නේ කොහොමද.."

    "කියන්න මිහිනදී ඉන්නවා නේද..?"

    "අනේ පුතේ මෙහෙන් ටිකක් වාඩි වුණානම්..."

    "පුතා දකින්න ඇත්තේ වෙන කවුරු හරි.. මේ ඉන්නේ මිහිනදී.. මිහිනදී නැති වෙලා දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ආවා.. මිහිනදී කියන්නේ හරිම අහිංසක ළමයෙක්..කාටවත් වරදක් නැති හොද දරුවෙක්..ඒත් අවාසනාවකට ඒයාට මීට අවුරුදු දෙක තුනකට ඉස්සර නරක ලෙඩක් තියනවා කියල දැන ගන්න ලැබුනා එදා ඉදන් එයා හිටියේ ජීවිතේ ගැන කලකිරීමෙන්... පස්සේ එන්න එන්නම එයා මානසිකව වැටුණා..එන්න එන්නම් එයාගේ ශරීරෙත් අඩපන වුණා.."

    "මට මතකයි දුව පුතා ගැන නිතරම කියනවා.."

    "පුතාට නිතරම ලියුම් ලියනවා.. කෙල්ල හිටපු තත්වේ එක්ක අපි ඒ ගැන අනවශ්‍යය විදියට හොයලා බාධ කරන්න ගියෙත් නෑ..මොකද මම දැක්කා දුව ඒව කරන්නේ සතුටින් කියලා.. දුව අන්තිමට හොස්පිට්ල් එකට ගෙනියන කොටත් එයා පුතා ගැන කිව්වා.."

    "ආ පොඩ්ඩක් ඉන්න... මිහිනදී මට දෙයක් දුන්නා..කවද හරි විහග කියලා කෙනෙක් එයාව හොයාගෙන ආවොත් දෙන්න කියලා.."

    එසේ පවසමින් ඇය නිවසේ කාමරයක් තුළට ගොස් කුඩා පාර්සලයක් මගේ අතට ගෙනවිත් දුණි.මේ සිදුවන කිසිවක් සිතා ගැනීමට නොහැකිව අතරමන්ව සිටි මා මිහිනදීගේ මව විසින් ගෙන් ගෙනවිත් දුන් පාර්සලය දිග හැර බලන්නට විය..

    එහි තිබුණේ ලිපියකි. මා එය දිග හැර බලන්නට විය..

    || ආදරණීය විහග..||

    මට සමාවෙන්න.. මම කවදාවත් මේ ලියුම ඔයාට කියවන්න නොලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ..ඒත් මම ගැන වැරදි වැටහීමක් ඇතිවෙලා ඔයා මාව හොයාගෙන ආවොත් මේ දේ ඔයා දැනගන්න ඕන කියලා හිතුන නිසයි මම මේ දේ ලියන්න හිතුණේ..

    ඇත්තටම මම මගේ ජීවිතේ ගොඩක් තැන් වලදි අසරණ වුන කෙනෙක්.. මම පොඩි කාලේ ඉදලම මගේ තාත්තා නැතුව මගේ අම්මා එක්ක හැදුණේ.. ඒකත් මට ලොකු මානසික පීඩනයක්.. මොකද අම්මා මාව හදන්න, මට උගන්නන්න ගොඩක් දුක් වින්දා..ඒක නිසා මගේ එකම බලාපොරොත්තුව වුණේ හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න, කවදා හරි මගේ අම්මාව බලා ගෙන එයාට සළකගෙන ජීවත් වෙන්න තමයි..

    ඒහෙම ඉන්නකොට තමයි මට අහම්බෙන් ඔයාවත් අදුරගන්න ලැබුණේ. ඔයාව කවදාවත් දැකලා නැතත් මම ඔයාගේ අදහස් වලට ඔයාගේ සිතුවිලි වලට පුදුම විදියට ආස කරා.මට හිතුනා ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා..සමහර දවස් වලට මට ඔයාගෙන් ලියුමක් එන්න පරක්කු උනාම මම පාර දිහා පැය ගනන් බලන් ඉන්නවා ලියුමක් එනකම්..

    එහෙම ටික කාලයක් යන කොට තමයි මාව හදිස්සියේම අසනීප වෙලා Hospital එක්කන් ගියේ.. එදා මගේ ජීවිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා ගියා.. එදා තමයි මම දැන ගත්තා මම ජීවත් වෙන්නේ තව ටික කාලයයි කියලා..මට Blood Cancer එකක් කියලා Doctors ලා කියලා තිබ්බා.. මම ජීවිතේ මවා ගෙන හිටපු හැම හීනෙම බොදවෙලා ගියා.. මගේ මේ ප්‍රශ්නේ නිසා මගේ අම්මා විදින දුක මට බලන් ඉන්න බැරිවුණා. මම එන්න එන්නම මානසිකව වැටිලා හිටියේ.

    එහෙම බලාපොරොත්තු නැතුව ජීවත් වුන මට එකම සැනසීම වුණේ ඔයාගෙ වචන ටික විතරයි.. මට ඔයාගේ හැගීම් නොතේරුණා නෙවෙයි.. මමත් ඇත්තටම ඔයාට ආදරේ කරා විහග.. මටත් ඔයාව දකින්න ඕන වුණා.නමුත් මම වගේ ලගදි මැරෙන්න ඉන්න කෙනෙක්.. ඔයාට එහෙම බලාපොරොත්තු දෙන්නේ කොහොමද..? ඒක ඔයාට කරන අසාධාරණයක් කියලා මට තේරුණා.. ඒකයි මම ඔයාව මග හැරියේ විහග..

    ඔයා අන්තිමට මට එව්ව ලියුමට උත්තරයක් ලියන්නේ නැතුව මම හිතෙන් විදව විදව ඉවසගෙන හිටියේ ඔයාට හොදක් කරන්න මිසක් හිතේ කිසිම තරහකට නෙවෙයි.. මම වාසනාවන්ත නෑ ඔයාගේ ආදරේ ලබන්න.. මට සමාවෙන්න විහග.. මම නිසා ඔයාගේ හිතට පොඩි හරි දුකක් දැනුණ නම්.. මට යන්න වෙනවා විහග.. අනිවාර්යයෙන්ම ඒ ගමන යන්න වෙනවා.. මාව මෙච්චර කාලයක් සතුටින් තිබ්බට ඔයාට ගොඩක් පිං..ඔයාට ලස්සන ජීවිතයක් තියනවා.. මම මගේ හදවතින්ම ඔයාගෙ ජීවිතේට සුභ පතනවා..

    මම නවතින්නම් එහෙනම්.. මම ඔයාට ගොඩක් ආදරෙයි මෝඩ කොල්ලෝ.... බුදුසරණයි ඔයාට..!!!

    ලිපිය අවසානය තෙක් කියවීමට නොහැකි තරමට මගේ ඇස් කදුළු වලින් පිරී තිබුණි..

    ""මට සමාවෙන්න මිහිනදී..""

    මම මටම කියා ගන්නා ලදි.. මගේ සිතට මෙය දරාගත නොහැකි වේදනාවකි.
    මෙපමණ කාලයක් මට සිහිනෙන් පෙනුණේ මිහිනදී ද.....
    මා මෙතනට ගෙන ආවෙත් මිහිනදී ද.....
    මගේ සිත ඉතා නොසන්සුන්විය..මිහිනදීගේ මවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ගත් මා එය එක හුස්මට හිස් කරන ලදි.මිහිනදී යනු කිසි දිනක මගේ හිතින් මකා නොදැමිය හැකි චරිතයකි.ඉන් පසු කිසි දිනක මා හට පෙර දුටු එම සිහිනයවත් පෙනුණේ නැත..

    **************

    ""තාත්ති... තාත්තී..""

    "අම්මි මට බනිනවා.. ඔන්චිල්ලාව පදිනවා කියලා.."

    මා පියවි සිහියට ආවේ ඒ මොහොතේය.. ඒ මගේ චූටි දුව මිහිනදීය..

    "" මිහිනදී ඒ පාර තාත්තිට නඩු කියන්නත් පුරුදු උනාද..""

    ""මෙහාට එන්න මගේ මැණික.. අම්මි නෝටී නේ.. අපි යමු සෙල්ලම් කරන්න.."

    චුටි දුව වඩා ගත් මා මිදුලේ කොනක ඇති ඔන්චිල්ලාව ලගට යන්නට විය.

    ..නිමි..


    Ishan Sanjaya Devapriya