::.. ගොම කුරුමිණියන් ගැන දැනගමු ..::
::.. ගොම කුරුමිණියන් පිළිබඳව විශ්මයජනක කරුණු ..::
ගොම කුරුමිණියන් යනුවෙන් හඳුන්වන්නේ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් මළ මත යැපෙන කුරුමිණියන් විශේෂයකි.
මේ වනවිට ලෝකය පුරා විවිධ ස්ථාන වල වාසය කරන ගොම කුරුමිණියන් විශේෂ 8000 කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තිඛෙන අතර රටවල් කිහිපයකින් හා සීතල ධ්‍රවීය කළාපවල මොවුන් දක්නට නොලැබේ.
ගොම කුරුමිණියන් තම වාසස්ථාන ලෙස විවිධ ස්ථාන තෝරාගන්නා අතර මුඩු බිම්, තණකොළ සහිත විශාල ගස් නොමැති බිම් , ගොවිබිම් සහ සිටුවන ලද හෝ ඉබේ ඇතිවූ වනාන්තර ප්‍රදේශ ඒ අතරින් සුවිශේෂී වේ.
මෙම කුරුමිණියන්ගේ ආයු කාලය වසර 3 ක් පමණ වෙයි.
මොවුන් දිගින් සෙන්ටිමීටර් 0.5 ( අඟල් 0.2 ) ත් සෙන්ටිමීටර් 6.3 ( අඟල් 2.5 ) ත් අතර ප්‍රමාණ වලින් දැකගත හැකිය.
අනෙකුත් කෘමි විශේෂ වල මෙන්ම මෙම ගොම කුරුමිණියන්ගේද හිස, උරස, උදරය සහ පාද හයක් දක්නට ලැඛෙන අතර මොවුන්ට ඉතා දැඩි ශක්තිමත් සිරුරක් දක්නට ලැබේ.
ගොම කුරුමිණියන් සතුව අනෙක් කෘමි විශේෂ වලට වඩා තරමක් වෙනස් වූ පියාපත් දක්නට ලැබේ. මොවුන්ගේ පළමු පියාපත් යුගලය විශාලත්වයෙන් තරමක් කුඩා වන අතර ඒවා ඉතා ශක්තිමත් ලෙස පිහිටා ඇත්තේ ඊට යටින් පිහිටා ඇති දෙවන පියාපත් යුගලය ආරක්ෂා කිරීමට වේ.
මොවුන් සතුව විශ්මයජනක යුධ උපකරණ දක්නට ලැඛෙන අතර, හිසෙහි හෝ උරසෙහි පිහිටා ඇති විශාල අඟක් වැනි සැකැස්මක් සහිත පිරිමි සතුන් සටන් වලදී යොදා ගනී, මොවුන්ගේ පසුපස පාදවල නෙරුවක් ( පොර කටුවක් වැනි යමක් ) පිහිටා ඇති අතර එය මොවුන්ට මළ වලින් සාදනු ලබන බෝල සෑදීමට උපකර වේ.
එමෙන්ම මොවුන්ගේ ශක්තිමත් ඉදිරි පාද සටන් සඳහා මෙන්ම පොළව හෑරීම සඳහා ද උපයෝගී කර ගනී.
මෙම ගොම කුරුමිණියන් නොපැහැදිලි කළු පැහැය සහ දීප්තිමත් කළු පැහැයේ සිට කොළ සහ රතු පැහැය දක්වා වූ විවිධාකාර වර්ණයන්ගෙන් ද දැකගත හැකි වේ.
මෙම සුවිශේෂී කුරුමිණි විශේෂය අලින්, හරකුන් වැනි ශාක භක්ශක සතුන්ගේ මළ තැන්පත් වී ඇති ස්ථානයක් සොයමින් ඔබ මොබ සැරිසරයි.
මොවුන් වඩාත් ප්‍රිය කරනුයේ ශාක භක්ෂකයින්ගේ එසේත් නැතිනම් පැළෑටි පමණක් ආහාරය ගන්නා සතුන්ගේ මළ වලට වන අතර සමහරුන් සර්වභක්ශකයින්ගේ එසේත් නැතිනම් පැළෑටි සහ මස් මාංශ අනුභව කරන සතුන්ගේ මළ ද සොයා යයි.
මොවුන් අතරින් බොහෝ දෙනෙක් හතු වර්ග සහ දිරාපත්වෙමින් පවතින කොළ සහ පළතුරු මඟින් ද පෝෂණය වෙයි.
මධ්‍යම ඇමරිකාවේ වෙසන ගොම කුරුමිණි විශේෂ අතරින් එක් විශේෂයක් තම ආහාරය ලෙස කංකුන්ඩන් ආහාරයට ගනී. මෙය කසළශෝධකයින් මාංශභක්ෂකයින් බවට පත්වූ අවස්ථාවකට ඉතා දුලබ උදාහරණයකි.
විද්‍යාත්ඥයින් විසින් මොවුන්ගේ වාසස්ථානය අනුව ගොම කුරුමිණියන් කොටස් තුනකට ඛෙදා දක්වා තිඛෙන අතර Rollers ( රෝලර්ස් ) , Tunnelers ( ටියුනලර්ස් ) සහ dwellers ( ඩ්වෙලර්ස් ) යනු එම කොටස් තුනයි.
Rollers - රෝලර්ස් යනු ගොම කුරුමිණි විශේෂ අතරින් වඩාත්ම ප්‍රචලිත කාණ්ඩයයි. මොවුන් මළ රවුම් හැඩැති බෝල ආකාරයට සකසනු ලබන අතර ඒවා ආහාර ලෙස හෝ අභිජනන කුටි ලෙස භාවිතා කරයි.
Tunnelers - මොවුන් පොහොර ගොඩගසා ඇති ස්ථාන සොයාගොස් පොහොර ගොඩ තුළට හාරාගෙන යන අතර එම පොහොර කොටස් තුළ වාසය කරයි.
Dwellers - මොවුන් මළ බෝල සෑදීම හෝ පොහොර ගොඩවල් තුළ ගුහා සෑදීම හෝ නොකරයි. මොවුන් ජීවත් වන්නේ පොහොර මතයි. මොවුන් බොහෝවිට ඌරු මීයන් විසින් එකතු කරන ලද මළ වලට ආකර්ෂණය වේ.
බොහොමයක් ගොම කුරුමිණියන් මළ සොයා යන්නේ ඔවුන් සතු ගඳ සුවඳ දැනීමේ හැකියාව උපයෝගී කරගනිමින් වන අතර ඔවුන් සතුව ඇති ඇන්ටනාවක් වැනි සැකැස්ම භාවිතා කොට වාතයෙහි ඇති මළ ගඳ ග්‍රහණය කරගැනීමේ හැකියාවක් ද තිබේ.
ඔවුන් සතුව විශේෂිත මළ පිළියෙල කිරීමේ හැකියාවක් පවතින අතර එක් රැයකදී ගොම කුරුමිණියෙකුට උගේ බර මෙන් 250 ගුණයකට වඩා වැඩි මළ ප්‍රමාණයක් ශෝධනය කල හැකි බව සඳහන් වේ.
ගොම කුරුමිණියන් තමාට අවශ්‍ය මළ සොයාගත් පසු එය බෝල ලෙස සකස් කරන අතර ඉන්පසුව සරල රෙඛීය මාර්ගයක් ඔස්සේ ඒවා රැෙඟන යනු ලබයි. මෙහිදී කුමන භාදකයක් හමුවේ උවද ඔවුන් තම සරල රේඛීය ගමන් මාර්ගය අත් නොහරී.
සමහර අවස්ථා වලදී ගොම කුරුමිණියන් තවත් ගොම කුරුමිණියෙකු විසින් සාදන ලද මළ බෝල සොරකම් කිරීමට ද උත්සාහ දරයි. මේ හේතුවෙන් ඔවුන් තම මළ බෝලය සාදාගත් පසු එය අනෙක් ගොම කුරුමිණියන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හැකි විගස මළ පිහිටා ඇති ස්ථානයෙන් ඉවත් වී යයි.
ගොම කුරුමිණියන් හට ඔවුන්ගේ බර මෙන් 10 ගුණයක පමණ බරකින් යුතු මළ බෝලයක් පෙරලාගෙන යා හැක.
අඟක් සහිත ගොම කුරුමිණි විශේෂය ලෝකයේ ජීවත්වන කුරුමිණි විශේෂ අතරින් වැඩිම ශක්තියක් සහිත කුරුමිණි විශේෂයයි.
Onthophagus taurus ලෙස හඳුන්වන ගොම කුරුමිණි විශේෂයට ඔවුන්ගේ ශරීර ස්කන්ධය මෙන් 1 141 ගුණයක පමණ විශාල ස්කන්ධයක් තල්ලූ කරගෙන යෑමේ
හැකියාව ඇත.
ගොම කුරුමිණියන් හට පැය 24 ක කාලයක් තුළ ඔවුන්ගේ ශරීරයේ බරට වඩා වැඩි බරකින් යුතු මළ ප්‍රමාණයක් ආහාරයට ගත හැකි අතර මෙමගින් මොවුන් කෘශිකර්මාන්තයට ඉතා වටිනා සේවයක් කරනු ලබයි.
මෙසේ මළ ආහාරයට ගැනීම හා වළ දැමීම මගින් ඔවුන් පසෙහි සැකැස්ම සහ පෝෂ්‍ය ප්‍රමාණය වර්ධනය කිරීමට දායක වේ.
ක්ෂීරපථයට අනුව හැඩගැසෙන මිනිසුන් නොවන එකම සත්ව විශේෂය වන්නේ ගොම කුරුමිණියන් බව සොයාගෙන තිබේ.
දකුණු අප්‍රිකාවේදී සිදුකෙරුණු පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස කුඩා කෘමීන්ට අපගේ මන්දාකිණිය මගින් නිපදවනු ලබන ආලෝක ධාරාවට අනුව තම ක්‍රියාකාරකම් හැඩගස්වා ගත හැකි බවත් ඒ හා සමාන රේඛාවක් ඔස්සේ ගමන් කල හැකි බවත් සොයාගෙන තිබේ.
එමන්ම අප්‍රිකාවේ වෙසෙන Scarabaeus zambesianus ලෙස හඳුන්වන ගොම කුරුමිණි විශේෂය සඳ එළිය මඟින් ඇතිකරනු ලබන ධ්‍රැවීයතා හඳුනා ගනී. මොවුන් එසේ කළ හැකි පළමු සත්ව විශේෂය ලෙස හඳුනාගෙන තිබේ.
ගොම කුරුමිණියන් යුගලයකට ( ගැහැණු සත්වයෙකුට හා පිරිමි සත්වයෙකුට ) කූඩුවක් සෑදීම සඳහා ගුල් හෑරීමේදී එක්ව කටයුතු කළ හැක. පසුව එය තුළට මළ බෝල වශයෙන් හෝ කැබලි වශයෙන් ගෙන යනු ලබයි.
ගැහැණු සතුන් මෙම ගුල් තුළ තම බිත්තර දැමීම සිදුකරනු ලබන අතර බිත්තර පුපුරා දළඹුවන් ඇතිවූ පසු අවට ඇති මළ මගින් ඔවුන් පෝෂණය පෝෂණය වෙයි. මේ අනුව මෙම ගොම කුරුමිණියන් පූර්ණ රූපාන්තරණයකට ලක් වන බව හොඳින් පැහැදිලි වේ.
පැටවුන් කෙරෙහි දක්වන්නා වූ මවු සෙනෙහස ගොම කුරුමිණියන් අතර දක්නට ලැඛෙන අතර ගොම කුරුමිණියන්ගේ එක් එක් විශේෂ වල මෙය අඩු හා වැඩි වශයෙන් දැකගත හැකි වෙයි.

rep + 